Saturday, December 31, 2016

ආයුබොවන්!

තුන්සිය හැට හයක් දින දැන් ගෙවී ගිහින්
දෙදහස් දහසයත් ඇත දැන් ගෙවී ගිහින්
නැවුම් පැතුම් අහුරක් දොතින් ම අරන්
හෙට දිනයේ ඇරඹෙයි නව වසර ඉතින්

ගෙවිලා යන දහසයටත් ආයුබොවන්
හෙට පැමිනෙණ දාහතටත් ආයුබොවන්
ඉටු වුණු හැම පැතුමකටත් ආයුබොවන්
 හෙට හිනහෙන නව පැතුමට ආයුබොවන්

වාධ බේධ තරහ මරහ වියැකේවා
සාමය සතුට නිරෝගි සුව වැඩිවේවා
සියල් හදේ නැවුම් පැතුම් පිබිදේවා
නැවුම් ලෙසින් නව වසරම ඇරඹේවා

26 comments:

  1. කම්මැලිකම් දුරුවේවා
    රසවත්දේ ලියවේවා
    පතන පැතුම් ඉටුවේවා
    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  2. මුහුදෙන් ගොඩබිමෙන් එන්නට නොහැකි නිසා
    අහසෙන් ආවෙ නිර්මාණී අරුත් ලියා
    වසරෙන් අලුත්වන දාහත සුභම කියා
    පතමින් මමත් ආවා සුභ පැතුම් තියා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නව වසරෙත් මේ වගේ රසබර කවියෙන්ම පිළිතුරු ලැබේවා...

      ස්තුතී.. ඒවගේම එබට සුභ නව වසරක් වේවා...

      ජයවේවා...

      Delete
  3. ඔබ දෙපළටත් බතින් බුලතින් සැපෙන් සුවෙන් පිරි නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති අජිත් අයියේ... ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා...

      Delete
  4. ජාති බේද...
    වර්ගවාද.. කුල බේද..
    මෙකී නොකී කුනුකන්දල්..
    නැති අවුරුද්දක් වේවා...
    හෙට...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා....
      ස්තුතී ඔබටත්... සුභ නව වසරක් ඔබටත්...

      Delete
  5. ඔබ දෙපොලට සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. චෙෆ් ඇතුලු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා....

      Delete
  6. සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා නගේ....

    ReplyDelete
  7. අහසේ ඉන්න කසුනා ඇදගෙන ඇවිදින්
    ටොක්කක් ඇනල බ්ලොග් එක සිහිපත් කරමින්
    නිර්මාණිගෙන් රස බර ලිපි වැඩි වීයන්
    දෙන්න දෙමල්ලන් හට කිරි ඉතිරීයන්
    ජයවේවා..!!

    ReplyDelete
  8. ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
    (මෙන්න කලින් ම!)

    ReplyDelete
  9. සුබ ම සුබ නව වසරක් නිර්මාණි අක්කටත්,කසුන් අය්යටත් දෙන්නටම..

    අලුත් ටෙම්ප්ලේට් එකක් නේද.. මේක මරු..!!

    ReplyDelete
    Replies
    1. බංගිටත් පවුලේ හැමටත් සුභ නව වසරක්...

      ඔව් ඔව්... හොඳයි නේද?

      Delete
  10. සුබ නව වසරක් වේවා!!! නිර්මාණි නංගීටත්, කසුන් මල්ලීටත්...

    ReplyDelete
    Replies
    1. අක්කටත් එසේම වේවා... මේ වසරෙ ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා...

      Delete
  11. Replies
    1. රෝමාන්තිකටත් එසේම වේවා...

      Delete
  12. නිර්මානිටත් කසුන් අයියටත් සුබ නව වසරක් වේවා.
    සියළු යසිසුරු ඔබ හට ලංවේවා
    කලා සිතුම් හිත් වල තව දළුලාවා.
    ආදරයෙන් දෙහදම තව ලංවේවා
    නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. මේකිත් කවිකාරියෙක්නෙ හිටං.

      ඔයාටත් එසේම වේවා!

      Delete
    2. ලස්සන කවිය කටකාරි:D

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.