පෙර ආ මග දිග ඈ තම උපරිම වේගයෙන් දුවන්නට විය. ගල් මුල් උඩින් දිව යන ඈ කටු වැල් හා මුල්වල පය පැකිලී කිහිප වරක්ම ඇද වැටුනි. එහෙත් නොනැවතුණු ඈ දොලෙන් එගොඩ වී වත්තට පැන තම පියාට කෑගසා කතා කළා ය.
“අප්පච්චී ඉක්මනින් වරෝ. අනේ අප්පච්චී.”
මේ මොහොතේ හේතුහාමී වෙදමහතා සිටියේ තම ගමනට අවශ්‍ය කළමනා ආදිය සකසමින් ගෙයි මැද සාලේ ය. තම දියණියගේ හඬ ඇසෙත්ම වෙදමහතා සහ ඔහුගේ බිරිඳ මුහුනෙන් මුහුණ බැලුවේ එක් වරම ය.
“මහත්තයා ඒ අපේ දෝනි නේද.”
“හදිසි තිගැස්මටත් බියටත් පත් වූ මුතු ලතා ඇසුවා ය.”
හිස වනා පිළිතුරු දුන් හේතුහාමිගේ මුහුනේ ද බිය මුසු ස්වභාවය පැතිරී තිබුණි.
“අම්මේ අප්පච්චි,.”
ඒ වන විට සමන්මලී කෑගසමින්ම නිවස දෙසට දිව එමින් තිබුණි.
“මහත්තයා ඉක්මනින් එන්ට දුවට කරදරයක් වගේ.”
කියමින්ම මුතු ලතා කුස්සියේ දොරින් මිදුලට බැස්සා ය. හේතුහාමි ද තම බිරිඳ අනුගමනය කරමින් ඉක්මන් ගමනින් වත්ත දෙසට දුවන්නට විය.
මේ මොහොතේ වෙද ගෙයි බෙහෙත් කොටමින් උන්උක්කුං හා ජයලත් ද වී වේලමින් සිටි හේමා ද වත්ත දෙසට දුවන්නට විය.
දිව ආ සමන්මලි අම්මාත්, අප්පච්චීත් ළඟට ගොස් නැවතුණි.
“මයෙ දොනි මොකෝ මේ.. කරදරයක් උනාද”
මුතුලතා එසේ ඇසුවේ වෙවුලමින් මෙනි.
“ඇයි චූටි මැණිකෙ. මොකාට හරි බය උනාද.. සතෙක් පැන්නුවාද.”
සියලු දෙනා එකවර අසන්නට විය.
“දැන් ඔක්කොම කටවල් වහගත්තොත් හොඳා. මේ දරුවට මොකවත් කියන්ට නෑනෙ.”
වෙද මහතා අවසානේ එසේ කියා සිටියේ අණ දෙන ස්වරයෙනි.
““අප්පච්චි මං බිං කොහොඹ ටිකත් කඩා ගෙන කැලේ ඇතුලට ගියා.. කැලේ මැද අර තියන මහ ගල් පොත්ත ළඟදි මට මිනිස් කෙදිරියක් ඇහුනා..”
“ඉතින් මා දෝනි බැලුවද කවුද කියලා..”
“ඔව් අප්පච්චි. ගල් පොත්ත උඩ මනුස්සයෙක් හොඳටම අමාරුවෙන් කෙදිරි ගානවා.. සිහියත් නෑ වගේ.”
“කවුද චූටි මැණිකෙ. මේ ගමේ එකෙක්ද.”
“නෑ උක්කුවෝ.. මේ පලාතෙ කෙනෙක් නෙවෙයි වගේ.. අපි ඉක්මනින් යමු අප්පච්චි. ඒ මනුස්සයාට හොඳටම අමාරුයි වගේ. මං නාඩිත් බැලුවා.. එච්චර සුභ නෑ.. නිල් පැහැ වෙලයි හිටියේ..’
“එහෙමද.. උක්කුවෝ.. චූටි මැණිකෙ එයි තැන පෙන්නන්ට.. ජයලත් එක්ක ගොහින් ඒ මනුස්සයා ඇරන් එන්ට.”
“හොඳා වෙද මහත්තයෝ.”
එසැනින් සමන්මලී ඇතුලු උක්කුවා සහ ජයලත් යලිත් වරක් කැලය දෙසට දුව යන්නට විය.
“දරුණු සතෙක් කාපු මිනිහෙක් වගේ හාමිනේ.”
කියමින් හේතුහාමි නළල රැලි ගන්වමින් ගෙතුළට ගියේ ය.
එදින කැලේ සිට වෙද ගෙදරට ගෙන ආ තරුණයාට දින දෙකකට පමණ පසුව පියවි සිහිය ලැබුණි.. ඔහු තම තොරතුරු වෙද ගෙදර සාමාජිකයන් හා බෙදා ගන්නට විය. ඔහු නමින් කෝලිත තෙන්නකෝන් ය. බොහෝ දෙනා ඔහු ඇමතුවේ කෝලි ලෙසින් බව ද ඔහු කීය. කුඩා කළ තම දෙමාපියන් හා කැනඩාවේ පදිංචියට ගිය ඔහු උත්බිත විද්යාව හදාරා ඇත. ලංකාවේ පැලෑටි සහ දේශීය ඖශධ පිළිබඳව පර්යේශනයක් කිරීම සඳහා ලංකාවට පැමිණ ඇත. කැලයේ විවිධ පැලෑටි සොයමින් ගිය ඔහු යම් සතෙකුගේ දශ්ට කිරීමට ලක්ව ඇත.
තම ජීවන තොරතුරු ද පවසූ ඔහු වෙද මහතාගෙන් හා නිවැසියන් ගෙන් ගම ගැනත්, විවිධ පැලෑටි හා ඖශධ පිළිබඳව විමසන්නට විය. පෙනුමෙන් ද කඩවසම් පෙනුමකින් යුත් කෝලි කාගෙත් සිත් දිනා ගන්නට සමත් විය. කෝලී දිනක් හේතු හාමීගෙන් මෙසේ විමසා සිටියේ ය.
“මාමෙ. මං පර්යේශනය කරන්නේ පැලෑටි, ලංකාවෙ දේශීය ඖශධ ගැන කියලා කලිනුත් කීවානෙ.”
“ඉතින් දරුවෝ මට ඒක මතකයි.”
හේතුහාමි එය කියා සිටියේ සිනා මුසු මුහුණෙන් යුතුව ය.
“ඉතින් මාමේ මට හිතෙනවා. මගෙ පර්යේශනයට හොඳම තැන මෙහෙ කියලා. මාම වගේ පාරම්පරික වෙද මහත්තයෙක් ගෙන් මට දැනගන්න දේවල් බොහෝමයි.”
සුලු මොහොතක් කල්පනාවේ නිමග්නව උන් හේතුහාමී කෝලීගේ යෝජනාවට එකඟ විය. ඔහුට තම පර්යේශන කටයුතු පහසුවෙන් කර ගෙන යාමට කොහොඹ ගහ වත්ත ද ලබා දුන්නේ ය.
උක්කුවා හා ජයලත්ගේ උදව් උපකාරයෙන් කෝලී කොහොඹ ගහ වත්තේ කටු මැටි ගසා පුංචි ගෙපැලැක් සෑදුවේය. තම පර්යේශන කටයුතු සඳහා ද පහසු වන ලෙස කෝලී තම නිවස සැලසුම් කර ගත්තේ ය. කෝලීට දෂ්ට කළ සත්වයා හරි හැටි හදුනා ගැනීමට නොහැකි වීම හේතුහාමීට විශාල ගැටලුවක් විය. ඔහු අනුමාන කල එක් සතෙකු හෝ කෝලීට දෂ්ඨ කර නැති බව හේතුහාමි සොයා ගත්තේ ය. එසේ නම් ඒ කුමන සත්වයෙක්ද. ඔහු අවසන ඒ ගැන සෙවීම අත් හැර දැමුවේය.
තම ජීවිතය බේරා ගත් සමන්මලී පිළිබඳව කෝලීගේ සිතේ වූයේ ගෞරවයකි. ඒ වගේම වෙද ගෙදර නිවැසියන්ට ඔහුගේ සිතේ වූයේ ගෞරව ආදර බක්තියකි. ගම් වැසියන් සමග ද කෝලී ඉතා කුලුපග විය. ගම්වැසියෝ ද ඔහුට බොහෝ හිතවත් විය. මාස දෙක තුනක් යන විට කෝලී කොහොඹ ගහ වත්තේ විවිධ වර්ගයේ පැලෑටි සිටුවන්නට විය. විවිධ වර්ගීකරන යටතේ පැලෑටි පාත්ති සෑදුවේය.
මාස කිහිපයක අතීතයට දිව ගිය සමන්මලීගේ දැහැන බිඳුනේ යලිත් වරක් වනය දෙසින් ඇසුණු සතෙකුගේ මොර දීම නිසා ය. එදා අහම්බෙන් වනය මැදදී හමු වූ ඒ තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට ලැබීම පිළිබඳව සමන්මලීගේ සිතේවූයේ අප්රමාන සතුටකි..
කෝලී සත්‍ය වශයෙන්ම කඩවසම් තරුණයෙකි. ඔහුගේ සමේ පැහැයත්, දෙනෙත්වල දීප්තියත් මින් පෙර කිසිවෙකු තුළ සමන්මලී දැක තිබුනේ නැත. සමන්මලීට ඔහුගේ දෑස දිස්වූයේ තරු දෙකක් ලෙස ය. ඒ බව ඇගේ මිතුරියන් කිහිපදෙනෙකු ද කියා තිබුණි. කෝලීට සිහිය ලැබෙන විට ළඟ සිටියේ සමන්මලී ය. කෝලී දෙනෙත් හැර අවට බලන විට පළමුව හමුවූයේ සමන්මලීගේ දෙනෙතය. විනාඩියක් පමණ ඒ දෙනෙත් එකට හමු වී කතා කරන්නට විය. ඒ මොහොතේ සිට සමන්මලීට දැනුනේ තමා කෝලීට ආකර්ශනය වී ඇති බව ය.
“කෝලීට තියෙන්නේ අනිත් අය වශී කරන ඇස් දෙකක්.”
දිනක් කල්ක ගුලි සෑදීමට උපකාර කරමින් සිටි කෝලීට ඈ එසේ කීවා ය.
“මට විතරක්ද. මලීටත් තියෙන්නේ ඒ වගේ ඇස් දෙකක් තමයි.”
කියමින් ඔහු යලිත් වරක් ඇයගේ දෙනෙත් දෙස බලා ඉන්නට විය.
මැදියම් රාත්රිය ද ගෙවී යමින් තිබුණු නිසා ඈ දෙනෙත් තද කර පියා ගත්තේ නිදි දෙවුදුව සොයා යාමේ අධිටනින් ය.
*****
අහසින් එහා එක දැක්කෙම නෑනේ.. ඒක බලල තමා එන්න වෙන්නේ..
ReplyDeleteහා හා බලල එන්කෝ...
Deleteමුල් කොටස කළින් දවසක කලබලෙන් කියෙව්වා. එදා මං හිතුවේ කෝලි කියන්නේ ඉන්දියානු කෙනෙක් කියලා. මේක කියවලා ආයෙ ගිහින් මුල් කොටසත් කියවලා ආවා. ලස්සනයි නංගි. හැමදාමත් ඔයාගේ කතන්දරවල පරිසර වර්ණනා හරිම ලස්සනයි. හිතේ මැවෙනවා හැම රූප රාමුවක්ම. ඉක්මනටම ඊළඟ කොටසත් ලියන්නකො එහෙනම්. :)
ReplyDeleteස්තුතී අක්කෙ.... කතාව ඉක්මනින් දාන්න පුලුවන් අක්කෙ... ගොඩක් දුරට ලියල තියෙන්නේ... දිගටම කියවන්න එන්නකෝ එහෙනම්...
Deleteආ, ඔයත් දැන් කතාවක් පටන් ගන්න අක්කෙ... ගොඩ කාලෙකින් ලියුවෙ නෑ නේද...
ලස්සනට ලියලා තියෙනවා අක්කේ... නියමයි ... ජයවේවා ...
ReplyDeleteස්තුති මල්ලි...
Deleteඅනේ එදා අහම්බෙන් හම්බුණු වෙලාවෙ හරියට කතා කරන්න බැරි උනානෙ... ආයෙ දවසක හමුවෙමුකො...
ලස්සනයි කෙල්ලෙ ❤❤❤
ReplyDeleteතැන්කූ අරූ.. දිගටම මේ පැත්තෙ එන්න...
Deleteනිර්මාණී. 2 කොටසත් ලස්සල්නට ලියලා.
ReplyDeleteජයවේවා!!!
දිගටම කියවලා බලන්නකෝ දුමී...
Deleteජයවේවා...
හොඳ කතාවක් පටන් ගෙන වගේ. ඔහොම යමු. මේ ඉන්දියාවේ කෝලි නෙම කැනඩාවේ කෝලි :)
ReplyDeleteම්ම්...කතාවක් ආයෙත් පටන්ගත්තා අය්යෙ... ඔව් ඔව් මෙයා කැනඩාවෙ කෝලි...
Delete+++++++++++++++++++++++++++++++
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Delete:-DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDD
Deleteහෑ? මොකද්ද යකෝ මේ බාසාව. ට්‍රාන්ස්ලේටරේටත් දාල බැලුව. මොකුත් නෑ.
Delete::--DDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDDd
Deleteප්‍රා කියපු එකට උත්තරේ තමයි ඒ...
හා හා. ප්‍රා ජේ අළුත් නිර්මාණයකට අත ගහල වගේ..
Deleteඔව් ඔව්. ඒ වගේ.
Deleteඉක්මනට නම මාරු කරන්න නැත්නම් මෙහෙටත් වතුර බෝතල් ප්‍රහාර තමයි.
ReplyDelete:D :D
Deleteබක්කරේටත් හිතෙන ඒවා....