කෝලී පරිගණක තිරය දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන් ය. වරින් වර ඔහු ඔරලෝසුව දෙස ද බැලුවේ ගෙවී යන කාලය ගැන කනගාටුවෙන් මෙනි. හදිසියේම තිරය මත යමක් සටහන් විය. එසැනින් ක්රියාත්මක වූ කෝලී බොත්තමක් ක්රියාත්මක කලේය. පරිගණකයේ තිරය මත මිනිස් රුවක් සටහන් වී මැකී ගියේ ය. විවිධාකාර ඡායාරූප තිරය මත දිස්වන්නට විය. මද වේලාවක් ඒ දෙස බලා උන් කෝලී ඔහු ලබා ගත් ඡායාරූප රැසක් ද තිරය මත දිගහරින්නට විය. ඒවා එකිනෙක පරිගණක වැඩසටහනට කෝලීවිසින් ඇතුල් කරන්නට විය. ඒත් සමගම ඔහුට යමෙකුගෙන් කෙටි පනිවිඩ ලැබෙන්නට විය. ඒවා විවිධ හැඩයෙන් යුක්ත අකුරු සහ රහස් සංකේතවලින් යුක්ත පනිවිඩ විය. කෝලීගේ දෑස කෝපයෙන් දිදුලන්නට විය. කෝපය ඉහවහා ගිය ඔහු පරිගණකයේ බොත්තමකට ඉතා දැඩි පහරක් දී එය ක්රියා විරහිත කර දැම්මේ ය.
පුංචි පුංචි එලි දල්වා ගනිමින් කනාමැදිරියන් කිහිපදෙනෙකු කෝලීගේ කුටියේ ඉගිලයමින් සිටියේ රාත්රී අදුර සුන්දර කරමින් ය. වහා ක්රියාත්මක වූ කෝලී ඔවුන් අල්ලා බෝතලයකට දමන්නට විය. ඒ අතරේ වනය තුළින් ඇසුණු මුවපොව්වකුගේ මොර දීමක් ඔහුගේ කන වැකුනි. කනාමැදිරියන් ඇල්ලූ බෝතලය ද අත ඇතිව ඔහු යලිත් වරක් ගෙමිදුලට බැස්සේ ය.
*****
ළිපෙන් බා ගත් කිරි බත් හට්ටිය සමන්මලී කෙසෙල් කොළයක් මත තුනී කරමින් සිටියේ බර කල්පනාවක නිමග්නවම ය. කට්ටසම්බෝලය ගලේ අබරන ලෙස අම්මා දුන් නියෝගය ද ඒ නිසා ඇයට ඇසුනේ නැත. තනිවම සිනාසෙමින් කිරි බත් තුනී කරන දියණිය දෙස මඳ වේලාවක් බලා සිටි මුතු ලතා ඇයගේ මුහුණට එබී බැලුවේ සැකයෙන් මෙනි.
“මොකෝ අම්මේ.”
තිගැස්සුණු සමන්මලී ප්රශ්න කළාය.
“මොකෝ. මාත් අහන්නේ ඒක තමයි..”
“ඇයි අම්මේ.. මොකද..”
“මොකද. කට්ට සම්බෝලේ ගලේ අබරන්ට කියලා දෙපාරක් කියුවා.. උඹ මෙතන තනියම හිනාවෙනවා..”
“අම්මට පිස්සු. මං තනියෙන් හිනා උනේ නෑ.”
“ඔව් ඔව්. මට පිස්සු. තනියෙන් හිනාවුණු උඹට පිස්සු නෑ.”
“මොකෝ මේ අම්මගෙයි, දෝනියැංදගෙයි සද්දෙ. අර ළමය කෑමටත් ඇවිත්.”
“නෑ මහත්තයා, මේ කෙල්ල තනියෙන් හිනා වෙවී ඉන්නවා.”
“ඔය අම්මගෙ බොරු අප්පච්චි.”
“හරි හරි දැන් ඔය විවාදෙ නවත්තලා කෑම ලෑස්ති කරන්ට.”
තම දියණියගේ යම් වෙනසක් ඇති වී ඇති බව මුතුලතාට වගේම හේතුහාමිට ද වැටහී තිබුණි.. මුතුලතා සිතුවේ අද නම් මේ පිළිබඳව හේතුහාමි සමග කතා කළ යුතුයි කියා ය.
“සමන්මලී, අද අපි කැලේ යන්න හිතුව තව පැලෑටි ටිකක් හොයන්න. ඔයත් යමු නේද.”
කිරි බත් සමග කට්ට සම්බෝලය මුසු කරමින් කෝලී ඇය ගෙන් එසේ ඇසුවේ ය.
“අනේ අද නම් බැරි වේවි. පත්තුවක් හදන්ට තියනවා.”
“වැඩි වෙලාවක් යන්නෑ සමන්මලී.. අනික කැලේ හරියටම තැන් දන්නේ ඔයානෙ. නේද මාමෙ.”
කියමින් කෝලී හේතුහාමි දෙස බැලුවේ ය. ඔහුගේ බැල්මට හසු වූ හේතුහාමිට කිව යුත්තේ කුමක්දැයි සිතා ගත නො හැකි විය.
“අප්පච්චි හා කියුවොත් මම එන්නම්.”
සමන්මලී එසේ කීවා ය.
“මාමෙ නංගි එක්කන් යන්නම් නේද.”
“වෙන කවුද යන්නෙ දරුවෝ.”
හේතුහාමි ප්රශ්න කරන්නට විය.
“පතහ ළඟ ගෙදර තරංගයි, තුශාරයි එනවා.. තව බන්ටිත් ඒවි.”
“තරංගයි, තුශාරයි අය්ය එක්ක හරි එකතුයි නේද.”
“අනේ ඔව් සමන්මලී. ඒ ළමයි දෙන්නත් මට වැඩවලට ගොඩක් උදව් කරනවා.”
“හරි එහෙනම් උක්කුවා හරි ජයලත් හරිවත් එක්ක යන්ට.”
කියමින් හේතුහාමී තම තීරණය ප්රකාෂ කර සිටියේ ය.
සතියකට වරක් දෙවරක් කෝලී තනිවම හෝ වෙනත් කවුරුන් සමග හෝ වනය තුළ පැලෑටි සොයමින් ඇවිද යයි. ඔහු පැලෑටිවලට වගේම සතුන්ට ද බොහෝ ප්රිය කරයි. ඒ නිසාම ඔහු මේ වන විට ලේනෙක්, ගිරවෙක් හා මයිනෙක් ඇති කරන්නට පටන්ගෙන ඇත.
වනය තුළ ඇවි ද යන ගමනේ කෝලී එදා වැටී උන් ගල් තලාව අසළට ආ මොහොතේ දෙදෙනාටම මීට මාස කීපයකට පෙර අතීතය සිහිපත් විය.
“මතකද සමන්මලී මේ ගල් තලාව.”
කියමින් සිනාමුසු මුහුණින් ඔහු සමන්මලී දෙස බැලුවේ ය.
“මොකද නැත්තේ අය්යෙ. එදා බලන්ට තිබුනෙ වැඩේ.. නිල් වෙලා මේ ගල උඩ දපනෙ දාල හිටපු හැටි.”
“මොකද නැත්තේ අය්යෙ. එදා බලන්ට තිබුනෙ වැඩේ.. නිල් වෙලා මේ ගල උඩ දපනෙ දාල හිටපු හැටි.”
“එදා මෙතනට සමන්මලී ආවෙ නැත්නම් අද මමත් නෑ ඉතින්.”
කියමින් ස්තුති පූර්වක බැල්මක් ඔහු සමන්මලී වෙත හෙලුවේ ය.
“ඇයි උස්සන් ගිය අපි. දැන් ඉතින් අපිව අමතකයිනේ.”
උක්කුවා එසේ කීමත් සමග පිරිස අතර සිනාව පැතිරෙන්නට විය.
නමුත් කෝලීගේ අවධානය මේ වන විට වෙනත් යමක් කෙරේ යොමු වී තිබුනි.
“අර මී මැස්සො නේද.”
කියමින් කෝලී ගස් අතු අතරට අත දිගු කලේ ය.
“ආ ඔව් ඔව්. මේ ළඟ පාතම හොඳ මීවදයක් ඇති.”
තරංග එසේ කියමින් අවට පිරික්සන්නට විය.
“ආ අර ගහේ.”
කියමින් සමන්මලී ඒ ආසන්නයේ වූ මොර ගසක් දෙසට අත දිගු කළාය. ගසේ කඳට කන තබා බැලූ විට මී මැස්සන්ගේ ගුම් නඳ හොඳින් ඇසුණි. වදය කඩා ගැනීමට සියල්ලන්ගේ සිතේ ආශාවක් ඇතිවුණි.
“මොකද කියන්නේ. වදේ කඩා ගමුද.”
“අද නම් බෑ තරංග මල්ලි. අපි හෙට එමු.”
“ඒ මොකද.”
“මං හේතුහාමි මාමට පොරොන්දු වෙලා ආවෙ සමන්මලීව ඉක්මනින් එක්කන් එනවයි කියලා.. ඒ නිසා අපි හෙට එමු.”
කියමින් කෝලී මොර ගසේ කඳ මත කතිර සලකුණක් තබා එම ගසේ ඡායාරූපයක් ද ලබා ගත්තේ ය. කෝලී බෝහෝ අවස්ථාවලදී ඡායාරූප ගැනීම සුළබ දෙයකි. නමුත් ඔහු තැබූ සලකුණ කාටත් ගැටලුවක් විය.
“ඒ මොකෝ අය්යේ එහෙම කලේ.”
“ඇයි හෙට එනකොට හොයාගන්න ලේසි වෙන්න.”
“අය්යෝ මට ඕක මතකයිනේ.”
“ඔය කියුවට. හරි අපි දැන් යමු.”
*****
කෝලී නිවසට ගිය වහා පරිගණකය ක්රියාත්මක කලේ ය. එහි වැඩසටහනකට ඇතුලු වූ ඔහු ලබා ගත් මොර ගසේ ඡායාරූප ඊට ඇතුලු කරන්නට විය. ඒ වගේම වනය තුළ දී ලබා ගත් විවිධ වර්ගයේ ගස් සහ සතුන්ගේ ඡායාරූප සමග යමක් ලියන්නට ද විය.
*****
කෝලිලා කොහොමත් විස්වාස කරන්ඩ බෑ,ඕකා මහ හොරෙක් වෙන්ඩැති .
ReplyDeleteඒකනේ අප්පා....
Deleteඋත්තර පරක්කු උනාට සමා වෙන්න ඕනේ...
ලස්සනයි නිර්මාණී. කිරිබතයි කට්ටසම්බෝලයයි ගැන ලියවෙන තැනදී තව ටිකක් ඒ කෑම ගැන වර්ණනාවක් තිබ්බනම් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteජයවේවා!!!
එතකොට අපිට බඩගිනි හැදෙන්ව නෙ..
Deleteඕහ්. කන බනේමයි....:)
Deleteහි හි හි...
Deleteදුමී කවියකින්ම කොමෙන්ටුවක් දැම්මනම් තමා ලස්සන...
Deleteඅදහසට ස්තුතී දුමී...
කෑම ගැන කියනකොටත් බඩගිනී නේද දඩියෝ...
Deleteදිගටම එන්න මේ පැතෙ...
කෝලිය වනේ විස්තර දෙනවා වගේ කාටහරි. හොඳයි කතාව. සමන් මාලි එක්ක "මගේ නාමලී " කියයි වගේ.
ReplyDeleteම්ම්ම්... ඒ වගේ නේද... බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා...
Deleteමේක නියම කතාවක්නෙ නංගි. කුතුහලය හොඳට තියෙනවා. ඉතිං ඉක්මනට ඉක්මනට!
ReplyDeleteස්තුතී අක්කෙ... කතාව ඔයාලාට රසවත් නම් මට සතුටුයි... දැන් නම් ටිකක් පරක්කු වෙලා... ඉක්මනින් ඊලඟ කොටස දානම්කෝ...
Deleteකථාව නැගල යයි වගේ. ඹහොම දිගට ලියමු.
ReplyDeleteවිචාරක දියණිය
This comment has been removed by a blog administrator.
Deleteඅක්කට එහෙම හිතුනද... බලමුෙුනේද මොකද වෙන්නෙ කියලා... දිගටම ලියන්නම්... ඉක්මනින් ඊලඟ කොටස් දානම්කෝ...
Delete`
මේක ලස්සන කතාවක් වගේ. විද්‍යා ප්‍රබන්ධ ගතියකුත් දැනෙනවා මට නම්. ඉක්මනට ඉතිරි ටිකත් ලියන්න. කොටස් තුනම අද තමයි කියෙව්වේ. මුල් කොටස් වලින් පසු කොටසට එන්න ලින්ක් එකක් දාන්න පුළුවන් නම් පස්සේ කියවන අපි වගේ අයට හරි ලේසියි.. හෙහ් හෙහ්
ReplyDeleteඔව් එහෙම ගතියකුත් දැනේවි පැතුම්... හැම අදහසකටම ස්තුතී.. පෙර කොටස්වල ලින්ක් දානම් ඔයාලාගේ පහසුව සඳහා... ස්තුතී පැතුම්...
Deleteකතාව නම් නියමයි. ඔන්න අද තමයි කොටස් දෙකම කියෙව්වේ. නිර්මානි ගෙ තවත් අමුතු කතාවක් ද දන්නෙ නැහැ. ජයවේවා. මේකෙත් හොල්මන් තියනවද?
ReplyDeleteමේකත් ටිකක් අමුතු කතාවක් තමයි කටකාරි... හැබැයි මේකෙ නම් හොල්මන් නෑ...
Deleteජයවේවා..්