“වෙද මහත්තයා ඊයේ රෑ මං පැලේ ඉන්නකොට හරි වැඩක් උනානොවැ.”
“ඒ මොකක්ද බණ්ඩො”
කියමින් හේතුහාමී බුලත් කෙල පඩික්කමට හැලුවේ ය.
“අර ගමේ කීප දෙනෙක්ම දැක්කයි කියන දේවතා එලිය මාත් දැක්කනේ වෙද මහත්තයෝ.”
“එහෙමද. උඹ මොනවද දැක්කෙ.”
“එකපාරට අමුතු එලියක් අහසෙ පාවෙලා වගේ ගියා. පාවෙලා කියුවට මේ ඇහි පිල්ල න්ගහන වේගෙට ඒ එලිය අතුරුදහන් වෙලා.”
“ම්ම්... ඉතින් ඉතින්.”
“ඊට පැයකට විතර පස්සෙ මං ටිකක් අවට විපරම් කරල බැලුවා හේනට සතෙක්වත් වැදිල ද කියලා. මේං එතකොට අර එලිය කැලේ මැදට වෙන්ට වගේ අහසෙ බැබලෙනවා.. තත්පර ගානෙන් ඒ එලිය අතුරුදහන්.”
“ගොඩාක් අය දැකල තියෙන්නෙ ඔය එලිය අපේ මේ කැලේ උඩින් ගමන් කරනවා. මේ කැලේ තියෙන්නේ බොහෝම පරණ ගස්නොවැ. ඉතින් ඔය බොහොමයකම රුක්ෂ දේවතාවෝ වැඩසිටිනවා බණ්ඩො.. මේ කැලේ හරි හාස්කම් තියන කැලයක් කියලා අපේ සීයත් මට ඉස්සර කියලා තියනවා.”
“එහෙනම් වෙද මහත්තයෝ. මං ඒ වෙලාවෙම කැලේ පැත්තට හැරිලා වැන්ද.”
*****
පෙර දා සලකුණු කරන ලද මොර ගස සොයමින් කෝලී, ජයලත්, තුශාර හා තරංග වනය තුලට වැදුනෝය. බණ්ඩාගේ දේවතා එලි දැකීම ඵිලිබඳව පිරිසගේ කතා මාතෘකාව වී තිබුණි. මොර ගස අසළට ආ විට සියල්ලන්ට තම ඇස් අදහා ගත නොහැකි විය.
“වදේ කවුරු හරි කඩල.”
“ගසට නැග ගත් ජයලත් කියා සිටියේය.
“ගන්ට දෙයක් නෑ. ඔක්කොම හූරගෙන ගිහින්.”
“අපරාදෙ මහත්තයා. ඊයෙම කඩාගෙන ගියා නම් මේක වෙන්නෑනෙ.”
“ඉතින් කවුද තරංග අද වෙනකොට මේක කැඩුවේ.”
“අපෝ මහත්තයා කීදෙනෙක් නම් කැලේට එනවද. ඔය කවුරු හරි දැකපු කෙනෙක් කඩන් යන්ට ඇති.”
කියමින් තුශාර ගස් කඳක වාඩි විය.
“ඒ උනාට මේ විදිහට මී වද කඩන් යනවා මං මීට කලින් නම් දැකල නෑ බං.”
කියමින් ජයලත් මොර ගසෙන් බැස්සේ ය.
“එහෙනම් අර කැලේ උඩින් පාවෙන දේවතාවවද්ද දන්නෑ.”
තරංග එසේ කීවේ උපහාසයට මෙනි.
“හා හා තරංග ඔය වගේ කතා කියලා මේ කැලේ ඇතුලෙදි කට වරද්ද ගන්ට එපා.”
ජයලත් එසේ කීවේ තරවටු ස්වරයෙනි.
*****
“ඔන්න මං අකුරු හෝඩියම මුල ඉදලා ලියුවා. හරිද බලන්නකෝ.”
කියමින් කුඩා තනිරූල් පොතක් කෝලී සමන්මලීට දිගු කලේය. කෝලීට සිංහල කතා කළ හැකි වුව ද ලිවීමට නොහැකි ය. වෙද ගෙදර පැමිණි දා සිට වේලාව ඇති ලෙස කෝලී සමන්මලී ගෙන් සිංහල හෝඩිය ඉගෙණ ගනී. දැන් ඔහුට තරමක් දුරට ලිවීමට හා කියවීමට හැකි ය.
“ම්.. ඔක්කොම හරි. අත් අකුරු හරිම ලස්සනයි.”
කියමින් සමන්මලී ඔහු දෙස බලන විට ඔහු දෑසින් සිනාවන්නට විය. යලිත් පොත ගත් ඔහු යමක් ලියන්නට විය.
“එහෙනම් මෙකත් බලන්නකෝ.”
කියමින් ඔහු යලිත් වරක් සමන්මලීට පොත දුන්නේ පෙර ලෙසම දෑසින් සිනාසෙමින් ය.
පොතේ එක් පිටුවක ඇයගේ සිතුවමක් ඇද ඇත. ඒ සිතුවම යටින් ආදරය ලෙසින් ලියා තිබුණි. සමන්මලීට කිසිවක් කියා ගත නො හැකි විය. මදක් ඒ දෙස බලා උන් ඈ සිතුවමෙන් දෑස ඉවත් කර ඔහු දෙස බැලුවා ය. නමුත් ඔහු එහි සිටියේ නැත. වටපිට බැලූ ඈ දුටුවේ කෝලී පියගැටපෙළ බැස යන අයුරු ය.
*****
කොහොඹ ගස් වත්තට ඇතුලු උනු හේතුහාමීගේ සිතට ප්රීතියක් දැනෙන්නට විය. කැලෑ වී තිබුණු වත්ත එලි කර කෝලී විසින් විවිධ වර්ගයේ පැලෑටි සිටුවා ඇත. ඒ අතර බොහෝ දුර්ලබ පැලෑටි ද විය. මහරාජ,සඳරාජ, මකුලුරාජ, නගාමැරූ අල, නාරිලතා, බිං කොහොඹ වැනි ඉතා දුර්ළබ ගනයේ පැලෑටි මෙන්ම ඉරිවේරිය, හෙල නිතුල්, රත්නිතුල්, සස්සද, ඉරමුසු ආපසු මදු, එලවරා, අක්කපාන,පාවට්ටා, එඬරු ආදී ඉතා දුර්ලබ නො වන එහෙත් දේශීය වෙදකමට බහුලව අවශ්‍ය වන පැලෑටි රැසක් කෝලීගේ වගාව තුළ හේතුහාමීට දක්නට ලැබුණි.
“මාමෙ, කොයිවෙලාවෙද ආවෙ.”
ගෙතුළ සිට පැමිණි කෝලී හේතුහාමීගෙන් විමසී ය.
“මම මේ දැන් ආවෙ පුතේ.”
“කොහොමද මාමෙ මගෙ වගාව?”
තම වගාව දෙස බලා සිටින හේතුහාමීගෙන් කෝලී විමසා සිටියේ ඉතා ආඩම්බරයෙනි.
කෝලීගේ පැණයට පිළිතුරක් නොදුන් හේතුහාමීගේ මුහුනේ අපූරු සිනාවක් පහළ විය. වචනයෙන් කරන ඇගයීමට වඩා යමක් ඒ සිනාව තුළ ඇති බව කෝලීට වැටහුණි.
“පුතා දන්නවාද මේ පැලේ ගැන.”
එක්තරා පැලයක් දෙසට තම වමතේ දබරැගිල්ල දිගු කරමින් හේතුහාමි කෝලීගෙන් විචාලේ ය.
“වනරාජ නේද මාමෙ.”
“ම්ම්.. තව මොනවද දන්නේ?”
“සිංහල වෙදකමේ තියන වෙඩි නොවදින බෙහෙතක් හදන්න ගන්නවා නේද මාමෙ.”
“ම්ම්.”
“තව හෙනරාජ, රාජ පහ, රාජ හත වගේ බෙහෙත්වලට ගන්නවා. මං දන්නෙ නම් ඔච්චරයි මාමෙ. ඔය ටික දැනගත්තෙත් සමන්මලී නංගිගෙන්.”
“අපේ කෙල්ලත් දැන් පුංචි වෙද හාමිනේ කෙනෙක් තමා පුතේ. ඒකිත් දැන් බොහෝම දේ දන්නවා.”
“ඔව් මාමෙ නංගි මට මේ වැඩවලට ගොඩක් උදව් කරනවා. කෝ මාම කියාගෙන ආව කතාව නතර කළානෙ.”
“මේ පැලේ කැලේ කොතන තිබුනත් හොයාගත්තහැකි.”
“ඒ කොහොමද මාමෙ.”
“මේ පැලේ තියන තැනක ආසන්නයේ ගස් පැලේ තියන පැත්තට නැමිල තියනවා. අනික තමයි මේ පැලේ කොළ හතකට වඩා කොහොමත් හැදෙන්නෑ. හොඳ හෝදිස්සියෙන් බලන්ටකෝ. හත් වෙනි කොළේ වැටෙන කොට දලු කොළයක් එනවා.”
පැලය දෙසට නැබුරු වූ කෝලී එහි පත්‍ර ගනින්නට විය.
“ඔව් මාමේ කොළ හතයි තමා තියෙන්නේ.”
“ආයෙත් දවසක බලන්ටකෝ.”
“ඉතින් මාමේ මෝකෝ හදිසියෙන්ම මේ පැත්තේ.,
“හදිසියක් නෑ.. කීපදොහකින්ම මේ පැත්තෙ එන්ටත් බැරි උනානෙ.”
කියමින් හේතුහාමී වගාව අතරින් කෝලීගේ ගෙපැල දෙසට පියමනින්නට විය. මිදුලේ කොනක කුඩා පොකුනක් තනා එහි ද ජලජශාක සිටුවා ඇති බව හේතුහාමී දුටුවේ ය. එසේම එහි ඉබ්බෙක් හා වෙනත් මාලු වර්ග ද සිටින බව ඔහු දුටුවේය.
“මොකෝ පුතේ මේ ඉබ්බෙකුත් මෙකෙ දාලා ඇති කරන්නේ.”
“මට මේ ඉබ්බා දැක්කම ආස හිතුනා මාමෙ.”
“ඒ උනාට ඌට උගෙ නිදහසේ ඉන්ට දෙන්ට ඕනේ.”
කියමින් හේතුහාමී ඉදිරියට ගමන්කරන්නට විය. නිවස අසළට අවුත් වත්ත දෙස බැලූ හේතුහාමීට වැටහුනේ කෝලී සිය වගාව කර ඇත්තේ යම් හැඩයකට අනූව කියා ය. නමුත් ඒ හැඩය හේතුහාමීට වටහා ගත නොහැකි විය. මදක් වේලා කල්පනා කළ හේතුහාමී ඒ පිළිබඳව කෝලීගෙන් විමසීමට තීරණය කලේය.
පුතා මේ පාත්ති හැදුවේ මොකක්හරි සැලසුමක්, හැඩයක් හිතේ තියාගෙනද.”
පුතා මේ පාත්ති හැදුවේ මොකක්හරි සැලසුමක්, හැඩයක් හිතේ තියාගෙනද.”
“මාමට එහෙම පේනවාද?’
“ම්ම්.”
“මොන වගේ හැඩයක් ද මාමට පේන්නෙ.””
“මට හිතාගන්ට බෑ. ඒකයි පුතාගෙන්ම ඇහුවේ.’
“එහෙම හැඩයක්, සැලසුමක් හිතේ තිබුනෙ නෑ මාමෙ. ඒත් මටත් මේකෙ මොකක්දෝ හැඩයක් පේනවා. ඒත් හිතාගන්න බෑ.”
කියමින් කෝලී තම වගා බිම දෙස දෑස කරකවා බලන්නට විය.
“මොකක්ද පුතේ අර ගහ මුදුනෙ බැදල තියන කණුව.”
උස් ගස් මුදුනක බැද තිබුණු අඩි කිහිපයක් උස ලෝහ බටයක් පෙන්වමින් හේතුහාමී විමසීය.
ආ ඒකද. මෙහෙට සිග්නල් අඩුයිනෙ මාමෙ. මං ඔක හයි කළේ ඒ නිසයි. ෆෝන්එකට වගේම රේඩියෝ එකටත්ඕකෙන් හොඳට සිග්නල් එනව මාමේ. නැත්නම් ගෙදර අයට මට කෝල් ගන්න අමාරුයි.”
කියමින් ඉවත බලා ගත් කෝලී සිනාසෙන්නට විය. කෝලීගේ විස්තර කථන අසා උන් හේතුහාමී ඒ දෙස හොඳින් බලා හිදින්නට විය. කණුවේ මුදුනේ කම්බි කූරු කිහිපයක් අමුනා ඇත. විදුලිබුබුලක් වැනි යමක් ද එහි සවි කර ඇත. මෙවන් කුඩා උපකරනයකින් කරන දේ පිළිබඳව හේතුහාමීට ඇත්තේ පුදුමයකි.
*****
Jayawewa
ReplyDeleteඑසේම වේවා.....
Deleteඑල එල.......
ReplyDeleteඑලනම් හොඳා තඩියෝ...කෑම ගැන නැති එකට දුකයිද අද....
Deleteඒලියන්ත හාමුවෙක් වගෙයි.....
ReplyDeleteහම්මෙයි... අර ඉංගිරිස් එව්වයේ වගේ එහෙන මෙහෙන් අඬු -බඩු එහෙම නැතුව හැඩට ඉන්නවා නම් ඉතින් බැරිය!
අප්පේ මෙයා හිතල තියන දුර... බලමුකො බලමුකො නේද... මොකාද මේක කියලා...
Deleteපහුගිය කොටස් එක්ක ඔක්කොම කියවාගෙන ආවා.ලස්සනයි නිර්මාණි."කෝලි" පිටසක්වල ජිවියෙක්ද මන්දා.
ReplyDeleteඅපි බලමු නේද මනෝජ්.. කෝලියා පිටසක්වලයෙක්ද... එහෙමත් නැත්නම් මේ සක්වලේ ඉදන් පිටසක්වල වැඩ කරන කෙනෙක්ද කියලා...
Deleteස්තුතී මනෝජ්...
ඇත්තටම විෂිශ්ටයි.
ReplyDeleteඑච්චරම නෑ කටකාරි:D අපි තාම නවකයෝනේ....
Deleteතිස්ස දොඩංගොඩ මහත්තයා මේ වගේ පෝස්ට්වලටනම් කමෙන්ට් කරයි සමහරවිට
ReplyDeleteඇත්තටම ඒ ඇයි ප්‍රා???
Deleteප්‍රාජේ කියන්නෙ හොඳ ඉවක් තියෙන කමෙන්ට් කරුවෙක්..
Deleteඒකයි මෙව්වෑයෙ සම්බන්ධය උන්නැහෙට පේන්නෙ..
මමත් ඔය බෙහෙත් පැල වවන්න පටන් අරන් තියේ - අපෙ බ්ලොග් ලියන "ලොකු පුතා" වගේ අය තරම් දැනුමක් නැතත් දනුම එකතු කරමින්ම වැඩේ කෙරෙනවා..
දැන් නිර්මාණිටත් පැහැදිලි දැනුමක් තියෙන්න ඕන මෙහෙම දේ ලියන්න..
ප්‍රාජේටයි නීර්මාණිටයි ජය!
පෙහෙත් පැලෑටි ගැන පුංචි පුංචි දේවල් දෙනන් හිටියා.. මේ කතාව ලියනකොට තවදේවල් හොයලා දැනගත්තා...
Deleteස්තුතී ඔබතුමාට...
කතාව එන්න එන්නම කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා නිර්මාණී.
ReplyDeleteජයවේවා!!!
මෙතුවක් කොටස් ආසාවෙන් කියවූවා
Deleteබොරුවක් නොවේ ඒ රස හොදටම බැලුවා
හිත්දුක් නොවී ඉනු නිර්මාණී දරුවා
කවියක් නුඹේ සතුටට මෙලෙසින් තැබුවා......
ජයවේවා!!!
ස්තුතී දුමී... කවි කොමෙන්ට්වලට තමයි මං කැමති...
Deleteරසවත් කතාවක් ඇත පිටපතක ලියල ගුවන් විදුලියට යවන්න කියල යෝජනා කරනවා .
ReplyDeleteවිචාරක දියණිය
යෝජනාවට ස්තුතී අක්කෙ... අපි බලමුකො නේද...
Deleteඅගේ ඇති කතාව අක්කේ...!
ReplyDeleteජය වේවා!
මල්ලි ගොඩ දවසකින්... ස්තුතී.. දිගටම කියවලා බලන්නකෝ...
Deleteමාත් කියවනවෝ....මේක නම් මරැ කතාවක් සුබ පැතුම්!
ReplyDeleteකිබුලි ගොඩ දවසකින්නේ... හොඳයි හොඳයි... කියවන්නකෝ දිගටම එහෙනම්...
Deleteහුඟ දවසකින් ආව හින්දා අද තමයි ඔක්කොම කියවන්න වෙලාව ආවේ ඊලඟ එකේ හරියට කමෙන්ට් එකක් දාන්නං
ReplyDeleteකතාව ලස්සනයි ඉස්සරහට බලමුකෝ
ජය වේවා
හා හා බලමුකෝ මහේශ්...
Deleteජයවේවා...