Sunday, July 3, 2016

අමුතු කතාවක් 8: මළ උන් අතරින් ආ ලොකු බණ්ඩාර




සිංහල අවුරුද්දට දවස් කීපයයි තිබුනේ. ඒ කිට්ටුව එක් බදාදා දවසක් උදා වෙනකොට වලවු වැසියන් උන්නේ රත්නපුර බස්නැවතුම් පොළේ. ගමේ හාමුදුරුවන්ගේ මග පෙන්වීමට මේ ගමන ආවේ මළවුන් ගෙන්වන තැනක් කරා යාමටයි. සිවුදෙනාගේම එකම ප්‍රාර්ථනාව උනේ මේ වතාවේවත් විසදුමක් ලැබේවායි යන්න. සඳලතාට සිහි උනේ ගෙවී ගිය ඉතා වෙහෙසකාරී අවුරුදු කීපයයි. වසර ගානකින් තමන්ට සිංහල අව්රුද්දට තෙල් තාච්චිය ලිප තබන්නවත් බැරි වීම ගැන තිබුනේ කම්පාවක්. මේ අව්රුද්දටවත් මේ හැමදේම වෙනස් වෙන්න ඕනෑ කියලා හිතින් ඇය මිමිනුවා. මේ ගමන ඒමට වසර කීපයකට පෙර ගිය එක්තරා පංසලකින් කළ යාතුකර්මයක ප්‍රතිඵලයක් විදිහට මාස කීපයකට නිවසේ තිබුණු අත්භූත ක්‍රියාවන් නතර කර ගන්න පුලුවන් උනා. ඒ විතරක්නෙවෙයි නිලමේගේ පියාගේත්, නැගණියගේත් මිනී ඇට කටු යොදා ගෙන පිල්ලි එවා ඇති බවත් හෙලි උනා . ඒ දෙදෙනාගේම මිනී වළවල් හාරා මිනී ගොඩ දාලා තිබුණු නිසා  එය සත්‍යක් බවට ඔප්පු උනා. සිරුරු යලිත් තැම්පත් කර පිරිත් පැන් ඉහලා ඒ කරදරෙන් බේරෙන්න පුලුවන් උනා. වලව්වැසියන්ට දැනුන නිදහස, සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඒත් ඒ සතුට තාවකාලික සතුටක් වෙන්න වැඩි කල් ගියේ නෑ. මාස තුනකට පස්සේ ආයෙත් ඔහු හෝ ඇය පැමිණියා.
“උඹලා හිතුවේ මාව එලවන්නද? ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා හිතාගනින්. මං නැති දවස්වලඋඹලා සතුටින් ඉන්න ඇති නේද? මං ආවනේ දැන්. ඒකටත් සතුටු වෙයල්ලා.”
ඒ පැමිණීම දැනුම් දුන්නේ එහෙමයි. පැමිණීමත් එක්ක තිබුණු තත්ත්වය තවත් දරුණු උනා. නිවසේ වුණු අතුරුදහන් වීම් තව තවත් වැඩි උනා. ප්‍රතිඵලයක් විදිහට සඳමිණීගේත් දෙවුමිණීගේත් පාසල් ගමන ටික කාලෙකට නතර කරන්න සිද්ධ උනා. නැතිවෙන ගානට සපත්තු මේස්, ඇදුම් ගන්න පුලුවන්කමක් වලවුවැසියන්ට මේ වෙනකොට තිබුනේ නෑ.
ඊට කලින් රාත්‍රී නින්දේ දී කරදරයක් වේවී කියලා බයක් තිබුනට ඒ වෙනකල් එහෙම දෙයක් උනේ නෑ. ඒත්? ඉන් පස්සේ නින්දට ගිහාම රෑ මැද ඇඳේදීම ස්නානය කරන්න නිවැසියන්ට සිද්ධ උනා. සමහරක් වෙලාවට ස්නානය කරන්න උනේ පිරිසිදු වතුර නෙවෙයි. ගදගහන පල් වතුර. එහෙම නැත්නම් අසූචි මූත්‍රා මිශ්‍ර වතුර. එක දවසක් සඳමිණී රෑ මැද අවධි උනේ යමක් හිස මතට වැටෙනවා දැනිලා. බලනකොට විශාල ගම් බෝතලයකින් සඳමිණී නාවා තිබුනා. තව දවසක් ඇඳේ හාන්සි උණු නිලමේ ඒත් සමගම නැගිට්ටේ මහ හයියෙන් විලාප තියාගෙන. බලනකොට මෙට්ටේ ඇල්පෙනිති, ආයකටු ගහලා. යම් යම් බඩු බාණ්ඩ වලින් නිවැසියන්ට පහරදීම් පවා සිද්ධ වෙන්න පටන්ගත්තා.
 මේ වෙනකොට නිලමේ මේ අත්භූත බලවේගයට දැඩි ගෞරවයක් දක්වන්න පටන්ගනයි තිබුනේ. මොන දේ කරන්න ගියත් “අපි අහලා බලමු. කරන්න ඕනෙ දේ කියනකල් ඉමුකියන තත්ත්වෙට පත්වෙලයි තිබුනේ. සඳලතාට වගේම දියණියන්ට මේක මහ හිසරදයක් උනා.
මේ සිද්ධිය 2009 වසරේ පුවත්පතකත් පල වෙලා තිබුනේ ලොකු අකුරින්. මොනවා උනත් ගම් වැසියන් තම තමන්ට පුලුපුලුවන් විදිහට වලවුවැසියන්ට උදව් උපකාර කළා. මේ කරදරකාරී තත්ත්වය ඇති වෙන්න කලින් වලවු වැසියන් ගම් වැසියන්ට බොහෝම උපකාර කර තිබීම ඒකට හේතු උනා. ඒ වගේම වලව්ව ඇතුලෙත්, අවටත් පිරිත් පැන් ඉහලා බලන්න පංසලේ හාමුදුරුවෝ කීප වාරයක්ම පිරිත් පැන් එවුවා. ඉන් පස්සේ පැවති දරුණු තත්ත්වය ටික ටික අඩු වෙන්න පටන්ගත්තා. පිරිත් පැන්වල සාර්ථක බව දුටු උන් වහන්සේ වලව්වටම වැඩලා පිරිතක් දේශනා කරන්න තීරණය කළා. නමුත් උන්වහන්සේට වැඩම කළ හැකි උනේ වලව්වේ මායිමට විතරයි. උන්වහන්සේ පිළිගැනීමට, පාදෝවනය කිරීමට නිලමේ හා වලවු වැසියන් වෙනුවට පැමිණියේ පුටු, බෝතල් ආදී දේවල්. ඒවායේ පහර කෑමට සිද්ධ උණු නිසා උන්වහන්සේ පංසලට යන්නට හැරුනා. ඒත් එක දෙයක් හාමුදුරුවෝ සිතේ සනිටුහන් කර ගත්තා.
නිලමේ පංසලට කැදවූ හාමුදුරුවන් වහන්සේ මෙහෙම කියුවා.
“නිලමේ මේක වලවුවේ කාට හරි කරපු බන්දනයක්. අපි ඉස්සෙල්ලම කරන්ට ඕනෑ බන්දනේ කරලා තියෙන්නේ කාටද කියන එක හොයා ගන්න එකයි.
“එහෙමයි හාමුදුරුවනේ. හාමුදුරුවනේ මං මොකක්ද කරන්ට ඕනේ.
“නිලමේ ටික දවසකට දරුවෝ දෙන්නා පිට තැනක නතර කරන්ට පුලුවන්ද? එතකොට හරියටම හොයාගන්ට පුලුවන්වේවී මේ බන්දනය කරලා තියෙන්නේ කාටද කියන එක.
“එහෙමයි හාමුදුරුවනේ. මං අපෙ කුමාරිහාමිගේ අයිය ලඟට යවන්නම්.
කියපු විදිහටම දියණියන් දෙදෙනා ගාල්ලේ සපුමල් මාමා ලඟ නතර කළා. සඳමිණිටත්, දෙවුමිණීටත් දැනුනේ ලොකූ සහනයක්. ගාල්ලේ ගිහින් දවසකට දෙකකට පස්සේ කට්ටිය චාරිකාවක් යන්න තීරනේ කළා. සිංදු කියමින් වසර ගනණාවකට පස්සේ කට්ටිය සතුටු උනා. පිටත් වෙලා පැය ගානකට පස්සේ වෙච්ච දේ එක පාරට කාටවත් හිතා ගන්න බැරි උනා. රථයේ තිබුණ වතුර බෝතලයෙන් සඳමිණ‍ීත් දෙවුමිණීත් නැහැවිලා අනිත් සියල්ලත් හැම තැනම විසිරුනා. සපුමල්ටත් ඔහුගේ පවුලේ අයටත් ඒ පීඩා විදින්න සිද්ධ උනා. ගමන අතර මග නතර කර ආයෙත් නිවසට කවුරුත් ආවේ භියෙන් මුසපත් වෙලා. ඉන් පස්සේ වලව්වේ සිද්ධ වෙච්ච හැම දේම සපුමල්ගේ නිවසෙත් ඒ විදිහටම සිද්ධ වෙන්න පටන්ගත්තා. මේ බව දැන ගත් නිලමේ දියණියන් යලිත් නිවසට කැදවගෙන ගියා. පුදුමය කියන්නේ ඒ දිනවල නිලමේටත්, කුමාරිහාමිටත් අත්භූත බලවේගයෙන් කිසිම කරදරයක් හිරි හැරයක් නොවීමයි. බන්දනය කර ඇත්තේ දියණියන්ට නිසා ඒ බලවේගය ඔව්න් යන තැනක පසුපස හබා එන බව ස්වාමීන් වහන්සේ පැහැඳිළි  කළා.
“නිලමේ මං  මේ ප්‍රශ්න නිසා මළවුන් ගෙන්නන තැනක් ගැන හොයලා බැලුවා. එක තැනක් රත්නපුරේ පැත්තේ තියනවා. දැනගන්ට ලැබුන විදිහට සිරිල් කියලා කෙනෙක්. ඒ උන්නැහෙට පුලුවන් මළ උන් ගෙන්නන්ට. ලබන බදාදා එතනට ගිහින් බලන්ට. මං යන විදිහ කියන්නම්.
“එහෙමයි හාමුදුරුවනේ
ඉතින් මේ මග පෙන්වීමට රත්නපුරේ ගිය සිවුදෙනා නතර උනේ කැලෑබද ප්‍රදේශයක් ආසන්නයේ තිබුණු දේවාලයක. ඔවුනට පෙර කීපදෙනෙක් අවුත් සිටියත් දුරබැහැරින් ආ වලවුවැසියන්ට මුල් තැන දීමට කවුරුත් කැමති උනා.
දේවාලය තුළට ගිය ඔවුන් කපු මහතා වූ සිරිල්ට සියල්ල පැවසුවා.
“හොඳා නිලමේ අපි එහෙනම් මළවුණ් ගෙන්වලා බලමු. දැන් මං ගෙන්වන්නයි හදන්නේ. නිලමේට ඕනෑ කරන හැමදේම අහගන්ට.
මොනමොනවාදෝ මැතිරූ සිරිල්ගේ හඬ සැනින් වෙනස් වී නිලමේට ආමන්ත්‍රණය කළා.
“මගෙ ලොකු පුතේ.
“පප්....පප්..පප්.....පප්පේ. පප්පේ
 ඔව්. ඒ කතා කළ හඩ නිලමේගේ පියා.සිවුදෙනාටම ක්ලාන්ත ස්වභාවයක් දැනුනත් දරා ඉන්නට උත්සහ ගත්තා.
“උඹලා බය වෙන්ට එපා. මං තමයි මෙච්චර කල් වලව්වේ උන්නේ.
“ඔව් පප්පේ. මට හිතුනා පප්පා කියලා. අර අත් අකුරු. ඒ නිසයි මට හිතුනේ.
ඒ ඇසුණු වහාපුදුමයට පත් වුණු දියණියන්ට කළ හැකි උනේ මුහුණ‍ින් මුහුණ බලා ගැනීම පමණයි.
  “මං මේ දේවල් කැමැත්තෙන් කළේ නෑ මගෙ ලොකු පුතේ. මේ හැම දේම මගෙ මරණෙ එක්ක සම්බන්ධයි. මේක ලොකු කතාවක්.
“ඒ මොකක්ද පප්පේ?
“මං අලුත් වලව්වේ ඉන්නකොට දවසක් ටිකිරිබණ්ඩාර ඇවිත් කියුවා කුලියට ගත්ත ගෙදරින් යන්න වෙලා. තැනක් හොයා ගන්නකල් වලවුවේ ටික දවසකට ඉන්න දෙන්න කියලා. මොන දේ කළත් මගෙ දරුවා නිසා මං ඇවිත් ටික දවසකට ඉන්න කියුවා. අර රූපා කියන එකී ලඟ තිබුනේ වලවුවෙ වෙලා අපි ලඟවත් නැති උඩගු කමක්. දවසක් මට ඇහුනා මේකි කියනවා ටිකිරිබණ්ඩාර පවුලේ බාලයා නිසා අලුත් වලව්ව වත්ත එක්කම ලියාගන්ට කියනවා. ටිකිරිබණ්ඩාර මට ඒක කියුවා. මගෙ තීරණේ උනේ වලවුව ලියුවත් වත්ත තුනට බෙදනවා කියන එකයි. උදුළාට ජීවත් වෙන්ට වැඩි කාලයක් නැති නිසා මේ කිසිම දෙයක් එපා කියලයි තිබුනේ.  ඒත් මං එහෙම කළේ නෑ.
“ඉතින් පප්පේ?
“පොඩි පුතයි, උගෙ ගෑණි එකතු වෙලා හොර ඔප්පු, තව ලියකියවිලි වගයක් හදලා වලවුවයි, වත්තයි තනි අයිතියට ලියා ගන්ට කුමන්ත්‍රණ කළා. ඒවට මගෙන් බලෙන් හරි අත්සන් ගන්ට කියලා ටවුමේ මැරයො දෙන්නෙකුට කොන්ත්‍රාත්තුවක් දීලා. උන් මොන තරම් කියුවත් මං අත්සන් කළේ නෑ. එකෙක් මගෙ ඔලුවට පිස්තෝලේ තියලා මාව බය කරලා අත්සන් ගන්ට බැලුවා. ඒත් අත්වැරදීමකින් හරි හිතාමතාම හරි කොකා ගැස්සුනා. එහෙමයි පුතේ මගෙ මරනෙ සිද්ධ උනේ.
නිලමේට පප්පාගේ මරණයේ සිදුවීම් පෙළ සිතේ ඇදෙන්න පටන්ගත්තා. පප්පාගේ මරණය ආරන්චි වෙලා අලුත් වලවුවට යනකොට පප්පා තුවක්කුවත් අතේ තියාගෙන පුටුවක් මත පැත්තකට ඇල වී හිටියා. ගේ බිත්ති, බිම විතරක් නෙවෙයි සිවිලිමේ පවා ලේ තැවරී තිබුනා. ටිකිරිබණ්ඩාර කියුවෙත්, පොලිසියේ තීරණය උනෙත් ලොකුබණ්ඩාර වෙඩිතියාගෙන මළ බවටයි. සිය දිවිනසා ගැනීමක් විදිහට තමයි මරණ පරීක්ෂකගේ වාර්ථාවේත් ලියවෙලා තිබ්බේ. ඒත් නිලමේට මේ හැමදෙයක්ම සැක හිතුනා.
“ලොකු පුතේ මං මැරුනු වෙලාවේ මට මතක් උනේ ලොකු පුතා. මට හිතුනා අනේ මගේ ලොකු පුතා ලඟ හිටියනම් මට මෙහෙම වෙන්නෑනේ කියලා. මං ඒ වෙලාවෙම පරණ වලවුවට ආවා. පොඩී හීනෙන් දැක්කෙ ඒකයි.
“ වෙඩිතියාගෙන මැරෙන්න තරම් පප්පට ප්‍රශ්නයක් නෑ කියලා මං දැනන් හිටියා පප්පේ. ඒ නිසා මං පොලිසි ගිහින් පප්පගෙ මරණෙ සැකයි කියලා පැමිනිලි කළා.
“ඔවු ලොකු පුතේ මං ඒවා දන්නවා. ඒ හැම තැනකම හිටියේ පොඩි පුතාගේ යාලුවෝ. උන් මේ සිද්ධිය යට ගැහුවා. පොඩි පුතා සල්ලි බලෙන් මේ හැම දේම වැහුවා. පුතේ නීතියෙන් සාදාරනයක් කවදවත් ඉශ්ඨ වෙන්නෑ කියලා මට තේරුනා. මං උන් දෙන්නට ඒකට දඩුවම් දුන්නා. පුතාට මතක ද කාලෙකට කලින් හන්දියේ කඩයක් කඩපු දෙන්නෙක් ඇන කොටාගෙන මැරුනා. ඒ මං දුන්නු දඩුවමක්. මං පොඩි පුතාටත් පොඩි පොඩි දඩුවම් දුන්නා. ඒත් මට හරියට දෙයක් කරන්ට ලැබුනෙ නෑ. ඒත් මගෙ අලුත් වලව්වෙන් මං උන් එලෙව්වා. දැන් ඒකට කමක් නෑ. ඒක වෙලා ඉවරයි. මට ආයෙ පන දෙන්ට බෑ පුතේ.
“එතකොට ඇයි පප්පේ මල්ලි මෙහෙම දෙයක් කළා නම් අපෙන් පලි ගත්තේ?
 “ඒක තමයි මං මේ කියන්ට හදන්නේ. ‍ඊට පස්සේ උණු දේවල් උඹලා විස්වාස කරන එකක් නෑ මගෙ දරුවෝ.




අවසන් කොටසෙන් හමු වෙමු..

35 comments:

  1. දැන් නම් කුතුහලේ උපරිමයි ඈ! ඉක්මනටම අවසන් කොටස ලියන්න!

    ReplyDelete
  2. හා හා.... ලියන්නම් ඈ...

    ReplyDelete
  3. හුටා. මලකෙලියයි.

    මේ, ඔය කතාව ඉවර උනහමවත් මට බ්ලොග දෙනවද ඈ? ලියපු පෝස්ට් වැඩි වෙලා අලුත් හාර්ඩ් එකකුත් ගත්ත බ්ලොග් පෝස්ට් දාන්නම. හැක්. හැක.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් තව චූට්ටක් ඉවසන්න වෙනවා....

      Delete
    2. දෙන්නම පවු කියන්නේ කසුන්ටද??
      හික්ස්...

      මට මේක එක දිගටම දාලා ඉවර කරන්න හිතුනේ අක්ක නිසාමයි.. ඒක මට නම් හොඳට ගියා...

      Delete
    3. පව් කිව්වෙ කසුන්ට නෙවෙයි. අර හාඩ් එකක හිර වෙලා ඉන්න බ්ලොග් පෝස්ට් ටිකට.

      නිර්මාණි, ඔය කවුරුහරි මං කියපු දෙයක් ඇහුවා කියලා දැනගත්තු දෙවෙනි වතාව. සන්තෝසයි. අර මං වතාවක් කියපු, මං දැක්කා කියපු හොල්මන ගැන අන්තිම කොටසෙදිම කියන්නම් හොදේ.
      බ්ලොග් එකක කොටස් විදිහට යන කතාවක් දානකොට මං දකින විදිහට කරන්න පුළුවන් හොදම දේ එක්කො කතාව පුළුවන් තරම් ලියලා ඉවර කරලා පබ්ලිස් කරන්න පටන් ගන්න එක. අඩුම ගානෙ කොටස් කීපයක්වත්. අම්බලන්ගොඩ කියලා තියෙනවා වගේ මුල් කොටස් වල ලින්ක් ටික දාන එකත් වැදගත් මුලින්ම මේ පැත්තට එන කෙනෙකුට.

      කසුන්, පේනවද ඔයාට බ්ලොග් එක ඉක්මනට ලැබුණොත් ඒ මං නිසා. හොදේ.

      Delete
    4. හා අක්කේ... එතකොටම ඒ කතාව කියන්නකෝ...

      ඒක ඇත්ත අක්කේ... හැමදාම ලිංක් ටික දානවා කියල හිතුවට බැරි උනා.. දැන් කතාව ඉවර වෙන්නත් ලඟයි..

      Delete
    5. කසුනෝ.. දැං ඉතින් පලක් නෑ අඬලා දොඩලා..

      Delete
  4. මේ හොඳම හරිය නේද?

    ReplyDelete
  5. අර නංගිලා දෙන්නට කරදරයක් උනොත් නං වාවන්නෙ නෑ අයියෝ !! චැහ්

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නට මොකද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමුකෝ...
      ඒ දෙන්නට මොනවත් නොකර කතාව ලියන්න තීරණය කළා.. නැත්තන් තව කේදවාචකයක් වෙයි වගේ...


      Delete
    2. @ රසික.. ඔව් ඔව් දැන් තමයි හොඳම හරිය...

      Delete
  6. මම වගේ මගින් එල්ලෙන එවුන්ට පහසුවෙන්න පලවෙනි කොටසට යන්න සහ ඊළඟ කොටසට යන්න ලින්ක් දැම්මනම් වැඩේ අගෙයි නිර්මාණි.. දැන් ඉතින් හොයහන්කෝ පලවෙනි කොටස..

    ReplyDelete
    Replies
    1. අනේ ඒක ඇත්ත අම්බලන්ගොඩේ... කලින් කොටස්වල ලිංක් අලුත් කොටසෙදි දාන්න හිටියට අමතක උනා... අනේ සමාව බජනය කරනවා..
      ඒ වැරැද්ද පහුවෙලා හරි හදන්නම් අම්බලන්ගොඩ....

      ගොඩක් ස්තුතී ඒක මතක් කරාට...

      Delete
  7. එක හුස්මට කියෙව්වා නිර්මාණි...බලමු මොකක්ද අවසානෙට සිද්ධ වෙන්නේ කියල...

    ReplyDelete
    Replies
    1. එහෙම අහනකොටත් සතුටුයි පොකුරු... තව ටිකයිනේ... බලමුකෝ..

      Delete
  8. Replies
    1. ස්තුතී ඉයන්.. කියවන්නම්..

      Delete
  9. අනේ පප්පට ඉක්මන්ට කියන්න කියල කියන්න. ලස්සනයි නිර්මාණී

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉයන්... ඉක්මනටම කියාවී...

      Delete
  10. එක හුස්මට කියවගෙන ගියා. අදනම් ටිකක් ලියලා මදි වගේ. අනේ ඊළඟ කොටස ඉක්මනට දාන්න යාලු. හරියට ෂර්ලොක් හෝම්ස් කථා කියවලා පොඩි කාලෙ පිස්සු වැටුනා වගේ දැන් මේකට පිස්සු වැටිලා. ඔයා නියමෙට මේක ලියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී රන්දුළා වචන ටිකට... වෙනදට වඩා ඔයා ටිකක් පරක්කු වෙලා එන්න... තව බොහොමටිකයි.. තව ටිකක් ලියන්න හිතුවා.. එහෙම ලියුවනම් දිග වැඩි වෙයි කියලා හිතුවේ..

      Delete
  11. මේ සීරීස් එක බොහොම අපූරුවට ලියවෙනවා. මල් හතයි..

    ReplyDelete
  12. කවුද යකෝ රත්නපුරේ මළඋං ගෙන්නන්නෙ.
    මොනව උනත් නියම කතාව. ඉතුරු ටිකත් ඔය ගමංම දැම්මනං.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ඔයානේ.. සිරිල් කියුවේ ප්‍රසන්න නොකියා...

      හා හා.. මේ සතියෙම දාන්නම්කෝ....

      Delete
    2. Praසන්ன කිව්වනම් අද්බූතගතිය වැඩිවෙයි

      Delete
  13. ඔන්න අදයි කියෙව්වෙ. ඉක්මණට අනිත් කොටස දාන්නෝ. නිර්මාණි කතා ලියන්න, කතා හදන්න හරිම දස්සයි වාගෙ. හික්ස්.

    ReplyDelete
    Replies
    1. ඔයාට කොටස් මග ඇරුන නේද?? ඒවත් කියෙව්වද...

      අයියෝ එහෙම නෑ...

      ඉක්මනින් දාන්නම්..

      Delete
  14. වටින වැදගත් රසවත් එව්වා අගේ කොරන හැටි විතරක්...
    හොඳ නිර්මාණි වගේ දාහං ඉක්මනටම.. නැත්තන් එවනවා පිල්ලියක් ඔන්න.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  15. ස්තුතී ගස්....
    ඕන්නදැන් දාලා ඇති... වැඩ එක්ක පරක්කු උනා...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.