චණ්ඩ කුනාටුවට හසුව
කැඩී බිඳී
සුණුවිසුණුව
ගියා වැනිය
ඔබ
යලි සකසන්නේ කෙලෙසද
මම
මොරසූරණ වරුසාවට
හසු වී තෙතබරිතව
පොඩිවූවා වැනිය
මහ නියගයකට මැදිව
තැවී දැවී
ගිය
ඔබ
යලි සකසන්නේ කෙලෙසද
මම
මද පවනට හැකිවේවිය
යලි නුඹ එක්තැන් කරන්න
පොද වැස්සකට හැකිය
යලි නුඹ
සනසාලන්නට
ළාහිරු මඩළට හැකිය
නැතිවුණු ජීවය පොවන්න
මල් පෙත්තක් තරමට
මුදු
ඔබ
තව මොහොතක්
ඉවසණු මැණ
අවිහින්සක
මගෙ
සිත් මල
බය වෙන්න එපා. සිත්මල් කැඩෙනවා බිදෙනවා ආයි හැදෙනවා..
ReplyDeleteඒකනෙ ඒකනේ දේශකතුමෝ....
Deleteකලා වැව හිඳෙනවා ...ආයෙමත් පිරෙනවා...
ReplyDeleteඔවුව කොයිවත් ජීවිතේට උරුමයි නංගා
ඒක ඇත්ත අක්කේ.. ඔයා ගොඩ කාලෙකින් මේ පැත්තෙ...්
Deleteඔය මල ප්ලාස්ටික් වලින් හදාගන්න බලන්න. හැක්..
ReplyDeleteහොඳ යෝජනාවක්... හික්ස්...්
Delete++++++++
ReplyDelete++++++++++++++++
Deletehmmmmmm
ReplyDelete