Monday, September 28, 2015

ඔබ කැමති ද කියවන්න....?





මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න.

ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා සිටීමට, ඔබ පාඩම් කරන විට හඬ නගා පොත් කියවා ඇත. බොහෝ විට මේ කාර්ය සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් ඔබ කියවන පොත තවත් කෙනෙකු අසා සිටිනු ඇත. විශේෂය නම් ඔහු හෝ ඇය ඔබ කලින් කියවන විට අසා සිටි තැනැත්තා නොවීමයි.

ඔබ කියවන පොත තවත් ඔබ මෙන්ම පොත් කියවීමට ආසාවෙන් සිටින නමුත් කියවිය නොහැකි පාඨකයෙකුගේ කියවීමේ අයිතිය තහවුරු කිරීමක් බව ඔබ දන්නවාද? එය එසේය. නමුත් මෙය බුද්දිමය දේපල හිමිකම් පනත උල්ලංගනය කිරීමක් නොවේ. මෙය වානිජ්‍ය ක්‍රියාවලියක් ද නොවේ. නමුත් මේ වෙනුවෙන් නිෂ්පාදිත පිරිවැයක් නැතුවාම නොවේ.

මෙකී වියදම් කෙසේ හෝ සපුරා ගත්තද තවත් එක් ගැටලුවක් පවතී. එනම් මානව සම්පත් සපුරා ගැනීමේ ගැටලුවයි. මේ පෝස්ටුවෙන් මා එකී මානව සම්පත් සපුරා ගැනීම අපේක්ශා කරයි. එනම් මේ බ්ලොග් අවකාෂයේ සැරිසරන ඔබට මේ සඳහා සම්බන්ද වීමේ හැකියාව ලබා දීමයි. ඔබට හැකි වේලාවක ඔබ සිටින නිහඬ පරිසරයක සිට අදාල පොත පටිගත කොට යලි අප වෙත ලබා දීම කල යුතුය. එහිදී අනුගමනය කල යුතු තාක්ෂනික ක්‍රමවේදයන් පිලිබඳව ඔබව පූර්න දැනුවත් කිරීමක් කරනු ලැබේ.

පොතක් කියවා තවත් පොතක් කියවිය නොහැකි අයෙකුගේ කියවීමේ ආශාව සන්සිඳවන්න ඔබත් කැමති නම් කරුනාකර අප හා සම්බන්ද වන්න.ඒ සඳහා ඔබ විසින් කියවූ පොතක කුඩා කොටසක හඬපටයක් සමග ඔබේ තොරතුරු  ahasenenna@gmail.com යන ලිපිනයට එවන්න. අදාල හඬ පටය ඔබේ ප්‍රදාන සුදුසුකම ලෙස සලකනු ලැබේ. ඊට අමතරව ඔබේ පරිගනක හැකියාව ද මේ සඳහා අත්‍යවශ්‍ය වන බව ද දැන්විය යුතු ය. ඔබේ තොරතුරු සමග ඔබ පහසුවෙන් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ද ලබාදීමට කාරුනික වන්න.ඔබ විසින් යොමු කරන හඬපට පිලිබඳ සහ ඔබේ පරිගනක හැකියාව පිලිබඳ සැලකිල්ලට ගෙන මේ සඳහා ඔබව තෝරා ගැනීමෙන් පසුව තාක්ෂනික පුහුනුව සඳහා රාවතාවත්ත මොරටුව පිහිටා ඇති ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලයේ මූලස්තානය ට පැමිනිය යුතු ය. මසකට වරක් ඔබ විසින් කියවූ පොත් ලබා දිය යුතු අතර ඒ සඳහා ඉරිදා හැර සතියේ වෙනත් ඕනෑම දිනයක පැමිනිය හැකි ය.
ඉතිරි සියලු තොරතුරු ඔබව තෝරා ගැනීමෙන් පසු ලබා දෙනු ඇත.

ප.ලි.
මෙය දැන්වීමක් නොවේ. දැනුවත් කිරීමකි.
මේ ගැන කැමැත්තක් ඇති අයටත් කියන්න.

70 comments:

  1. මට එවන්නකො සම්පූර්ණ විස්තරයක්.

    wmjgslsr@gmail.com

    ReplyDelete
  2. ඇත්තටම හොඳ වැඩක් කසුන්. පුළුවන් උදවුවක් අපිත් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මේක දැන් කාලෙක ඉඳන් කරන වැඩක්. කියවන්න හොඳ කෙනෙක් හොයා දෙන්න. අන්න උදව්ව

      Delete
    2. ටැකෙක් දෙන්නෙක් හොයලා දෙන්නම් කසුනෝ. ටික දවසක් දියන්කෝ...

      Delete
  3. කසුන්ගේ උත්සහය අගය කරනවා වගේම අපිත් පුලුවන් විදියට මෙ සදහා සමිබන්ධ වෙන්නමි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ පුලුවන්නම් කියවන්න එන්න.

      Delete
    2. කසුන් මගේ බිලොග් එකේ ඔය ගැන වෙනම බැනර් එකක් දැමිමා.ඒක දිගටම තියේවි.

      Delete
  4. අැත්තට ම හොද වැඩක්............... අපිට කියවන්න හැකි වුණාට බැරි අය බොහොමයක් ඉන්නවානේ නේද??? කරන්න හැකි තරම් උදව්වක් කරන්නම්..... මේක ඒක් අාකාරයක දැනුම සහ කාලය බෙදා ගැනීමක්...... අනික් අතට කියවන්න බැරි අයට කරන්නා වූ උදව්වක්

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු පුලුවන්නම් හොඳ කෙනෙක් හොයා දෙන්න.

      Delete
  5. ජයවේවා හොඳ කටහඬවල් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි කස්
    ජයවේවා

    ReplyDelete
  6. ඇත්තෙන්ම හොද වැඩක්.. සුබ පැතුම්..

    ReplyDelete
  7. හොඳ වැඩක්! මසරකට වරක් පැමිණ භාරදීමේ බාධකය ඉවත් කර අන්තර්ජාලය හරහා එවීමේ ක්‍රමවේදයක් යොදන්න. වඩා සාර්ථක ප්‍රතිඡග ගැබේවි.

    ReplyDelete
    Replies
    1. //ප්‍රතිඡග ගැබේවි.// හෑ... මොනාද මේ මං ලියන්නෙ.
      ‘ප්‍රතිඵල ලැබේවි‘ වෙන්න ඕනෑ.

      Delete
    2. ඒක විතරක්ද ? මසරකට කියලත් තියෙන්නේ.
      නාගසලං වෙන්න ගහලා තවම වෙරි බැහැලා නැ.ඒකයි ඔය

      Delete
    3. මදූ,
      එක පොතක් රෙකෝඩ් කරලා ඉවර වෙනකොට සමහරවිට 1GB පැනලා තියෙන්න පුලුවන්. පිටු 300 විතර පොතක් වුනොත් අනිවා එහෙම වෙයි. රෙකෝඩ් කරන්න වෙන්නෙ wav ෆෝමැට්එකෙන් නිසා මේ ෆෝල්ඩර් එක ලොකු වෙන්නෙ. dvd එකක දාල එවන්න පුලුවන්.

      මනෝ,
      බීල තමයි වෙන මොකක්ද? මෙහෙමත් බීමක්.

      Delete
    4. මනෝ,
      ඒක හොඳයි බොල රෑ දෙගොඩහරිය තිස්සෙ කොටු පැනලා අහුවෙලා ගස් බැඳගන්නවට වැඩිය.

      කසුන්,
      එහෙමත් කේස් එකක් තියෙනවා නේද? බලමු. මට මේක දැකලා අර රොජර් සෙනවිරත්න ඉන්න දැන්වීම මතක් වුණා.
      ‘කියවලා ඉවරවෙලා මටත් දෙනවද?‘
      ‘මොකක්ද? පොතද?‘
      ‘නෑ.........ඇස් දෙක!‘

      Delete
    5. ඒක වදින දැන්විමක්...මම ඒක බලලා ඇඩුවා

      Delete
  8. මම උදව් කරන්න කැමතියි... ලංකාවෙන් පිට ඉන්න අයට මේකට දායක වෙන්නෙ කොහොමද....

    ReplyDelete
    Replies
    1. ඇනෝ. ඔබේ ප්‍රතිචාරයට ස්තුති. තියෙන ප්‍රශ්නෙ කොහොමද රෙකෝඩ් කරපු පොත ගන්නෙ කියන කාරනය. DVD විදිහට තැපෑලෙන් එවන්න පුලුවන්නම් හරි. අන්තර්ජාලය බාවිතා කරලා එවන්න බැරි පොත බොහෝ විට ලොකු MB ප්‍රමානයක් ගන්න නිසා. ඒක GB ගානක් වෙන්නත් පුලුවන්.

      Delete
    2. mp3 එව්වොත් wave ට convert කරගන්න පුළුවන්ද?

      Delete
    3. ඪ්‍රැකී,
      එහෙම කරන්න අමාරුයි. මේක නිකංම ඕඩියෝ ටිකක් නෙවෙයි. ප්‍රජෙක්ට් එකක් උඩයි රෙකෝඩ් කරන්න ඕනෙ. ඒ ප්‍රජෙක්ට් එක උඩදී අපි මේකේ පිටු, වාක්‍ය, වගේ දේවල් මාක් කරනවා. mp3 විතරක් එවනකොට ඒවා නැතුව ලැබෙන්නේ. මේ වැඩේට වෙනම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරනවා. ඒකෙන් විතරයි ඕඩියෝ බුක් එකක් හදන්න පුලුවන්.

      Delete
    4. තේරුනා. මාත් කල්පනා කළේ, පොත පරිශීලනය කරන කෙනාට, එ්කෙ පිටු අංක එහෙම ඔනෙ වෙයිනෙ කවද හරි උපුටගැනීමක් කරද්දි...

      Delete
    5. හරියටම හරි. ඔය තේරෙන්නෙ ඩ්‍රැකියෝ. ඒ විතරක් නෙවෙයි. ඔයා ඔය පිටු පෙරල පෙරල කරන දේම මේ ඕඩියෝ පොතෙත් කරන්න පුලුවන්. උදා විදිහට ඉතා වේගයෙන් පොතේ අදාල පිටුවට ගිහින් ඒකේ තියෙන වාඛ්‍ය ඉතා ඉක්මනින් බලන්නත් පුලුවන්. ඇයි බුක්මාක් දාන්නත් මේ ක්‍රමේදි පුලුවන්.

      Delete
  9. මේක හොඳ වැඩක්, ලංකාවෙන් පිට ඉන්න අයටත් සෙට් වෙන්න පුළුවන් විදිහක් කියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුති බන්ඩා. ඉහල ඇනෝගේ කොමෙන්ටුව බලන්න. එයට විසඳුමක් ඇත්නම් ගැටලුවක් නැහැ.

      Delete
  10. බොහොම හොඳ වැඩක් පුළුවන් උදව්වක් අපිත් කරන්නම්..

    ReplyDelete
    Replies
    1. කියවන්න පුලුවන්නම් සතුටුයි.

      Delete
  11. ඕඩියෝ බුක් එකක් හදනව කියන්නෙ භාර දූර වැඩක්..
    කවදාවත් කරල නැති හන්ද ටිකක් හොයල බලල පොඩ්ඩක් හරි කරන් පුලුවන්ද බලල උදව්වක් දෙනවද නැත්ද කියල මං උඩ තියෙන ඊ මේල් එකට ලිපියක් එවන්නම්..
    බොරු පොරොන්දු දෙන්න බෑ
    වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්තනා කරනව;
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඕඩියෝ බුක් හදන විදිහ ගැන පුහුනු කරනවා. හොඳට කියවීමේ හැකියාවයි, පරිගණක දැනුමයි තිබුනොත් ඇති. ඔබේ උත්සාහය ගැන සතුටුයි.

      Delete
  12. මේ වැඩේට උදව් වෙන්න මං කැමතියි. මටත් විස්තර එවන්න. tharurasi@gmail.com

    පොත් ප්‍රදර්ශනයෙදි උපුල් සේනාධිරිගේ සහෝදරයා මුණ ගැසුණා. ඔහු සමඟ කළ කතාබහේදි වැටහුණා මේ වැඩේ කොයි තරම් වටිනවද කියල...

    ReplyDelete
    Replies
    1. හා අක්ක මේ ගැන දන්නව එහෙනම්. මම විස්තර එවන්නම්. උපුල් සේනාදිරිගේ සහෝදරයා අපේ හොඳ මිතුරෙක්. හොඳ කවියෙක්. ඔහු විසින් ලියූ කවි පොත් 3ක් අපි ඕඩියෝ ක්‍රමයට සකසා තිබෙනවා.

      Delete
    2. මට මගේ හඬ දෙන්න පුලුවන්. ඒ ගැන යම් අත්දැකීම් සහ පළපුරුද්දක් තියෙනවා. තාක්ෂණික වැඩ තමයි අමාරු. කවි පොත් ඕඩියෝ කරන්න උදව් වෙන්න මං කැමතියි..

      Delete
  13. මේක ගැන මං දන්න කීප දෙනෙකුට යවන්න ලින්ක් එකක් ( වෙබ්සයිට් හෝ ෆේස්බූක් පේජ් වගේ ) තියනවද?

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රාජේ. මේ බ්ලොග් එකේ ලිංක් එක යවන්න. වෙනත් තැනක මේ වැඩේ ගැන දාලා නෑ.

      Delete
  14. කෙනෙක් හොයා ගන්න බලන්නම් කසුන්..... කටහඬ හොද යාළුවෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුති සබරෙ. පුලුවන් වුනොත් මට කියන්න.

      Delete
  15. ඔයාගෙ ලිපි ගොඩක් මට මග ඇරිලා මල්ලි. ඔන්න ඊ මේල් සබ්ස්ක්‍රිප්ෂන් එක දාගත්තා ආයෙ මග නොඇරෙන්න. අපිටත් මේ වගේ උදව්වක් ලබා දෙන්න පුළුවන් බව දැනගන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මල්ලිට ස්තූතියි අපිට මේ ගැන කිව්වට. තව වැඩිපුර විස්තර තියෙනවනම් එවන්න පුළුවන්ද මල්ලි. (sithumkavipotha@gmail.com) මම තව දන්න අයටත් මේ ගැන කියන්නම්. අනිවාර්යෙන්ම කොයි විදිහකින් හරි මේ සත්කාර්යයට දායක වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කෙ. විස්තර ටිකක් එවන්නම්.

      Delete
  16. හොඳ වැඩක් . සාර්ථක වෙන්න කියල පතනවා. මට පුළුවන් වෙලාවක සම්බන්ධ වෙන්න බලන්නම්. දැනට පොඩ්ඩක් වෙන්න බිසී.

    ReplyDelete
  17. සුභ පතනවා ඒත් මට සම්බන්ද වෙන්න බැරි වේවි

    ReplyDelete
    Replies
    1. හරි හරි මෙන්ඩෙ. ඒකට කමක්නෑ. ගෙදර හරියකට ඔය කොම්පියුටර් කියන එකාව වැද්දගන්නෙවත් නෑ කියලනෙ ආරන්චිය.

      Delete
    2. ටිවි රේඩියෝ සෝෆා මුකුත් නෑ බං මගේ ගෙදර.

      Delete
  18. Sahabagi wenna bohomathma kamathi. wistara ewanna upekshasrwr@yahoo.com

    ReplyDelete
  19. ලංකාවෙන් දුර බැහැර ඉන්න මේ කටයුත්තට කැමැත්තක් දක්වන හැමවෙනුවෙන් සලකාබලන්න පුංචි යෝජනාවක්. හඬ පරීක්ෂණය සඳහා තෝරාගැනීමට රෙකෝඩ් කල හඬ පටය skype or mail මඟින් යැවූ පසු, තෝරා ගත් අය ළඟ ඇති පොත් රෙකෝඩ් කර ලංකාවට නැවත පැමිනෙන දවසට හෝ ලංකාවට පැමිණෙන අයෙක් අත ඔබලාට ලැබෙන්නට කටයුතු කරොත්. අවුරුද්දකට සැරයක් කවුරුන්ම හෝ ලංකාවට පැමිණෙන නිසා විදෙස් ගත මිතු මිතුරියන් වෙනුවෙන් මේ ගැන සලකලා බලන්න. එහෙම කලොත් මාත් ඉන්නවා. -සත්පොත්- (මගේ පළවෙනි කමෙන්ටුව බහිරවයා ගිල ඇතත :D ) දැනුවත් කල තරු අක්කට තුති.

    ReplyDelete
    Replies
    1. විදෙස් ගතව සිටින මිතුරන්ගැන මේ වනතෙක් සලකා බලා නෑ. නමුත් අපිට ඔබ කියන ආකාරයට කරන්න හැකි වේවි. නමුත් මේ පොත් කියවන්න යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ පුහුනුව ගන්නෙ කොහොමද කියන එක තමයි ගැටලුව. බලමු ඊට අදාලව යම් සටහනක් මගින් වැඩේ කරන්න පුලුවන්නම් කිසිම ගැටලුවක් නෑ. හැකිනම් DVD වැනි ක්‍රමයක් බාවිතා කර තැපෑලෙන් එවිය හැකි වේවි. ඔබත් ඊමේලයක් එවන්න. උනන්දුවට ස්තූති.

      Delete
  20. වැඩේ සාර්ථක වේවායි පතනව. මම කතාකරන වේගෙ වැඩියි ඒක හින්ද මට මේක කරන්න බැරිදෙයක් කියල මම දන්නව. අපේ සුධීකට මේ පෝස්ට් එක යොමු කරන්න ඕනෙ. එයාටයි , කල්‍යාණටයි මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කම්මලේ. ඔයත් කැමතිනම් උත්සාහ කරන්න. ඔයාගේ සාමාන්‍ය කියවීම මොනවගේද බලමු. හැකිනම් පොඩි හඬපටයක් එවන්න.

      Delete
    2. මම අන්තිමට කොටන්න ආපු කමෙන්ට් එක මෙතන කොටන්නම්. ඇත්තටම මේක කියවලා ඉවර කරපු ගමන්ම මගේ හිතට ආවේ මම මේකට සහභාගී වෙනවා කියන සිතුවිල්ල. මම කැමතියි මේ වැඩේට දායක වෙන්න. මම නිතරම රත්මලානේ ජනසතු සේවා ක්‍රීඩාංගනයට එනවා. ඒ නිසා මට ඒ පැත්තේ එන්නත් පහසුයි. මටත් තොරතුරු එවන්න. මගේ ඊ ලිපිනය : rsruks@gmail.com

      Delete
  21. මේ දේට සහභාගී වෙන්න මාත් කැමතියි ...පරිගණක දැනුම තමා මදි..කියවන්න නම් පුලුවන්....

    ReplyDelete
  22. මේ දේට සහභාගී වෙන්න මාත් කැමතියි ...පරිගණක දැනුම තමා මදි..කියවන්න නම් පුලුවන්....

    ReplyDelete
    Replies
    1. කලු සුදු, හැකිනම් ඔබේ හඬ පටයක් එවන්න. දැනට මොනවගේ පරිගණක දැනුමක් තියෙනවද කියලා මාව දැනුවත් කරන්න. ඔයාගෙ කැමැත්ත තියෙනවනම් අපි උත්සාහ කරමු. මෙතන ඒ ගැන කොමෙන්ට් නොකර ahasenenna@gmail.com එකට එවන්න.
      උනන්දුවට ස්තුතී.

      Delete
  23. කරුණා කරලා මට විස්තරයක් එවන්න , මම හඬ පටයක් එවන්නම්

    ReplyDelete
    Replies
    1. හුටා කෝබං මේල් එක. මට මේලක් දාහං. මම විස්තර එවන්නම්.

      Delete
    2. ඉවානයාට හොදට සිංදු කියන්නත් පුලුවන්

      Delete
  24. මාත් ආසයි මේ වැඩේට උදවු වෙන්න.. ඒත් වැඩේ කියන්නෙ මට ගොඩක් පොත් හඬනඟා කියවන්න බෑ... හේතුව ඒවයේ තියෙන හිනාවෙන කෑලි වලට මට හිනා යනව... ඇඬෙන කෑලි වලට ඇඬෙනව... ඉතිං කොහෙද ඕඩියෝ බුක් එකක් කරන්නෙ... ( කොහොමත් අපෙ ගෙදර අය කියන්නෙ ෆිල්ම් එකක් එහෙම බලද්දි එයාලට ෆිල්ම් එක බලන්න උවමනාවක් නෑ මගේ මූණ දිහා බලං හිටියම ඇති කියල... හි හි)

    ReplyDelete
    Replies
    1. හා එහෙමද කව්ෂි. හිනාවෙල පස්සෙ හරි හරියට කියවන්න පුලුවන්නම් කරන්න පුලුවන් කටහඬ වෙනස් වෙන්න බෑ. ඇඬුවත් එහෙමයි.
      ඒ කියන්නෙ ෆිල්ම් එකම ඔයා පෙන්නනවද? හැක හැක.

      Delete
  25. හොඳ වැඩක් , මගේ blog එකෙත් මේක share කරනවා මම , ඉස්තුති අපිව දැනුවත් කලාට

    ReplyDelete
  26. කසුන් මේක නම් ගොඩක් හොඳ වැඩක් මම දන්න හැමෝටම මේ ලිපිය යවන්නම්.මමත් මේ දවස් වල පොත් ගොඩක් කියවනවා මේ වගේ අයටත් කියවන්න උදව් කරන්න පුලුවන්නම් ඒක ලොකු සතුටක් මම පුළුවන් විදිහට උදව් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හන්සි. කියවන්න පුලුවන්නම් මට කියන්න. මේ තාක්ෂනේ කියා දෙන්න ඕනෙ. ඒකට මේ කට්ටියම එකතු කරලා දවසක් දාගන්න ඕනෙ. ඔයාට මේ වැඩේට වෙලාව හොයාගන්න පුලුවන්නම් කියන්න.
      උනන්දුවට ස්තුති.

      Delete
  27. ආපු පලවෙනි දවසෙම සමාජ සත්කාරෙකට අත ගහන්න ලැබීම ගැන සතුටක්. ඒ අවස්ථාව පාදලා දෙන ඔයාටත් පින්.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.