Thursday, February 4, 2016

අප්පච්චී



පිය සෙනෙහස ට කව් ගී ලියවුනා මදී කියන කාලයක, ප්‍රේමයේ විරහවේ අඳෝනාවන් අහන්නට ලැබෙන කාලයක මේ වගේ ගීතයක් හෝ අහන්න ලැබෙනවානම් හොදයි නේද?
මේ හඳුන්වා දෙන්න යන ගීතයටත් මම හරි ආදරය කරනවා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. පද වැල,(සරල) සංගීතය, ගායනය යන තුනම මනාව ගැලපෙන නිසා. අනික මෙහි ගායකයා, පද රචකයා මගේ හොඳ මිතුරන් වන නිසා.
මේ ගීතයත් මං කලින් ඔබට විස්තර කියා ඇති විකසිත සිත් කියන ගී තැටියේම එන එක් ගීතයක්. මෙහි රචකයාව කුඩා කල සිට ම ආදරයෙන් රැක බලා ගන්නෙ පියා සමග වැඩිමල් සොහොයුරියො දෙන්නා. ඒ ආදරය අප්‍රමානව ඔහු විඳගන්නවා. ඒ නිසාම මේ අය තම පව්ලටත් පෙරලා ඒ වගේම සෙනෙහසක් දක්වනවා. තම මවගේ අකල් වියෝවෙන් පසු දරුවන් ව තම පනසේ රැක බලා ගනිමින් තම බාල පුතු ගුරුවරයෙකු ලෙස තම සේවාව අරඹන තුරු, තම පුතු, දියනියන්ගේ දූ පුතුන් ද දැක බලාගෙන සතුටින් මිය යන්නට වාසනාවන්ත වූ පියෙකු වෙත පිදුනු පිය ගුන උපහාරයකි මේ ගීතය.
ගායකයා ද තම පියාට සහ මවට මෙන්ම පව්ලේ සියලු දෙනාට අසීමිතව ආදරය කරන අයෙකු නිසාත්, ඔහු ද පියෙකු වන නිසාත් මේ ගීතය මේ විදිහට ගැයෙන්න ඇති කියල මට වගේම ඔයාලටත් හිතෙයි.
සරත් කුමාර මඩුගස්වත්ත ලියා අෂෝක වීරවර්දන ගයන මේ ගීතයේ සංගීත හැඩතල එකතු කලේ ඩැනිස්ටර් පෙරේරා කියන සංගීත වේදියා විසිනුයි. දැන් අටුවා ටීකා ටිප්පනි තියල මේ ගීතය අහන්න. හොඳින් අහන්න. මට වගේම ඔයාලටත් මේ ගීතයේ ප්‍රවීන බව දැනේවි.

සිරිමහ බෝ පත් මුමුනන නාදය
ඔබගේ කටහඬ අප්පච්චී
මහ දාගැබ් කොත් ඈත පෙනෙන ලෙස
නුඹ පෙනුනා මා අප්පච්චී

තිසා වැවේ නිල් දියවර පීරා
සිහිල ගෙනාවේ අප්පච්චී
විහාරයේ බෝ මලුවෙන් පිස එන
සුවඳ  වගේ මා අප්පච්චී

සිරිමහ බෝ පත්//

හිමිදිරියේ සුබ දවස රැගෙන එන
ලා හිරු මඬලයි අප්පච්චී
නිවනට යන දා  මට අඬගහපන්
පුතේ කියා මා අප්පච්චී

සිරිමහ බෝ පත්//

ප.ලි.
මේ සංයුක්ත තැටිය දොරට වැඩි දවසේ ගැයුනු ගීතයේ වීඩියෝවකි. 


58 comments:

  1. හරිම සංවේදී ගීතයක්

    ReplyDelete
  2. ලස්සන පදමාලාවක් එක්ක සංවේදි සිංදුවක්

    ReplyDelete
  3. ගීතය අගෙයි මචෝ...

    අන්දර යායේ මතක් උනා..
    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. හරිනෙ විදානයෝ. මටත් අන්දර යායේ මතක් වෙනවා. මේක අහපු කීපදෙනෙක්ම එහෙම කිව්වා. ඒකට හේතුව මේ ගායකය ට දිව්ල්ගනේගෙ හඬ එන නිසා ද දන්නෙ නෑ. එච්.එම්. ජයවර්දනගෙ සංගීතය ට ටිකක් ලඟින් යන තනුවක්.

      Delete
  4. ජීවිතයේ කවමදාවත් අත් නොහැරෙන සෙනෙහස....සිංදුව පට්ට....

    ReplyDelete
    Replies
    1. ඔව් කටුසු. අපි හැමෝටම අත නොහැරෙන සෙනෙහසක්.

      Delete
  5. හැමදෙයක්ම සමබර වෙන්න හැදිච්ච ගීතයක්. සංගීතය, පදමාලාව, ගායනාව, අන්තර්ගතය සියල්ලම එකිනෙකා සමවෙමින් තියෙන ගීතයක් කියලයි මට දැනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතල ම තමා දැම්මෙ. හොඳයිනෙහ්?

      Delete
  6. පියා මිය ගිය පසු මේ වගේ සංවේදී දේවල් තව තවත් සංවේදීව දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනට ඔහුගේ පියා මියගොස් උවත් මේ ගීතය ලියන කාලේ ඔහු ජීවත් ව සිටියා. ඔහු මේ ගීත අහන්න ඇති.

      Delete
  7. පිය සෙනෙහස ගැඹුරින්ම අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගීය හඳුන්වන්න පුළුවන්.

    ReplyDelete
  8. සුන්දර පදවැලක්.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. වගේ බාල පෙලේ ගීත ඇහෙන කාලෙක මේ ව්‍යායාමය ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. හිමාලෙට වඩා උසයි
      සෙනෙහස පපු කඳේ..
      කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
      ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
      හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..
      ආදර මගෙ තාත්තේ...////

      දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
      කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
      ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
      අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
      හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
      මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ

      කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
      දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
      නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
      උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
      හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
      මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..

      ………………………………………………………
      මට දැනෙන හැටියට නම් මේක බාල පෙලේ ගීතයක් නෙමෙයි...

      Delete
    2. මාත් ආස සිංදුවක්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. වැසි.. මේකත් මගේ ආසම සින්දුවක්. මටනම් හිතටම වදිනවා..

      Delete
    5. ගායනය : ජූඩ් රෝගන්ස්
      පද රචනය : ඩිලාන් ගමගේ
      සංගීතය : අශාන් ප්‍රනාන්දු

      මටත් මේ ගීතයේ පද මාලවේ බාල බවක් දැනෙන්නේ නැ ..පිය සෙහෙහස කොහොම කිව්වත් එය පිය සෙනෙහසම තමයි ..එහෙම නම් ජිප්සිස්ලාගේ තත්තා මට ඇනපු ටොක්ක කියන එක ....

      Delete
    6. ඇය එසේ කියන්නට ඇත්තේ සමහර විට එහි බාවිතා කරන සංගීත බාන්ඩ නිසා වෙන්ට ඇති. එහි ඇත්තේ පරිගනක ආශ්‍රයෙන් කල සංකලනයක්. මෙය එවැන්නක් නොවේ. මමත් ඒ ගීතයේ සරල බවට ආසා කරනවා. ද්‍රවිඩ ගී තනුවක් යොදාගෙන කල ගීතයක් නිසා ඒ තනුවට ගැලපෙන්න වචන දාන්නත් එපායැ නේද?

      Delete
    7. එකිනෙකා ගීත විඳින විදිය වෙනස්... මට හොඳ දෙය ඔබට නරක වෙන්න පුළුවන්.මට නරක දෙය ඔබට හොඳ වෙන්න පුළුවන්.ලෝකය භින්නරුචිකයි නෙව..))

      පුද්ගලික ව මං මේ ගීය ප්‍රිය කරන්නෙ නැහැ.එකක් තමා කසාය කියන්නෙ සැර දෙයක් නෙමේ.තිත්ත දෙයක්.කසාය සැරයි කියන පදයත්,පපු කඳ වගේ වචනත් නිසා ගීතයේ මිහිරි බවට බාධාවක් වුණා කියලා හිතෙන්නෙ.අනිත් අතට මට හිත යටින් මේ වගේ ගීතයක්, //දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී// වගේ ගීයක පදරචනයත් එක්ක සංසංන්දනය වෙනවා.තවත් හේතුවක් තමයි මේ පදවල තියෙන වාර්තාමය ස්වරූපය.දොලේ දියට, කෙතේ නිලට තාත්තා සමාන කිරීමෙන් කියන්නේ මහා විශාල කතාවක්.. ගීයකින් ඇති වෙන්න ඕන චමත්කාරය ඔය ගීයෙන් ඇති වෙන්නෙ නෑ කියා හිතුණ නිසයි ඒක නිදසුනට ගත්තේ..

      නමුත් මං හදවතින් ම පිළිගන්නවා තව කෙනෙක්ට ඒක මිහිරි ගීයක් වෙන්න පුළුවන්.ලෝකය භින්නරුචික නොවුණා නම් අපිට ජීවත් වෙන්නත් හරි අසීරු වෙන්න තිබුණා..))

      Delete
  9. කසුනා.................

    හරිම ලස්සන පද වැලක්... ලස්සන සින්දුවක්...... වැඩේ ගැනත් විස්තර දන්නවානං කියන්න..ජයවේවා

    ReplyDelete
  10. දුවෙකුගෙ පලවෙනි ආදරය තාත්ත..හිතට දැනෙන සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. හා ගෙම්බි මෙහෙ ආපු එකට ස්තූතී. සාදරයෙන් පිලිගන්නවා! ඔයා ඉතින් දුවෙක් නිසා ඒක හොඳටම දන්නවා, දැනෙනවා ඇති.

      Delete
  11. ඒයි සිංදු ඇනෝ.....

    මේකෙ එම්පීත්‍රී එකක් හොයල දියෝ....

    ReplyDelete
    Replies
    1. කසුනා උඹට එව්වම මටත් එවපන් මචෝ ...

      Delete
  12. මේක කොහොම හරි අහන්න ඕනෙ. අපට යූටියුබ් බලන්න දෙන්නෑ අපේ ඇඩ්මින්.

    ReplyDelete
    Replies
    1. හරි සින්දු වො පුලුවන්නම් මේකෙ ඔර්ජිනල් mp3 එක මූට හොයා දියෝ.
      මොනව ද ඔට්ටු බෑ.
      (ඩ්‍රැකියට රහසින්) හිටහං මං උඹට එවන්න.

      Delete
    2. මටත් එවපන් කසුනෝ ....හැක්

      Delete
  13. හරිම ලස්සන ගීතයක්... කාලෙකින් තමයි මේ වගේ ගීත අහන්න ලැබෙන්නේ..

    ReplyDelete
  14. ලස්සනයි කසුන්.. හිතට හීනියට දැනෙන අපූරු ගතියක් තියෙයි..

    ReplyDelete
  15. ලස්සන පද පෙලක්.. සංවේදී ගීතයක්

    තැංකිව් බොක්කෝ !!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මල්ලියේ. තෑංක්යූ අහල බැලුවට.

      Delete
  16. මෝටාර්.. මේක මට මිස් වෙලා තිබ්බෙ... රෝලේ එල්ලන්නම්..

    ReplyDelete
    Replies
    1. හප්පටසිරි මෙන්න සජ්ජත් ඇවිත්. සාදරයෙන් පිලි ගන්නවා. දාගං, දාගං. ආයේ නොගැලවෙන්න දාහං.

      Delete
  17. ලස්සනයි කසුනෝ.. අම්මපා...

    ReplyDelete
  18. එළ මචං. මේ වගේ සිංදු ලස්සන වෙන්නේ ගොඩ වෙලාවට බොක්කෙන්ම කියන නිසා වෙන්න ඕනේ...

    තාත්තල ගැන කියවෙන මම ආසම සිංදුවක් තමයි කසුන් කල්හාරගේ "සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා... නමක් නැති මහ කන්ද, ඔබ... අප්පච්චි..." සිංදුව...

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවත් මම බොහොම ආසා සින්දුවක්.

      Delete
  19. Replies
    1. පහු ගිය ටිකේ ගමනේ යා.. පෝන් එකෙන් තමයි ලොග් වුනේ.. නෝ සිංහල දෙයාර්.. :)

      Delete
  20. ඇත්තටම ලස්සන නිර්මානයක් ..
    පිස්සු විකාර වෙච්ච සින්දු වගේ රචනා ඇහෙන මේ කාලේ වේ වගේ සින්දුවක් ඇහෙන කොටත් ලොකු සැනසීමක් දැනෙනවා...

    තැනක් යූ , මේ වගේ දෙයක් අපිට ගෙනාවට...

    ReplyDelete
    Replies
    1. ආවට සින්දු ඇහුවට බොහොම ස්තුති විබියෝ.

      Delete
  21. තවත් අලුත් පියගුණ ගීතයක් අපිට දායාද කල උඹලා හැමෝටම ස්තුතියි මචෝ ....

    "හිමිදිරියේ සුබ දවස රැගෙන එන
    ලා හිරු මඬලයි අප්පච්චී
    නිවනට යන දා මට අඬගහපන්
    පුතේ කියා මා අප්පච්චී"

    ReplyDelete
    Replies
    1. මේකෙ MP3 එක එවන්නම්. තැංක්‍යූ සින්දුවෝ.

      Delete
  22. බොහොම ලස්සනයි. අහල තිබ්බේ නැහැ.

    ReplyDelete
  23. අද නම් සිංදුව ඇහුව. ලස්සනයි :)

    ReplyDelete
  24. මමත් ආවා බලල යන්ට.

    ReplyDelete
  25. පිය සෙනෙහස තේරුම් යන්නෙ පියෙක් වගේ හිතුවොත් විතරද මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
  26. වචන ටිකනං මරු තාම සිංදුව ඇහුවේ නෑ නිදහසේ අහන්ට ඕනා (තිතක්)

    ජයෙන් ජය

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.