Wednesday, February 17, 2016

පීල්ලක යන ආදරේ

එහෙට,
මෙහෙට.
ආයෙත්
එහෙට.
නොනවතින,
හැල්මේ දුවන.
කිසිවක් නො අසා,
ටක ටක හඬින් මුමුනන.
සෙමෙන් පැද්දෙන,
ඇරඹුමක් නැති,
නැවතුමක්ද නැති,
හැල්මේ දිව යන,
පීල්ලේ ආදරය.

45 comments:

  1. adare vitarada ban peelle yanne
    Apith peellaka yanne. Kisi therumak nethuwa.

    Lassanai kasun...

    Unicode aula nisa comment singlish walin ketima pilibada mage balawath mewwa eka

    ReplyDelete
    Replies
    1. අපේ පීල්ලනම් කොහොමත් ඉවර වෙන එකක් නෙවෙයිනෙ. යුනි අව්ල හදාගත්තම අමු සිංහලෙන් කොමෙන්ට් කරමු.

      Delete
  2. පට්ට මචං...............

    හැකි නං අකුරු ටිකක් විතර ලොකු කරන්න..... ටිකක් පේනවා මදි වගේ......

    ජය

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මහත්තයෝ අකුරු ටිකක් ලොකු කරමු

      Delete
    2. පිටුවේ පලල 1500 වම්පැත්තේ කුලුන 250 දකුනු පැත්ත 500 දැම්මානං සුපිරියට තියෙයි

      Delete
    3. කුරුටු, අටම්, ඔන්න ලොකු කරා. දැන් හරිද?
      අටම්, ඔන්න ඒකත් වෙනස් කරා. දැන් කොහොමද?

      කුරුටු, ස්තූතී ස්තූතී. තවම අපිට කුරුටු වගේ කවි ලියන්න බෑනෙ. මේ පුරුදු වෙන්න ලියන කවි.

      Delete
  3. ලස්සන සංකල්පනාවක්.

    මොකද බං අකුරු පොඩි

    ReplyDelete
    Replies
    1. ඕව ඉතින් මගේ ටිකිරි මොලේට නිකං හිතෙන දේවල් තමා ඉතින්.

      අකුරු දැන් ඇති නේද මචෝ?

      Delete
  4. Anguru kaka wathura bibi rata watema duwanna wenawa adare kasadayak wechchi dawasata.. no difference :(

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කමි අයියෙ. ඒකනෙ මේ තනියෙම ඉන්නෙ. රටවටේම දුවන්න බෑ අප්ප.

      Delete
  5. එදා මගුල් ගෙදර ඉවරවෙලා කෝච්චියේ එනගමන් ද මේ ටික හිතුනේ?

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ එද්දි කසුන්ට තනිපීල්ලෙ යන්න දුන්නෙම නෑ අපි. විශේෂයෙන්ම අටම...

      Delete
    2. එදා කෝච්චියෙ එද්දි කොහොම ඕව හිතන්නද තුමනි!

      මේ දවස්වල නම් හේතු දෙකක් නිසා උදේ කෝච්චියෙ යනව.

      ඔය ඔය. එදා ඒව දැන් අමතක කරහංකො ඩ්‍රැකියො. ආයෙ අටම එක්ක කෝච්චියෙ යන්නත් ආසයි.

      Delete
    3. සිරාවටම. අර හැලපෙගෙ ඩෝලෙයත් හම්බුනානෙ ඒ කෝච්චියෙදි...

      Delete
  6. මොන වගේ පිල්ලක්ද කියල කල්පනා කලේ ? වතුර හිමන් සැරේ ටක ටක කියල වැටෙන එකක්ද?

    ReplyDelete
    Replies
    1. දෙකම දෙකම. මම මුලින් හිතුවෙ අර පීලි දෙකක ටක ටක ටක ගගා යන මහා දිග වාහනේ ගැන. පස්සෙ මේ දෙකට ම ගැලපෙනව නේද කියලත් හිතුන.

      Delete
  7. ආදරේ ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. දැනුම් තේරුම් ඇති පුද්ගලයන්ගෙන් අහලා දැන ගමු.

      Delete
  8. පිලි පනින්න එහෙම එපා

    ReplyDelete
  9. Replies
    1. ලස්සනයි කියල අහන්නත් ආසයි ගිම්මි. මේව ඉතින් පුරුදු වෙන්න ලියන කවි නෙ.

      Delete
  10. බලාගෙන කසුනෝ....

    ලස්සන නිර්මාණයක් මචන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මේ පරිස්සමෙන් පීල්ලේ යන්නෙ.
      ස්තූති මචං.

      Delete
  11. පීල්ල අපිට ඕන අතට හරවමු. ඒත් වැඩක් නැත්නම් ඔන්න ඔහේ ගලායන්න ඉඩ දුන්න නම් හරි :)

    ReplyDelete
  12. තනි පීල්ලට වඩා
    පීලි දෙකත් හොඳා
    අඩු ගානෙ...

    ReplyDelete
  13. ආදරය නෙමේ. කෝච්චිය අනේ...:P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කෝච්චිය නේ පොඩ්ඩි අක්කේ. මට වැරදිලා. හැක හැක.

      Delete
  14. පීල්ලෙ ගලඋඩ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  15. මං එනකොට කෝච්චිය ගිහිල්ලනෙ බං. මට නම් පේන්නෙ එන පොට හොඳ නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. උඹ පරක්කුයි, හොඳටම පරක්කුයි.

      දන්නවනෙ. කෝච්චි වෙලාවට විතරයි.

      Delete
  16. කුචු කුචු කුචු කුචු හෝතා හේ වගේ....
    ජයවේවා..!!

    ReplyDelete
  17. මේ පැත්තේ ආවාට පාඩු නෑ ලස්සන්ට ලියනවා නෙහ් වෙලාව තියෙන විදියට අනෙක් එවත් කියවන්නං (තිතක්)

    ජයෙන් ජය

    ReplyDelete
  18. නවතින නැවතත් අරඹන
    ඇරඹුවද නවතන්නටම වෙන
    එක්වෙනවා සේ පෙනෙන
    කවමදාවත් එක් නොවෙන
    තමන් නොදකින
    නමුත් හැමෝටම පෙනෙන
    අරුම පුදුම ආදරේ

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.