Wednesday, June 1, 2016

පරිසර සති සැමරුම හා දෙවනි ජෝන්ට මඩු වලිගෙන් තැලීම


මේ බ්ලොග් අඩවියේ දේශපාලනය නො ලීමට තීරණය කර ඇතිමුත් පවතින තත්ත්වය අනුව මෙය නොකියාම බැරි තත්ත්වයක් හේතුවෙන් ලියන්නට තීරණය කළෙමි..

පසුගිය දින කීපයේම කතාබහට ලක්උනේ ගංවතුර හා නාය යෑම් ගැන ය. කාගේත් චෝදනාව වූයේ මේ තත්වයන් ඇති වීමට හේතුව මිනිසුන් පරිසරය විනාශ කිරීම බවයි.. හරියට මේ ලංකාවේ පරිසරය විනාශ කළේ රටේ සාමාන්‍ය ජනයා විතරයි වගේ තමා කතා කරන්නේ.. ඉතින් ඒ අතරේ මතක ඇති ගම්පොළ කුණු ප්‍රශ්නෙකුත් ඉදහිට කතා උනා කියන එක... ගම්පොළ කුණු දාන්න ස්ථානයක් නැතුව පසුගිය දවස්වල අම්බුලුවාවේ කුනු දාලා මහා පරිසර විනාශයක් කරන්න පාලන අධිකාරය සූදානම් උනා.. කොහොම හරි ඒ ප්‍රදේශයේ මිනිස්සු ඒ අපරාධය වලකා ගත්තේ කෑගහලයි.. ඒ වගේ තැනකට කුණු දානවා කියන්නේ ජාතික අපරාධයක් නෙවෙයි, ජාත්‍යන්තර අපරාධයක්.. මොකද අම්බුලුවාව කියන්නේ ලෝක උරුමයක්.. ඊට පස්සේ මේ බත් කන හරක් ගඟසිරිපුර පාසල් ක්‍රීඩාංගනයට කුණු දාන්න හදලා ඒකත් දෙමාපියෝ වලකා ගත්තා..දැන් මේ ඔක්කොම වෙලා ඉවරයි.. මේකට හේතුව කුණු දාන්න තිබුණු ඉඩම් නගරාදිපති විකුනලා කියලයි කියන්නේ...  ඒත් කුණු දාන්න තැනක් තාම නැතිකොට මෙන්න ගත්ත විසදුම....

පේරදෙනිය හරහා යන නුවර ගම්පොළ පාරේ දොලුව කියා ගමක් තියනවා.. මේක මගේ ගම වගේම වර්ථමාන යහපාලන ආණ්ඩුවේ පරිසර නියෝජ්‍ය ඇමති  උපන් ගම.. මේ ගමේ ගම්පොළ පැත්තේ සිට එන විට හමුවන රජයේ ඉඩමක් 5 31 දා උදේ බැකෝ යන්ත්‍ර දමා වළවල් කපා හාරා  තිබෙනවා... ඒ මීට කලකට පෙර එහි තිබුනා වගේ පොල් කෙසෙල් වගා කරන්න නොවෙයි.. ගම්පොළ කුණු ගෙනත් දාන්න... මේක ගමේ තිබුණු පොඩි පිට්ටනියක්...

මේ ඉඩම තියෙන්නේ මහවැලි ගං ඉවුරේ.. ඉතින් ඒ වගේ තැනක කුණු දැම්මොත් ගමට විතරක් නෙවෙයි හානිය වෙන්නේ.. මුලු රටටමයි.. දොලුව ගමේ සිට ඉන් පහල ට බොහෝදෙනෙක්, බීමට, නෑමට ආදී සෑම ජල අවශ්‍යතාවක්ම සම්පූර්ණ කරගන්නේ මහවැලි ගං දියෙන්.. ගඟේ වතුර වැඩි උනාම මේ පිට්ටනිය වෙනකල් ජල මට්ටම ඉහළ යනවා..... මැති ඇමතිවරු ගඟේ වතුර භාවිත නොකරට ගමේ රටේ මිනිස්සුන්ට ගඟේ වතුර අවශ්‍යයි. මේ කුණු දැමීමට හදන ස්ථානයේ ඇති ස්වභාවික උල්පතකින් ගමේ බොහෝදෙනෙක් ජලය පානය සඳහා ලබා ගන්නවා.. ඒ වගේම කටුගස්තොට තෙක් ඇති බොහෝ ස්ථාන වලදී ජලසම්පාදන මණ්ඩලය ජලය ලබා ගන්නෙත් මහවැලි ගඟ ඔස්සේමයි.. මේ ස්ථානය අසළම ගම් රැසකට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයත් පිහිටා තිබෙනවා.. ඒ වගේම මේ අවට නිවාස රැසක් ම තියනවා.. හිතා ගන්න බැරි මේ මිනිස්සු මේ එකක්වත් දැක්කේ නැද්ද කියන එකයි??? සරලව අහන්න තියෙන්නේ මුන්ට ඇස් පේන්නෙ නැද්ද කියලා.. ඒත් එහෙම කියන එක අපිට නිංදාවක්...

මැයි 30 සිට ජූනි 5 තෙක් පරිසර සතිය විදිහට පෙරේදා පරිසර ඇමති නම් කර තිබෙනවා. මොකද ජූනි 5 ලෝක පරිසර දිනය නිසා.. මං හිතන්නේ මේ පරිසර දින සතිය සමරන හැටි වෙන්න ඇති... යහපාලන ආණ්ඩුවේ පරිසර හා මහවැලි සංවර්ධන ඇමති කවුද කියලා මං කියන්න අවශ්‍ය නැ.. ඒ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති අනුරාධ ජයරත්න.. එතුමා තමයි මේ උතුම් කාර්යට අත පොවලා තියෙන්නේ.. මොකද පරිසර ඇමති විදිහට.. ඒ වගේම තමන්ගේම ගමේ මිනිස්සුන්ට කරන ලොකු උපකාරයක්, සමාජ සත්කාරයක් විදිහට..

30 රෑ තමයි නියෝජ්‍ය ඇමතිතුමයි එතුමගෙ පියානෝවයි ඇවිත් මේ ස්ථානය නිරීක්සනය කරලා තියෙන්නේ.. පහුවදා උදේ ඉදලා ඉඩමේ විශාල වළවල් කපලා හාරලා විශාල පරිසර හානියක් කරලා තියනවා.. මේ නිසා මහවැලි ගඟට, පසට වගේම සමස්ථ පරිසරයටම ලොකු හානියක් වෙනවා...   මේකට නියෝජ්‍ය ඇමතිගේ ඉදලා මධ්‍යම පලාත් ඇමතිලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ආදි සියලු ජනතා පුතුන් සහය වෙලා තියනවාකියන්න ලැබීමත් ලොකු සතුටක් .. මොකද ජනතා සේවය සඳහා කැප වුණු ජනතා පුතුන් කරොත් කරන්නේ මෙහෙම සේවයක් තමයි ඉතින්... ඉතින් මේක ජෝන් ගෙන් ගත්ත ආදර්ශයක් වෙන්නත් බැරිකමක් නැ..

මේ කට්ටිය කියන්නේ මේ වගේ කතාවක්.. අර හාරලා තියන වළවල් වලට ඵළමුව කුණු දානවාලු.. ඊට පස්සේ ඒ උඩින් පස් දාලා වහලා මේ ඉඩම ලොකු පිට්ටනියක් බවට පත් කරනවාලු.. ඇයි මොකෝ ජාත්‍යන්තර ක්‍රීඩාණ්ගනයක් ගමට ගේන්නද??? ඒ සිගිති මොලවලට තේරෙන්නේ නැතුව ඇති කුණු ගොඩ පස්වලට යට කරනවා වගේ වෙන පරිසර හානිය පස් දාලා යට කරන්න බෑ කියන එක.

මේ වෙනකොට ගමේ පංසලේ ස්වාමීන්වහන්සේ , සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යතුමා සහ සියලු ගම් වැසියන් එකතු වෙලා ඉන්නේ.. අද දවල් පළමු කුණු ටැට්ටරය ආවා.. ඒත් ගමේ අය රැස් වෙලා හිටපු නිසා කුණු බෑවේ නෑ.. ගම්වාසීන්ගේ තීරණේ මේකයි.... කුණු ගෙනාවොත් කුණු දාන්න කියන්නේ නියෝජ්‍ය ඇමතිගේ ගේ ඉස්සරහ හරි ඉඩම හාරන්න කොන්ත්‍රාක් ගත්ත කෙනාගේ මිදුලෙහරි... එතකොට අනිත් අයට දැනෙන අපහසුතාව දැනෙයිනෙ..   .... උන්ටත් දැනෙන්න ඕනේ අනිත් අයට ඒකෙන් වෙන අපහසුතාව... පහුගිය දවස් කීපයේ ගම්පොළ මිනිස්සු කියා සිටියේ “ආදෙන්කො ඔය පරිසර ඇමතියා.. ගල් ගහලා එලවන්නේ..“ මේ සැරේ ගල් ගහලා නෙවෙයි මනුස්සයාට රෙදි නැතුව තමයි යන්න වෙන්නේ.. ගම්පොළ පොලිසියත් දැනට නම් තදින් ක්‍රියාකරනවා.. අපි බලාපොරොත්තු වෙනවා දිගටම එහෙම ඉදීවී කියලා..

මට හිතෙන්නේ පරිසර ඇමති, නියෝජ්‍ය ඇමති ඇතුලු එතුමාගේ අමාත්‍යංශයේ සිටින කිසිම කෙනෙකුටවත් තමන්ගේ අමාත්‍යංශ යටතේ කරන්න ඕනේ දේවල් ගැන අවබෝධයක් නැ කියලයි..  මොකද නැත්තන් මේ වගේ අපරාධයක් කරන්න පුලුවන්ද?? අනික මොලේ කලදක්වත් ඇති කියලා මං හිතන්නේ නැ.. නැත්නම් මේ වගේ හරක් වැඩක් කරයිද???

හරකෙක් නොවෙයි නම් ගමක් මැද  සෞඛ්‍ය මධ්‍යස්තානයක් ඉදිරියේ මහවැලි ගං ඉවුරේ කුනු තැම්පත් කරයිද?? අමාත්‍ය අංශ වලට පරිසර අධිකාරියයි, මහවැලි අධිකාරියයි දෙකම අයිති.. අපරාදෙ කියන්න බෑ දෙකටම සාධාරණ විදිහට අසාධාරනේ කරලා තියනවා..


මට දැන් කීමට ඇත්තේ මෙපමණකි.. අර හිටන් උන්නැහෙගේ මඩු වලිගේ ගම්පොළ ජනතාවටත් අපේ ගමේ මිනිස්සුන්ටත් ගෙනත් දුන්නොත් හොඳයි.. ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,..... ඊට පස්සේ මේ වගේ අපත වැඩ කරන උන්ටත් ඒකෙන්  සලකනු ඇති....

22 comments:

  1. // ඒ අය පළමුව මේ වගේ හරක්ට ඡන්දෙ දුන්න තමන්ටත්,..... ඊට පස්සේ මේ වගේ අපත වැඩ කරන උන්ටත් ඒකෙන් සලකනු ඇති.... //

    +++++++++++++++++

    දෙපාරක් ම ජයවේවා!

    අහෝ සුන්දර දොලුව ට ගිය කලක්!

    ReplyDelete
    Replies
    1. අදටනම් කුණු දාන එක මිනිස්සු එකතු වෙලා වලකා ගත්තා.. හවස ගම් 5 6 ක සෙනග එකතු උනා..
      කුණු දැම්මත් නැතත් ලොකු පරිසර හානියක් වෙලා ඉවරයි.. දැන් තියෙන්නේ ඉතුරු වෙලා තියන විශාල විනාශයට ඉඩ නොදී ඉන්න එකයි..

      Delete
  2. ඡන්දෙ දිනන්න කලින් තමා පක්ශ තියෙන්නෙ.ඡන්දෙ දින්න ගමන් ඔක්කොම එක පැත්තක්.මහජනතාව විරුද්ධවාදියො.හරියට බැලුවොත් ඇත්තටම ලංකාවෙ කුණු ප්‍රශ්නයක් නෑ.. මුංට කලමණාකරනය කරගන්න හැකියාවක් නැතිකමයි තියෙන්නෙ.හරි හමන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් හදන්න ඇති තරම් සම්පත් තියෙනවා.අරමුදල් එව්වට යොදවන්නෙ නෑ..මුංට ටුවර් යන්න එපැයි..කොරන්න පුළුවන් ලියන එක විතරයිනෙ බං.ඒක හරි කොරමු.
    ජයවේවා..!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයා කිපු හැමදේම හරි ගස්.. අන්තිමට වැරදුනේ මහජනයට විතරයි..

      ජයවේවා...

      Delete
    2. මේ පොස්ටුව බලන ඔයාලාත් පුලුවන් විදිහකට මුහුණු පොත හරහා මේ ගැන කතා කරනවානම් ලොකු උදව්වක්.. වෙන්
      මේ ප්‍රදේශයේ පරිසරය විතරක් නෙවෙයි.. අපි ජීවත් වෙන රටේ එක පුංචි කොටසක්..

      Delete
  4. මේ එළකිරි ටික වගේ ඉන්න ආණ්ඩුවට නාන්නේ නැතුව මුකුත්ම කරගන්න බැරි එකේ හරියට කුණු ප්‍රශ්නයක් විසඳයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්ද...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. මොනසක් කරත් මිනිස්සුන්ට වෙන වෙනසක් නෑ...

      Delete
  5. දේශපාලුවෝ...-දේශ පාලුවෝ:D

    ReplyDelete
    Replies
    1. ඔව්... දේශපාලුවෝ හැර වෙන මොනව කියන්නද???

      Delete
  6. මං මේ කමෙන්ට් කරන්න අවශ්‍ය කෙනෙක්ද නැද්ද කියල අහල එන්නම්

    ReplyDelete
    Replies
    1. කෝ ඇවිත් නෑනේ....

      ආවෙ නැ කියන්නේ අනවශ්‍ය කෙනෙක්ද???



      ජෝන් කාලෙකට සැරයක් ජෝක් එකක් කරනවානේ.... හික් හික් හික්.....

      Delete
  7. පරිසරය සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් විදියට කියන්නෙ නිර්මාණි. ලංකාව ඒ පැත්තෙන් ගොඩ ගන්න අපිට බෑ. බෑ කියන්නෙ, හරිම වේදනාවෙන් කිඅන්නෙ, අපිට බෑ. මේකෙ ඉන්නෙ මහ කූජිත මිනිස්සු. ඒ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලේ...

      අද වෙනකොට කුණු දාන එක තහනම් කරලා තියනවා... ඒ වගේම පරිසර අධිකාරියෙන් කියලා තියනවා අවසර අරන් නැ.. කොහොමත් එහෙම දේකට අවසර දෙන්නත් බැ කියලා..

      ඒත් පරිසරය තිබුන විදිහට ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද???

      ෆොටෝ කෑලි ටිකක් අමුනන්න විදිහක් බලන්නම්... එතකොට පෙනෙවි ලේ කරල තියන විනාශය....

      Delete
  8. එතනින් මෙතනටයි, මෙතනින් අතනටයි ගෙනියනවයි, හරවගෙන එනවයි මිසක් ස්ථිරසාර විසඳුමක් හොයාගන්නේ නැහැ. අර ගංවතුර පලාත්වල ගොඩගැහෙන ඒවා තවත් ප්‍රශ්නයක්. ඇත්තටම ගම්පොළ කුණු මීට කලින් කොහෙද ගොඩ බෑවේ...මේ ප්‍රශ්නෙට උත්තරේ කොහෙවත් ගිහින් ගොඩබාන එක නොවේ කියලා තේරෙන්නේ නැද්ද..සිස්ටම් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මීට කලින් කුණු දැම්ම තැන් නගරාදිපති විකුනලා කියලයි කියන්නේ.. මේ වෙනකොට කුණු දාන එක නතර වෙලා තියෙන්නේ.. ඒත් උණු පරිසරය තිබුණු තත්ත්වයට ගන්නේ කොහොමද??

      Delete
  9. මේ කුණු දාන එකට වෙන විසඳුමක් ඕනේ. ඒක කරන්න අමාරු දේශපාලකයෝ නිසාමයි. මම දනන් විධිහට පසුගිය මහින්ද රජය කාලේ එංගලන්තෙන් විසඳුමක් අරන් ආපු ආයෝජකයන්ගෙන් ලොකු කට් එකක් ඉල්ලලා. උන් දෙන්න බැහැ කියල ආපහු ගිහින්. ඊට පස්සේ මේ අලුත් රජය ආවහම උන් අපහු ඇවිත්. ආයිත් අර විධිහටම අලුත් එවුන් ඉල්ලුවලු. ආණ්ඩු වෙනස් වුනාට මිනිස්සු වෙනස් වෙලා නැහැනේ.
    මේකට ලොකු ප්‍රචාරයක් දීල වත් වැඩේ නවත්වන්න බලමු.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔය කම්පැනිය මීතොටමුල්ල කුණු කන්ද එතනින් අයින්කරන වැඩේ කොච්චර කාලයකින්ද ඉවරකරන්න පටන්ගන්න කන්ට්‍රැක්ට් සයින් කරා ගංවතුරට ඉස්සෙල්ලා. මම ඒක නිව්ස්වලටත් දැක්කා. මොකක්ද කරන්නේ කියලා දන්නේ නැහැ.

      Delete
    2. @ අරුන අයියේආරන්චි විදිහට මේ සම්බන්ධ කන්ත්‍රට් එක කෝටි පහක් කියනවා.. ඒ ගානට තමයි මේ විනාශය කරන්නේ...

      @ අජිත් අයියේ ගොඩක් ස්තුති සහයෝගයක් දෙනව කියුවට.. අද වෙනකොට මේක නතර උනාට පරිසර අධිකාරියෙන් අවසර අරන්ම එන්න බැරි නැ.. අයිති අමාත්‍යංශයනේ.. අනික අද මෙතනට නොදැම්මට දැන් තව තැනක් මේ අවටම හොයනවා ඇති...
      මං හෙට ෆොටෝ එක්කම දාන්නම්...

      Delete
    3. අද ලක්බිමේ අම්බුළුවාව කුණු කන්ද ගැන ලොකු ආටිකල් එකක් තියෙනවා.

      Delete
    4. ආ එහෙමද... මාත් බලන්න ඕනෙ.. කියුවට ස්තුති අරුන අයියේ...

      Delete
  10. අපේම කුනු ගැන අපිම කතා කරනවා නම් විසඳුම් හොයන්න වෙලා නම් මොකටද මේ දේශපාලුවො .. නිර්මාණි පොස්ට් එක මාත් share කරන්නම්.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.