ඕන් දැන් අපි අහසෙන් ඇවිත් මේ ඔක්කොටම හැම දේම සෙට් කොරල තියෙන්නෙ...
කැමති දේකින් සප්පායන් වෙමු... හරි හරි අටමෝ, කමියෝ, කටුස්සෝ ඔය
තියෙන්නේ, බයිට් ද බෝතල් ද ඕනැ එකක්... හරි හරි බන්... උඹල ඔක්කොටම
තමයි... ඉස්ත්‍රී පාර්ෂවේටත් ඔය තියෙන්නේ ස්මැක්, මිරින්ඩ ගන්න ගන්න ඔනැ
එකක්... මොකද අහසෙන් ඇවිල්ලා අදට අවුරුද්දයිනේ... ඔයාල තමයි මේ අවුරුද්ද
පුරාටම අපි එක්ක හිටියේ.... හොඳ දේ හොඳටම අගයලා... අඩුපාඩු තියන තැන්
හරිගස්ස ගන්න පෙන්නලා, අලුත් අදහස් දීලා මේ අවුරුද්දම එකට හිටියනේ...
ඒ විතරක්ද, වෙඩින්වලට, පාටි වලට, සෙට් උනේ... මතකද? ඇයි නෙලුම් යාය
සම්මාන උළළට ගියා, පොත් එලි දැක්වීම් වලට අපි සෙට්වුනේ.....
අහසෙන් එනකොට තව වෙච්ච විශේෂම දෙයක් තමයි, සමස්ථ ආබාධිත පිරිස ගැනත්,
දෘෂ්‍යාබාධිත අය වෙනුවෙනුත් ඔයාලා දැනුවත් කරන්න ලැබුන එක... ඒ වගේම
අහසෙන් එන අපි එක්ක සෙට් වුණු ඔයාලට අපිට තියන පොත් කියවා ගැනීමේ
අපහසුතාවය පෙන්වා දීලා, ඒ වෙනුවෙන් ඔබේ සහයත් ලබා ගන්න හැකි වුනා... මේක
තමයි විශේෂම දේ... ඉතින් මේ හැම දේම පුලුවන් උන අහසෙන් එන අපිට ඔයාලා
දුන්න සහයෝගය නිසයි... අපි දැන් සවුදිය පුරමු...
ආ තව එකක්.. මේ තියෙන්නේ අහසෙන් ආව අපි එක්ක මුල ඉදලා එකතු උණු
පිළිවෙල... මුලින්ම සවුදිය පුරන්න ඕනේ අටම්පහුර ලියන අටමා...
අම්බලන්ගොඩ කතා ලියන අම්බලන්ගොඩයා.. මුන් දෙන්නා තමයි අහසෙන් එන පැත්තට
මුලින්ම ගොඩවුනේ....
ඔන්න ඊට පස්සේ කස්ටිය මෙහෙමයි ආවේ... කුරුටුගෑ ගී පවුරේ
හැමෝම...රසිකොලොජිස්ට් ලියන රසික සූරිය ආරච්චි...කොළඹ ගමයා ලියන අජිත්
ධර්මකීර්ති... ලොකු පුතා... වර්ණ කුලකය ලියන සංජීව... සිංදු
ඇනෝ...මදුමාධවී... කැමරාවෙන් එහාලෝකය ලියන Yashyantha, රූපේ... සබරෙ ඇනෝ....
ඉවාන් පවුලූශා... බස්සිගෙ නවාතැන ලියන බස්සි... සිතුවිලි සිත්තමට නැගෙනා
කවි පොත ලියන සිත්තමී... වර්ණ හැඬ කරන දිනේශ්.. එලද බ්‍රා මෙන්ඩා...
තෙලිදිය වාඩිය... ගස්ලබ්බා... දේශකයා.. ඉකොනො මැට්ටාගේ බොජුන් හල ලියන
ඉකොනො මැට්ටා.... පැතුම් හේරත්... ප්‍රාජේ... සමකය වටා ලියන නලීන්
දිල්රුක්ශ... තිලක සිත ලියන තිලකෙ අයියා... මනෝ මන්දිර... සඳවියමන් ලියන
සදා... දිල්ශාන්... ඉෂාණි රණසිංහ.. නිහින්සා... අවංක ආර්යන්.. විභීෂණගෙ
අඩවිය ලියන විභීෂණයා... ඇවිද්ද පය ලියන සුදීක... අජිත් කුමාර... අශාන්
රවිදු... හන්සි... ඉයන්... අසමි දකිමි ලියන විචාරක... බණ්ඩා...
වාසනාවන්ත කාලකන්නියා... ග්රැකීගෙ අඩවිය ලියන ග්රැකී... කම්මලයා...
හැලප කඩේ හැලපෙ අයියා... පුංචි කැකුලු ලියන තුශාණී... මහේශ් රත්නායක...
තරුරසී ලියන තරු, සත් පොත්... කළු සහ සුදු... Kaushi Ariyabandu,
ගාබ... කල්යාන මිත්‍ර නොහොත් සුමිත් කලනසිරි.
ඒ වගේම විල් තෙරේ කිඹුලී.. අනුත්තරා ඉරුගල් බණ්ඩාර... පත්තර මල්ලි...
මනෝජ් ෆනාන්ඩු... පොඩි කුමාරිහාමි අක්කා... ප්‍රියන්ති හන්සමාලි... මහේශ්
සමන්ත කුමාර... සී.ජේ. විධාන පතිරණ- විධානයා... ඇස්... වැසි දැරිය ලියන
වර්ශා.... නොකී කතා ලියන Hendry අයියා...කටුසු හදවත ලියන
කටුස්සා....ගිම්මිගේ කොළම කරන ගිම්මී....සජ්ජාගේ පඩංගුව අයිති සජ්ජා....
කුකුළගෙ කොටුවේ ගම් කුකුලා.....රංගන සහෝදරයා......යාංහෑල්ලේ
සුරන්ග...සලිත රජමුණි
...සිංහල බ්ලොග් ගලේ ලලිත් පෙරේරා....ඇනෝපිලිස්...මනාගෙ පිංතාරුව..ඩුඩ්
අය්යා...සොමියා...ඔමාගේ සිහින සාප්පුව දකින ඔමායා....සංජය ශ්‍රීකාන්ත්...
සිතූගෙ සිතුවිලි ලියන සිතූ....මෙතූ...ලේපාට හීන...තිලාන්...මාතලන්
ලියන්නා ප්‍රියන්ත...මලියා...නිම්නයක තනි වී හීන දකින්නී වන චතූ...යශිත්
ගමගේ...රන්දුළා..රාජ්ගෙ නවා තැනේ ඉන්න රාජ්...කවිඳු
ජයසිංහ...රොටියබාබ...අරුණ පෙරේරා...අනිත් කොන ලියන බෝදිනී අක්කා...
හා හා පොඩ්ඩක් ඉන්න තව ඉන්නවා... එතකොට,
රසික ගුණවර්ධන...පොකුරු වැහි...දුමින්ද අබේසේකර...වසන්තයට පෙර...අලු
සුලඟ..චතුරංග ප්‍රියසාද්- ප්‍රියා...රොහාන් දනන්ජය...
ආ.... කොමෙන්ට් කරුවන්ගේ සභාපති ප්‍රසන්න....සරසතුමා...සිරාගෙ කාමරේ
අරින සිරා කොලුවා.... ලිකිතා... Ishani සහ සියලු ඇනෝවරුන්... කොමෙන්ට් නොකළත්
කිය වූ හැමෝම....
එකතු වෙලා සවුදිය පුරමු...
අර කලින් කියුව වගේ හොඳ දේ හොඳටම අගයලා, අඩුපාඩු ඇති තැන් පෙන්වලා, අලුත්
අදහස් ගෙනාව මේ හැමෝටම අපේ ස්තුතිය... ආ ඒ විතරක් නෙවෙයි, ඇනෝ ආව අයත්
අමතක නෑ... ඒ අයටත්, මෙතෙක් කල් කොමෙට් නොකළත්, කිය වූ හැමෝටම,
ස්තුතී.....
ඒ වගේම අදින් පස්සෙත්, , ගුණ දොස් විචාරන්නත්, අලුත් අදහස් එකතු
කරන්නත්, අහසෙන් එන අපි එක්ක එකතු වෙන ඔයාලට පුලුවන්.... එහෙනම් ආයෙ
වතාවක්... ඔබ සියලු දෙනාට ස්තූතිය....
ඔන්න එහෙනං පළවෙනි උපන්දිනේට මගෙන් මුලින්ම සුබ පැතුම්!
ReplyDeletethank Sanda akk.
Deleteතවත් වසර ගණනාවක් සිංහල බ්ලොග් ලෝකය එළිය කරන්නට කසුන්ට හැකියාව සහ ධෛර්යය ලැබේවා.
ReplyDeleteThanks iyan mam. haiyo me sinhala nathuwa hri karadarai app.
Deleteඅහසෙන් ඇවිත් පොළවට පය තියල අවුරුද්දක් එහෙනම්.. මගෙනුත් ආදරණීය සුබ පැතුම්.. ඔයාල දෙන්න බ්ලොග් අඩවිය තුළත් ඉන් පිටතත් හරිම සුවිශේෂ වැඩ කොටසක් කරන්නෙ... අපමණක් ධෛර්යය ලැබෙන්න ඕන.. ශක්තිය ලැබෙන්න ඕන ඉදිරියට ම යන්න...
ReplyDeletehamadama awata, thanks akk. digatama enn.
Deleteකසුන් මල්ලි මුලින්ම මගේ බ්ලොග් එකට ඇවිත් දාපු කමෙන්ට් එකකින් තමයි මේ පැත්තට පාර හොයාගෙන ආවේ මම මුලින්ම. එදා ඉඳන් දිගටම ඔයාලාගේ ලිපි වලින් බෙදන රසය වගේම දැනුමත් ලබාගන්න ආවා. තරු අක්කා උඩින් කියලා තියෙනවා වගේම මේ බ්ලොග් එක හරහාත්, ඉන් පිටතත් ඔයදෙන්නා ලොකු වැඩ කොටසක් ඉටු කරනවා. කසුන් මල්ලි, නිර්මාණි නංගි, බ්ලොග් අඩවියේ මේ පළවෙනි උපන්දිනේට මගෙන් උණුසුම් සුබපැතුම් ප්‍රාර්ථනා කරන ගමන්ම ඉදිරියටම යන්න ශක්තියත්, ධෛර්යයත් ප්‍රාර්ථනා කරනවා. ජය! :)
ReplyDeleteබොහොම ස්තූතී අක්කන්ඩි. අර ඔයා දවසක් ඊමේල් ෆලෝ කරා කියල තිබුන මට මතකයි.
Deleteදැන් එතකොට බයිට් නැද්ද?
ReplyDeleteසුබම සුබ පැතුම මිත්‍රයා
වෙන බයිට් මොකටෙයි ඔහේ ඉඳිද්දි. හැක.
Deleteබොහෝම ස්තූතී මිත්‍රයා
ඉවනයො …
Deleteහූඌඌඌඌඌඌඌඌඌඌ
ඇත්තටම හරක් මස් තියෙද්දි වෙන බයිට් මොකටද ? ඉවාන් නොවැරදීම වරෙං.
Deleteපත්තරේ.... බොන්ඩ ඉස්සල්ලා උඹගෙ ජාතික ගීය කියනව නේද ?
හැක හැක.
Delete:D
ReplyDeleteබඩගිනී... තියෙන කෑම ටික මේසේට ගෙනාවනම්!
Happy B'Day!
මේ තියෙන්නෙ සාරස.. කාල හිටියනං. තැංකියු ඈ..
Deleteඋණුසුම් සුබ පැතුම්... ඉදිරි වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා...
ReplyDeleteතැංකියු කිව්වා තුෂානි.
Deleteසුභ පැතුම්! අවුරුද්දක් පිරෙන වෙලාවේ මාවත් මතක් කරලා තියෙන්නේ. ඉතින් දිගටම ලියමු.
ReplyDeleteජයවේවා!!!
මතක් නොකර කොහොමෙයි. කොමෙන්ට් කරල තිබුනනෙ.
Deleteස්තූතී ඈ..
උණුසුම් සුභපැතුම් දෙන්නටම...
ReplyDeleteඑහෙනං ඔන්න අපිත් හීනියට... හෙහ් හෙහ්..
(යකෝ කණ ඇහෙනවා අඩුයි ලොකු අකුරෙන් ලියපිය.)
ජයවේවා..!!
හරි හරි. ඔන්න එහෙනම්.
Deleteඋඹ මේ වෙඩින් එකක් කතා කරනව. මං මේක දාගත්තෙත් ෆුල් ගේමක් දීල. මේ ලෝබ කුනාල එක්ක බෑ බං.
මේ තෝරු - මෝරු අස්සේ මගේ නමත් දැක්කහම අදහගන්න බැරි උනා.
ReplyDeleteසුබපැතුම්. ඉදිරියට තවත් දේවල් එකතුවෙයි කියල හිතනවා. ජය!
හා ඒකට මොකෝ. දෙකක් නවාගත්තම හරි.
Deleteතැංකියු ඈ. දිගටම එන්න.
කසුනටයි නිර්මාණිටයි තෝරයි මෝරයි කීම හෙළා දකිමි..
Deleteමොන නිංගිරාවක්දෑ චැහ්.. :D
ඒකනෙ බලහංකො මචං.
Deleteඅහස් කූරයි, මල් වෙඩිල්ලයි කිවුවනම් තව කමක් නෑ
Deleteතෝරු මෝරු දන්නව නම් නඩු දායි....
Deleteඅහසිං ඇහිල්ල අවුරුද්දකුත් උනා එහෙනං. සුබ පැතුම් සංවත්සරේට. දිගටම ලියන්න හැකිවෙන්න කියල පතනව කොකා සභාපති විදියට. හැක්..
ReplyDeleteමොකක්ද බං //ග්රැකීගෙ අඩවිය ලියන ග්රැකී// කියන්නෙ.
දැන් තමා බං මේකෙ සිංහල දාගත්තෙ. වැරදිනම් තවත් තියෙයි. හදන්න ලොකු වෙලාවක් ලැබුනෙ නෑ. කොකා විදිහට ආපු එක ගැනත් ලොකු කොකා සුබ පතපු එක ගැනත් බොහොම සන්තෝසයි ඈ. බොහොම ස්තූතී එහෙනම්. දෙකක් දාගෙන මොනවහරි කාලම යමු.
Deleteකාරක සභාවෙන් අනුමැතිය දුන් බවට මෙයින් සහතික කරමි … !!
Delete-ගරු ලේකම්-
එහෙනං දෙන්නත් එක්ක ස්ටෙලා වෙමු. හැක්..
Deleteඔන්න එහනම් මමත් ගත්තා ..........
Deleteසිගරට් එකක් පත්තු කරපන්
අඩේ මෙන්න මගේ නමත් තියෙනව. 😜 කසුන් & නිර්මාණි දෙන්නටම සුභ උපන්දිනයක් පතනව. දැන් දැන් අවුරුදු 4 කින් ලියන්ට බැරි උන මගෙ බ්ලොග් එක ලියන්ට ආයෙත් හිතෙනව බන්. ජය වේවා..!! 👊🏽
ReplyDeleteහයියෝ ඇයි නොලිය ඉන්නෙ. දැන්ම පටාංගමු ලියන්න. අර පොඩි කාලෙ දංවැල් දාල බැඳල හිටපු කතාවෙන්ම පටාංගමු.
Deleteතැංකියු තිලාන් සුබ පැතුමට.
නෑ මචෝ. ගිය අවුරුද්දෙ නොවැම්බර් ඉඳල තමයි පොඩ්ඩක් නිදහස් උනේ අලුත් ජොබ් එකට. එතකොට හිතුව ලියනව කියල. පස්සෙ ගිය සතියෙ ආයෙ අලුත් ජොබ් එකට ගියහම එතන දුන්නේ දවස් හතම නයිට් ෂිෆ්ට්. දැන් ඉතින් ලියන්ට වෙන්නෙ වැම්පයර් ස්ටෝරීස් තමයි. ඔකේ. මම ඉක්මනටම ලියනවා. තෑන්ක් යු කසුන් සහෝදරය..!! 👊🏽
Deleteහරි එහෙනම් ලියනකල් අපි බලං ඉන්නවා තිලාන්.
Deleteහුටා..ටික්කටද යකෝ තිලාන් අතූර් කියකිය කීවෙ එතකොට :D
Deleteඇඩ්රස් නෑ…
අඩේයි පත්තර මල්ලි..!! 😂 මේ නමේ අටමගල උනෙත් නල්ල පනල්ලෙ බ්ලොග් එකේ පරණ පොස්ට් මකල පොඩි රිෆ්රෙෂ්මන්ට් පාරක් දෙන්ට ගිහිල්ල තමයි. පස්සෙ ඇත ඇරල දැම්ම. 😂
Deleteඇඬෙනවා :D තනි ඇහැට !!
Deleteඅවුරුද්දට සුභ පැතුම් !!! තව අවුරුදු බර ගානක් අදින්න ශක්තිය !!!
ReplyDeleteබොහොම ස්තූතී කමි.
Deleteජයවේවා කසුනෝ ....මගෙන් උණුසුම් පැතුම් !!!!!!!!!!
ReplyDeleteවිනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
හෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
විනෝද වෙන්න
විනෝද වෙන්න
ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
කමක් නැද්ද විනෝද උනාට … හැක්
Deleteසින්දුවටයි, සුභ පැතුමටයි බොහොම ස්තූතී සින්දුවෝ.
Deleteමං ගොඩක් කැමති බ්ලොග් එකක් මේක. කසුන් අයියත් නිර්මාණිත් බ්ලොග් එක ඇතුළෙත්, බ්ලොග් එකෙන් පිටතත් ගොඩක් ලොකු වැඩ කොටසක් කරනවා.. :) ඒ ගැන අවංකවම සතුටුයි.
ReplyDeleteකසුන් අයියව නම් එක පාරක් මුණ ගැහුනා. ඒ වගේම නිර්මාණිවත් මුන ගැහෙන්න ගොඩක් කැමතියි..
සුබ උපන්දිනයක් වේවා!
ස්තූති වේවා සිතුවෝ!
Deleteඅඩේ අවුරුද්ක්ද බං...
ReplyDeleteයකෝ රෙෂ්පට් එකෙන්ම !!
බීල විසේ යනවා.. :D
නැතුව නැතුව.. උඹලා ඇවිත් කියවලා කොමෙන්ට් කරපු නිසා තමා මේ බ්ලොග් එක අව්රුද්දක්ම ආවෙ.
Deleteමගේ යාළුවෙක් විසේ ගිහිං මළා
Deleteහුටා!
Deleteහදවතින්ම සුබ පතනවා, කසුන් මල්ලි, නිර්මාණි නංගි, ඔයාල දෙන්නටම...තව චිරාත් කාලයක් හරවත් රසවත් දේවල් අපිත් එක්ක බෙදා ගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...තෙරුවන් සරණයි...
ReplyDeleteබොහොම ස්තූතී අක්කෙ. අපි උත්සාහ කරනවා හැමදාම හොඳ දෙයක් දෙන්න.
Deleteඅවුරුද්දක් ගමන් මගට වගේම ඉදිරි ගමනටත් සුභ පැතුම් !!!
ReplyDeleteමම ඉස්සල්ලාම හිතුවෙ උඹේ වෙඩිමද කියල.
මාත් ඔය මිරින්ඩ චුට්ටක් බොන්නම්...චියර්ස් ::::::::::::
අනේ නිකං හිටපං. උඹයි මායි බොන මිරින්ඩා.
Deleteතැංකියු ඈ.
එදා හමුවීම ගැන ද සතුටුයි.
ReplyDeleteඔබ දුන් පොත කියවීමට නොහැකි වීම ගැන දුකයි. වෙලාවක් තිබුනෙ නෑ.
Deleteහදවතින්ම සුභ පැතුම් .උඔත් එක Modle එකක් .
ReplyDeleteසුබ පැතුමට ස්තූතී දමිත්.
Deleteකසුනා.. ජයෙන් ජයම වේවා මචං... මම දන්නා වටිනාම පුද්ගලයන් අතරින් එකෙක් උඹ...
ReplyDeleteතැංකියු වේවා සජ්ජෝ.
Deleteයකෝ, දැන් ඉන්න ලේඩීස්ලා ලේඩීස් මෑන්ස්ලා වගේ. උඹ ස්ප්‍රයිට්, මිරින්ඩා, දෙන්න ගියොත් අල්ලලා මිරිකයි මිරින්ඩා ඉස්ම එනකල්. ඒ නිසා සින්සානෝ එකක් දෙකක් ගෙනත් තියපන්.
ReplyDeleteඅනිවාර්යයෙන් අද රෑ මට සාදයක් තියනවා. ඒක උඹේ සාදය කරගන්නම්.
දිගටම ලියන්න, හදවතින්ම සුබපැතුම්.
බොහොම ස්තූතී මාමේ!
Deleteසුභපැතුම් කසුන්.. ස්තුතියි ඉතින් මගේ නමත් සඳහන් කරාට.. සිංහල බ්ලොග් කලාවට තවතවත් හරවත් දෑ රසවත් දෑ ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබොහොම ස්තූතී අම්බලංගොඩයෝ. මුල් කාලෙ ඉඳලම මේ බ්ලොග් එක කියවන්න ආවා හොඳහැටි මතකයි. ඉතින් නම නොලියා කොහොමද?
Deleteචිරාත් කාලයක් බ්ලොග් ලියන්නටද එකට නැවත නැවතත් හමුවී සිනා සෙන්නටද හැකි වේවායි පතමි. සුභ පැතුම්.
ReplyDeleteසුබ පැතුමට ස්තූතී!. මගෙත් පැතුම එයමයි.
DeleteCheers! Salute! සුභපැතුම් !
ReplyDeleteඑහෙනම්,Cheers! Salute! ස්තූතී!
Deleteඅද ගහනවා බල්ලට මචං කියන්න
ReplyDeleteපව් නැද්ද මචං අහින්සක බල්ලෝ. උන්ට ගහන්න එපා.
DeleteAll the very best & wish continue ahead for ~ years 👍👍👍👍🎷🎺🎸🎤📹🚀💥💥💥💥💥
ReplyDeleteThank you dream!
Deleteෂෙහ්.... මං ඩිස් මිස් වෙලා හිටපු කාලෙට පාටියක් මිස් වෙලා නේද? කමක් නෑ කමක් නෑ...... ටිකක් විතර පරක්කු උනත් අපෙනුත් සුබ පැතුම් හොදේ....!!!
ReplyDeleteහා ආර්යන් ආයෙ ආපු එක ගැන බොහෝම සතුටුයි.
Deleteතැංකියු මචෝ.
උඹට සුභ පැතුම් මස්සිනා...පරක්කු වෙලා හරි මමත් ඔන්න ඇවිල්ලා ගියා.
ReplyDeleteපරක්කු වෙලා හරි ඇවිත් ගියාටයි, සුබ පැතුමටයි බොහොම ස්තූතී.
Delete