Wednesday, July 27, 2016

මෙයාව දන්නවා ද?




වෙනදා වගේ නෙවෙයි. අද මං ආවෙ වෙනදා අටම කරන වැඩේ කරන්න කියල හිතාගෙන.

අපේ බ්ලොග් කියවන උන්ට වැඩිය අහු නොවිච්ච අපූරු පරිවර්තිකාවක් ඉන්නවා. ඇය බොහොම රසවත් නිර්මාන තමා පරිවර්තනය ට තෝරා ගන්නෙත්. ඒ වගේම ඇයගේ පරිවර්තන ෂයිලියටත් මම බොහොම ආසා කරන නිසා, ඔබත් කැමති වෙයි කියල හිතුනු නිසා මේ සටහන දාන්න හිතුනා. කතා විතරක් නෙවෙයි. ඇය මුල්ම නිර්මාණය විදිහට තෝරාගෙන ියෙන්නේත් කවියක්. එතන ඉඳලා කවි, කතන්දර, දැනුම සමග විනෝදයත් මේ බ්ලොගය හරා බෙදා හැර තිබෙනවා.

මෙන්න මේ කතා දෙක තමා ඇය මෑත කාලෙදි අපිට දුන්නෙ.

ඉතිරිව තිබූ සියලූම ශක්තිය යොදා මැගී ඔරුව නිවස අසළට ගෙන ආවාය. පළමුව ඇයට කිසිඳු හඬක් ඇසුණේ නැත: කිසිවක් සෙලවෙන බවක් දුටුවේ නැත. ඔරුව උඩු මහළේ කවුළුවක් වෙත ආසන්නව තිබුණි. ඇය හැකි උපරිම හඬින් කෑ ගැසුවාය, "අයියේ! අම්මේ! ඔයාලා කොහෙද? මම මැගී!"

ඉක්මණින්ම අට්ටාලයේ කවුළුව විවර වූ අතර ටොම්ගේ කටහඬ ඇසුණි. "කවුද ඔය? ඔරුවක් තියෙනවද?"

"මේ මම අයියේ - මැගී. අම්මා කෝ?"

"අම්මා මෙහෙ නෑ ගැරම් වලට ගියා පෙරේදා. මං එන්නං පල්ලෙහා ජනේලේ ලඟට."

"මැගී, තනියම?" ඔරුව වූ මට්ටමේ වූ කවුළුව විවර කළ ටොම් ඉමහත් පුදුමයෙන් කීවේය.

"ඔව් අයියේ. නගින්න ඉක්මණට. තව කවුරුවත් ඉන්නවද?" ටොම් ඔරුවට නගින අතරේ මැගී ඇසුවාය.

"නෑ," ටොම් කීවේය. "මෝලෙන් කොටසක් කඩන් වැටිච්ච වෙලාවේ මෝලේ හිටපු කෙනා වතුරට අහු වෙන්න ඇති මං හිතන්නේ. මං කතා කළා, කතා කළා, උත්තරයක් නෑ. හබල් මට දෙන්න මැගී." ටොම් ශක්තිමත් දෑතින් ඔරුව හැසිරුවේය. එය යළිත් ඉක්මණින්ම ගංගාවේ දිය වැල සමග එකතු වූ අතර නොපමාව ඔවුන්ට යළිත් ශාන්ත ඔග්ස් බලා යා හැකි වනු ඇත. නමුත් ඔවුන් වෙත ගංගාව ඔස්සේ අළුත් අනතුරක් ලඟා වෙමින් තිබුණි. ගං වතුරට හසු වූ ගබඩාවකින් දිය වැලට එකතු වූ විශාල ලී කොටන් පෙළක් ගංගාව ඔස්සේ පා වී එමින් තිබුණි. ජලයෙන් යට වූ කුඹුරු මත ඔරුවක නැගී සිටි මිනිසුන් කිහිප දෙනෙක් අනතුර දැක "ඔරුව දිය වැලෙන් අහකට ගන්න!" යැයි කෑ ගසා ටොම්ට පැවසූහ.

නමුත් එය එක් වරම සිදු කළ හැකි දෙයක් නොවීය. ඉදිරියට නෙත් යොමු කළ ටොම් ඔවුන් වෙත වේගයෙන් ලඟා වෙමින් තිබූ මරණය දුටුවේය. විශාල ලී කොටන් එකිනෙක ගැටී දිය පහර හරහට විශාල බාධකයක් ලෙසින් වේගයෙන් ඉදිරියට ඇදී එමින් තිබුණි.

"ඒක එනවා, මැගී!" යැයි ගැඹුරු ගොරහැඬි හඬකින් කෑ ගැසූ ටොම් හබල් අත් හැර මැගීව තුරුළු කරගත්තේය.

ඊලඟ මොහොතේ ඔවුන්ගේ ඔරුව ජල තලය මත පෙනෙන්නට නොවීය - විශාල බාධකය පමණක් ජයග‍්‍රාහී ලීලාවෙන් නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණ.

ඔරුවේ පතුල යළිත් මතු වී උදා හිරු එළියෙන් රන් වන් පැහැ ගත් ජල තලය මත කළු ලපයක් සේ දිස් විය - නමුත් සොයුරාත් සොයුරියත් කිසිදා වෙන් නොවන සේ එකට වෙලී ජල කඳ තුළ අතුරුදන්ව ගොස් සිටියෝය.

(පරිවර්තනයකි.)


ඩෙලුරියස් අගනුවර ආසන්න වන තෙක්ම දෙදෙනා අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. ජනාකීර්ණ ප්‍රදේශ වලදී ලීසල්ව ඉදිරියෙන් යවා පරතරයක් ඇතිව පසුපසින් එන්නට ජේම්ස් වග බලා ගත්තේය. අවසානයේ අගනුවර පෙනෙන මානයේදී පළතුරු බීම සලක් අසලදී ලීසල්ව පසුකර ආ ජේම්ස් අසු නතර කොට බිමට බසිනු දුටු ලීසල්ද ඔහුව අනුගමනය කළාය. නිහඬවම වෙළඳ සැල තුළට ගමන් කළ ඔහු ලීසල්ගෙන් කිසිවක් නොවිමසාම මිදි යුෂ පාන වීදුරු දෙකක් ඇණවුම් කොට කෙළවරේ වූ මේසයක් වෙත ගොස් අසුන් ගත්තේය. ලීසල්ද ඔහු පසුපසින් ගොස් ඔහු අසළින් අසුන් ගෙන ඔහු දිගු කළ වීදුරුව අතට ගත්තාය. 

"වැඩි වෙලා මෙතන රැඳෙන්න බෑ..." ජේම්ස් දෙතොල් නොසොල්වා ඇසෙන නෑසෙන හඬින් ඇයට සමීප වී කීවේය.

"මං දන්නවා. ඇයි මෙතන නතර වුනේ?" ලීසල් තම පැනය ඉදිරිපත් කළාය.

"මෙච්චර වෙලා කල්පනා කළත් මට තාම තීරණයක් ගන්න බෑ..." ඔහු සිය බඳුන දෙස නෙත් යොමාගෙනම මිමිණුවේය. ඔහු උවමනාවෙන්ම ඇයව ගෞරවාන්විතව ඇමතීම මග හරින බව ඇයට වැටහුණි. සැබැවින්ම මෙවන් තැනකදී එලෙස අමතනු කිසිවෙකුගේ හෝ කන වැකුණහොත් එය කෙතරම් භයානක වනු ඇත්දැයි ඇය දනියි.

"මොකක් ගැනද?"

ජේම්ස් වඩාත් ඇයට ආසන්න විය. "අපි දෙන්නා අතර මොන වගේ සම්බන්ධයක් තියෙන විදිහටද අපි හැසිරෙන්න ඕනේ?"

ලීසල් ඔහු දෙස බලාගෙන බීම උගුරු කිහිපයක්ම පානය කළාය. "තෝමස් මොකද්ද කිව්වේ?" ඇයද ඔහු තරමටම හඬ පහත් කොට කතා කළාය.

ජේම්ස් නැවතත් රතු වනු ඇය දුටුවාය. "ඒ කියපු එක කරන්න බෑ." ඔහු කීවේය.

"ඇයි ඒ?"

ජේම්ස් නිහඬව හිස සැලුවා පමණි.

"වැඩිය හොඳ කොහොමද?"

"මං දන් නෑ. මට තේරෙන්නෙ නෑ."

"තෝමස් මොකද්ද කිව්වේ කියන්නකෝ."

ජේම්ස් යළිත් හිස දෙපසට වැනුවේය. ලීසල්ට කාරණය වැටහුණි. ඇයද රතු විය. "එයා කිව්වේ අපි දෙන්නට යාළු වෙච්ච දෙන්නෙක් වගේ ඉන්න කියලද? කොල්ලයි කෙල්ලයි වගේ?"

ජේම්ස් වරක් ඈ දෙස බලා ඉවත බලාගත්තේය. "ඊට හපං දෙයක්."

"ඒ කිව්වේ?"

"බැඳපු දෙන්නෙක් වගේ ඉන්න කිව්වා."

ලීසල්ට බීම උගුර ඉස්මොල්ලේ යන්නට ගොස් අමාරුවෙන් වළක්වාගත්තාය. "ඒ මොකද එයා එහෙම එකක් කිව්වේ?"”
(ස්වතන්ත්‍ර නිර්මානයකි)


මේ 2012 ඉඳලා බ්ලොග් ලියන පරන බ්ලොග් රචිකාවක්. ලියන්න පටන්ගත්තම එකදිගට ම ලියාගෙන ගිහින් ටික කාලයක් විවේක අරගෙන එහෙම ආයේ එක දිගට ලියන්නියක් විදිහට මං අඳුරගෙන ඉන්නෙ. ඔබ ම කියවලා හොඳනම් එතන ම කොමෙන්ට් කරන්න.

37 comments:

  1. ලීසල් මේ දවස්වල මගේ ආදරණියම චරිතය වෙලා ඉන්නේ මෙයා

    ReplyDelete
    Replies
    1. ඒකනේ. කියෙව්වොත් ආසා හිතෙනවා.

      Delete
  2. මෙයා ගැන දන්නවා... මෙයා මාර කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. මාර කෙනෙක් කියන්නේ දක්ෂයෙක්. හැබෑ ප්‍රබන්දකාරියක්.

      Delete
  3. Replies
    1. ඒ මොකෝ දෙයියො සාක්කි කියන්නෙ.

      Delete
    2. ආ නෑ, මාත් දන්නවා මෙයාව. ඒකයි, දැක්ක ගමං නිකම්ම කියවුනා. ගිහිල්ලම බලන්නංකෝ ඔය කියන තරං එකක් ඒකේ තියෙනවද කියලා. :P

      මදෑ මාත් අලුත් පෝස්ට් එකක් තියෙනවා දැකලා කියවන්න ආවා. උන් හිටි තැනුත් අමතක වුනා! මල්ලියෝ, ඔයාට කියන්න බැරි තරං ස්තූතියි මේ කරපු දේට. ඇත්තමයි, ලොකුම ලොකු පුදුමයක්, ඒ වගේම සතුටක් දැනුණා. :)

      Delete
    3. හෙහ්. මං පොඩි කාලෙ ඉඳලම කට්ටිය පුදුම කරවන්න හරි ආසයි. ඒ කියන්නේ මේ සැරෙත් කිසිම උත්සාහයක් නැතුව මං කෙනෙක් පුදුම කරා. මට ජය වේවා!

      Delete
  4. හිටිංකෝ ගිහින් බල්න්න,

    ReplyDelete
    Replies
    1. එක දිගට කියවං යන්න පුලුවන් කතාවක්.

      Delete
  5. බලමු ගිහිල්ල.

    ReplyDelete
  6. Mill on the Floss...
    කසුන්ට ආයෙ බ්ලොග් එකේ ඔලුව ගහගන්න ඉඩ දීල වගේ නිර්මාණි. ගොඩ දවසකින් ආවෙ මං, කලින් ලියමන් බැරිවෙලාද මන්දා ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොම අමාරුවෙන් එලවලා දැම්මා. දැන් ආයේ මං දිගට ලියනවා.

      කාලෙකින් නේන්නං දැක්කෙ.

      Delete
    2. එහෙම ලේසියෙන් එලවන්න පුලුවන් උදවිය නෙවෙයි අපි.... හරිය....

      Delete
  7. දන්නවා දන්නවා.. සම්මානනීය රචිකාවියක් නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ උනාට ගොඩක් අය කියවලා නෑ කියල හිතිලයි දැම්මෙ. හොඳ කතා කාරියක්.

      Delete
  8. Replies
    1. කොහොමද? හොඳ ද? කිරුලක උර්මයනම් නියමයි නේ.

      Delete
  9. මම බොහොම ආසාවෙන් කියවන බ්ලොගයක් කසුන්...ඇයගේ ලිවීමේ රටාවට මම බොහොම කැමතියි...ඒ වගේම මේ ඔයා කරලා තියන දේත් බොහොම අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඔයා නම් ඒ පැත්තේ කැරකෙනවා දැක්කා.

      Delete
  10. Replies
    1. බලලා බනිනවනම් බැනලා යන්න.

      Delete
  11. මෙච්චර හිටියා අපි දැක්කේ නෑනේ. ඔත්තුවට ස්තූතියි.

    ReplyDelete
  12. හිතනවට වඩා ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග් කියවනවා. හැබැයි ඔවුන් බොහෝ දෙනෙක් තම අදහස් පලකරන්නේ නැහැ. එනිසා බ්ලොග් ලියන ඔබ සියළු දෙනා නොදන්න නිරන්තරයෙන් ඒවා කියවා රස විඳින රසිකයින් කොටසක් සිටිනවා. ප්‍රචාරය හොඳයි ඒත් අනවරත ප්‍රචාරය මගින් කතුවරයාගේ නිදහස සීමා වී ලිපියේ ජීව ගුණය සිඳී යා හැකියි.

    ReplyDelete
    Replies
    1. එසේ පාටක ප්‍රමානය වැඩි වන විට ජීව ගුනය සිඳී යයි නම් ඒ කතුවරයා සැබෑ දක්ෂයෙකු නොවෙයි. ප්‍රතිචාර බාර ගැනීම හෝ නොගැනීම කතුවරයා සතු වගකීමක්. ඔබ නොකීවාට කොමෙන්ට් නොකරන බ්ලොග් කියවන විෂාල ප්‍රමානයක් සිටිනා බව රහසක් නොවෙයි. බොහෝ විට එක් පෝස්ට් එකක කොමෙන්ට් ප්‍රමානයට වඩා පස් හය ගුනයකින් කියවූ ප්‍රමානය වැඩි බව මා දන්නවා. නමුත් මෙය නොදන්නා කෙනෙක් සිටීනම් මේ බ්ලොගය කියවීමට ලබාදුන් අවස්තාවක් පමනයි. මෙය කියවා අදාල බ්ලොගය කියවීම හෝ නොකියවීම කියවන්නා සතු කාර්යයක්. ඔබට එය නොවටනේයැයි සිතෙයි නම් නොකියවා ඉන්න. ඒ ගැන කිසිවෙකු අමනාප නොවේවි. ප්‍රෂ්න නොකරාවි. ඇනෝනිමස් ලෙස හෝ ඔබේ අදහස ඉදිරිපත් කිරීම ගැන සතුටුයි.

      Delete
    2. හිතවත් ඇනෝ,

      අදහස් පළ නොකර බ්ලොග් කියවන්නන් බොහෝ දෙනා ඉන්නා බව අපි හැමෝම දන්නවා. මමත් ඒ වගේ කෙනෙක්. ඉඳහිට තමයි අදහසක් පළ කරන්නේ. කසුන් මල්ලි මගේ බ්ලොග් අඩවිය ගැන මේ වාගේ සටහනක් පළ කිරීමෙන් මගේ නිදහස කිසිම විදිහකින් සීමා වෙලා තියෙන බවක් මට පේන්නේ නෑ. මම ලියපු ලිපි එයා රසවිඳපු නිසා, ඒ ගැන අනිත් අයටත් දැනුම් දෙන්න හිතාගෙනයි මල්ලි මේ දේ කරලා තියෙන්නේ. අනවරත ප්‍රචාරයක් මෙතැන නැහැනේ. :) මගේ ලිපි වල ජීව ගුණය කොයිම විදිහකින් හරි සිඳී ගියොත් හරි අඩු වුනොත් හරි, එහෙම දේකට මේ වගේ ආදරණීය දිරිගැන්වීම්නම් කිසිම හේතුවක් නොවෙන බව මම වගකීමෙන් කියන්නම්. ඔබට ස්තූතියි. :)

      Delete
    3. ස්තූතියි ඔබ දෙදෙනාගේම අදහස් දැක්වීමට​. කසුන්, ඔබ කල දේ මා කෙසේවත් අවප්‍රමාන කලා නොවෙයි. විය හැකි දෙයක් පිළිබඳව මා අදහසක් පල කලා පමණි. බොහෝ ලේඛකයන්, සිනමාවේදීන්, සංගීතඥයින් ආදීන්හට කාලයාගේ ඇවෑමෙන් තම නිර්මාණ ප්‍රචලිත වන විට තම මුල් නිර්මාණ තරම් රසික ආකර්ශණයට හෝ විචාරයට බඳුන් වන දෑ කල නොහැකි වුනා. නොඑසේනම් ඔවුන් එක් රසික කුළකයකට පමනක් සීමා උනා. එයින්, ඔවුන් ගේ නිර්මාණ කුසලතාව මොට වී ගියා
      සිංහලෙන් බ්ලොග් ලියන්නේ තවමත් සීමිත පිරිසක්. නමුත්, එහි ඵල නෙලාගන්නා, නිරන්තරව පරිශීලනය කරණ බොහෝ පිරිසක් සිටිනවා. එනිසා ඔබ සියළු දෙනාගේම නිර්මාණ බොහෝ වටිනවා. එනිසා අදහසක් පල කලා මිසක ඔබ අධෛර්‍යමත් කලා සේ කිසිසේත් නොසිතන්න

      Delete
    4. ඇනෝ සහෝදරයා,
      ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතී. මොකවත් නොකියා යනවට වඩා හිතට එන අවංක අදහස ලිවීම ගැන සතුටුයි.

      Delete
  13. හානේ.. සිතූ අක්කා මිල් ඔන් ද ෆ්ලොස් පරිවර්තනය කළාද? මගේ ආසම පොතක්.මගෙ කොණ්ඩෙ හරිම ඝන ස්වභාවික ස්ට්‍රේට් කොණ්ඩයක්.ඒ නිසා බාලිකාවෙ කෙල්ලෝ මට කතා කළේ ම මැගී කියලා.එක පාරට මේක දැක්කම මට ඒක මතක් වුණා.මිල් ඔන් ද ෆ්ලොස් ඒ තරමටම මගෙ ජීවිතේට සමීප කතාවක්.

    ඒ වගේ කෘති කියැවීමෙන් ලැබෙන සතුට සිංහල පමණක් කියවන පාඨකයන්ට අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි.ඒ නිසා මං හිතන්නෙ මේක සයිබර් අවකාශයට විතරක් ම සීමා නොවී පොතක් විදියට පළ කළොත් හොඳයි කියලා.

    කිරුළක උරුමය ඔක්කොම එක පාර කියවන්න ඉන්නේ.මගෙ ඉවසිම අඩුයි.ඒ නිසා කොටස් ටික එනකම් බලන් ඉන්න බැහැ..

    ඔයාගේ පරිවර්තන ශෛලිය ගැන කතන්දර දෙකක් නැහැ.හරි ම අපූරුයි. ඒ නිසා ඒ හැකියාව සයිබරයට විතරක් සීමා වීම අඩුවක් කියලයි මං යළිත් කියන්නෙ..

    දිගින් දිගටම පරිවර්තන කාර්යයේ නියැලෙන්න සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. වැසි,
      ඒ ගැන ආයේ කියල වැඩක් නෑ. මේ කතාව වෙනත් අයෙක් පරිවර්තනය කර තිබුනු බව සිත්තමී අක්කම දවසක් කියල තිබුන මතකයි. ඒ නිසා ෆ්ලොස් නදිය අසබඩ කතාව ආයේ ආයේ පබ්ලිෂ් කරන්නැතුව මේ කිරුලක උර්මය කතාව පබ්ලිෂ් කරන්න කියමු. කියවන්න කිරුලක උර්මය. ඔයාට ආසා හිතෙයි.

      Delete
  14. මම දැනගෙන හිටිාය් නෑ. මේක ගැන දැනුවත් කලාට ස්තුතියි.

    ReplyDelete
  15. කියන්න සතුටුයි කසුන් හරි ලස්සනට කතා කවි ලියන බ්ලොග්ලියන්නො ගොඩක්ම දැන් ඉන්නවා ^_^ මේ දිරිමත් කිරීම නම් ඒ අයට හරි වටිනවා :) නිදහසේ මේ පැත්තත් ගිහින් එන්න ඕන.

    ReplyDelete
  16. ගිහිින් බලලම එන්නන්කො...

    ReplyDelete
  17. ගිහිින් බලලම එන්නන්කො...

    ReplyDelete
  18. ටැන්කු වේවා...ගිහින් එන්නං ...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.