Wednesday, August 17, 2016

ඉයන්ගේ අබියෝගය හෙවත් මම කැමතිම ගී 16

මේ මාතෘකාවෙ මම කැමතිම ගී කියල තිබුනට මේ තියෙන්නෙ මං කැමතිම ඒව නෙවෙයි. ඒ කියන්නෙ මං කැමතිම ඒව අතරින් මේ වෙලාවෙ තෝරාගන්න පුලුවන් වෙච්ච කිහිපයක් විතරයි. වැඩේ හිතුවට වඩා කල් ගියා. ඒකෙන් උනේ අවස්තාව පාවිච්චි කරල මේ බ්ලොග් එකේ අනිත් ලියන්නිය තමන්ගේ ගීත දහසයේ අබියෝගෙ ජයගත්ත එකයි.
හරි. ඒකෙන් කාරි නෑ. දැන් බලමු මං තෝරන ගීත දහසය. මේ මට මේ වෙලාවෙ මතකෙට එන ගීත අතරින් කරපු තෝරාගැනීමක්.

1.   සුදු පාට මල් පිපුනු-කරුනාරත්න දිවුල්ගනේ

මේ ගීතය අපි උසස් පෙල කරන කාලෙ කියපු ගීතයක්. ඒ වගේම තවමත් මේ ගීතයට බොහොම මනාපයි. දිවුල්ගනේ ගෙ කැමති ගීත බොහොමයක් තිබුනත් අවසානයෙදි මා තෝරාගන්නට පෙලඹුනේ මේ ගීතයයි.


2.   සුදෝ සුදට පේවී-ශාලිකා සුමනසේකර
මට හිතෙන හැටියට ජාතික සමගිය වෙනුවෙන් හැදුනු බොහොම සුන්දර ගීතයක්. ඒ වගේම මේ ගායිකාව සහ තනු නිර්මානකරු කියන දෙන්නාම මගේ ප්‍රියතමයන්.


3.   හම්තාන සිහිනේ-උමාරියා-අමරදේව
මේ ගීතය අහපු මුල්ම දවසෙ ඉදන් මේ වෙනකල්ම මං ‍ෙබෙහොම ආසාවෙන් අහපු ගීතයක්. ඒ වගේම එදා සහ අද කියන පරම්පරා දෙකම මේ ගීතය නියෝජනය කරනවා. මේ ගීතය උමාරියා තනියෙං රූපවාහිනියෙදි ගයපු අවස්තාවක් මේ. ඔර්ජිනල් එක මෙතනින් අහන්න.


4.   හීන ගේන හැම රෑකම-අමරසිරි-නිරෝශා.
අමරසිරි පීරිස් කියන්නෙ මගෙ ප්‍රියතමයන් අතරින් කෙනෙක්. ඒ වගේමයි නිරෝශා විරාජිනීටත්. මේ එකතුව සහ මේ ගීතය බොහොම රසවත්.


5.   ඉවාල් පව්ලූෂා-අප්සරා ද සිල්වා.
මං බොහොම පොඩි කාලෙ අහපු මේ ගීතය බොහෝ දෙනා කැමති ගීතයක්. ඒ කාලේ රේඩියෝවෙ මේ ගීතයයි කොලොන්තොටින් නැව් නැග්ගා කියන ප්‍රදීපා දර්මදාසගෙ ගීතයයි බොහොම ජනප්‍රියයි. එදා වගේම අදත් මගේ ලිස්ට් එකේ මේ ගීතය උඩින්ම තියෙනවා.


6.   ආකාසයේ-ශෂිකා
ශෂිකා නිසන්සලා කියන්නෙ අපි හත අට වසරවල් වල ඉන්න කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච ගායිකාවක්. තුරුනුෂක්ති වැඩසටහන ඉවර වෙච්ච අලුතම වගේ දීපිකා ප්‍රියදර්ෂනී එක්ක අපේ ඉස්කෝලෙට ආව මට හොඳට මතකයි. ඒ කාලෙ තිබුනු ලස්සන හඬ දැන් නැතත් මං ඊලඟට තෝරන්නෙ ඇයගේ අලුත් ගීතයක්. අලුත් කිව්වට ටිකක් විතර පරන ගීතයක්.


7.   මේ පාලු සීත-චන්ද්‍රලේකා
චන්ද්‍රලේකා-රූකාන්ත කියන්නෙ පොඩි කාලෙ ඉඳලම මගෙ ෆේවරිට් ලිස්ට් එකේ ඉන්න දෙන්නෙක්. ඉතින් මං දැනට රූකාන්ත ව ටිකකට පැත්තකින් තියල චන්ද්‍රලේක තනියෙන් කියන මේ ගීතය තෝරාගන්නෙ රාත්‍රියකට ගැලපෙන තනුව, මදුර හඬ සහ පද සංකල්පනාව වගේ ගොඩක් හේතු නිසයි.


8.   ජීවිතය ඔබෙන් දැන-දයාන් විතාරන
දෙදාහ-දෙදහස් එක වගේ කාලෙ සංගීත ලෝකෙට ආපු කැමරා ෂිල්පියා මොහුයි. ඔහුගේ ගී අතරින් මං කැමති ම ගීත කිහිපයෙන් එකක් විදිහට මේ ගීතය හඳුන්වා දෙන්න කැමතියි. බොහොම ප්‍රේමනීය ගීතයක් වෙච්ච මේ ගීතයට ඔබත් බොහොම කැමති ඇති.


9.   අප්පච්චී-කසුන් කල්හාර
පියෙකු වෙනුවෙන් පුතෙකුගේ හඬින් ගැයෙන මේ ගීතයට බොහෝ දෙනෙක් ආසා කරනවා. මමත් මේ ගීතය අහපු මුල්ම දවසේ ඉඳල අහනව. බොහොම ආසාවෙන්. වචන, තනුව කියන දෙකට තමා මං බොහොම කැමති. ඒ කියන්නෙ ගිටාරය, බටනලාව වගේ බාන්ඩ එකතුවකට මං බොහොම මනාපයි.


10.   සීත රෑක මදුසමේ-සමිතා මුදුන්කොටුව
රාත්‍රිය, ස්‍රුංගාරය පිරුනු සුන්දර ගීතයක්. සමිතගෙ ගීත අතරින් මං තෝරන්නෙ මේ ගීතය. මම කැමති වෙනත් ගීත ගොන්නක් තිබුනත් මේ වෙලාවෙ සමිතගෙ මේ සින්දුව තෝරන්න කියලයි මගෙ හිත මට කියන්නෙ. ඒ අනිත් ගීතවලට තියෙන අකමැත්තක්නිසා නෙවෙයි. මේ වෙලාවෙ හැටියට මේ ගීතයයි උඩින් ඉන්නෙ.


11.   සුදු රුවනි-ජගත් වික්‍රමසිංහ
මේ සින්දුවත් ආවෙ මගෙ හිතේ එම් එන්ටටේට්මන්ට් එකෙන් ගහපු සීඩී එකක. ඒ කාලෙ මං බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් යාලුවෙකුට කියල මේ සීඩී එක ගෙන්නගෙන වෙන තැනකට අරං ගිහින් කොපියක් දාගෙන දුන්න. ඒ වගේ එක සින්දුවක් වෙනුවෙන්ම ඇල්බමයක්ම ගත්ත අවස්තා එමට තියෙයි. උදාහරනයක් විදිහට කසුන්ගෙ ඇරඹුම ම කඳුලක් නිසා ඇල්බමයම ගත්ත. දිවුල්ගනේගෙ බැබලීම වගෙම බැස යාම කියන ගීතය නිසා ඒ ඇල්බමයම ගත්ත.ඒ වගේ මේ ගීතය නිසාමයි ඒ කාලෙ ඒතරම් මහන්සි වෙලා ඒ ගීත ඇල්බමයෙ කොපියක් අරගෙන තියාගත්තෙ.


12.   ලිහිනි-ඉන්දිකා උපමාලි
බොහොම දක්ෂ ගායිකාවක් වෙච්ච ඉන්දිකා උපමාලි මේ ගීතයට උපරිම සාදාරනයක් කරනව කියලයි මට හිතෙන්නෙ. මේ ගීතයේ සංගීත බාවිතාවත් විෂිශ්ටයි. මගෙ හිතේ මේ ගීතය දෙදහස් දහතුනේ හෝ දාහතරෙ රාජ්‍ය සම්මානයටත් නිර්දේෂ උනා. සම්මාන ගත්ත කියලත් පොඩි මතකයක් තියෙයි. 


13.   දමා යන්නට නොහැකි මිහි මත-සෝමතිලක ජයමහ.
සෝමතිලක ජයමහ කියන්නෙ අපි හැමෝම බොහොම කැමති ගායකයෙක්. ඔහුගේ වැඩිය ඇහෙන්නෙ නැති, නමුත් මං බොහොම ප්‍රිය කරන මේ ගීතය තමා මං ඊලඟට තෝරා ගන්නෙ.


14.   ස්නේහ වර්ෂා-සමන් ලෙනින්.
තාත්තල විතරක් නෙවෙයි. තාත්තල නොවෙච්ච අපි හැමෝම ආසාවෙන් අහන ගීතයක්. හැබැයි මේක තාත්තලාට විශේෂයි.


15.   සිතුම් පැතුම්-මිල්ටන් මල්ලවාරච්චි.
මේ ගීතය මං මුලින්ම අහන්නෙ කොලඹ එන බස් එකකදි. ඒ මීට අව්රුදු දහතුනකට විතර කලින්. ගිටාරයක් සමග ඔහු ගැයූ ඒ ගීතය මගේ හිත තදින්ම පැහැරගත්තා. තවමත් මට ඒ හඬ මතකයි. මං හිතන්නේ ඒ ගීතය මිල්ටන්ටත් වඩා ඔහුට ගැලපෙනව කියලයි. එදා ඉඳන් මේ ගීතයටත් බොහොම මනාපයි


16.   යසෝදරාවත-රන්වල බලකාය
බලන්න මේ කවි ගායනය කොයිතරම් අපූරුද කියල. ඇයගේ හඬ, සංගීත බාවිතාව නිසා මං මේ ගීතයටත් බොහොම කැමතියි.


එහෙනම් ඔන්න මමත් ගී 16 අබියෝගෙ ජය ගත්ත. 

55 comments:

  1. අම්මට සිරි තව එකක්

    ReplyDelete
  2. මේකෙත් මම කැමතිම කීපයක් තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මමත් වැඩියෙන්ම ආස සිංදුවක් තමයි සෝමතිලක ජයමහ මහතාගේ දමායන්නට නොහැකි මිහිමත ගීතය. මෙතුමගෙම පියමන් කෙරුවෙමු මහවෙල් මැද්දෙන් ගීතයත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවලට කව්ද අකමැති නේද.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියන්න කසුන් සමහර සින්දු අහලම නැහැ. ඒ කියන්නේ අලුත් ඒවා . උමාරියා ගයන සින්දුව වගේම සිතුම් පැතුම් කියන්නේ මමත් ආස කරන සින්දු. ඉවාන් පව්ලුෂත් සින්දු කියනවනේ බොලේ.

      Delete
    2. ඔව්. මේ සින්දු ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ. ඒත් මං බොහොම ආසාවෙන් අහපු, තවමත් අහන සින්දු සෙට් එකක් තමා මේ . නැතුව. ඉවාන් හොඳ ගායකයෙක්.

      Delete
  5. ඉයන් තුමා ගේ සින්දු යාය වර්නවත් කොල අහසින් එන්න තුමා ට ජයවේවා!

    ReplyDelete
  6. කසුන් අයියේ, ඇත්තටම ගොඩක් ලස්සන සින්දු ටිකක්! ඒ වගේම ගොඩක් ස්තුතියි ඔයාට "සුදු රුවනි" සින්දුව අපහු මතක් කරලා දුන්නට. ඒ දවස්වල ඔය සින්දුව ආපුම කාලේ ගොඩක් අසාවෙන් අහපු සින්දුවක්. ඉතින් ඒ නිසා අද ආපහු ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකටත් දාගත්තා අහන්න.

    "ආකාසයේ" සින්දුවටත් "හන්තාන සිහිනේ" සින්දුවටත් ගොඩක් කැමතියි.

    හරිම ලස්සන සින්දු ටිකක්..

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි. සුදු රුවනි අහපු දවසෙ ඉඳලම මාත් කැමතියි. ආකාසයෙත් එහෙමයි. මං ඒකෙ කැමතිම මියුසික්වලට.

      Delete
  7. හරිම ලස්සනයි. Music is magic!!!!

    ReplyDelete
    Replies
    1. යේස් යේස්. මියුසික් කියන්නෙ මැජික් එකක් තමා.

      Delete
  8. අනේ මචං සිංදු ගොඩක් දැක්කෙ අද උඹේ මේ පෝස්ට් එක නිසාමයි. මේ වැඩේ නිසා හොඳ සිංදු අඳුනගන්න ලැබීමේ පින ඉයං මහතැන්ට ඔතලා යවමු..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සින්දු ඔක්කෝම එකතු කරලා සීඩී එකක් ගහලවත් ඉයන් මහතැන්ට යවමු.

      Delete
  9. අඩේ ස්කයි කසුනෝ. එකක් දෙකක් ඇර අනිත් ඔක්කොම මට ටියුබ් ලයිට් ය. කොහොම නමුත් උබේ උත්සාහයට එකෙන්ම සුභ. මෙව්වා හයි කොලිටි ඩවුන්ලෝඩ් කරගන්ට තැනකුත් දැම්මනම් තවත් ෂෝයි හොඳේ..👊🏽🎶

    ReplyDelete
    Replies
    1. මේ ලිස්ට් එකේ mp3 ඒවනම් මාලඟ තියෙයි. ahasenenna@gmail.com එකට මේලක් එව්වොත් ඔක්කොම දාන්නම්.

      Delete
    2. තැන්ක්ස් මචෝ. c t ප්‍රනාන්දු පරණ බයිලා බුවාලගේ ටිකක් එවපන්. ජය වේවා. 👊🏽

      Delete
  10. බලාගෙන ගියාම ඔක්කොමල සිංදු රස විඳිනවනෙ.....අද රෑට තමා මේව අහන්න වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඔක්කොම අහල ඇතිනෙ. කොහොමද දැන් සින්දු 130ක් විතර අහන්න ලැබුන නේද?

      Delete
  11. අමාරුම වැඩේ 16 ක් තෝරණ එක. 25 ක් වත් දුන්නානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි තේරුවොත් දිනන්න පුලුවන්. මේක අබියෝගයක්.

      Delete
  12. වයස් පරතරේට අනුව ආස කරන සිංදූ වෙන්ස් වෙනව කියල හිතුන

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කම්මලේ. මං ඔය හැම කාලෙකම සින්දුවලට ආසයි. ඒත් මට ඕන උනා අනිත් ලිස්ට්වලට වඩා වෙනස්, මං කැමති ලිස්ට් එකක් දාන්න මේ ඒකෙ ප්‍රතිඵල.

      Delete
  13. කැප කිරීම් කරලා හදපු ලයිස්තුව නේද.... අපරුයි...

    ReplyDelete
    Replies
    1. ඔව්. මං තෝරන සින්දු අනිත් ලිස්ට්වල තියෙනව දකිනකොට මං ලිස්ට් වෙනස් කරා. එහෙම ගිහින් අන්තිමට මේ ටිකවත් ඉතුරු වෙච්ච එකම මදෑ.

      Delete
  14. අපූරු එකතුවක් කසුන්. හවස ගෙදර ගිහින් හීං සැරේ අහන්න ඕනි. මේවා එකතු කරලා බෙදා ගත්තට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව් තිලකෙ අයියෙ. මේව අලුත් උනාට රසවත් කියලයි මට හිතුනෙ. අහලම බලන්න.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. නමුත් මෙහි ආරම්බකයා ඔබ. එය මතක් කල යුතුයි. මේ හැම එකක්ම කියවා අවසන්.

      Delete
  17. මේකෙත් මම අහල නැති සින්දු කීපයක් තියෙනව. ස්තුතියි මේව දැම්මට.

    //තාත්තල නොවෙච්ච අපි හැමෝම// හැමදාම ඔහොම ඉන්නද කල්පනාව. හැක්..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. කව්ද හැමදාම මෙහෙම ඉන්නෙ.

      අලුත් ටිකත් හෙමින් අහන්න.

      Delete
  18. 1,2,3,10, 11 ,12 ,16 මට අලුත් සිංදු .... දේය්යනේ අහල නැති සිංදු වැඩියෙන්ම තියෙන්නෙ කසුන්ගෙ ලිස්ට් එකේද එතකොට :O

    'ආකාසයේ දුර' සිංදුව ආයෙම ඇහුන ඔන්න ඒක මම තව සතියක් විතර එකදිගටම අහයි :D
    දයාන් විතාරණ මහත්මයගෙ මං ආස 'වැටෙන් එහා මල් පඳුරේ' සිංදුවට

    සමිතා මුදුන්කොටුව ගෙ සීත රෑක සිංදුව අද ඇහුවෙ ඒක ලස්සනයි වගේ

    සුදු රුවනි සිංදුවත් ඉස්සර අහපු ආස සිංදුවක් මට අමතක වෙලා තිබ්බෙ ආයෙම මතක් කරලා දුන්නට ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. මොනව? එතකොට මංද අලුත් සින්දු දාල තියෙන්නෙ. අහන්න අහන්න හන්සි. අලුත් ටිකත් අහල බලන්න.

      Delete
  19. සුදු පාට මල් වැටුනු ගීතය මගේත් ප්‍රිය ගීයක්. අහනකොට හිතට එන්නේ ගැහැනු ළමයි සහ ගොලු හදවත් පොත් දෙක.

    කසුන්ගේ අප්පච්චී සින්දුව කන්දක් ගැන කියපු එකක් කියලා කවුදෝ කිව්වා. කසුන් නම් තාත්තට සලකන්නේ නෑ කියලත් කියනවා. ඒත් ඒ සින්දුව සහ මෙලඩි එක නම් සුපිරි

    චන්ද්‍රලේඛාගේ මේ පාලු සීත රාත්‍රියේ සින්දුවක් ඇගේ මයිල් කෙලින් වෙන ජාතියේ අපූරු නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා. මේ සින්දු ගැන කියන්න තව තව කතානම් කොච්චර තියෙයිද? ඒව කියන්න ගියොත් රවියත් දිවි නහගනියි.

      Delete
  20. මේ ලිස්ට් එකේ ඇති බොහොමයක් ගීත අහල නැහැ...හෙමින් සැරේ අහල ආයිමත් අදහසක් කොටන්නම්...

    ReplyDelete
  21. දැන් නම් අපිට පොස්ට් දාන්න දෙයක් නෑ වගේ ,

    ReplyDelete
  22. සුන්දර ගි ටිකක්.. මේ ගීතවලට ගොඩක් ආශා කළත් ඊට වඩා සුන්දර පැරණි ගීත ටිකක් තිබුණා මඟහැර යා නොහැකි.ඒ නිසා මෙවන් ගීත ගැන ලියවුණා අඩුයි මගෙ අතින් නම්..

    ReplyDelete
  23. අපූරු සිංදු ටිකක්..

    ReplyDelete
  24. ගොඩක් ඒවා අහල නැහ​, 'ඉවාන් පව්ලූශා' මං කැමැති සිංදුවක් 'මේ සීත රාත්‍රියේ' තව එකක්.

    ඔබට ජය​

    ReplyDelete
  25. කසුන්, මම මේ "සුදු රුවනි" සින්දුව මතක් කලා කලා මතක් උනේ නැ හොයා ගන්න, මේ සින්දුවට අදාල මතකය විතරයි මට මතක තිබුනේ, ස්තුතියි ඔබට හොයල දුන්නට....

    ReplyDelete
  26. උඹ සුදු හා හීන කියන ඒවාට වැඩිපුර කැමැත්තක් තියෙනවා නේද? හි හි හි..

    මේ පාලු සීත රාත්‍රියේ.. මගේ මේ සින්දු අතරින් ෆේවරිට්.. චන්ද්‍රලේඛා ගේ ඒ කාලේ හඬේ තිබ්බ කොලිටිය කියල වැඩක් නෑ.. ඊස් ඇට් සමන් ලෙනින්ගේ සින්දුව හයියෙන් දාගෙන තනියම අහන්න ඇඟිලි ගනිමින්..

    ReplyDelete
  27. සිතුම් පැතුම් පොදි ආදරේ...මම කැමතිම ගීතය...

    ReplyDelete
  28. සිතුම් පැතුම් පොදි ආදරේ...මම කැමතිම ගීතය...

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.