Tuesday, August 23, 2016

ගඳම ගඳයි, සුවඳම සුවඳයි






ගඳම ගඳයි බඩ දඟලයි ඇතමුන්ට
හරි සුවඳයි පැණි බේරෙයි තවකෙකුට
කන්නට හිතයි එනමුදු කෑ නොහැකිවිට
ගඳ සුවඳත් වටහා ගනු බෑ එවිට

දරුණු කටු වලින් බිත්තිය තනාලා
සුවඳ රස මදුලු ඒ තුළ තබාලා
විසල් රුක් අතර වැජඹී ඉදීලා
තුරු සෙවණම බිය වද්දා සිටිල්ලා

අනගි මිලක් නියම කරයි කන්නන්ට
වටිනාකමත් වැඩි වෙයි  ගස් ඇත්තන්ට
අලියෙක් උනත් පා නොතබයි ගහ ලඟට
මිනිසුන් රැසක් බැලුම් හෙලයි හොරකමට

සුවඳ දැනී ආමාෂය ඉල්ලන්නේ
අමමී රස කියා පැසසුම් අසන්නේ
කන්න කන්න  ආසාවත් වැඩිවෙන්නේ
කීය උනත් රිස්සෝ කන බව දන්නේ

ඔක්කාරයට එයි අකමැති දනන් හට
ගඳ පැතිරෙයි බඩ දඟලයි දැනෙනවිට
ලෙව් තුළ එකම පලතුර වූ කවරවිට
නොකා මැරෙමි එය සැප බව කීය මට

මේධ රහිත වේ සීනි ද වැඩිය නැතී
ගුණදායකය සරු බව නිති ඇති කරතී
පාට වැටෙයි සම  විටමින් බහුල වෙතී
වෙදැදුරු මෙසේ පවසයි ගුණ කියා නිතී

කසුන් කියා මෙහි කුලයක් තියෙනවලූ
කසුන් උනත්සමහර අය කන්නෑලූ
කන්නෝ නොකන්නෝ ලෙව් තුළ සිටිනවලූ
කොහොම උනත් කන උන් කනවාමයිලූ

54 comments:

  1. Replies
    1. චතූ මොකෝ නිස්ශබ්ධ?

      Delete
    2. දෙබසින් දුක වැඩි හින්දා නිර්මාණි නිහඬ උනේ.. මේ රටෙ ඔය පලතුර විකුනන්න තියනවා සුද්ද කරලා හොඳට ඔතලා වගේම ගෙඩිය පිටිනුත් .. හැබැයි අපිට පුරුදු ගඳක් තිය කිසිම වෙනසක් ඒකින් දැනෙනෙ  නැ.. අසාවට ගෙදර ගෙනවා දවාඅක්.. මෙලොව් රහක් නැ.. අපේ ගෙදර හැමෝම කැමත්යි.. අම්මා මුලින් කැමති නැලු. ඒත් තාත්තා කොහොමහරි පුරුදු කරලා.. හි හී..

      Delete
    3. අයියෝ එහෙමද... මං බැලුවා ඇයි ඔයා නිහඬවම ගියේ කියලා... එහෙනම් ඒකයි..

      Delete
  2. අපේ අම්මාටත් තාත්තාටත් මල්ලීටත් රස පිරි සුවඳ පිරි එහෙත් මටනම් දිරවන්නේම නැති පළතුරකි, දූරියන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර නම් හැමෝගෙම ප්‍රියතම කෑමකි...
      කැමති, අකමැති හැමෝම ඉන්නවානේ....
      ජයවේවා...

      Delete
  3. හාපෝ............කිසිසේත් නොකමි. ගඳ උහුලන්නට බැරිය. ගෙදර අය කන නිසා ඔවුන්ගේ අයිතියට ඉඩදෙමි.

    ReplyDelete
    Replies
    1. එය එසේමය.. ඇතමුන්ට ඒ ගඳ ඉහිලිය නො හැකි බව සත්‍යකි... නමුත් සෙස්සන්ගේ රුචිකත්වයට ඉඩ දීම අගය කළ යුතු ය.

      Delete
  4. මට ගඳක් නෑ. ඒ සුවඳ මට අවුලකුත් නෑ.. ඒත් විශ්වාස කරයිද මංදා මේ තාක් කාලෙකට මං දූරියන් කාලා නෑ.. කවි ටික සුපිරි.. දූරියන් කන්න ඕනි කියල ආපහු මතක් උනා..

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ... කාලා නෑ කියපු ගොඩාක් අය ඉන්නවා... සමහර අය මේ ගොඩක් වයස අයත් ඉන්නවා ඒ අතරේ... කාලා බලන්න අයියේ... මේ දූරියන් වාරේනේ...

      ස්තුතී...

      Delete
  5. මට කනවා තියා තියෙන පැත්තකින් යන්නත් හිතෙන්නෑ. සකුරා පිපෙන කාලෙට මට සොබා දහමෙ තේරීම් ගැන පුදුම සතුටක් ඇතිවෙලා මං හිතින් ස්තූතිවන්ත වෙනවා. මට මතක් වෙන්නෙම " දෙයියනේ මෙව්වට දූරියන් සුවද වගේ එකක් තිබ්බනං මං මොනා කරන්නද" කියලා

    ReplyDelete
    Replies
    1. අර කියුවත් වගේ එහෙම උනානම් කොහොමටහිටීද... මට දූරියන් කන්න පුලුවන් උනත් එක දිගට ඒ සුවඳ දරා ගන්න නම් අමාරුයි..

      Delete
  6. මුල් දවසේ කටේ දාපු එක ආපහු එළියට දැම්මා.
    පස්සෙයි රහ තේරුණේ

    ReplyDelete
    Replies
    1. කන්න පුලුවන් උනත් ආයෙ අතහරින්නෙ නෑ:D....

      Delete
  7. Replies
    1. කාලා බලන්න උත්සහ කරන්න... අමාරු වැඩක් වෙයි හැබැයි...

      Delete
  8. කිව්වත් වගේ මේක ලෝකේ අන්තිම පළතුර වෙලා සාගතයකදී ඉතුරු උනේ මෙච්චරයි නොකා හිටියොත් මැරයි කිව්වත් කන්නේ නම් නෑ නෑ නෑ මයි . . !

    ReplyDelete
    Replies
    1. එහෙම තත්ත්වයක් කවදවත් ඇති වෙන එකකුත් නෑ... ඒ නිසා බය වෙන්න එපා:D....

      Delete
  9. මුලින් බය වෙලා හිටියට හරිම රස පළතුරක්.ගාන තමයි සැර.ගස්ලබ්බි නම් කන්න කැමති නෑ.මම තමයි ඒවත් කන්නෙ.. සුදුළූණු මතක් වෙනවා කනකොට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මේ ගාන ගැන නම් කියල වැඩක් නෑ... ගස්ලබ්බී කන්නැද්ද... මොනව උනත් ඒ ගැන නම් සතුටු ඇතිනේද:D.....
      ජයවේවා....

      Delete
  10. අප්පෝ මට වමනෙට එනවා.. ඒත් බට් ගහක් ලඟදි හිටෙව්වා..

    ReplyDelete
    Replies
    1. නොකෑවට කමක්නෑ... බිස්නස් එකක්වත් කර ගන්න පුලුවන්නේ...

      Delete
  11. දූරියන් නම් හරි පුදුම පළතුරක්, ඒකේ රස දැනුනු අයට ඒක ගඳක් නෙවෙයි, අනික් මොනම පළතුරක් වගේ නෙවෙයි, ඒවා තියෙන තැනක මිනිසුන් වටවෙලා දූරියන් තෝරන්නේ, වාහනවල හොයාගෙන ගිහින් ඒවා කන්නේ, මිල ගැන තැකීමකුත් නෑ.......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... කන අයට එහෙම උනාට නොකන අයට ඒකෙ අනිත් පැත්ත... සමහරක් රටවල දූරියන් පොදු ස්ථානවල විකුනන්නවත්, ප්‍රවාහනයවත් කරන්න නීතියෙන්ම තහනම්ලු...

      Delete
    2. ස්තුතී චතූ මේ ගැන කියුවට....

      Delete
  12. දූරියන් ගැන කතා කරනකොට මට මතක් වුනේ තව දෙයක්, ඒකත් ඒ වගේම එකක්, සාමාන්‍යයට නම් දූරියන්ට දෙවෙනි නෑ, නමුත් සිත ලක ලැහැස්ති වුනායින් පසු, එය තරම් දෙයක් ලෝකේ නෑ, එය වෙත​ ඇදෙන්නේ පුදුම​ ගිජුකමකිනි, ඇදල අහක් කලත් ​ඉවත​ නොවන​ සැටියකි.....මං අදහස් කරපු දේ තේරුනාද මන්දා..........

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කොහොමටත් බෑ....ඔයාම හිතාගන්න​.....

      Delete
  13. නියම කෑමක්. හුඟක් ලෙඩ රෝග වගේම සමහර අවයවවල තියෙන ඈලි මෑලි ගතිය යන්නත් හොඳයිලු. මේවගේ ඇට කෑලිවලට කපලා රෑට වතුර වීදුරැවක දාලා උදේට බොනවා කියලා ඒ දවස්වල අවුරැදු 57 ක් විතර වෙච්ච මගේ පියන් කිව්වා. මිනිහා නිතරම දූරියන් කනවා. මේකට අවුරැදු 57 ක් උනත් තුන හතරකටම වටේ වැනුවා. සමහරවිට දූරියන්වල පවර් එක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඔයාවත් පිළිගන්නවා... ඔව් ඔව් ගුණදායක කෑමක්... ඒවගෙ ඇටත් ගුණයි කියනවා... සමහර විට ඒ පියන්ගේ ශක්තියේ රහස ඒක වෙන්න නැති....

      Delete
    2. සමාවෙන්න ගැහැණු ළමයෙක් කියලා දන්නේ නැතිව තමයි ටිකක් සැරට කමෙන්ට් එක දැම්මේ. කවිය බැලුවා මිසක් ලියලා තියෙන්නේ කවුද කියලා බැලුවේ නෑ.

      Delete
    3. සැරට??? අයියෝ එහෙම සැරක් නෑ....

      Delete
    4. උතුර දකුණ පැටලිලයි මාත් මගේ කලින් කොමෙන්ටුව දැම්මේ.....චිහ්....වස ලැජ්ජාව​

      Delete
  14. මංනං ආසයි දූරියන් කන්න. සිත්තරාටනං පේන්න බෑ. :D

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් කැමතී... ඒකට මොකෝ ඒකොටසටත් ඔයාටම වග කියන්න පුලුවන්නේ:D

      Delete
  15. මම කැමතිම සුවදක් වගේම රසක්. දූරියන් ලෙල්ලක් නහයෙ එල්ලන් ඉන්ඩ තිබ්බනම් ඒත් කැමතියි. ඉස්සර අපිට හම්බවෙන ටොෆි මල්ලක දූරියන් රස ටොෆි තිබ්බ ඒව ඔක්කොම ටික කන්නෙ මම තමයි.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම රසක්... හැබැයි සුවඳ නම් ගොඩක් වෙලා දරා ගන්න බෑ...

      අයියෝ දැන් ඒ ටොෆී නැද්ද???

      Delete
  16. හාපෝ... මත් ආස නෑ...

    ReplyDelete
    Replies
    1. ආ අක්කත් ආස නැද්ද එහෙනම්... අක්කගෙ හස්බන්ට් කැමතිත් නැද්ද.....

      Delete
  17. මගෙත් ප්‍රියතම පළතුරක්. විප්‍රවාසය නිසා ළඟකදී කන්න ලැබුණේ නෑනෙ. පින්තුරෙ දැක්කම පුදුම ආසාවක් ඇතිවුණේ.

    ReplyDelete
    Replies
    1. දැන් වාරෙනේ.... කන්න පුලුවන් වෙයි...

      Delete
  18. ගඳම ගඳ දූරියන් වලටත් කවි ලියන්න පුලුවන් ඒනම් නේ..?

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඔයා ගොඩ කාලෙකින්නේ....

      Delete
  19. මම කාල නැති පළතුරක්...හැබැයි කවි ටික වගේම දුරියනුත් රහ ඇති කියල හිතුන...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ... කවි නම් කොහොමද මන්දා... දූරියන් මට නම් රසයි... සමහර අයට නම් කන්න බෑ...

      Delete
  20. නිර්මානී, අපූරු කවි ටික
    දූරියන් මදුලක් කෑවා වගේම රසවත්.
    මමත් මේක වාහනේ ගෙනියන්න වැඩිය කැමති නැහැ ඒත් ඉතින් පෙරේතකම ඊට වඩා බලගතු නිසා අරගෙන යනවා.
    මම නම් බැඳපු අලුතම කිසිදාක දූරිය කටේ තියල නොතිබ්බ අපෝ ගඳයි කියල කියපු මගේ බිරින්දෑට බලෙන් කැව්වා.
    දැන් මම දූරිය ගෙඩි දෙකක් ගෙනාවොත් ඊලඟ දවසේ හවස එනකොට එකක් අතුරු දන් වෙලා එකක් විතරක් ඉන්නවා මම එනකන් බලාගෙන අනේ ඉතින් ඒකත් අපි හැමෝම බෙදාගෙන කන කොට මට වැඩිම උනොත් මදුලු දෙකයි ලැබෙන්නේ.
    මගේ පොඩි උන් දෙන්නා (දැං උං ලොකු උන් ) පොඩි කාලේ ඉඳලම දූරියන් මරුවෝ.

    ReplyDelete
    Replies
    1. දූරියන් කන්න පුරුදු කරලා එක අතකින් හොඳ වැඩක් කරලා තියනවා... අනික ඉතින් අවාසියකුත් තියනවා නේද:D

      ඇත්තටම දූරියන්වලට ආසයි නෙවෙයි, පෙරේතයි කියන එක තමා හරි...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.