Sunday, August 28, 2016

කඩුපුල


  
ගුවන් ගැබ  කරා සඳවත හිනහෙන්නේ,
නුවන් තෙමා සඳ දිය ලොව නහවන්නේ,
ළවන් සලා නිශා අඟණ හිනහෙන්නේ,
රුවන් විමන සේ සෙයිලම බබළන්නේ.

වත්සුණු නගා කුසුමන් වත සරසන්නී,
නීල දෑස දොඩමළු වී කැදවන්නී,
පහන් කනුව ඈ ලඟ තනියට උන්නී,
ජීවන මිහිර කහවනුවට මිලදුන්නී,

කඩුපුල් කුසුම් හිනැහුනි රෑ හොර රහසේ,
සද එලියත් වෙලිලා ඇත මුදු පහසේ,
මත් වූ කොවුල් උමතුව ගී ගයනු ඇසේ,,
කණ කෙකිනියක් ඉගිලුනි අඳුරෙම අහසේ.

සඳ පලවා පෙරඹර හිරු හිනහෙනවා,
කඩුපුල් කුසුම් මුකුලිත වී සැඟවෙනවා,
පාට පාට කොළ සුරතේ දැවටෙනවා,
ගිලිහී යන විලස සුසුමක් පිටවෙනවා,

 නාඹර තුරුණු විය ඈගෙන් සැඟවෙන්නා
කහවනු මැදින් රුදුරු සිහිනයක් පෙනෙනා

නුවනග දිලුණු කඳුලක් දෙකොපුළ තෙමනා
සුසුමන් මාරුතේ හද සසලව රඟනා


කඳුලැල් නසන්නට ඈ කඳුලැල් සැලුවා,
සුසුමන් මකන්නට ඈ සුසුමන් සැලුවා,
ගිනියම් කතරකට ඈ සිහිලක් සෙවුවා,
එනමුදු අහෝ දිනකදි ඈ තනි වෙනවා..






17 comments:

  1. නිර්මාණි මේක හරිම ලස්සනයි..මං ආයේ එන්නම් කියවන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතී චතූ... හා එන්නකෝ....

      Delete
  2. හරිම අපූරු පද පෙළක් නංගෝ...බොහොම අර්ථවත්...ඒ වගේම හරිම රහයි...

    මේ වචන වල අකුරු වෙනස් කරන්න පහල විදියට පුළුවනි නම්.

    අගණ -අඟන

    ගයණු - ගයනු

    සැගවෙන්නා - සැඟවෙන්නා

    නුවණග - නුවනග



    ReplyDelete
    Replies
    1. වැරදි ටික පෙන්නුවාටත්, අගය කිරීමටත් අක්කට ගොඩක් ස්තුතී.. ඔන්න වැරදි ටික හැඳුවා...

      Delete
  3. //කඳුලැල් නසන්නට ඈ කඳුලැල් සැලුවා,
    සුසුමන් මකන්නට ඈ සුසුමන් සැලුවා,//
    ගොඩක් වෙලාවට වෙන්නෙ මේක.. මොකද ලේසිම වගේම ලාභම ව්‍යාපාරයක් නිසා.දුකයි තමා.. ඒත් ඇත්ත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ අයට ඒ තත්ත්වයට පත් වෙන්න මොකක්හරි හේතුවක් බලපාන්න පුලුවන්...
      ජයවේවා...

      Delete
    2. පබිලිස් බටන් එක ඌරොන්ට අහු වෙනවා.. පින්තුරේ පොඩි කරන්න

      Delete
    3. දේශකතුමා කියනකොටයි දන්නේ... බොහොම ස්තුතී... දැනට සකසමින් යනවා....

      Delete
  4. කෝච්චියේ එන ගමං කියෝල කමෙන්ට් එකක් දැම්ම කෝ නෑනේ ඒක..
    තීම් එකයි, වචන ටිකයි මේකට දාපු නමයි පට්ට.. කවි ටික එහෙං මෙහෙං පොඩ්ඩක් කපල කොටල කෑලි තුනකට හතරකට හදා ගත්තනං පට්ට සිංදුවකට..

    ReplyDelete
    Replies
    1. ස්තුතී කමී අයියේ අදහසට... මං මේක ලියලා දැන් අවුරුදු 5 ක් විතර වෙනවා... තරඟයකට මුලින්ම ලියුවේ...

      Delete
    2. බුදු අම්මෝ මචං. මැකුවෙනම් නෑ.

      Delete
  5. අපූරු පද පෙළයක් රැගත් කවියක්

    මේ ගීතයේ සමහර පද සිදුවුනා

    //ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නෝපෙනෙන ළඳුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ . . !!//

    ReplyDelete
    Replies
    1. ඒ වගේම
      ///පිරිමින්ගේ පාප කඳට දෝස විදින ලදුනේ////

      ස්තුතී දුකා...

      Delete
  6. හරිම අගෙයි. නිර්මාණි බොහොම නිර්මාණශීලී වෙලා. මං හරිම කැමතියි ඔයාගෙ නමට, හැකියාවන්ට ගැලපෙන නමක්

    ReplyDelete
  7. හරිම අපූරු පද පෙලක්.. අන්තිම කවිය හිතට තටද දැනුනා..

    ReplyDelete
    Replies
    1. ලැම පමණක් ලොවට පෙනෙණ, ළය නොපෙනණ ඒ අයටත් කතාවක් ඇති...
      ස්තුතී අක්කේ...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.