Tuesday, December 13, 2016

අහන සිතක්, කියූ දෙයක්

පොත් ඇතුලේ පිටු අතරේ
 ඇති දේ අපමණ
මුතු අකුරින් අමුනා එහි
 ලියනා දේ හැඩ
කියවන්නට නොව අහන්න
 බලා හිදී
 අප

ගී පදවැල් කවි පබැදුම්
 ලියමින් රස කර
නවනලු රස පිරුණු කතා
මවතී රග හල
සොඳුරු ලොවක් සිතුවම් කර
 හැම පිටුවක් තුළ
අහස මුහුද ඉර හද තරු
 දකින තැනක් පොත

මුල සිට අග තෙක් රසදුන
 දෙමින් නොවඩුව
පොත කියවන  දෑසට පින්
මොනවා දෙනු වෙන
ගෙවිලා යන නිමේෂයේ
 වන අරුමය නම්
පොත් කියවන්නේ අප නොව වග
නොහැගී යාම

14 comments:

  1. Replies
    1. ස්තුතී මිතිල...


      උත්තර දෙන්න එන්න පරක්කු උනාට හැමෝගෙන්ම සමාව භජනය කරනවා...

      Delete
  2. නිර්මාණී, සමාවෙන්න හිතෙන දේ අමුවෙන්ම කියවනවාට. මේක ලියලා තියෙන්නේ ඇස් නොපෙනෙන්නන්ට, කියවන්නට නොහැකි අයට  පොත්වල ඇති අන්තර්ගතය පටිගත කරන්නන් ගැන නේද? මම මේ සමූහය ගැන ඉස්සල්ලම ඇහුවේ කැලේට පිපුණ මල් බ්ලොග් එකේ වත්සලා නංගිගෙන්.ඒත් ඒ ගැන එහෙමට සොයාබැලීමක්නම් කරලා නෑ.මේක කියවනකොට මට මතක්වුනේම ඒ අයව.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අනුමානය හරි... පොත් රෙකෝඩ් කරනකොට කොට නැඟුණු සිතුවිල්ලක් කටුසු මේ..

      ස්තුතී...

      Delete
  3. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමින්ද.... ජයවේවා...

      Delete
  4. මේ ගැන උබ මිට පෙරත් ලියලා තිබුනා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... කලින් කියුව තමයි:D......

      Delete
  5. හරිම අපූරු කවි සිතුවිල්ලක් නිර්මානි. අැත්තටම අපි කොච්චර ආසාවෙන්ද බලං ඉන්නෙ අලුත් audio book කරල එලියට එනකල් ඒ ගැන කියන්න මට වචන නෑ.ඒක අහනකොට දැනෙන සතුට මොනතරම්ද

    ReplyDelete
    Replies
    1. කටකාරිට අද්දැකීමෙන්ම තේරෙනව ඇතිනේද මං මේකියපු දේ...

      ස්තුතී ඔයාටත්..

      Delete
  6. මට මතක් උනේ සීයායි, මුණුබුරයි අඹ පැලයක් හිටවනකොට ඇතිවෙන සංවාදය

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.