Monday, March 27, 2017

නෙලුම් යායට ගියෙමි, සුවඳ වින්දෙමි




නිර්මානිගේ සටහන
පහුගිය අවුරුද්ද වෙනකල් මං කලේ කොළඹ ගමය, තිලකසිත, අටම්පහුර එතකොට තව එක එක බ්ලොග් කියවන එක විතරයි.. පහුගිය අවුරුද්දේ මාර්තු 22 තමා පළවෙනි බ්ලොග් ලිපිය ලිවුවෙ.. ඔන්න එක අර අහසෙන් එන්න බ්ලොග් එකේ පලකර ගත්ත කියමුකෝ.. මගෙ ලිපියකට පළමු කොමෙන්ට් එක දාලා තිබුනේ මෙන්ඩ... ඒක අමතක කරල බෑනෙ.. එතනින් පස්සෙ දිගටම ලියුව... අන්තිමට කොමෙන්ට් දාන අය ඇහුවෙ කලින් ලියපු හාදයා කෝ කියලයි.. කොහොම උනත් අපි සහයෝගයෙන් බ්ලොග් එකේ ලියාගෙන ගියා කියමුකෝ.... නෙලුම් යාය සම්මාන උලෙළට නිර්දේශ තෝරණකොට ඒ අතරේ මගෙ නිර්මාණ තියනවා දකිනකොට මට පුදුම හිතුනා...
අන්තිමට විසි පහ දාට වෝටර්සෙජ් යන්න තීරනේ කළා... බත්තරමුල්ලට ගිහින් තරු අක්කට කතා කළා ඇවිත්ද ඉන්නේ නැත්නම් අපිට ඇතුලට යන්න කවුරුහරි එවන්න පුලුවන්ද අහන්නත් එක්ක... තරු අක්කා විසිරි අක්ක එවන්නම් කියුව නිසා අපි ගිහින් බැස්සා.. විසිරි අක්කට කියන්න ලැබුනෙ නෑ... වෙන අක්ක කෙනෙක් ඇවිත් අපි දෙන්නව කුදලගෙන ගිහින් පුටුවල වාඩි කලා.. ඔන්න ඉස් ඉස්සෙල්ලාම අජිත් අයියා හම්බෙලා කතා කරලා ගියා.. ඊට පස්සේ කමි අයියා ඇවිත් අපිට ස්ථාන මාරුවීමක් ලබා දුන්නා.. එතකොට තමයි කැලේ පිපුණු මල් ලියන වත්සලා අක්ක හම්බුනේ.. එයා දකිනකොටම මතක් උනේ සාලාවෙ පිපිරීම.. ඊට පස්සෙ යාංහෑල්ල ලියන සුරංග... එතනදි අපි අපේ තුන්දෙනාගෙ වයස ගැන සංවාදෙකුත් ගියා.. ආ ඊට පස්සෙ තමයි වැදගත්ම අවස්ථාව.. මං නෙලුම් යායට යන්න ප්‍රධානම හේතුව උන ප්‍රාජේව හමුවීම සිද්ධ උනේ.. ඒත් මට ප්‍රාජේ එක්ක හරියට කතා කර ගන්න බැරි උනා.. ගනුදෙනුව බේරගන්න බැරි උනා අපරාදෙ...
එයින් පස්සේ හැමෝම වගේ ඇවිත් කතා කළා.. නෙලුම් යායට යන්න කලින් හඳුනගෙන හිටියේ සිතු, තරු අක්කා විතරයි.. දැන් බොහෝ දෙනෙකුව මතකයි... කැලෑ මල්, යාංහෑල්ල, ඉයන්, ඉවාන්, සොභාරූ, මහේශ්, තිලකසිත, අජිත් අයියා, කමී, රොහාන්, ප්‍රාජෙ, මෙන්ඩ, රන්දිකා අක්ක, නලීන් අයිය, මං එරන්දි, කවි දුමී, සජ්ජ, සුදීක, දමිත්, සිත්තමී අක්ක, වැවා අයිය,  තව තව කස්ටිය හම්බුනා.. අටම අයියා අපිට එන්න කියපු අටම අයිය ඇවිත් හිටියෙ නෑනෙ ඉතින්...
රෝහාන් මල්ලි ඇවිත් කතා කලාම පුදුම හිතුනා.. ඇත්තටම මං මීට කලින් හිතාගෙන හිටියේ ටෙක් සයුර ලියන්නේ වයස 40ක විතර කෙනෙක් කියලයි...
විශේෂංග ගැන කියුවොත් අපි මචන්ල නම් මරු කියල වැඩක් නෑ.. සජීවීව රස වින්දනය ලබා ගැනීමට පුලුවන් වෙච්ච එකම ලොකු දෙය... ජනා ප්‍රියාත් නරකම නෑ... අමුත්තන්ගේ කතා වලින් මැතිවරණ කොමසාරිස්තුමාගෙ කතාව, කතානායක තුමාගේ කතා හරවත්... රාජිත සේනාරත්නගේ කට හඬ අකැමැතිම හඬක්.. ඒ නිසා ඒ වෙලාවේ ඒ කිසිම දෙයක් අහගෙන හිටියෙ නෑ...
කෑම කන වෙලාවෙ දේවල් වත්සලා අක්ක ලියුවනේ.. ඒව ඉතින් අයෙ කියන්න ඕනෙ නෑ... මේ වෙලාවේ වත්සලා අක්කටත්, තරු අක්කටත්, කමි අයියටත් ස්තුති කරන්න ඕනෙ.. ඒ තුන්දෙනාම වේදිකාවට යන්න මට ඒ මොහොතේ උදවු කළා... අහසෙන් එන්න බ්ලොග් අඩවිය මේ තැනට ගෙනාවේ අපිත් එක්ක හිටපු ඔයාලා.. අපේ බ්ලොග් ලිපි වලට කොමෙන්ට් කරමින් අපිව දිරිමත් කළ ඔබ හැමටත්, අඩුලුහුඬුකම් පෙන්වූ සියලු දෙනාටත් ස්තුතී.. ඒ මග පෙන්වීම, දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා...
අපි බොහොම ප්‍රිය කරන බ්ලොග් අඩවියක් තමයි නිදහස් සිතුවිලි. හොඳම බ්ලොග් එක විදිහට සම්මාන ලැබීම ගැන සතුටුයි.. රවී අයියට සුභ පතනවා.. ඒ වගේම යාංහෑල්ලටත් උණුසුම් සුභ පැතුම්.. සියලු සම්මානලාබීන්ට සුභ පැතුම්... නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුති කරනවා.. ඒ වගේම සුභපතනවා...

කසුන්ගේ සටහන
නිර්මාණිගේ සටහනට යමක් එකතු කරන්නෙමි. අහසෙන් එන්න බ්ලොගය ඇරඹී දැනට එක් වසරකුත් මාස අටකුත් ගෙවී ඇත්තේය. ඒ අතරතුර මේ තැනට අප ඔසවා තැබීමට කියවන, කොමෙන්ට් කරන ඔබ සැමගෙන් ලැබුනු සහයෝගය අමතක නැත. කියවන්නෙකු ලෙස වසර තුනක් පමන රැඳී සිටි මට බ්ලොග් ලිවීමේ ආසාව එදවස සිට නොතිබුනාම නොවේ. එහෙත් යම් යම් සිදුවීම් හේතුකොට ගෙන ලියන්නේ 2015 07 16 වැනිදා පමන සිට ය. නෙලුම් යාය සම්මානයට ලක්වන්නට සුදුසුකම් ලැබීම ගැන යම් සතුටක් තිබුනද ඒ ගැන බලාපොරොත්තුවක් නොතිබුනි.
ඒ කොහොම වෙතත් අපට (නිර්මානිගේ නවකතාවට සහ ලිපියකට) නෙලුම් යාය සම්මාන හිමි වීම ගැන නම් සතුටු ය. ඒ වෙනුවෙන් ඔබ සැමට ස්තූතියි.
එදා දිනය ගැන ලියනවානම් විශේෂ ම ස්තුතිය ලැබිය යුත්තා වන්නේ කැලේ පිපුනු මල් ලියන වත්සලා අක්කායි. වැඩසටහන අතරතුර වේදිකාවේ සිදුවන දෑ ගැන අපෙන් යොමු වූ අටෝරාසියක් ප්‍රශ්නවලට පිලිතුරු දුන්නේ බොහොම ඉවසීමෙනි. ඒ විතරක්නම් මදිය. ඇය විටින් විට තුන් හතර සැරයක්ම කැමරා කාචයන්ගෙන් බේරී එලියටත් ඇතුලටත් දුවමින් අපට කන්නටත් බොන්නටත් ගෙනවිත් දී ඒ සියලු පිඟන් කෝප්ප යලි ගෙනවිත් තැබීමට තරම් කාරුනික වූවාය. ඒ සියලු දේ වෙනුවෙන් ඔබටත් ස්තූතී. එතනට එක්ක ඇවිත් ඇය හඳුන්වා දුන් කමි අයියාටත් බොහොම ස්තූතී. එපමනක් නොව දිනය තුල කිසිඳු අඩුවක් නොදැනෙන්නට සහය දුන් අය මතක් නොකර බැරිය. වැවා අයියාටත් පසුගිය නෙලුම්යායේ මෙන් බ්ලුක්ස් තේරීමට පැමිනි සජ්ජාටත් දැන් මතකයේ නැතත් අනෙකුත් සියලු දෙනාටත් සහයෝගය දැක්වීම වෙනුවෙන් ද ස්තූතිවන්ත වෙමු.ඒ අතරේ හමු වූ, නිර්මානි නම් වශයෙන් මතක් කර  සහ නොකල සැමට ස්තූතිය සහ සියලු ජයග්‍රාහකයින්ට අපේ උනුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු..
 අවසානයේදී තවත් කාරනයක් කිව යුතු ය. ඒ ආරම්බයේ සිට අවසානය දක්වා ම පිරිස ශාලාවේ රඳවා ගැනීමට අසමත් වීමේ කනගාටුව ගැනයි. එය එසේ වූයේ සමහරවිට රෑ බෝවීම නිසා ද වන්නට ඇතිය. නමුත් ඉන් අවසාන සම්මානලාබීන් කිහිපදෙනාට සහ නාට්‍ය කන්ඩායමට යම් අසාදාරනයක් වූ බව මගේ හැඟීමයි. ඊට අමතරව යම් තාක්ශනික දුර්වලතාවක් හෝ අතපසු වීමක් නිසා හෝ සම්මාන සඳහා නිර්දේශිත නම් ප්‍රදර්ශනය පමා විය. සමහර තරඟ අන්ශ සඳහා එවැනි නිර්දේශ වූ බ්ලොග් සම්මාන ප්‍රදාන අවස්තාවේ ප්‍රදර්ශනය නොවුනු බවද දැනගන්නට ලැබිනි. එකී සුලු දෝශයන් නිවැරදිව සිදු වූවානම් තවත් ලස්සන වන්නට ඉඩ තිබුනා යැයි සිතේ.
ඊලඟ කාරනය නම් නිවේදක උන්නැහැලා පිස්සෙක්ව සේනක බිබිලේ නමින් නම් කිරීමයි. ඉන් සේනක බිබිලේ මහතාටත් අපහාසයක් සිදුවූ බව අප තරයේ විශ්වාස කරමු. අව්ශද ප්‍රතිපත්තියක් වෙනුවෙන් සේනක බිබිලේ කරපු හරියෙන් 1% හෝ මේ ගොබිලා නොකල බව අප සැම විශ්වාසයයි. එසේ හැඳින්වූයේ නිවේදකයන්ට හෝ නෙලුම් යායේ අයට උන්නැහැගේ උන බෝවී උන විකාරයෙන් විය යුතු ය.

77 comments:

  1. දෙදෙනාවම දැක කතා කරන්න ලද එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. අපිටත් එසේමයි අයියේ...

      Delete
  2. නිර්මාණි එක්ක නම් කතා කලා ඒත් කසුන් එක්ක කතා කරන්න බැරි උනානෙ.. :(

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ... කමක්නෑ.. ආයෙ හම්බෙලා කතා කරන්න බැරියැ...

      Delete
    2. හරි බලාගමු මං මේ නිර්මාණි ලඟම ඉඳලත් කතා කරේ නෑ.

      Delete
    3. හපොයි අපොයි ... නිර්මාණිව හම්බුනේ කෑම කන්න එළියට යනකොට. එතකොට ඔයා හිටියෙ නෑ.

      Delete
  3. ඔබ දෙදෙන හමුවීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. අපිටත් සතුටුයි දිල්ශාන්... ආ තාම අර කියපු එක ගැන හොයල බලන්න බැරි උනා....

      Delete
    2. සතුටු නොවී කොහොමද නේහ්?

      Delete
  4. මම ඉවර වෙනකම් හිටියා.ඒත් දෙදෙනාත් එක්කම කතා කරන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ රස්තියාදුවෝ... කමක්නෑ.. ආයෙත් හමුවෙමුකෝ..

      Delete
    2. අපිටත් දවසක ඉර පායාවී. ලඟදි හම්බෙමු මචං.

      Delete
  5. කසුන් අයියටයි නිර්මානිටයි මම හදවතින්ම සුබපතනව. මට හරිම සතුටුයි. ඔයදෙන්නට නෙලුම්යායෙ සම්මාන ලැබුණු එකට. තව තවත් ලියන්න ෂක්තිය ලැබේවා.

    ReplyDelete
  6. කසුන්ව නම් හම්බවෙලා තියනවානෙ.. නිර්මාණිවත් හම්බවෙන්න හරි ආසයි.බලමුකො වෙලාවක..
    උණුසුම් සුභපැතුම් ඔබලාට.
    වැදගත්ම දේ දිගටම ලියන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ශුට්ටං රටේ අපි හමු නොවී කොහොමෙයි.

      Delete
    2. ගස් ආව නම් හම්බෙන්න තිබුනනේ... අර කියුවත් වගේ මේ පුංචි රටේ කොතනකදී හෝ හමු වේවි:D

      Delete
  7. උබ මට උබගේ සගයව අදුන්නලා දුන්න වෙලාවේ උබ ගැන ලොකු පැහැදීමක් ඇති උනා

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු එහෙමද මචං.

      Delete
    2. ආ... මොනවද කියුවෙ??? මට මතක නෑනෙ... පොඩ්ඩක් කියන්න බැරිද මන්ද.....

      Delete
    3. උබ පැහෙන්නේ නැතුව හිටහන් නිර්මානි ඒවා වැඩිහිටියන්ගේ කතා

      Delete
  8. මගේ සුභ පැතුම්.
    කසුන්ව නම් ගිය වසරේ මුණ ගැසුනා නේ. ඔබ බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2015 පමණ සිට නේද? ලිපියේ තියෙන්නේ 2016 07 16 කියායි.

    ReplyDelete
  9. සුබ පැතුම් ඔබ දෙදෙනාටම

    ReplyDelete
    Replies
    1. ස්තුතී පැතුම්... ඔයාලාගේ මේ දිරිය අපිට ගොඩක් වටිනවා..

      Delete
  10. තබමින් නිරතුරුව හැඩ වැඩ වූ බ්ලොගෙක
    ලියමින් හැමට විඳගත හැකි ලෙස රසක
    අහසින් පැමිණි ඔබ දෙපලව දුටු විටක
    සතුටින් නැහැවුණා සොහොයුරු පෙම හදක.....

    කසුන්, නිර්මාණී. දෙදෙනාටම මගේ සුභ පැතුම්.

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමයි හොඳම කවියා හම්බුනාම සතුටු නැද්ද??? සුඹපැතුම් දුමී ඔයාටත්..

      Delete
    2. නැතුව නැතුව සතුටු නොවී කොහොමද?

      Delete
  11. ඔයාල දෙන්නව හමුවීම විශාල සතුටක්... ඒ වගේම ලැබුණු සම්මානයන්ටත් සුබ පැතුම්!!! දිගටම ලියන්න.. අපි පොතකුත් කරමු.

    ReplyDelete
    Replies
    1. අක්කගෙ දිරිමත් කිරීම ගොඩාක් වටිනවා අක්කෙ... ඔවු අපි ඒ ගැනත් හිතමු... ගොඩක් ස්තුතී හැමදේටම...

      Delete
  12. සුභ පැතුම් නිහතමානී ඔබ දෙපලටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉයන්... මග පෙන්වීම නිසයි මේ දිණුම...

      Delete
  13. Replies
    1. මිතිල ඇවිත් හිටියලු නේද... මුණගැහුනෙ නෑනෙ...
      ඔබටත් සුභපැතුම්..

      Delete
  14. ඔබ දෙදෙන හමුවීමට නොහැකිවීම කණගාටුවක්...ලබන පාර වත් බලමු...සුබ පැතුම් දෙන්නටම...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ලබන සැරෙවත් බලමුකෝ නේද.. රංදිල් අක්කනම් මුණගැහුනා...
      අයියටත් ආයෙත් වතාවක් සුභපතනවා...

      Delete
    2. ඒකනෙ ගිය සැරේ ඔහේ ලංකාවට එනකොට පාටිය දවසෙ හිටියෙ නෑනෙ. හිටියනම් එදා ශුවර්. ලබන සැරේනම් එන්නම ඕනෙ.

      Delete
  15. සුභ පැතුම්!! කලබල මැද්දේ යම් අපහසුතා සිදු උනානම් සමා වෙයල්ලා. දෙන්නම ආපු එකම ඉහටත් උඩිං..

    ReplyDelete
    Replies
    1. අයියෝ කිසිම අපහසුතාවක් උනේ නෑ... කට්ටිය හිටියනේ... කරපු උදවු මදෑ:D

      Delete
  16. නංගියේ මල්ලියේ උඹලා හැබෑම පොරවල්ය.හඳුනා ගත්ත එක ගැන සතුටුය.සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. අයියෝ පොරවල්ලනම් එවෙයි අප්පා...
      ගොඩාක් ස්තුතී.... මේ ඇගයීම් ගොඩක් වටිනවා...

      Delete
  17. ඉවාන් ලව්පූස් ගේ පැමිණීම ගැන විරෝධය පා මං නොගිහින් ඉන්නත් හදලා ඔන්න ඔහෙ ගියා නිර්මාණි සහ කසුන් නිසා :-D

    සුභ පැතුම් X 2 !!

    ReplyDelete
    Replies
    1. එහෙමද කියන්නේ... ස්තුතී අයියේ...

      Delete
    2. මට විරෝධය පෑවට මම නම් ගණන් ගනී , අපි ජාතියේ වීර හෙළ පුතුන් ඔය විරෝධ වලට බය නෑ

      Delete
  18. සම්මාණලාභී අහස් කූරු අයියාට සහ නිර්මාණී නංගීට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී කම්මලේ... එදා ආවෙ නැද්ද??

      Delete
    2. අඩෝ කම්මලයො අහුවෙයංකො.

      Delete

  19. නිර්මාණි ගේ නිර්මාණ හැකියාවට නිසි ඇගයීමක් ලැබීම ගැන මගේ සතුට පිළිගන්න

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා පිළිගන්නවා අයියේ....
      ගොඩක් ස්තුතී...

      Delete
    2. හොඳයි ඉතින් මුන්දැට මං ම මේව ලිය ලිය දෙන නිසා. හැක්.

      Delete
  20. දෙන්නවම හමුවීම කතා කිරීම සතුටක්. ඒවගේම ඔබ සම්මානයට පාත්‍රවීම විශාල සතුටක් නංගී. දෙන්නා ගැනම ගොඩක් ආඩම්බරයි !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති අක්කෙ.. ඔයා ගැනත් ආඩම්බරයි... ඔයා හොඳම බ්ලොගර් වෙන්න කියල පතනවා..

      Delete
  21. ඔය දෙන්නා හමුවීම මට සතුටක්..කසුන් මල්ලී සමග කතා කරන්නට බැරි උනා...ඉතින් සුබ පැතුම් දෙන්නාටම

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් සතුටුයි ඔයාව අදුනගන්න ලැබුනට...ඔයාටත් සුභපතනවා අක්කෙ...

      Delete
    2. ඒකනෙ ඒකනෙ. මං තරහම තරහයි. ඇයි යකෝ මෙච්චරට ඇහැට පේන්න ඉන්න මාව නොපෙනී මේ නිර්මාණිවමයි දැකල තියෙන්නෙ.

      Delete
  22. //මං මීට කලින් හිතාගෙන හිටියේ ටෙක් සයුර ලියන්නේ වයස 40ක විතර කෙනෙක් කියලයි//
    අනේ තාම ඒකෙන් බාගයයි අක්කේ.. ;) ඔයාලා දෙන්න අඳුරගන්න ලැබීම ගොඩාක් ලොකු සතුටක්. ඔයා සම්මාන ගන්න වේදිකාවට යනකොට හරිම සතුටක් දැනුනා. දක්ෂයාට කිසිම දෙයක් බාධාවක් නෙවෙයි. ඒක ඔප්පු කලා ඔයාලා දෙන්නා. දිගටම ලියන්න, තව අලුත් නිර්මාණ බිහි කරන්න ඔයාල දෙන්නටම තව තවත් හැකියාව ලැබෙන්න සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතී මල්ලියෝ... ඔයාව අදුනගන්න ලැබුනට සතුටුයි.... පොඩි වයසෙමදි ලියන්න පටන්ගත්ත එක කොච්චර හොඳද... එදත් ඔයාට කියුවෙ...
      ඔයත් දිගටම ලියන්න... සුභපතනවා ඔයාටත්..

      Delete
  23. ජයවේවා.... ජෝඩුවටම කතාකොලා... කසුනට පොත් හොයන්නත් සප්එක දුන්න මෙදාපාරත්... ඉස්තුතියි කියපිය...

    ReplyDelete
    Replies
    1. ඒකනේ... අපිනෙ ස්තුති කරන්න ඕනෙ..

      Delete
  24. මගේ හද පිරි සුබ පැතුම් නංගි! මම එදා උත්සවේදී වැඩියෙන්ම සතුටු වුණේ ඔයා ස්ටේජ් එකට නැගපු වෙලාවෙයි, නිදහස් සිතුවිලි හොඳම බ්ලොග් අඩවිය විදිහට සම්මාන ලබපු වෙලාවෙයි. ඔයාවනම් කළින් දවසකත් මුණ ගැහුණානේ. ආයෙමත් හමුවෙලා කතා කරන්න ලැබුණාටත්, කසුන් මල්ලි එක්ක කතා කරන්න ලැබුණාටත් හරිම සතුටුයි. ජයෙන් ජයම පතනවා නිර්මාණි නංගිටයි, කසුන් මල්ලිටයි, අහසෙන් එන්න බ්ලොග් අඩවියටයි. :)

    ReplyDelete
    Replies
    1. එදා ඇයි අර ඔයාගෙ සිත්තරා අයියත් එක්ක කතා කරපු එක අමතක ද ඈ? එයාවත් මතක් කලා කියන්න.

      Delete
    2. අපි ආයෙත් හමු වෙමුකෝ... ඔයාටත් සුභපතනවා...

      ඔයත් අලුත් කතාවක් පටන්ගමු නේද ඉතින්.. දැන් කාලයක් ගියානේ..

      Delete
  25. ඔබ දෙදෙනාගේ සහයෝගය ගැන හරි සතුටුයි. සුභ පැතුම් දෙදෙනාටම

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ම ස්තුතී අයියේ...

      Delete
  26. අහසෙන් එන්න බැරි නිසා ඕං මම මේ පැත්තට ආවේ නෙළුම් යාය පසු කතන්දර වලින් ලින්ක් එක දිගේ ඉතින් ආයෙත් දිගටම එන්නම්කෝ මෙහෙට. සුබ පැතුම් මේ බ්ලොග් එක ලියන දෙපලටම

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා සඳවතී.. දිගටම එන්නකෝ එහෙනම්... ස්තුතී...

      Delete
  27. ඔය දෙන්නම අපිට ලොකු ආඩම්බරයක්.. ඉදිරියටම යමු.. ඒ වගේම තව ලියමු නවත්තන්නෙ නැතිවම.

    මගෙන් සුබ පැතුම් දෙන්නටම!!!

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉෂානි... මේ දිරිමත් කිරීම් ගොඩක්වටිනවා...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.