නුඹට පේනවද සකී,
මේ වෙල්යායේ හැටී,
ඉස්සරවාගෙම නැතී
අමුතු ගතිය රිසි නැති
කරල් නැමී රන් පාටින් පැසීලා
සුලං සමග නටමින් දෑතම වනලා
කතා කළත් අප හට නිති හිනා වෙලා
ඒ කෙත දුරයි පඹයෝ අප දුරස් වෙලා
කුස පුරවන්න මෙහි ආ ගිය විහඟ රෑන්
බිය වැද්දුවේ මම තරහට නොවේයි ඉතින්
රෑපානේ ආ සාවුන් මුව පොවුවන්
පන්නා කුඹුර රැක්කේ මං සතුටු සිතින්
තිත්ත පැටවු පීනා ගිය දොල පාර
දණ්ඩි පැටවු දඟ දුන් මේ දිය දහර
මා සිටියේ උන් හා මිතුරුව නිතර
උන් කොයි ගියේ පඹයෝ මේ දෙරණ හැර
ඉපනැල්ලේ දඟ දුන් පොඩි පැටවු නැතී
පළා නෙලන්නට එන ගැමි ළියෝ නැතී
ආවත් නෙලන්නට දැන් මෙහි පළා නැතී
දියහොල්මනේ දැන් ඒ කිසිදෙයක් නැතී
කොයි දේටත් යකඩ යන්ත්‍ර ඇත තනලා
උන් වැඩ කරයි මේ දෙරණම සොලවාලා
වස විස වලින් පිරි කෘමිනාශක යොදලා
වැඩි පළ නෙලන්නට මිහිකත ඇත නසලා
යකඩ කඳන් අද හැම දේ කරන්නේ
අම්බරුවන් නැත කමතට කැදවන්නේ
බෝල අත්ත යතුර කවුරු මෙහි දන්නේ
නුඹත් මාත් අද නටබුන් වී ඉන්නේ
+++
ReplyDelete++++++++++
Deletethans
ඉයන් අයියෙ, අර එදා කියපු වැඩේට මට මේල් එඩ්‍රස් එක එවන්න පුලුවන්ද???
Deleteඑදත් අපේ ගොවි රජවරු වැඩ කෙරුවා
ReplyDeleteඇසත් සේම ගොවි බිම් වෙත පෙම් කෙරුවා
දුකත් හිතෙයි අද ගොවිතැන පල නැතුවා
තවත් ඉදිරි දිනවල කුඹුරුත් නැතුවා....
හොඳ තේමාවක්, නිර්මාණී. ලස්සනයි.
ජයවේවා!!!
ඒක ඇත්ත.. කවි කොමෙන්ටුනම් මරු...
Deleteස්තුති..
+++++++++++++++
ReplyDeleteඅපේ රටෙන් දුරස් වෙන අපේ දේවල්...
දැන් අපේකම් නැතිතරම් මල්ලි... ඒ අපේකම් දැන් නටබුන් විතරයි..
Deleteදැන් ගමේ අසිරිය නැති වෙලා නිර්මානි. දැන් ගොයම් කපන්න කයිය හෙවත් අත්තමට වැඩ කිරීමත් නැති වෙලා. මම හරිම ආස දෙයක් තමයි කයිබත් කන්න ඉස්සරහට ඉතින් මොන කයිබත් ද හොඳ නිර්මානයක්. ඔන්න ඉතින් දිගටම ලියමු හොඳේ. මම හරි ආසයි ඔයා ලියන කතා කියවන්න. දැන් අමුතු කතාවත් ලියල ගොඩාක් කල් නේද. අලුතෙන් කතාවක් පටන් ගමු. කසුන් අයියට කියන්න. පාසැල් තෙතොරතුරු ගැන අර අපූරු ලිපි ටික තවත් ඉස්සරහට අරන්යන්න කියල.
ReplyDeleteඔවු කටකාරි... මාත් හරි ආසයි කයි බත්කන්න.. දැන් ඉතින් මොන කයි බත්ද...
Deleteඔයාට ගොඩක් ස්තුති... තව කතාවක් ලියන්නත් ඕනෙ.. හරි මං කසුන් අයියට කියන්නම්කෝ...
මටත් ගමේ ගියපුවම එහෙම හිතෙන දෙයක් තමයි දැන් ගම කොච්චර වෙනස් වෙලාද කියල. වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕනෙ තමයි. ඒත් වෙනස් වෙන වේගෙ වැඩියිද මන්දා..
ReplyDeleteඔව් සිතූ, ගෙඩාක් අය කතා කරන ගැමිකම, ගැමි සුන්දරත්වය දැන් නැති තරම්... ඒක හොඳට දැනෙනවා අව්රුදු කිට්ටු වෙනකොට...
Deleteමාත් හිතන්නේ වෙන වෙනස වේගි වැඩී කියලයි සිතූ...
ඇත්ත නේන්නම් දැන් ඒ මොකුත් නෑ නේ. ගොයම් නැටුමකට දෑ කැති සොලවති කුඹුරක් දැක නැති අපේ ළමයි. කියන සිංදුව මතක් වුනා.
ReplyDelete++++
Deleteඔයාට අක්කෙ ගැලපෙනම සිංදුවක් මතක් වෙලා තියෙන්නෙ:D
//ආවත් නෙලන්නට දැන් මෙහි පළා නැතී
ReplyDeleteදියහොල්මනේ දැන් ඒ කිසිදෙයක් නැතී ///
මොකක් ද මේ "දියහොල්මනේ" කියන්නේ නිර්මාණි ?
දිය හොල්මන කියන්නෙ කුඹුරට වතුර එනතැන හදවපු ඇටවුමක්.
Deleteඅඩි දෙකක පමන උණ බට කෑල්ලක් හරිමැදින් අදාරකයක් මත සවිකරගෙන , වතුර පාර එම උණ බටය වෙත යොමුකරනව වතුර වල බරට උණ බටය පාත්වෙන තැනට සහ ආපසු සමාන්තර වෙන දෙපසට ගල් දෙකක් තියනව , වතුරෙ පාරෙ බරට වැටෙද්දියි සමාන්තර වෙද්දියි ගල් දෙකේ වැදිල එන සද්දෙට කුරුල්ලො බය කරන එම ඇටවුමට තමයි කුඹුරෙ දිය හොල්මන කියන්නෙ.
++++++++++++++++++++++++++++++++++++
Deleteහුලඟින් වැඩ කරන එකකුත් තියනව නේද?
Deleteස්තුතියි කම්මල පැහැදිලි කිරීමට..:)
Deleteහුළං වලින් වැඩකරන්න හදන එකෙන් කඨෝර ශබ්දයක් එන්ඩ හදන්න පුළුවන්. ඒව හදන්නෙ කුඹුරට වතුර නැති , අස්වැන්න නෙලන්ඩ ආසන්න වෙද්දි කරල් බේරගන්ඩ.
Deleteබට දඩු රකින තැන බට දඩු කුරුල්ලා
Deleteඋණ දඩු රකින තැන උණ දඩු කුරුල්ලා
වතුර වැටෙන තැන හොල්මන් කුරුල්ලා
සිවු පද කියන හපනක් මෙහි වරෙල්ලා
තව විස්තර දැනගන්න කියවනවා නම්..
https://manojikasagari.wordpress.com/2011/03/09/%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/
@කල්‍යාණ මිත්‍ර
Deleteනොදන්නා දේ අසන බිළින්දා
අසනා දේ පැහැදිලි කරන්නා
ලං කරගෙන මෙහි අසන්නා
බ්ලොගයට යනු බැරි කුමක්දා....
@අ.ආ..
Deleteඒක මං වහල දැම්ම.. ගන්න දෙයක් නෑ.. :)
@ කල්‍යාණ මිත්‍ර
Deleteඇත්තටම.... ගන්න දෙයක් නැති වෙන්න බැ.... :)
@අ.ආ, කම්මලේ, ප්‍රාජේ, කමී, කස්ටියටම විස්කෝතුයි... මං හරි කැමති මේ වගේ සංවාධවලට... ඒව හරි වටිනවා...
Deleteඇත්ත තමයි අද කාලේ ළමයින්ට අපි විඳපු අත්දැකීම් විඳගන්න අවස්ථාව නෑ.
ReplyDeleteඅක්කලාගෙ අද්දැකීම් එක්ක බලනකොට අපි ලැබුව අද්දැකීමුත් බොහොම ටිකයි... ඒත් ඉදිරි පරම්පරාවට ඒ ටිකවත් නැතිවේගන යන්නෙ...
Deleteඉස්සහට ඒවා බලාගන්න වෙන්නේ නෙට් එකෙන්ම තමයි...
මේ දවස් වල ගොයම් කපනවද හිටන්? මේ පලාත් වල නම් බොහෝ දෙනා කපලා ඉවරයි.
ReplyDeleteඅපේ පැත්තෙ දැන් කපනවා... කපනවා කියුවට වගා කරල නැති තරම්... සාරසත් නුවරනේ?
Deleteමංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ..
ReplyDeleteමංමුලාවූ තව පඹයෙකුගෙනි ප්‍රශ්ණ අසා තිබුනේ..
- මිට ඔයාලයි කුඹුරේ හිටි පඹයා.. :)
:D:D
Deleteලස්සනයි... ජය!!
ReplyDeleteස්තුතී ඔයාටත්...
Deleteජයවේවා..