Thursday, March 30, 2017

පඹයා සහ දිය හොල්මන

 නුඹට පේනවද සකී,
 මේ වෙල්යායේ හැටී,
 ඉස්සරවාගෙම නැතී
 අමුතු ගතිය රිසි නැති

 කරල් නැමී රන් පාටින් පැසීලා
 සුලං සමග නටමින් දෑතම වනලා
 කතා කළත් අප හට නිති හිනා වෙලා
 ඒ කෙත දුරයි පඹයෝ අප දුරස් වෙලා

 කුස පුරවන්න මෙහි ආ ගිය විහඟ රෑන්
 බිය වැද්දුවේ මම තරහට නොවේයි ඉතින්
 රෑපානේ ආ සාවුන් මුව පොවුවන්
 පන්නා කුඹුර රැක්කේ මං සතුටු සිතින්

  තිත්ත පැටවු පීනා ගිය දොල පාර
 දණ්ඩි පැටවු දඟ දුන් මේ දිය දහර
 මා සිටියේ උන් හා මිතුරුව නිතර
 උන් කොයි ගියේ පඹයෝ මේ දෙරණ හැර

 ඉපනැල්ලේ දඟ දුන් පොඩි පැටවු නැතී
 පළා නෙලන්නට එන ගැමි ළියෝ නැතී
 ආවත් නෙලන්නට දැන් මෙහි පළා නැතී
 දියහොල්මනේ දැන් ඒ කිසිදෙයක් නැතී

 කොයි දේටත් යකඩ යන්ත්‍ර ඇත තනලා
 උන් වැඩ කරයි මේ දෙරණම සොලවාලා
 වස විස වලින් පිරි කෘමිනාශක යොදලා
 වැඩි පළ නෙලන්නට මිහිකත ඇත නසලා

 යකඩ කඳන් අද හැම දේ කරන්නේ
 අම්බරුවන් නැත කමතට කැදවන්නේ
  බෝල අත්ත යතුර  කවුරු මෙහි දන්නේ
 නුඹත් මාත් අද නටබුන් වී ඉන්නේ

32 comments:

  1. Replies
    1. ඉයන් අයියෙ, අර එදා කියපු වැඩේට මට මේල් එඩ්‍රස් එක එවන්න පුලුවන්ද???

      Delete
  2. එදත් අපේ ගොවි රජවරු වැඩ කෙරුවා
    ඇසත් සේම ගොවි බිම් වෙත පෙම් කෙරුවා
    දුකත් හිතෙයි අද ගොවිතැන පල නැතුවා
    තවත් ඉදිරි දිනවල කුඹුරුත් නැතුවා....

    හොඳ තේමාවක්, නිර්මාණී. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කවි කොමෙන්ටුනම් මරු...
      ස්තුති..

      Delete
  3. +++++++++++++++
    අපේ රටෙන් දුරස් වෙන අපේ දේවල්...

    ReplyDelete
    Replies
    1. දැන් අපේකම් නැතිතරම් මල්ලි... ඒ අපේකම් දැන් නටබුන් විතරයි..

      Delete
  4. දැන් ගමේ අසිරිය නැති වෙලා නිර්මානි. දැන් ගොයම් කපන්න කයිය හෙවත් අත්තමට වැඩ කිරීමත් නැති වෙලා. මම හරිම ආස දෙයක් තමයි කයිබත් කන්න ඉස්සරහට ඉතින් මොන කයිබත් ද හොඳ නිර්මානයක්. ඔන්න ඉතින් දිගටම ලියමු හොඳේ. මම හරි ආසයි ඔයා ලියන කතා කියවන්න. දැන් අමුතු කතාවත් ලියල ගොඩාක් කල් නේද. අලුතෙන් කතාවක් පටන් ගමු. කසුන් අයියට කියන්න. පාසැල් තෙතොරතුරු ගැන අර අපූරු ලිපි ටික තවත් ඉස්සරහට අරන්යන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔවු කටකාරි... මාත් හරි ආසයි කයි බත්කන්න.. දැන් ඉතින් මොන කයි බත්ද...
      ඔයාට ගොඩක් ස්තුති... තව කතාවක් ලියන්නත් ඕනෙ.. හරි මං කසුන් අයියට කියන්නම්කෝ...

      Delete
  5. මටත් ගමේ ගියපුවම එහෙම හිතෙන දෙයක් තමයි දැන් ගම කොච්චර වෙනස් වෙලාද කියල. වෙනස් වෙන ලෝකෙත් එක්ක අපිත් වෙනස් වෙන්න ඕනෙ තමයි. ඒත් වෙනස් වෙන වේගෙ වැඩියිද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඔව් සිතූ, ගෙඩාක් අය කතා කරන ගැමිකම, ගැමි සුන්දරත්වය දැන් නැති තරම්... ඒක හොඳට දැනෙනවා අව්රුදු කිට්ටු වෙනකොට...
      මාත් හිතන්නේ වෙන වෙනස වේගි වැඩී කියලයි සිතූ...

      Delete
  6. ඇත්ත නේන්නම් දැන් ඒ මොකුත් නෑ නේ. ගොයම් නැටුමකට දෑ කැති සොලවති කුඹුරක් දැක නැති අපේ ළමයි. කියන සිංදුව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ++++
      ඔයාට අක්කෙ ගැලපෙනම සිංදුවක් මතක් වෙලා තියෙන්නෙ:D

      Delete
  7. //ආවත් නෙලන්නට දැන් මෙහි පළා නැතී
    දියහොල්මනේ දැන් ඒ කිසිදෙයක් නැතී ///

    මොකක් ද මේ "දියහොල්මනේ" කියන්නේ නිර්මාණි ?

    ReplyDelete
    Replies
    1. දිය හොල්මන කියන්නෙ කුඹුරට වතුර එනතැන හදවපු ඇටවුමක්.
      අඩි දෙකක පමන උණ බට කෑල්ලක් හරිමැදින් අදාරකයක් මත සවිකරගෙන , වතුර පාර එම උණ බටය වෙත යොමුකරනව වතුර වල බරට උණ බටය පාත්වෙන තැනට සහ ආපසු සමාන්තර වෙන දෙපසට ගල් දෙකක් තියනව , වතුරෙ පාරෙ බරට වැටෙද්දියි සමාන්තර වෙද්දියි ගල් දෙකේ වැදිල එන සද්දෙට කුරුල්ලො බය කරන එම ඇටවුමට තමයි කුඹුරෙ දිය හොල්මන කියන්නෙ.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. හුලඟින් වැඩ කරන එකකුත් තියනව නේද?

      Delete
    4. ස්තුතියි කම්මල පැහැදිලි කිරීමට..:)

      Delete
    5. හුළං වලින් වැඩකරන්න හදන එකෙන් කඨෝර ශබ්දයක් එන්ඩ හදන්න පුළුවන්. ඒව හදන්නෙ කුඹුරට වතුර නැති , අස්වැන්න නෙලන්ඩ ආසන්න වෙද්දි කරල් බේරගන්ඩ.

      Delete
    6. බට දඩු රකින තැන බට දඩු කුරුල්ලා
      උණ දඩු රකින තැන උණ දඩු කුරුල්ලා
      වතුර වැටෙන තැන හොල්මන් කුරුල්ලා
      සිවු පද කියන හපනක් මෙහි වරෙල්ලා

      තව විස්තර දැනගන්න කියවනවා නම්..

      https://manojikasagari.wordpress.com/2011/03/09/%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/

      Delete
    7. @කල්‍යාණ මිත්‍ර

      නොදන්නා දේ අසන බිළින්දා
      අසනා දේ පැහැදිලි කරන්නා
      ලං කරගෙන මෙහි අසන්නා
      බ්ලොගයට යනු බැරි කුමක්දා....

      Delete
    8. @අ.ආ..

      ඒක මං වහල දැම්ම.. ගන්න දෙයක් නෑ.. :)

      Delete
    9. @ කල්‍යාණ මිත්‍ර

      ඇත්තටම.... ගන්න දෙයක් නැති වෙන්න බැ.... :)

      Delete
    10. @අ.ආ, කම්මලේ, ප්‍රාජේ, කමී, කස්ටියටම විස්කෝතුයි... මං හරි කැමති මේ වගේ සංවාධවලට... ඒව හරි වටිනවා...

      Delete
  8. ඇත්ත තමයි අද කාලේ ළමයින්ට අපි විඳපු අත්දැකීම් විඳගන්න අවස්ථාව නෑ.

    ReplyDelete
    Replies
    1. අක්කලාගෙ අද්දැකීම් එක්ක බලනකොට අපි ලැබුව අද්දැකීමුත් බොහොම ටිකයි... ඒත් ඉදිරි පරම්පරාවට ඒ ටිකවත් නැතිවේගන යන්නෙ...
      ඉස්සහට ඒවා බලාගන්න වෙන්නේ නෙට් එකෙන්ම තමයි...

      Delete
  9. මේ දවස් වල ගොයම් කපනවද හිටන්? මේ පලාත් වල නම් බොහෝ දෙනා කපලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ දැන් කපනවා... කපනවා කියුවට වගා කරල නැති තරම්... සාරසත් නුවරනේ?

      Delete
  10. මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ..
    මංමුලාවූ තව පඹයෙකුගෙනි ප්‍රශ්ණ අසා තිබුනේ..

    - මිට ඔයාලයි කුඹුරේ හිටි පඹයා.. :)

    ReplyDelete
  11. Replies
    1. ස්තුතී ඔයාටත්...
      ජයවේවා..

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.