Wednesday, October 7, 2015

ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරීමේදී හිතකර වචන භාවිතා කරන ලෙස ඉල්ලීම




ඉතිහාසයේ සිටම අප සියලූ දෙනා විසින් ආබාධ සහිත පුද්ගලයින්ව උපමා කථා සදහා යොදා ගෙන ඇති අතර විවිධ කරුණු ඉදිරිපත් කිරිමේදි මේවා භාවිතා කරනු ලබයි. කථා පැවැත්වීමේදී, දේශනවලදී, ධර්ම දේශනා සහ වෙනත් උත්සව අවස්ථාවලදී විවිධ මාතෘකා ඔස්සේ මෙම උපමා කථාවන් යොදා ගැනේ.  උදාහරණ - අන්ධයා කිරි කෑ හැටි, අන්ධයා අලියාගේ හැඩරුව දැක් වූ හැටි යනාදි කථා පෙන්වා දිය හැකිය.
ආබාධ සහිත තැනැත්තන්ගේ ආත්ම අභිමානයට සහ ගෞරවයට හානියක් වන ආකාරයේ වචන මෙම උපමා සදහා භාවිතා කිරීම සිදුවේ. යම් කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ සිදු වී ඇති වෙනසක් පාදක කරගනිමින් කරනු ලබන මෙවැනි කථා බහ වර්තමාන සමාජයට කිසිසේත් නොගැලපෙන්නකි.  එම නිසා ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරීමේදී ඔවුනගේ ගෞරවයට සහ ආත්ම අභිමානයට හානියක් නොවන ආකාරයේ වචන භාවිතා කිරීම අප සියලූ දෙනාගේම වගකීම බව පෙන්වා දීමට කැමැත්තෙමු.  
මෙම තත්වය වෙනස් කිරීම සදහා ආබාධ සහිත පුද්ගලයින් පිළිබදව කථා බහ කිරිමේදී පහත සදහන් හිතකර වචන භාවිතා කරන මෙන් ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු. 
ආබාධ සහිත පුද්ගලයන් සදහා හිතකර වචන
·              ආබාධ සහිත පුද්ගලයින් 
·              ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයින්
·              දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්
·              ශාරිරික ආබාධ සහිත පුද්ගලයින්
·              මානසික ආබාධ සහිත පුද්ගලයින්
·              බුද්ධි ඌනතා සහිත පුද්ගලයින්
·              රෝද පුටු භාවිතා කරන්නන්
·              බහු ආබාධ සහිත පුද්ගලයන්
·              සුදු සැරයටි භාවිතා කරන්නන්

එසේම මිනිස් වර්ගයාට නොගැලපෙන, අපහාසත්මක සහ අවමානයක් ඇති කර වන පහත සදහන් වචන භාවිතා කිරීම නතර කරන මෙන් ද ඔබෙන් ඉල්ලා සිටිමු. 
භාවිතා කිරීම නතර කළ යුතු වචන
අන්ධයා
කණා
එකැස් කණා
පොට්ටයා

අබ්බගාතයා
අබාධිතයා
අංගවිකල
කොටා
කොරා
අත කොට
බෙල්ල ඇදයා
බෙල්ල කොට
කුදා

මන්ද බුද්ධිකයා / මන්ද බුද්ධික

බීරා
ගොලුවා

කිසියම් රෝගී තත්වයක් නිසා හෝ වෙනයම් අනපේක්ෂිත අනතුරක් නිසා ඔබ හෝ ඔබගේ පවුලේ අයෙකු ද ආබාධ සහිත පුද්ගලයෙකු බවට පත් විය හැකිය.  එවිට ඔබට ද මෙම අවමානයට මුහුණ පෑමට සිදු වනු ඇති බැවින් සැම විටම ආබාධ සහිත පුද්ගලයින් සදහා හිතකර වචන භාවිතා කරන්න.   කිසියම් අවස්ථාවක ඔබගේ හිතවතෙකු හෝ ඔබ අසල සිටින අයෙකු මෙවැනි අහිතකර වචන භාවිතා කරන්නේ නම් ඔහුව හෝ ඇයව නිවැරදි කිරීමට උත්සාහ කරන්න. 
ඔබත් ආබාධ සහිත පුද්ගලයින් සදහා හිතකර වචන භාවිතා කරන පුද්ගලයෙකු බවට පත් වන්න.  ඒ සදහා අන් අයව උනන්දු කරවිමට සහාය වන්න.

පසු සටහන:
මෙම සටහන මෛරයිට් ශ්‍රී ලංකා සංවිධානය විසින් ක්‍රියාත්මක කල මාද්‍ය වැඩසටහනක් වෙනුවෙන් සැකසුනකි. මේ සටහන ඵල කිරීම සඳහා අවසරය සහ අදාල මෘදු පිටපත ලබාදුන් මෛරයිට් ශ්‍රී ලංකා සංවිධානයේ සම්බන්දීකාරක අසංග රුවන් පෙරේරා මහතාට ස්තුතිවන්ත වන අතර මේ පිලිබඳව ඔබේ නව අදහස් ද බලාපොරොත්තු වෙමි. එම අදහස්ද සැලකිල්ලට ගෙන මෙම සටහන තවත් ගුනාත්මක සටහනක් බවට පත් කෙරෙනු ඇත

51 comments:

  1. කසුන්,
    මෙන්න ඔය කියන පොලිටිකල් කරෙක්ට්නස් ගැන උදාහරණ සහිතව මා ලියූ ලිපියක්.
    http://rasikalogy.blogspot.com/2015/09/politically-correct-speech.html

    ReplyDelete
    Replies
    1. ඔව් රසිකයියේ. මම මේ ලිපිය කියෙව්වා. මෙන්න මම ඒකට ලියපු කොමෙන්ට් එක. (උපුටාගැනීම රසිකලොජියෙනි.)

      //Ahasenenna6 September 2015 at 23:45
      රසික මේ වගේ තමන්ගේ වරද පිලිගන්න තරම් සිංහලයෙක් තමන්ට අවංක වීම ගැන සතුටුයි. ඔබ එය ප්‍රගුන කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බව පැහැදිලියි. අපේ හැම කෙනෙක්ට ම ඔය පුරුද්ද තියෙනවානම් කොච්චර හොඳ ද? මේ විදිහට ශරීරයේ දුර්වල දේකට ගහනකොට ඒ දුර්වල කෙනා කොයිතරම් වැටෙනවද කියලා දන්නේ ඒ කෙනා විතරයි. ඒ වෙලාවේ එන හැඟීම වෙන කෙනෙකුට දැනෙන්නේ නෑ.//

      අදහසට ස්තුති.

      Delete
  2. සමහර වෙලාවට අපහාස කිරීමේ අරමුණින්ම නොවුනත් මෙවැනි වදන් භාවිතයට මිනිස්සු පෙළඹෙන්න පුළුවන්, ඒ තුලින් අනෙකාට අපහාසයක් අපහසුතාවයක් වන බව පිළිඹඳ අවබෝධයක් නැතිව. නමුත් සමස්තයක් ලෙස ගත්තම මේ ආකාරයේ ආමන්ත්‍රණ නව්ත්තන්න් පුලුවන්නම් හොඳයි ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් මේ ගැන බොහෝ දෙනාට අද්දැකීම් නැහැ. ඒ කියන්නේ තමන්ට මේ වගේ කතාවක් අහන්න වෙලා නෑ. ඒ නිසා ඒ ගැන හිතන්නත් එයාට බෑ. නමුත් මේ වගේ දැනුවත් කිරීම් නිසා හෝ ඔවුන් මේ කාරනය අවබෝද කරගනීවියැයි සිතනවා.

      Delete
  3. මේ වගෙ දේවල් ජාතික මට්ටමින් ඉදිරිපත් වෙන ඕනෙ දේවල් කසුන්. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව මේ වගෙ දේවල් හදන්න බෑ. ලංකාවෙ මිනිස්සු ආකල්ප අතින් ගොඩක් පහලින් ඉන්නෙ. මොන තරම් දැනුවත් කලත්, බණ කිවුවත්, හතර පෝයට සිල් ගත්තත්, පොත් පත්තර වල ලිපි කියෙවුවත් මේ මිනිස්සු මේ වගෙ දේවල් පිලිගන්නෙ නැත්තෙ ඇයි කියන්න දන්නෙ නෑ. බොහොමයක් රටවල මේ දේවල් ප්‍රතිපත්තිමය විදිහට පිලිඅරගෙන තියෙනවා. ඒත් ලංකාවෙ මිනිස්සු?

    ReplyDelete
    Replies
    1. +++++++++++
      ආබාධ සහිත පුද්ගයන්ට විතරක් නෙවෙයි.අනිත් අයගේ උනත් ආත්ම අභිමානයට සහ ගෞරවයට හානියක් වන විදියට කතා කිරිම අදහස්දැක්වීම සුදුසු නැ.මම ජෝක් එකට කොමන්ටුවකට එදා එහෙම නමක් දැම්ම වෙලාවේ උඹ මතක් කලා ඒක නොකර ඉමු කියලා.උඹේ ඒ පිලිවෙත අනිත් බිලොග් වලත් තිබෙනව නම් ඒක ගොඩක් වටිනවා.මම ඉන් පස්සේ වෙන පෝස්ට් වල කොමන්ටුවක් දානකොට උනත් පුද්ගල නම් ගම් පාවිච්චි කරනකොට ගොඩක් සැලකිලිමත් වෙනවා.

      Delete
    2. මනෝ, මෙන්ඩා,
      අපි ටික හිතවත් කමට උඹ බං බොලං කිවුවට අනික් අයට එහෙම කතා කරන්න බෑ මචෝ. මෙන්ඩා නම් දන්නවා අඑති හම්බුන වෙලාවෙ කතා කලේ කොහොමද කියලා.
      අපිට වෙන උන් හදන්න බෑ බං. ඒ හින්දා අපි හැදිලා ඉන්න එකයි කෙරෙන්න ඕනෙ. ඒක දැකලා මොලේ තියෙන උන් හැදෙවි. මං දන්නවා මනෝ උඹ මට වඩා වැඩිමල් කියලා. එ උනත් මං කියපු දෙ පිලිගත්තා කියන්නෙ උඹෙ තියෙන යහපත්කම තමයි.

      Delete
    3. කැමා,
      මේවා ජාතික මට්ටමින් කතාකරනකොට එන ප්‍රදානම ගැටලුව තමයි පාර්ලිමෙන්තුව. අපි මොනව කරත් එතනින් වැඩේ කරගන්න හරිම අමාරුයි. වැන්දත් බෑ. තවම ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පනත වත් සම්මත නෑ.

      මනෝ,
      හැම කෙනෙකුටම ගෞරවයක් කියල දෙයක් තියෙනවනෙ. මේක තේරුම්ගන්නවනම් කාටවත් කිසිම හිත් රිදීමක් නොවේවි. උඹ කැමාගෙ බ්ලොගේදි ක්‍රියාකරපු විදිහට මගේ මෙව්වා එක.

      මෙන්ඩො,
      ඕං මම මෙන්ඩයියගෙ කොමෙන්ටුව හිතාගත්තා. එල එල.

      කැමා,
      //අපිට වෙන උන් හදන්න බෑ බං. ඒ හින්දා අපි හැදිලා ඉන්න එකයි කෙරෙන්න ඕනෙ.//
      මේක වෙනවනම් වෙන දේවල් මොකටද? එතකොට හැමෝම හැදිල ඉඳීවි.

      අර මෙන්ඩයියා හම්බුන දවසේ කතා කලේ කොහොමද කියලත් කියහංකො.

      Delete
    4. කසුනෝ රිප්ලයි පරක්කුයි.

      Delete
  4. කාලෙකට ඉහතදී ගුවන්විදුලියෙන් විකාශනය වූ සමහර ගීත මේ තත්වය අවබෝධ කරගැනීමෙන් පසු විකාශනය නවත්වා දැමුණා.

    තවමත් අපේ රටේ ගොඩනැගිලි බොහොමයකට, මෙවැනි පුද්ගලයන් ට ඇතුළුවීම සඳහා, විශේෂ පහසුකම් සලසා නොතිබීම ලොකු අඩුවක්.

    impaired කියන වචනයට ආබාධ සහිත කියලා යොදනවාට වඩා හොඳ වචනයක් හොයාගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ස්තුති විචාරක මහත්තයෝ අදහසට. මම දන්න තරමින් ලෝක මට්ටමෙන් තවම මේ impaired වචනෙට හොඳම නිර්වචනයක් නෑ. කාලෙන් කාලෙට මේ නම් වෙනස් වුනා. ඉදිරියෙදි වෙනත් හොඳ වචනයක් ඒවි කියල හිතමු. අපි ඒකට උත්සාහ කරමු.

      Delete
    2. challenged?
      differently able?

      Delete
    3. ඒ දෙකම දැන් වෙනකොට වෙනස් විය යුතු බවට අදහස් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. බොහෝවිට නොදුරේදිම අලුත් ආදේශකයන් ඒවි.

      Delete
    4. විචාරක,
      ප්‍රවේශ පහසුකම් ගැන නම් කියන්න තියෙන්නෙ බොහොම කනගාටුයි කියල තමයි. මේ ලඟදි මගේ යාලුවෙක් හොස්පිටල් ගිහින් තිබුනා. ඒ එයාගෙ බිරිඳව බලන්න. ඒ වෙලාවෙ ඔහු පාදයක් අහිමි අයෙක් නිසා ත්‍රීරෝද රතය වාට්ටුව අසලකටවත් ගන්න ආරක්ශක අන්ශ ඉඩ දී තිබුනෙ නෑ. ඔහුගේ පාදයේ ආබාදයගැන කියනකොට කියල තිබුනෙ එහෙමනම් නෑවිත් ඉන්න තිබුන කියලා. තමන්ගෙ බිරිඳ රෝගී වුන වෙලාවක බලන්නවත් නොයා සිටීම කොයිතරම් අපහසුද කියල මේ ආරක්ශකයන් නොදන්නවා වෙන්නැති කියලයි මට හිතුනෙ.

      පසුව මා ඔහු දැනුවත් කළේ ‍ෙරෝහල් පාලන අදිකාරියට ඒ පිලිබඳ පැමිනිලි කරන්න කියලයි. නමුත් යලි මේ රෝහලට පැමිනීමේදී ඊටත් වඩා අපහසුතාවට පත් කරාවිය යන සැකය නිසා ඔහු එය සිදුකර තිබුනේ නැහැ.

      ඔන්න ඔහොමයි අපේ රටේ තත්ත්වෙ.

      Delete
  5. ඒක ඒ අයව ආත්මානුකම්පාවෙන් පුරවන කොටිංම තමන්ව අසරණ කරවන දෙයක් කියල බලං ඉන්න ඒ වචන භාවිතා කරන අය හිතන්නෙ නැති එක තමා ප්‍රධානම දේ.. අනිත් එක බස්එක්කට නැග්ගත් ඒ කෙනෙක්ට තියෙන සැලකිල්ල දැක්කම ඇත්තටම දුක හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ්.. හැමෝම මේ විදිහට හිතුවොත් මේ ප්‍රෂ්නෙ ඉවරයි. මේ ගැන නොදැනුවත්කම තමයි බොහෝවිට තියෙන්නෙ. ඒක මේ වගේ ලිපිවලින් හරි කරන්න උත්සාහ කරනවා.

      Delete
  6. අපහාස කිරීමේ අදහසට වඩා ගොඩක් වෙලාවට ඒ තරම් ඒ ගැන නොහිතීම නිසා මේ වගේ වචන භාවිතා කිරීම් සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු අතරේ මේ වගේ හිතන්න පෙළබෙන සටහන්, විවිධ වැඩසටහන් මගින් යම් දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් හුඟක් සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි. මේ ලිපියත් මේ විදිහට එන්නේ ඒ නිසාමයි. අපි ඉස්සරහට තවත් ක්‍රම මගින් මේ ගැන දැනුවත් කරන්න උත්සාහ කරනවා.

      Delete
  7. කෙනෙකුට තද හිත් වේදනාවක් දැනෙන දෙයක් තමයි තමන්ගේ අඩුපාඩුවක්,ආබාධයක්,වෙනසක් අල්ලගෙන නමක් පට බැදලා ඒ නමින් කතා කරන එක.නමුත් අපි නොහිතන දෙයක් තමයි අපි හැමෝගෙම අඩුපාඩු තියනවා කියන එක.අපි කවුරැවත් අංග සම්පූර්ණ නැ.

    මොන අඩුපාඩුව තිබුනත් ජීවිතේ ජයගෙන අනිත් අයටත් සාර්ථකත්වයට පාර පෙන්වන Nick Vujicic ගැන බොහෝ දෙනෙක් දන්නවා ඇති.දැකලා නැත්නම් බලාගන්න යටින් ලින්ක් එක දාන්නම්.

    Nick Vujicic

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝ. මේ ලිපියෙනුත් ඒ ගැන ටිකක්හරි හිතන්න කව්රුහරි පෙලඹෙනවනම් ඒ කියන්නෙ මේ ලිපිය සාර්තකයි. ඔබේ අදහස්වලට ස්තුති මනෝ.

      Delete
    2. කසුන් මම මගේ ඊලග පෝස්ටි එකට දාන්නේ සත්‍ය කතාවක්.ඒ තමයි ඇස් දෙකම නොපෙනෙන දරැවෙක්ගේ ජීවිතය අලලා ලියවෙන ඉතා සංවේදි කතාවක්.ඒ කතාවේ ගොඩක් දෙවල් තියනවා ඇස් දෙකම පේන අයට ඉගෙන ගන්න.ඒ නිසාමයි ඒ කතාව ලියන්න හිතුවේ.

      Delete
    3. ලියන්න මනෝ. මගෙ අද්දැකීම් එකතුකරන්නත් පුලුවන් වේවි.

      Delete
  8. ඉතාමත් හොඳින් හිතට ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් අයියෙ. ඔයාලගෙ බේරෙ ගෙදර කතෘ කෙනෙක් එදා මේ වැඩසටහනට ආවා. ඇවිත් මේ ගැන කතා කලා. ඔබේ ආයතනයත් ඔබ මෙන්ම මේ සියල්ලටම එකඟයි.

      Delete
  9. මගේ අතින් නොවන වැරදි ටිකක් මේ තියෙන්නෙ. අවුරුදු 6 දි විතර ගෙදරට කිරි ගෙනාපු කෙනා දැකල " අම්මේ මෙන්න කිරි කාරය ඇව්ත් " කියපු දවසෙ අම්ම කියල දීපු දෙයින් පස්සෙ මගේ අතින් ඒ එ වගේ වැරදි උනේ නෑ.

    ReplyDelete
  10. මතකනේ මේ ලගදිත් පොලිසිය කරපු වැඩේ කකුලක අබාධයක් තියන පුද්ගලයකුට ගහල කුඩුවෙත් දැම්ම කියල කිව්වා news වලට නිතිය දන්නා අයත් , ඒ ගැන සැලකිලිමත් නෑ. මිතුර ....හිතන්න ඕන තැන වලදී හිතන්නේ නෑ. අබධිතයින් කියන්නේ මේ සමාජයේ විශේෂ සැලකිල්ලක් ලබන පුද්ගලයන්.

    ReplyDelete
    Replies
    1. නිහිම්සා, මේ ලිපියෙන් පස්සේහරි ඒගැන චුට්ටක්හරි හිතනවනම් ඒ ගැන සතුටුයි. මේ ලිපිය කියවන්න ඕන අය මේක කියවනවද කියලා හිතන්න බෑ. නමුත් එක්කෙනෙක්හරි මේ දේවල් තේරුම්ගන්නවනම් ඒ ඇති.

      Delete
    2. මේක කියවන්න එතන ඉන්න බොහෝ අයට දැනුම නෑ කසුන්.... මතකනේ සේයගේ case එකේදී, අර ළමයා පරිඝනකෙත් එක්ක ගෙනාවේ .....

      Delete
  11. ඔබට කීයෙමි වරෙක
    එපා පරමල්
    පයින් පාගන්න
    පරිභව කොට
    ඉමිහිරට....

    පෑගී නන්නාඳුනන පයට
    ඉදල් ඉලපත් පහර ලැබ
    කැළි කසළ යහන පිට
    වැගිර කඩදත් රේණු
    සිඳී පෙති අඟ පසඟ
    කුණු ගඳ ගසයි
    මුකූටය...

    කමා කළ මැන
    පින්වතුනි මට
    සැබෑවකි පරමල
    වනපොත් කළ හැකිද
    මල් සුවඳ
    සදාටම?....

    රත්න ශ්‍රී විජේසිංහ
    (සන්ධ්‍යා තීර්ථය - කාව්‍ය සංග්‍රහය)

    ReplyDelete
    Replies
    1. මේ ලිපියට සාහිත්‍ය එකතු කරාට ස්තුති සින්දු. ඔබ මේ ගැන අවබෝදයක් ඇති කෙනෙකු යැයි මට හිතෙනවා.

      Delete
  12. ඉංග්‍රීසි භාෂාවේ දැන් Disable කියන වචනය භාවිතා කරන්නෙත් නෑ.. ඒ වෙනුවට කියන්නේ Differently Able කියල.. උඩින් ඉවාන් කියුවා වගේ අපි සමහරවෙලාවට හෘදයන්ගමව මේ වගේ වචන භාවිතා කරනවා..එත් අපි නොහිතුවට ඒ යට එකෙන් අපහසුතාවයක් දැනෙනවා ඇති.. ඉස්සර මට පෙන්නන්න බෑ මට කවුරුවත් කළුවා, තඩියා වගේ ඒවා කියනවට.. දැන්නම් එච්චර ගානක් නෑ..
    කොච්චර දේවල් තියෙනවද හිතන්න.. නේද?

    ReplyDelete
    Replies
    1. අද ඉඳන් කල්යාණමිත්‍රට මං කියන්නෙ " අර සුදු slim අහිංසක මහත්තය" කියල :-D


      Special කියන වචනෙත් differently able එකට සමහර අවස්ථාවල යොදා ගන්න පුලුවන්


      Delete
    2. සුදු slim අහිංසක මහත්තය"
      හැ..හෑ..මලා

      Delete
    3. කල්යානෙ,
      ඒකතමයි. මේ විදිහට කියන බොහෝ දෙනා දන්නෙ නෑ මේ කියන එක වචනෙකින් අනිත් කෙනා කොයිතරම් අපහසුතාවට පත් වෙනවද කියල. ඒක දන්නවනම් කවදාවත් එහෙම කිසිම දෙයක් කියන්නේ නෑ. හිතන්න බොහෝ දේ තියෙනව මිත්‍ර.

      ප්‍රා ජේ,
      ස්පෙශල් නීඩ්ස් වගේ වචන බාවිතා කරනවා. නමුත් ඒ වචනෙත් නිවැරදිම නෑ.

      ඔය ආබාධිත, විශේෂ අවෂ්‍යතා සහිත, විශේෂ හැකියාවන් ඇති වගේ අදහස් නෙ මේවායෙන් එන්නෙ. තවත් පරන වචනයක් තිබුනා කායික අෂක්නුතා කියලා දැන් ඒක පාවිච්චි කරන්නෙත් නෑ.

      ඔන්න කල්යානේ මුං විහිලු කරන ඒවට මම නෑහොඳේ.

      Delete
    4. ඇත්තටම, අර කියන “වෙනස් විදිහෙ හැකියාවන් ඇති“ කියන කොටසට මාත් කැමතියි. මොකද, ඒ අය ඇත්තටම ජීවිතයට මුහුණ දෙන විදිහට හිතෙනවා, අනික් අයගෙ මොකක් හරි අඩුවක් තියෙනවයි කියලා...

      Delete
  13. ඔබ හරි කසුන්................ මේවා සමාජය දැනගත යුතුයි.... මේ ගැන සංවාදයක් අරඹන්න ඔබ සුදුසුම පුද්ගලයා තමා.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් සහ අන්තර්ජාලයට මේ පනිවිඩය සිංහලෙන් ගේන්න මට පුලුවන් වුනා. නමුත් මේ පනිවිඩය සමාජයට ගෙනයාමට අපේ බොහෝ දෙනා උත්සාහ කරනවා. ඒ හැමෝටම ස්තුති කරන්න ඕනෙ. අපි මේ ගැන සංවාදයක් අරඹමු. මේ ආරම්බයයි.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කුයිකගේ කතාව මතකයි නේද?
    නියමයි මචන් ඉදිරියටත් මෙවැනි ලිපි ලියහන්...

    ඒක නෙමේ ඔබත් මමත් එකට මොනාහරි එවන්නද?
    ජයවේ කස්

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි. හොඳට මතකයි.

      ඔබත් මමත් එකට එවහං. හොඳ රූපෙකුත් අමුනහං. මට ඔය රූප කෙරුවාව බෑනෙ බං.

      Delete
  16. අපේ මිනිස්සු අපහාස කරන්න නෙවෙයි සමහර විට පුරුද්දට, ලේසියටත් මෙහෙම කියනවා..... මම දන්නා කෙනෙක් හිටියා එයාව කට්ටිය හැඳින්නුවේ ... ගොළු මාමා/ගොළු අය්යා වගේ වචන වලින්

    ReplyDelete
    Replies
    1. ඔව් බන්ඩා. මිනිස්සු එහෙම කරාට ඒ මනුස්සය ඒ ගැන දන්නවනම් මොනව හිතයි ද? සමහරවිට එයාට මේක සංඥා බාෂාවෙන් කිව්වොත් ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුලුවන්. එහෙම හඳුන්වා දීම පහසුවක් වුනත් එය එතරම් යෝග්‍ය නොවන බවයි මගේ හැඟීම.

      Delete
  17. පෝස්ට් එකේ අන්තර්ගතය හොඳට හිතට ගත්තා...
    අපිට කවදාවත් වැඩිහිටි සමාජයක් වෙනස් කරලා හරි මේ දේවල් හදන්න බැහැ...මේ දේවල් හදන්න ඕනේ ළමයි කුඩා කාලේ ඉඳලමයි, ගෙදරදී සහ ඉස්කෝලෙන්...
    ඒ කියන්නේ අපි සමාජයට හිමීට ගොඩ නැගෙන්න දෙන්න ඕනේ පුංචි දරුවෙක් ලොකු වෙනවා වගේ...
    මේ වගේ වෙනසක් කරන්න අවත්‍යතාවක් නැති ගෙදරක ඉන්න පුංචි හිත් වලට පවා පාසල් තුළදී මේ අදහස් හොඳින් කා වද්දලා ලොකු පෙරළියක් කරන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. ඒක හරි ලොකු පුතේ. මමත් හිතනවා වැඩිහිටියො හදනවට වඩා පොඩි දරුවන්ගෙ ඉඳලා පටන්ගන්න එක හොඳයි කියලා. ස්තුති අදහස් දැක්වීමට.

      Delete
  18. කසුන් මැදිහත්වෙලා මේ ලිපි ලියන එක ගැන ගොඩක් අගය කරනව බ්ලොග් කියවන අපි වගේම බ්ලොග් නියවන්නේ නැති ඒ වුනාට අන්තර්ජාලය දවස පුරාම පාවිච්චි කරන අනෙක් හැමෝටමත් මේ දේවල් කියවන්න දෙන්න පුලුවන්නම් ගොඩක් දෙනෙකුට මේ ගැන පණිවිඩයක් හිතන්න දෙයක් දෙන්න පුළුවන් කසුන් එහෙම වැඩපිළිවෙලක් නැතිද මුහුණු පොතේ වත් මේ දේවල් අනෙක් හැමෝටම බලන්න කියවන්න දෙන්න පුලුවන්නම් හොඳයි කියල හිතුන .මේ මගේ අදහස :)

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් හන්සි. මම බුකියට යන්නෙ බොහොම කලාතුරකින්. මේ අදහස් ඔයා කියන විදිහට බුකියෙත් ශෙයාර් කරල බලමු. ස්තුතී අදහසට.
      තව වෙබ් පිටු කිහිපයක් මේ දවස්වල ඩිසයින් කරගෙන යනව. ඒවටත් මේවගේ දේවල් ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නෙ.

      Delete
  19. මිනිස්සු එකිනෙකාට ගෞරව කරන දවසක් එනවනම් අපේ රට කොයිතරම් ලස්සන වෙයිද.. එහෙම දවසක් අපිට උදාවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු. අපේ රට මහා ලොකුවට බෞද්ධ සංස්කෘතියක් තියන රට කියල කයිවාරු ගැහුවට මිනිස්සු මිනිස්සුන්ට දක්වන ගෞරවය හරිම අන්තිමයි. බටහිර රටවල ලංකාවට වඩා සිය දහස් ගුණයක වෙනසක් තියෙන්නේ ඔන්න ඔතනදි තමයි. පාරේ මිනිස්සුන්ට අතපාන මනුස්සයෙකුටවත් බටහිර රටවල මිනිස්සු පහත් කරලා කතා කරන්නේ නැහැ. මානව හිමිකම් , අපහාස නීති වගේ මිනිස්සු සුළුකොට තකන නීති රීති මීට වඩා හුඟක් තද උනානම් අපේ මිනිස්සුත් කටින් වචනයක් එලියට දාන්න කලින් දෙවරක් හිතන්න පුරුදු වෙයි.

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.