Saturday, October 24, 2015

අසන්න! නමුත් මේ ඔහුගේ කතාව නොවේ.



එකම ඉඩමක්, මැද වැටක්, දෙපසින් දෙසොහෝයුරන් කරන නිහඬ සටනක්.
ඔබ මේ ගීතයත් අසා නැතිවන්නටද පුලුවන්.මේ ඔහුගේ මෙන්ම මගේද, මෙය කියවන ඔබේද කතාව නොවන්නට පුලුවන්. නමුත් මේ ලංකා දීපයේ කාගේ හෝ කතාව වන්නට ද පුලුවන්.

මේ ගීතය ලියන්නේ වර්න කුලකය ලියන වර්නයා. එක බත් මුල කාගෙන, එක ඇඳේ නිදියගෙන, නැගිටල එක බුරුසුවෙන් දත් නොමැද්දට එකට හිටපු කාලේ ලියපු එකක්. ඒ කියන්නෙ කැම්පස් එකේ දෙවනි අව්රුද්දෙ  වගේ මට මතක හැටියට. ඒ කාලෙ අපිට අමුතු අමුතු වැඩ කරන්න අදහස් ආවා. උගේ ලඟ ලිය ලිය හිටපු සින්දු, කවි පොතක් තිබුන. ලියල ඉවර වෙච්ච කවියක් අපිට මේකත් හොඳ ද කියහං කියල හැමදාම කවිය කියවන එක මූ පුරුද්දක් කරගෙන හිටියෙ. ඔය අතරෙ මේ වචන ටික හම්බෙනව. මේක අහගෙන හිටපු මම කියනව “අපි මේකෙන් සින්දුවක් කරමුද? “සින්දුවක් කරන්න කෝ අපිලඟ බඩු? ඔහොම පටන්ගත්ත කතාව අතරෙ මේක අහගෙන ඉන්න, සංගීතෙට උපන් හපන් තිස්ස “හරි කරමු, කරමුකියනව. එහෙනම් මේ වචන ටික ලියාගනින් කියල වර්නය මේ වචනටික කියනව. හරි. හෙට කියල බලමු. අපි නිදි.

පහුවදා රෑ වෙලා කැම්පස් එක ඇතුලෙ දෘශ්‍යාබාධිත ෂිශ්‍ය සංගමේ ලඟට යන්නෙ වර්නයයි, තිස්සයි චමලයි මමයි. කබඩ් එකේ තිබුනු සර්පිනාවයි, තබ්ලසෙට් එකයි අරගෙන වැඩේට ලෑස්ති වෙන අතරේ මම මේක රෙකෝඩ් කරන්න ලෑස්ති වෙනව. දැන් හරි. චමල නොහොත් .......... තබ්ලා ගහනව. තිස්ස සර්පිනා ගහනව. මම රෙකෝඩ් කරනව. වර්නය ඒ කාලෙ ................... මොකද වෙන්නෙ කියල බලං ඉන්නෙ. හරි වැඩේත් ඉවරයි කියමුකො.

මම එඩිට් කරන්න කලින් වර්නයට දීපු සින්දුව මෙන්න මූ පින්තූරෙකුත් හදල යූටියුබයට දාල. දැන් මොනව කරන්නද? අපි අර අගේට එඩිට් කරපු සින්දුවත් මගේ හාර්ඩ් ඩිස්කයේ මලගමත් එක්ක නැති වුනා. අනිත් උන් ලඟත් කොපියක් නෑ කියල දැනගෙන තිබුනු එකම කොපිය මෙතන අතාරිනව.

එහෙනම් සින්දු අහන්න පහසුකම් නැති අය මට නොබැන මේ වචන ටිකෙන් සැනහෙන්ඩලා. අනිත් අය සින්දුවත් අහලම බනින්ඩලා.

එහෙනම් වෙනත් දෙයක් ලියනකල් මම නවතිනව.


මායිමේ වැට බැඳෙද්දී
බිඳෙන්නේ සිත් පවුරමයි
කට පුරා අයියා කියූ..
සිත පුරා මල්ලියි ඇසූ..
පන්සලේ පටු තීරුවේ
සිතුවමක් සිනහ වී සිටියා
දෙදරවා ගිය බිඳි ඉරෙන් ඒ
සිනහවද මැකුණා....
පැන්සලේ තුඩ උල්කළේ නුඹ
එයම නුඹ හද විදී තිබුණා
මිතුදමේ සොහොයුරු දමේ ලේ
ගල් ගැසී තිබුණා...

47 comments:

  1. කසුන් මම සින්දුව නම් ඇහුවේ මුල් පද පේලි කීපය විතරයි හැබැයි මේ ලියල තියන පද පේලි ටිකට නම් ගොඩක් හිත ගියා.හරි අගෙයි හරි අපූරුවට ගලපල.

    ReplyDelete
    Replies
    1. හා අද හන්සි එක වෙලා.

      ඉස්තූතී ඉස්තූතී.

      Delete
  2. කොල්ලා ඒ කාලෙ ඉඳන්ම වැඩ අල්ලලා... අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. එහෙම නොවී කොහොමද ගස්.

      Delete
  3. ආ....මල්ලියේ..සනීපෙන් ඉන්නවද......?
    අද මම හොදටම පරක්කු වුනා.දැන් තමයි ගෙදර ආවේ............
    සිංදුව ඩවුන්ලෝඩ් වෙන්නේ නැති ගැටලුවක් ආවා.ඩවුන්ලෝඩ් කරගෙන අහලම ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. හාහ් මනෝ අයියන්ඩි. මං බැලුවෙ කොහේ ගිහින්ද කියල. මාත් මේ ඉන්නව අප්පා. තරු පෙනිල තියෙන්නෙ. බලන්ඩ සින්දුව අහලම කියන්නකො.

      Delete
    2. මම සිංදුව ඇහුවා....
      මේකට තව පද පේලි කිහිපයක් එකතු කරලා ගත්තනම් තවත් සාර්ථකවෙයි...
      ශ්‍රාස්ත්‍රිය මට්ටමේ ඉහලම නිර්මාණාත්මක හැකියාවක් තියෙන අපේ වර්ණ මල්ලියා වගේ අයගේ පබැදුම් ගිත විදියට අපි අතරට නොඑන එකයි ප්‍රශ්නේ...ඒ වෙනුවට එන්නේ අමාරුවෙන් කන්කෙදිරි ගානවා වගේ පද ලියවුන ගීතනේ...

      Delete
    3. තවත් ලස්සන සින්දුවක් මං රෙකෝඩ් කරා. ඒකෙ ඕඩියෝ එකත් දැන් මගෙ ලඟ නෑ මනෝ. ඒකට අපි සෑහෙන්ඩ මහන්සි වුනා. හොයාගන්න පුලුවන් වුනොත් ටික දවසකින් අතාරින්නම්. ඔය වගේ නිර්මානවලට ආසා කරන නිසාමයි මේ වැඩෙත් කරේ.

      Delete
    4. මොකක්ද කසුනො ඒක?

      Delete
    5. වර්ණයා කොහොමත් වැඩ්ඩා!

      Delete
    6. කසුනා උඹට වැඩ වැඩිද;පෙන්නම නෑ මේ ටිකේ.....

      Delete
  4. උඹ මගෙන් අහගන්න හදන්නෙ ඔය...
    ලස්සනයි කසුනෝ... ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. ආ මල්ලි........සෑහෙන දවසකට පස්සේ......
      (මූනත් ඉදිමිලා වගේ,ගුටිකාලවත්ද කාගෙන්වත්)

      Delete
    2. හාාාා කැමාාාාා. කොහොමෙයි. උඹෙනුයි, මෙන්ඩගෙනුයි අර උඩ සමාව ඉල්ලලා තියෙන්නෙ.

      මනෝ, ගුටි කාල නෙවෙන්නං.

      Delete
    3. කිසිම සමාවක් නෑ ගේමම තමයි..

      Delete
    4. බෑ බෑ සමාව දෙන්නම බෑ.....
      අඩු කඩනවා..දත් ගලවනවා...

      Delete
    5. හා එහෙමද? ගනු කඩුව, එනු සටනට.

      Delete
    6. දුම්මල එෂ්ඨය, ගණු සටන...එනු කඩුවට.

      Delete
    7. මම උදේ ඉදලා ෆයිට් එකට රෙඩි වෙලා හිටියේ ..කෝ තොපි එකෙක්වත් නෑනේ බොලව්...

      Delete
  5. කසුන්........... සුපර්.......... සුපිරිම සුපර්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී. බොහොම ස්තූතී කුරුටු.

      Delete
  6. කසුන් පද ටික නම් නියමයි ඔහු සැබෑ දක්ෂයෙක්.... වගේම හොද යාළුවෝ ටිකක් ඉන්න වාසනාවන්තයෙක්

    ReplyDelete
  7. මරු සෙට් එකක් නේ ඉඳලා තියෙන්නේ.... තව සින්දුවක් කරමුද?

    ReplyDelete
    Replies
    1. කරන්නනම් ආසයි. ඉස්සරහට බලමු.

      Delete
  8. කෝ දැං අර වර්ණය කියන එකා...
    උ් සිංදුව ලියල හොරෙංම මාරු වෙලා නේහ්...
    මේක තව ටිකක් එහෙ හෙමෙ කරල හොදට ට්‍රැක් එන හදල කරල ස්ටුඩියෝවක කීව නං ගතියටම එයි අඩේ...
    ගති
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඇයි මේ ඉන්නෙ...
      ජයවේවා...

      Delete
  9. ආශා මාරුතෙත් දාපන්කෝ කසුනෝ....්‍
    ජයවේ කසුන්!

    ReplyDelete
    Replies
    1. ආශා මාරුතේ තමයි අනිත් සින්දුව. ඒක නෑනෙ බං. තියෙයිනම් මේලක් දාහං.

      Delete
    2. දහසක් කළු කිමල්ගේ එක?

      Delete
    3. mama laga athi mailak dannam

      Delete
  10. තනුව, පද, සහ හඬ සියල්ලම අනර්ගයි .. දක්ෂයෝ කීප දෙනෙක් එක තැනකට එකතු වෙච්ච අපූරු නිර්මාණයක්.. ඉදිරියටත් තව අපේකම රැකගන්න නිර්මාණ කරමු නේද.

    ReplyDelete
    Replies
    1. ස්තුති අම්බලංගොඩයෝ. ඉදිරියටත් මේවගේ නිර්මාණ කරන්න උත්සාහ කරනවා.

      Delete
  11. මේවාට තව ප්‍රචාරය උවමනායි. බලමු ෂෙයාර් පාරකුත් දාලා.
    මට එකපාරටම මතක් වුණේ ‘අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ‘ සින්දුව.

    ReplyDelete
  12. අපටත් මේ සින්දුව අසන්න සැලැස්සුවාට ස්තුතියි කසුන්. මේ වගේ දක්ෂ නිර්මාණ ශිල්පීන්ට ප්‍රචාරයක් දීම ලොකු සේවයක්

    ReplyDelete
  13. පහුවදා රෑ වෙලා කැම්පස් එක ඇතුලෙ දෘශ්‍යාබාධිත ෂිශ්‍ය සංගමේ ලඟට යන්නෙ වර්නයයි, තිස්සයි චමලයි මමයි. කබඩ් එකේ තිබුනු සර්පිනාවයි, තබ්ලසෙට් එකයි අරගෙන වැඩේට ලෑස්ති වෙන අතරේ මම මේක රෙකෝඩ් කරන්න ලෑස්ති වෙනව

    කසුන් වර්ණගේ ජල්තරස් වැඩ ටිකකුත් ලියලා දාන්ටෝ

    ReplyDelete
  14. සින්දුව නම් ලස්සනයි . කෝ යුටියුබ් ලින්ක් එක.

    ReplyDelete
    Replies
    1. උඩම තියෙන්නෙ යූටියුබ් ලිංක් එක.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.