Wednesday, April 13, 2016

නව වසර ට සුබාසිරි









බුලත් දෙමින් දෙපා වැන්දෙ නැතුවාට,
එක සෙවණක කිරි ඉතිරුවෙ නැතුවාට,
අහසින් ගොඩබිමින් මුහුදෙන් එන ඔබට,
නව වසරට සුභ පතනෙමු අපි ඔබට,

කිරි නැතුවත් සතුට යෙහෙන් ඉතිරේවා,
පැණි නැතුවත් නිරෝග සැප ඇති වේවා,
හැම ධන සිතේ සොම්නස් මල් පිබිදේවා,
බ්ලොග් අවකාෂෙ මිතුදම් තව වැඩි වේවා.

 




බ්ලොග් අවකාෂයේ ලියන, කියවන සැරිසරණ ඔබටත්,
ඔබගේ පවුලේ සැමටත්,
 සියළු ශ්‍රී ලාංකිකයින්ටත්
ශ්‍රී සුභ නව වසරක් වේවා...

ඔන්න දැන් අවුරුදු කෑම මේසේ හැමෝටම ව්‍යුර්තයි. කිරිබත් කතා, කැවුම් කවි, අතිරහ සිංදු, කොකිස් වගේ විස්තර හැමෝටම තමා. හා හා ඔය කොහෙන් කොහෙන් හරි වාඩි උනානං. ඒ වගේම මේ හැම දේම අවුරුද්ද පුරාම රස විදින්න පුලුවන් වේවා කියලා හිතාගෙන කන්න පටන්ගන්න....  අමතක නොකර ගෙනාව කොමෙන්ට්, බුලත්, තෑගිබෝගත් කොහෙන් හරි තියන්න අමතක කරන්න එපා....


අහසෙන් එන අපි:
කසුන්
නිර්මාණි 

32 comments:

  1. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    ReplyDelete
    Replies
    1. ස්තූතී වැසි. සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  2. සුභ අලුත් අවුරුද්දක් කසුන් ට සහ නිර්මාණිට !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති කම්මලේ...
      හැමෝටම සුභ ම සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  3. එහෙනං එසේම වේවා කිව්වා..!
    ජයවේවා..!!

    ReplyDelete
  4. බ්ලොග් අවකාෂෙ මිතුදම් තව වැඩි වේවා.!!

    එහෙමම වේවා

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි. නොවී කොහොමද නේද?

      Delete
  5. නිර්මානි ? බෝතලයක් ගහන්න කාරණයක්ද
    උබලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
    මෙනඩා සදු පොඩි මෙන්ඩ

    ReplyDelete
    Replies
    1. බෝතල්නම් ගහන්න බැරිද මෙන්ඩෙ. කෝ උඹ එනවැයි.

      සුභ අලුත් අවුරුද්දක් වේවා! (මෙන්ඩ, සඳු, පොඩි මෙන්ඩ)

      Delete
  6. සුබ අළුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. මාතලන්ටත් එසේම වේවා.

      Delete
  7. //අතිරහ සිංදු, කොකිස් වගේ විස්තර//
    කෝ කිස්???

    ReplyDelete
  8. සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා චතූ.


      Delete
  9. ඔබ දෙපළටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී..
      ඒ වගේම ඔයාටත් සුභ අලුත් අවුරුුද්දක් වේවා...

      Delete
  10. අහසෙන් එන කසුන්ටයි අපේ නිර්මාණිටයි සුබම සුබ අලුත් අවුරුද්දක්. නෙලුම් යාය දවසෙ කසුන්ව හම්බවෙලා කතා කළා. නිර්මාණිවත් දැකගන්න ආසයි. ආයෙම කසුන් එන දවසක නිර්මාණි වත් එක්කන් එන්නකෝ :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔයාටත්.

      ආ අපි හම්බෙමුකෝ...

      Delete
  11. සුභ අලුත් අවුරුුද්දක් වේවා...

    ReplyDelete
  12. ඔබ දෙපලගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. කටුස්සාගේත් සියලු පැතුම් ඉටු වන නව වසරක් වේවා.....

      Delete
  13. කසුනෝ............. උඹටත් නිර්මාණීටත් සුභම සුභ නව වසරක් වේවා..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුරුටුටත් එසේම වේවා...
      ජය වේවා...

      Delete
  14. සුභ අලුත් අවුරුද්දක්ම වේවා !

    ReplyDelete
  15. මොනවද කතා, බ්ලොග් අවකාශේ මිතුදම් සදාකාලිකං!

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එය එසේමයි.

      ඔබටත් එසේම වේවා...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.