“කුඩා කාලයේ දී මා මුහුණ දුන් වද හින්සා ගැන
සිතන විට නො මැරී බේරීම ගැන පුදුම සිතෙයි. වැඩිහිටියෙකු වූ පසු මාමෙන්ම අසාදාරණකම්
වලට ලක් වූ දහස් ගණන් සිටින බව දැනගන්නට ලැබුණි. ලෝකයේ වෙසෙන සෑම ළමුන් 5 දෙනෙකු
ගෙන්ම එක් අයෙකු ශාරීරික මානසික හෝ ලිංගික අතවරවලට මුහුණ දෙන බව විවිධ මූලාශ්‍ර
ඇසුරෙන් සොයා ගෙන ඇත. අවාසනාවකට මෙන් නො දැනුවත්කම නිසා ළමුන් දැඩි ලෙස පාලනය කළ යුතු
බව බොහෝ වැඩිහිටියෝ විශ්වාස කරති. එසේ කිරීම තම අයිති වාසිකමක් ලෙස ද පිළිගනිති.
මේ කාර්යේ දී ළමුන්ට සිදු විය හැකි සුලු සුලු අතවර නොසලකා හැර යුතු බව ඔව්න්ගේ
අදහසයි. බාල වියේ දී ළමා අතවරවලට ලක් වූ වැඩිහිටියෝ එතෙක් තමන් තුළ ගොඩ නැගෙමින්
පැවති ආතතිය එක් වරම සමීපතමයින් මත මුදා හරිති. දරුවන් ගෙන් පලි ගන්නට වද හින්සන
වලට ලක් කරන්නට පෙලබෙන්නේ බොහෝ විට මෙවන් දෙමව් පියන් ය. දිනපතාම මාධ්‍ය තුළින්
අපට මෙවන් සිදුවීම් අසන්නට දකින්නට ලැබේ. දරුවාට සිහි නැති වන තුරු පහරදෙන, අදුරු
කාමරයක සිර කර තබන, යදමින් බැද තබන, වැසිකිලි වලක ඔබන, ළිඳට වීසි කරණ, වස පොවන
මව්පියන් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකින් නො වේ. මෙබඳු දෙමාපියන්ගේ ළමා කළ
සුරක්ෂිත එකක් යැයි විශ්වාස කළ හැකි ද?
ආපන ශාලාවකට ගොඩ වී හතර අතට වෙඩි තියන්නේත්,
පාසල් ගොඩනැගිල්ලකට පැන ළමුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගන්නේත්, ළමා වියේම වද
හින්සා වලට ගොදුරු වූ මිනිසුන්ම බවට සැකයක් නොමැත. ළමුන් බොහෝ විට නිවසින්
අතුරුදහන් වෙති. එක්කෝ පැන යති. පාලමක් යට හෝ කිසියම් අගුපිළක දිවි ගෙවීම, නිවසේ
ගත කරන ජීවිතයට වඩා හොඳ යැයි ඔව්හු සිතති. නිවසින් පැන යන දහස් ගණන් දැරියන් තම සිරුර
සලෙලුන්ට විකුනමින් ජීවිකාව ගෙන යන අයුරු ලෝකේ ඕනෑම රටක සුලභ දර්ශනයකි.
වැඩිහිටියන්ගේ වැරදි හින්සන වලට නිවසින් පැන ගොස් කාණ්ඩ ගැසෙන තරුණයෝ පසු එදිනෙදා
ජීවිතයේ ගැටලුවකදී කලබලය ට පත් වෙති. එතෙක් යටපත් කර ගෙන සිට ආතතියේ පෞරු බිඳ ගෙන
සමීපතමයන් හිතවතුන් දරුවන්ගේ ජීවිතය අනතුරට ලක්කරති. මේ විශම චක්‍රය දිගටම ක්‍රියාත්මක
වේ. අතීතයේ අදුරු සෙවනැලි එලියට ඇද දැමීමට අකමැති බොහෝ වැඩිහිටියන් තමා ළමා වියේ
දී ලද අද්දැකීම් කාලයාගේ වැලිතලාවෙන් වසා තැබීමට වඩාත් අකමැති ය. එය සඟවා තැබිය
යුතු රහසක් ලෙස සලකති.”
ඩේවිඩ් ෆෙසර් විසින් රචනා කර ඉන්ද්‍රාණී
කරුණාරත්න ලේඛිකාව විසින් පරිවර්තනය කරන ලද පියාපත් ලැබුවෙමි යන කෘතියේ කතුවරයාගේ
වචනයෙන් උපුටා ගත් කොටසකි. මෙම කෘතිය වර්තමානයේ සෑම දෙනෙකුමපාහේ කියවිය යුතු
කෘතියක් ලෙස මෙය හැඳින්වීමට පුලුවන. කතුවරයාගේ පැහැදිලි කිරීම තුළ අන්තර් ගත ලෙස
ළමා අතවර හා හින්සන සඳහා වැඩිහිටියන්ගේ අද්දැකීම් බලපෑමක් සිදුකරයි. ඒවා පසු
කාලීනව චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. සමාජය තුළ ක්‍රියාත්මක වන දිනෙන් දින වර්ධනය
වන අපරාධ සදහා ද මෙම තත්ත්වයන් සෘජුව ම බලපෑමක් එල්ල කරයි. මෙම සංසිද්ධිය ඇමරිකාවේ
සිදු වූ සිදුවීමක් වුව ද අප රට තුළ ද මෙවන් අවස්ථා සුලභ ය.
කතාවේ සඳහන් මවට හා පියාට නැතහොත් ඩේවිඩ්
ෆෙසර්ගේ මවට හා පියාට දරුවන් 5 දෙනෙකි. කතාවේ මුල් භාගයේ දී දරුවන් තිදෙනෙක් සිටී.
මව එම කාලයේ දී දරුවන්ට හා සැමියාට ඉතාමත් ආදරයෙන් හා දයාවෙන් සලකන්නී ය. තම පවුලේ
අවශ්‍යතා ගැන නිතර සැලකිලිමත් වන්ණී ය. නමුත් කාලයාගේ ඇවෑමෙන්මේ සියල්ල වෙනස්වේ.
ඩේවිඩ් ඇයට වහ කදුරු වැනි වේ. තම සැමියා ද රුස්සන්නේ ම නැත. මේ තත්වයන්ට ද ඇයගේ
ළමා කාලය හේතු වී ඇති බව කතාවේ අවසන් භාගයේ දී පැහැදිලි වේ. කිසිවෙක් තම දරුවන්ට අකාරුණික
අන්දමින් සැලකූවිට ප්‍රසිද්ධ කරන්නේ නැත. ඩේවිඩ්ගේ ආච්චි අම්මා ද ප්‍රකාෂ කරන්නේ තම දියණියට (නියපිටින් පහරක් නො ගැසූ
බවය) අද්දැකීම් මෙන්ම ඇයට යම් මානසික රෝගී තත්වයකින් ද පෙලී ඇති බව කතාව කියවා ගෙන
යන විට පැහැදිලි වේ. ඒ වගේ ම ඇය දැඩි ලෙස මත් ද්‍රව්‍ය හා මත් පැන් භාවිතය ද ඇයගේ
විකුර්ති චර්යා සඳහා හේතු වේ.
ළමයෙකු වශයෙන් ඩේවිඩ්ට දුන් දඩුවම් අදහා ගත
නො හැකි ය. ඉන් කිහිපයක් මෙසේ දක්වමි.
දරුණු ලෙස පහර දීම, නාසයෙන් ලේ එන තෙක් පහර
දීම, සබන් දියර පෙවීම, ඇමෝනියා වාශ්ප ආග්‍රහනයට තැබීම, වමනය කර යලි ඒවා කැවීම,
බල්ලන් බදින දන්වැලෙන් ගැසීම, ආහාර නොදී සිටීම ඉන් කිහිපයක් පමණි.
මෙවන් දඩුවම් තම දරුවාට නියම කිරීම තුළ ම
ඇයට යම් මානසික රෝගයක් පැවති බව පෙනී යයි. එසේම මනෝ විද්‍යාත්මකව බලන කළ ඇයට
පරපීඩකකාමුකත්වය වැනි රෝගයක් පැවතියා යැයි ද කිව හැකි ය.එසේම දරුවාට කතා කිරීම
සීමා කරයි. සමාජ ආශ්‍රය තහනම් කරයි. දරුවාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පාසල තුළ ද දරුවා
විවිධ ගැටලු වලට මුහුණ දේ.
මේ සෑම දේකම ප්‍රතිඵලය වන්නේ දරුවාගේ
අනාගතයේ දී විවිධ අක්‍රමිකතා වලින් පෙලීමය. පිරිසක්
ඉදිරියේ හෝ කෙනෙකු හා කතා කිරීමේ දී දරුවාට ගොත ගැසේ. සමාජ ඇසුරට අකමැත්තක්
දක්වයි. දරුවා පුනරුත්තාපන ආයතනයේ බාරයට පත්වූ විට ඔහු හදා ගන්නා ඇලිස් නම්
කාන්තාව දරුවා නිසි ලෙස වටහා ගෙන ඉහත කී දුර්වලතා වලින් මුදවා ගැනිමට සහය වේ. එහි
ප්‍රතිඵලයක් ලෙස ඩේවිඩ් ෆෙසර් ඔහු මෙන්ම අසාදාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් හඬ
නගමින් ක්‍රියා කරන අතර ඔහුට රජයෙන් මෙන්ම විවිධ රාජ්‍යන්ගේ ද ඇගයීමට පාත්‍ර වේ.
ඔහු විශිෂ්ඨ දේශකයෙකු වේ. එසේම ඔහුගේ පළමු විවාහය අසාර්ථක වන අතර දෙවන විවාහය
සාර්ථක වේ. එසේම පළමු විවාහයේ දරුවාට ඔහු හොද පියෙකු වේ.
මා සරලව මෙම කතාව ඉදිරිපත් කළේ මෙම කතාව
හුදෙක්ම නව කතාවකට පමණක් සීමා නො වී අපට ගත හැකි බොහෝ දෑ මෙහි අන්තර්ගත බැවිනි.
මාපිය දූදරු යහපත් සබඳතාවය කොතරම් දුරට බලපානවාද? අතීත සිදුවීම් තුළ පුද්ගල
පෞරුෂයට කරන බලපෑම මෙහි සඳහන් වේ. විශේෂයෙන් ම දරුවෙකුගේ කුඩා කළ ලබන අද්දැකීම්
ඔහුගේ ජීවිතයට මෙන්ම සමාජයට කරන බලපෑම ගැන සමාජය අවධි කිරීමක් මින් සිදු කරයි. ඒ
වගේම ළමුන් තම සම වයසේ ළමුන් දෙස අවඥාණයෙන් නො බලා සහෝදරත්වයෙන් සැලකීමේ වටිනාකම ද
පහදයි. මවකට දරුවෙකුගේ ජීවිතේ කළ හැකි බලපෑම පියෙකු දරුවාගේ ජීවිතයට කරන බලපෑම
මින් කියවේ.
මා කියනවාට වඩා හැකි නම් ඔබත් මේ කෘතිය
කියවා බලන්න. ඔබේ අදහස් මීට වඩා වෙනස් වීමට පුලුවන. ඒවාද හුවමාරු කර ගැනීමට
කැමැත්තෙමි.
විස්තරේ කියෙව්වහම නම් පොත කියවන්න ඕනේ කියලා හිතුනා. හොයලා බලන්න ඕනේ...
ReplyDeleteකියවන්න කියවන්න තුෂානි.
Deleteහෑ වැරදුනා. මේ පෝස්ට් එක මම නෙවෙයිනෙ දැම්මෙ. ඕං මං ගියා.
ඔව් ඔව් අක්කේ... කියවලාම බලන්න.. ගොඩාක් හොඳ පොතක්... සමහර තඑන් කියවාගෙන යන කොට මටත් දරා ගන්න බැරි උනා...
Deleteමෙදා ලංකාවෙන් යද්දී ගෙනියන්න් බෑග් එක පිරෙන්න පොත් තියෙයි වගේ. කසුන් ඔයාගේ කලින් ලිපිය කියවා හිත ගොඩක් රිදුන. කමෙන්ට් කලේ නෑ. මේක මහ ඇමුතු තැනක්. ජීවත් වෙන්න අපහසු තැනක්.
ReplyDeleteඒකනෙ අක්කෙ. ෆ්ලයිට් එකට වැඩිපුරත් ගෙවල තමා යන්න වෙන්නෙ නේද?
Deleteඅම්මෝ බං වමනේ කරවලා කවල
ReplyDeleteඅටමත් පොත හොයාගෙනම කියවලා බලන්න. තව දේවල් ගොඩයි... අදහාගන්න බැරි වේවී...
Deleteමේ පොත කියවල තියෙනවා.. මට උපන්දින තිළිණයක් ලෙස ලැබුණු පොතක්.. හරිම කටුක අත්දැකීම් පිරුණු වේදනාවෙන් පිරුණු පොතක් වුණත්.. ඒ වේදනාව මතින් උපදින ජීවිතය මිනිස්කමින් පිරිලා.. මනුෂ්‍යත්වයේ අපූර්වත්වය එයයි.. නමුත් හැමවිටම එය එලෙස සිදු නොවන නිසා දරුවන්ට දරුවන් ලෙස ආදරය දෙමින් රැක බලාගැනීම හරිම වැදගත්...
ReplyDeleteඔයා හරියටම හරි...
Deleteඋඹේ මේ විචාරය කියෙව්වම පොත ගන්නම හිතෙනවා කසුනෝ . ඉඳින් කියවලාම එන්න
ReplyDeleteපවුලූසා අයියේ ඒක ලියුවේ මං... ඕකනේ බරි...
Deleteචැහ් … වැඩේනං බොහොම කැතයි. ඕ යේස්
Deleteනිර්මාණි මිසීට ඕම කරන්ඩෙපා බොස් .අපිට කකියනවා …
කෝ මේ ප්‍රායි දේශයි :D
news Paper මල්ලි, උඹ හිටිං පාඩුවේ. මං ඒක පූසත්එක්ක බලාගන්නම්. හැක් හැක්
Deleteඉවාන්, තෑංක්ස් මචං බොහොම බොහොම. හැක්
පූසාගේ බ්ලොගයේද නිර්මාණවලට ඉඩ ඇති බව දේශකතුමෙක් පවසන ලදී
Deleteඉදහන්කෝ.
Deleteමේ පුංචි රටේ කොතනකදී හෝ මතු කවදා හෝ
ප්‍රාජේ, දේශකයා, පත්තරේ හම්බෙයිනේ.....
//ප්‍රාජේ, දේශකයා, පත්තරේ හම්බෙයිනේ.....//
Deleteඅප්පට සිරි, අපිටත් ඉන්වයිට් කරනවද?
තැන්කිවු නිර්, පූස්.
පූස් නම් කොහොමද දන්නෙ නෑ.. හැබැයි තුන්දෙනාටම සංග්‍රහ කරන්න මං හොඳ දෙකේ දෙකේ පොල්ලක් හොයන් ඉන්නේ... හැමදාම ඉතාලි ඉන්න බෑනේ... ආදෙන්කො ලංකාවට???
Deleteනැත්තන් සුදු වෑන් කස්ටියට හරි කළු ඩිෆෙන්ඩරලට හරි කියලා සංග්‍රහ කරවන්නම්කෝ...
හැක් හැක් හැක්
අපි ඉන්නා සමාජයේ දරුවන් මේ තරම් අනාරක්ෂිත වීමට වැඩිහිටි අපි හැමෝම වරදකරුවන් . මේ ගැන ලියන , හෙලිදරව්කරන අය දිරිගන්වන්න ඕනි , අඩු ගානේ පොතක් අරන් හරි
ReplyDeleteඔයා හරි තිලක සිත... ළමා අයිතීන් ළමයා ගැන සිහි වෙන්නේ ළමා දිනේට විතරයි.
Deleteඉතාම වැදගත් මාතෘකාවක්. ගොඩක් අය හිතන් ඉන්නේ දරුවන්ව අපයෝජනයට ලක් වෙන්න පුළුවන් ලිංගිකව විතරයි කියල. ටික දෙනෙක්ට ශාරීරික අපයෝජනය ගැන අවබෝධයක් තියෙනව. නමුත් බහුතරයකට මානසික අපයෝජනය ගැන අවබෝධයක් නැහැ.
ReplyDeleteඔබ කිව්වා වගේ දෙමාපියන්/වැඩිහිටියන් අතර තියෙනවා දරුවන් තමාගේය, තමාගේ ඒ දරුවන්ට හොඳම දේ දන්නේ තමාය. තමාගේ දරුවා හදන්නේ තමාට ඕනෑ විදියටය, දරුවාට කන්න අඳින්න දෙන්නේ තමන් නම් දරුවා ගැන සියලු තීරණ ගැනීමට තමාට අයිතිය තිබේය.. වගේ අදහස්..
සමහර රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ඔය මතවාදය සමාජයේ මුල් බැසගෙන තියෙනවා ඉතාම තදින්. කොටින්ම දරුවෙක් අපයෝජනයට ලක් වෙන්න ලිපියේ තියෙන තරම් අමානුෂික වධහිංසා වලට ලක් විය යුතු නැහැ. මේ සිද්ධිය ඉතාම දරුණු එකක්. ඔයිට වඩා වෙනස් ආකාර වලින්ද ළමයෙක් මානසිකව අපයෝජනයට ලක් වෙන්න පුළුවන්.
අපේ රටේ ගොඩක් ගෙවල් වල ඔය දේ වෙනවා. නිවෙස් වල දෙමාපියන් අතින් සහ පාසැලේදී ගුරුවරුන් අතින්. මේක සෑහෙන සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් මාතෘකාවක්. වැදගත් ලිපියක්. ජය !
ස්තුති...
Deleteඅදහස ගොඩක් වටිනවා..
ඔයා කියුව හරි.. කායික ලිංගික වඳ හින්සා වලට වඩා මානසික හින්සාව බරපතලයි. ඒක මුලු ජීවිතයටම බලපානවා....n
මේ වගේ ළමා හිංසන ගැන ලියැවුණු පොත් ගොඩක් තියෙනවා. බිඳුණු බිළින්දා, ආදරේ ඉල්ලූ දියණී වගේ ඒවා.. ඒත් ඒවා එක පාරක් විතරයි කියවන්න පුළුවන්. මොකද එච්චරටම අපිව කම්පනයට පත් කරන නිසා.
ReplyDeleteමේ පොත නම් කියවා නැහැ. කියවන්න හිතුණා. ලියැවිල්ල රසවත්! ජය!
ස්තුතී සිතු...
Deleteමේ පොතත් අරන් කියවලා බලන්න... ඔයා කියපු පොත් දෙකත් වටිනවා... එකක් මං කියවලා නෑ...
බොහෝම ස්තුි..
පොත අරං බලන්ඩ ඕනේ...
ReplyDeleteකියවලාම බලන්න. එතකොට ගොඩක් දේ දැනේවි.
ReplyDeleteඅදයි මේ පැත්තේ ආවෙ .බොහොම වටිනා ලිපියක්. පොත කියවලම බලන්න ඕන . බොහොම ස්තුතියි ලිපිය වෙනුවෙන් ....
ReplyDeleteපිළිගන්නවා මේ පැත්තට මෙතු...
Deleteඅගය කිරීමට ස්තුතී.. කියවන්න. ඊට පස්සේත් අදහස දැනගන්න කැමතී.
අසාධාරණයට ලක්වූ අයෙක්ගෙන් අසාධාරණයද, පීඩාවට ලක්වූ කෙනෙක්ගෙන් පීඩාවද මිස වෙනකක් ලැබේද? ඒවාට පිලිතුරු දෙන්න ඕනෑ නීතියෙන් ශරීරයට නොවේ, මනුෂ්‍යත්වයෙන් හදවතටයි.
ReplyDelete////මනුශ්‍යත්වයෙන් හදවතට///// ඒ වාක්‍ය බොහෝම අගෙයි.....
Deleteකියවන්න වටිනම පොතක් වගේ.නිර්මාණිගේ නම තැන් තැන් වල දැක්ක කොහෙද මේ කසුන් නිර්මාණි ගැන මොකුත් කීවේ නෑනෙ. :( නිර්මාණි පොතක් ගැන වගේ කියද්දී පොතේ පිටකවරයේ පින්තුරයක් දාන්න පුලුවන්නම් අගෙයි කියල හිතුන. එතකොට පස්සේ දවසක හරි පොත කොහේ හරි දැක්ක ගමන් මතක්වෙලා ගන්නවනේ :)
ReplyDeleteඒකනේ අක්කේ...
Deleteඔයා කියන එක හරි.. ඒත් මං මේ පොත කියෙව්වේ ඕඩියෝ එකකින්... ඒකයි දාන්න බැරි උනේ...
කොහොම උනත් ඔයාගේ අදහසට බොහොම ස්තුතී අක්කේ....
මේක කියවල හිත හිර උනා වගේ. අනේ සමාවෙන්න නිර්මාණි මම දැනන් හිටියේ නැහැ පොත කියෙව්වෙ ඕඩියෝ එකකින් කියල... නිර්මාණිත් පොත් කියවන්නේ කසුන් වගේද ? අනේ දන්නේ නැති නිසා අහන්නෙ.කමක් නැහැ ඔයාල පින්තූර දාන්න ඕන නැහැ මේ විස්තරේ වටිනවා ඒ ඇති :)
Deleteඔව් මාත් ඕඩියෝ වලින් තමා කියවන්නේ.... මං නෙට් එකේ හෙව්වා. හොයා ගන්න බරි උනා... නැත්තන් පින්තූරයක් දානවා අක්කේ....
Deleteඅයියෝ ඒකට කමක් නෑ... මොනව කියුවත් කමක් නෑ සමාවෙන්න කියලා විතරක් කියන්න එපා... සමාව ඉල්ලන්නේ වරදක් හිතරිදීමක් උනාම... එහෙම වරදක් හිතරිදීමක් කොහොමත් උනේ නෑ. ඔන්න ආයෙ සමාව මං ඔයාටම රිටන් කළා...
එහෙනන් ඕඩියෝ එකේ ලිංක් එකක් දාහං..
Deleteමේකයි ගස්.. මේ ඕඩියෝ එක නෙට් එකේ නෑ.. ඔයාට ලැබෙන්න සලස්වන්න උත්සහ කරන්නම්. 23 වර්ණගේ වැඩේට එනවානම් ගන්න පුලුවන් වේවී...
Deleteගොඩක් සමාජයට වදයක් උන චරිත බලනකොට අඳුරු ළමා කාලයන් එයට බලපා ඇති බව කියන්න පුළුවන්.හොඳ පොතක් වගේ..
ReplyDeleteජයවේවා..!!
ඔව්. අද සමාජයට ගොඩක් වැදගත් වෙනවා මේ කතාව.
Deleteකුළුඳුලේම ගොඩ වුණේ ඕං. පොත හොයාගන්න හිතුණා මේක කියවං යද්දි. මේකත් ඒ වගේ පොතක්."Damaged"
ReplyDeleteමේ පැත්තේ ආවට ස්තුතී. පිළිගන්නවා ඕන්..
Deleteපොත හොයා ගන්න බැරි වෙන එකක් නෑ. බැරිම උනොත් කියන්නකෝ....
“dameged" පොත ගැන කියුවට ගොඩක් ස්තුතී. මේ පොත හොයාගන්න බලන්නම්.
ආයෙත් එන්න.
ජයවේවා...
කුළුඳුලේම ගොඩ වුණේ ඕං. පොත හොයාගන්න හිතුණා මේක කියවං යද්දි. මේකත් ඒ වගේ පොතක්."Damaged"
ReplyDeleteපොත ගෙන්න ගන්න ඕනේ කියවන්න.. අපුරැ බවක් දැනුන
ReplyDeleteඔව් ඔව්. අපූරු පොතක් තමයි. ඕඩියෝ එක දෙන්න පුලුවන් ඔයාට...
Deleteමේක මහ නරුම ලෝකයක් නිර්මාණි. ඔයවගේ සිද්දීන් කොච්චරනම් මේ ලෝකේ වෙනවා ඇද්ද?ඒත් ඒවායින් එලිවෙන්නේ කීයෙන් කීයද?ගැටළුව තියෙන්නේ එතන නෙමෙයි.හිංසකයාගේ මනස ඒ තැනට පත්වෙන්න වගකියන්න ඕනේ කවුද කියන එක තුලයි.මනුස්සයෙක් මේ තරම් තිරිසන් වැඩ කරනවා කියන්නේ එතන වැරද්ද තියෙන්නේ මුළුමහත් සමාජයේම කියන එකයි.
ReplyDeleteඔයා හරි කටුසු.... මේ කතාවේත් අම්මාට මෙහෙම උනේ ඇයි කියලා ළමයා හොයනවා. ඒ වගේම ළමයා ඩේවිඩ් එහෙම නො වී ඉන්න උත්සහ කරනවා.. මනුශ්‍යත්වයෙන් හැමෝම හිතනවා නම් වැඩ කරනවා නම් මේ වගේ කතා ඉදිරියට අහන්නවත් ලියන්නවත් වෙන එකක් නෑ...
Deleteදරුවන්ට වැඩියෙන්ම අවශ්‍ය දේ ආදරය.ඒත් ගොඩක් දෙමව්පියො දරුවන්ට නොදෙන්නෙත් ඒකම තමා.ඇතැම් විට දරුවො ගැන ආදරයක් නැතුව,කිසිම සැලැස්මක් නැතුව කුසට එන දරුවො නිසා එහෙම නොසලකනවා වෙන්නත් පුළුවන්.ඒ නිසා පළමු ව වැඩිහිටියන්ට යහපත් ව ජිවත් වෙන විදිය කියා දිය යුතු වෙනවා.
ReplyDeleteඔව් වැසි දැරිය, සමහර වැඩිහිටියෝ හැසිරෙන්නේ තමන්ට ළමා කාලයක් තිබුනේ නෑ වගේ.
Deleteමට මතක විධිහට මම මේ පොතේ ඉංග්‍රීසි එක කියවල් තිබෙනවා. මේ වගේ පොත් කිහිපයක්ම.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Cupcake_Brown
කප්කෙක් බ්‍රව්න් කියන්නේ එහෙම කෙල්ලක්. ලිංගිකව අපයෝජනය් කරල ගහල එලවපු කෙනෙක් අද හොඳ නීතිඥ වරියක්.
ඔයා කියෙව්වේ my story කියලා පොතක්ද? පොතේ තිබුනෙනම් එහෙමයි. ගොඩක්දුරට හරි ඇති අයියේ.
Deleteගොඩක් ස්තුි තවත් අලුත් පොතක් ගැන කියුවට. ඒවගේම ලිංක් එකට. මං මේක හොයන්න බලනවා.
ආයෙත් ස්තුතී...
This comment has been removed by the author.
ReplyDeleteඅද තමයි මේ පැත්තෙ මුලින්ම ආවේ. හොඳ ලිපියක් නිර්මාණි. ඔය පොත කියවනවට වඩා හොද අත්දැකීම් මට තියෙනව. බලු දම්වැලෙන් ගැට ගහල රැයවල් එලියේ තියනකොට මට යන්තම් අවුරුදු 5යි. ක්‍රිකට් ස්ටම්ප් එකක් දෙකට කැඩෙනකන් ගහද්දි අවුරුදු 10යි. මම අදටත් ඒ අයට වරද පටවන්නෙ නෑ. මම ඒවායින් ඉගෙනගත්ත අත්දැකීම් මේ වගේ රටක විවිද අය ආශ්‍රය කරනකොට ඇග බේරාගන්ට පාවිච්චි කරනව. හැබැයි එකක්. මම කිසිම මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්නෙ නෑ. මට වරදක් කරදරයක් කලොත් මානසිකව හරි ශාරීරික විදිහට, මම ඒ මනුස්සයගේ ළේ හොලවල තමයි පස්ස බලන්නෙ. එක ක්ෂණිකව වෙන්නත් පුළුවන් නැතිනම් කවදාහරි වෙන්නත් පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නේ අඩුම තරමේ කිසිම මිනිහෙකුට කරදරයක් නොවෙන්ට.
ReplyDeleteතිලාන් ඒ ගැන ලියන්න. ඒක confront කරන්න. ඒ අය වැරදියි. කිසිම මිනිහෙකුට තව කෙනෙකුට වැඩ දෙන්න අයිතියක් නැහැ.
Deleteආවට ස්තුතී තිලාන්...
Deleteඇත්තටම ඒ ගැන ලියන්න... තව කෙනෙක්ට ශක්තියක් දෙන්න ඔයා ඒ ලියන වචන වලට පුලුවන්වේවි.....
අතීතය සාර්ථක අනාගතයකට පාර කියනවා තිලාන්....
ඔව් අජිත් අයියෙ. දෙන අවුරුදු 4කින් විතර පොස්ට් එකක් ලිව්වෙ නැ. බලමු කන්ෆ්රන්ට් කරන්ටම විස්තර ඇතුව බ්ලොග් එකක් දාන්ට ඉක්මනටම.
ReplyDelete