Thursday, June 16, 2016

අමුතු කතාවක් 5: හසුවීම හා අනාගතය තීරණය වීම


 “මං අද උඹලා ගෙන්න ගත්තේ බිළි ගන්ට. ඒත් මං අන්තිමට තීරනේ වෙනස් කළා. ඒ නිසා උඹල තුන්දෙනා බේරුනා කියලා හිතාගනින්. ඒත් මං අතහරින්නෙ නෑ. අන්න ඒක මතක තියාගනිල්ලා.
මේපනිවිඩය දුටු කාගෙත් සියොලඟ ගැහෙන්න පටන්ගත්තා. මෙතුවක්කල් දැනුන මරණ භිය තවත් වර්ධනය වූවා. රාත්‍රී නින්දට යන කවුරුත් භය උනේ තමා හෝ නිවසේ වෙනත් කෙනෙක් මේ අත්බූත බලවේගය බිළිගනීවි කියලා. ඒ බය මේ වන තුරු සැකයක් පමණක් උනත් දැන් සැකයක් නො වන බව මෙයින් කාටත් වැටහුනා. නිලමේ තීරණය කළේ යන්නට කියන කිසිම ස්ථානයකට මින් පසු නො යන බවටයි. ඒ වගේම නොයන්න කියන ගමන් පිළිබඳව ද සැලකිලිමත් වෙන්න පටන්ගත්තා.
පනිවිඩ කරුවෙක් නැති පනිවිඩ නිසා ගොඩක් කරදරයට පත් උනේ සඳමිණී. මොකද මේ බලවේගය නිතරම උත්සහ ගත්තා ප්‍රදීප්ගෙයි, සඳමිණීගෙයි ප්‍රේම සම්බන්ධය වලව්වැසියන්ට හසු කර දෙන්නට.
“ලොකූ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නේ. ඒ පන්තියේ ම ප්‍රදීප් කියන කොල්ලා. උඹලා දන්නවානේ ඌ අර හන්දියේ රෙදි කඩයක් දාගෙන ඉන්න රංජනීගෙයි, අමරදාසගෙයි පුතා. උන් අපේ පැලැන්තියට පෑහෙන එව්න් නෙවෙයි. උඹලා ඕක නවත්තපන්. නැත්තන් මං නවත්තන්නම්.
මේ වගේ පනිවිඩ හැම දාම ලැබුනත්, සඳමිණී ඒවා හොයලා විනාශ කළා. මේ පනිවිඩ සඳලතාගේ අත්බෑගයේ, පසුම්බියේ පවා දැම්මා. නිලමේගේ මේසය උඩ තිබ්බා. ඒත් නිලමෙටත් සඳලතාටත් ඇස් පෙනීම අඩු නිසා මේවා කියවන්න කියන්නේ සඳමිණීට.
“ලොකූ මේක කියවන්න. මොනව කියලද දන්නේ නෑ?”
“ආ මේක වෙන කොළයක් අම්මේ. වැඩක් නෑ
“මේකෙ තියෙන්නේ හෙට කොහෙවත් යන්ට එපා කියලා
සඳමිණී හැම වෙලාවකම කියුවේ ඒ වගේ දේවල්. බොරු කියනකොට සඳමිණීට ප්‍රති උත්තරත් ලැබුනා.
“උඹ වැරද්ද කර කර තව බොරුත් කියනවානේද? උඹ ඔය රවට්ටන්නේ උබේ අම්මයි අප්පයි කියන එක මතක තියාගනින්. අද හවසට මං කොහොම හරි උබේ කෙරුවාව අල්ලලා දෙනවා.
බය උණු සඳමිණි කළේ නිවසේ මල් පහන් තියන තැනට ගිහින් කීමයි.
“අනේ මාව අල්ලලා දෙන්න එපා මං මේක නවත්තන්නම්.
“හරි මං උඹට සතියක් දෙනවා. ඒ කාලේ ඇතුලත නැවැත්තුවේ නැත්තන් අරූට කරන දේ බලාගනින්.
“අනේ එයාට මොකුත් කරන්න එපා. මං නවත්තන්නම්.
 සඳමිණී කියන හැම දේටම උත්තර ලැබුනේ ලිකිතව. ඒ හැම කඩදාසි කැබැල්ලක්ම සඳමිණී අතට ගත්තේ ගැහෙන සිතින්. සඳමිණී බිය උනේ ප්‍රදීප්ට කරදරයක් කරාවී කියලයි. සම්බන්ධය නතර කළේ නෑ. ඒ වෙනුවට එයා කළේ තමන්ගේ වැඩ පාඩු කරගනිමින් හැම වෙලාවේ ම පනිවිඩකරු ලබා දෙන පනිවිඩ සොයා විනාශ කිරීමයි.
දවසක් දහම්පාසල් ගොස් පැමිණි සඳමිණීට  කුමන හෝ මොහොතක අපේක්ෂා කළ ඒ සිදුවීමට මුහුණ පාන්නට සිදුවුනා.
“ලොකූ මෙහෙ එනවා
“ඇයි අප්පච්චි?
“ඇයි අප්පච්චි? වැදගත් ගෑණු ළමයෙක් කරන වැඩක්ද මේ කරලා තියෙන්නේ? පොඩී මෙහෙම දෙයක් කළාට අපිට දුක නෑ ලොකූ. ඔයා මෙහෙම කරයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.
“ඇයි අම්මා මං කරපු වරද මොකක්ද?
“මොකක්ද? මේ බලනවා මේවා. එතකොට මේ පනිවිඩේ.
කියමින් කඩදාසි ගොඩක් සඳමිණී ඉදිරියේ සඳලතා තිබ්බා. සඳමිණීට ප්‍රදීප් දුන් ආදර හසුන් සියල්ල එතන තිබුනා. අර පනිවිඩෙත් සඳමිණී කියෙව්වා.
“ලොකූගේ අච්චු පොත්වල පිටකවර ගලවලා බලපන්. දෝනියැන්දගේ කෙරුවාව බලාගන්ට පුලුවන්වෙයි.
සඳමිණීට වෙලා ඇති සියල්ල වැටහුනා. මේ වෙනකල් ප්‍රදීප්ගේ ආදර හසුන් සගවලා තිබුනේ ඉස්කෝලේ පන්තියේමයි. ඒත් හදිසියේ පන්ති වෙනස් කළ නිසා සඳමිණී ඒවා සිකුරාදා පන්තියේ දී අච්චු පොත්වල පිට කවර අස්සේ දැම්මා. සඳුදා ඉක්මනින් වෙනත් තැනක සඟවන්න ඇරන් යන්නයි හිතාගෙන හිටියේ. ඒත් සඳමිණීට හිතන්නවත් කාලයක් ලැබුනේ නෑ.
“ඔය පනිවිඩේ කියෙව්වට අපි ගනන් ගත්තෙ නෑ. අන්තිමට ඔයාගෙ අච්චු පොත් ඔක්කොම අපි ඉස්සරහට ඇවිත් පිට කවර ගැලවෙන්න පටන්ගත්තා. එතකොට තමයි අපි මේ ලිවුම් දැක්කේ.
සඳලතා වෙච්ච සිද්ධිය කියුවා.
“ලොකූ ඔය කියන ළමයා අපි දන්නවා. ඒ අය අපිට ගැලපෙනවද? ඕක දැනගත්තොත් අම්මට ඉස්කෝලේ කොච්චර ලැජ්ජාවක්ද? ඇයි ඒ ගැන පොඩ්ඩක් හිතුවේ නැත්තේ?
ලොකු ඔයා මේ අද ඉදලා මේක නවත්තන්න ඕනේ. එච්චරයි අපේ තීරනේ.
“අපිට මොනතරම් ප්‍රශ්න තියනවාද? ඔයා තාම පොඩි ළමයෙක්.
  “නිලමේ මං ඔය ළමයා හෙට හම්බෙලා මේක තේරුම් කරන්නම්. නිලමේ ඒ ළමයගෙ දෙමවුපියෝ මුනගැහෙන්ට.
සඳමිණී කාමරයට වෙලා කඳුලු සලන්න උනා. අර බලවේගය එක්ක කියා ගන්න බැරි තරම් කේන්තියක් සඳමිණීට තිබුනේ. ඒ අතරේ
“උඹට මං කියුවා. උඹ ඕක නැවැත්තුවේ නැත්තන්, ගෙදර  අයට කියුවෙ නැත්නම් මං කියනවා කියලා. දැන් අඬලා වැඩක් නෑ.
එහෙම පනිවිඩයක් සඳමිණී ඉදිරියේ ලියවුනා.
 වලව්වේ පැවති තත්වය මේ වෙනකොට කාටවත් රහසක් උනේ නෑ. ඒත් සමහරක් දෙනා ඒ තත්ත්වය විශ්වාස කළේ නෑ. ඉස්කෝලේ ගුරුවරු, ළමයි වලව්වේ අයට පිස්සු කියා කතා උනා. විහිලු කළා. ඒත් මේ තත්ත්වෙ තේරුම් ගත්ත කීපදෙනෙකුත් ඒ අතරේ හිටියා. ප්‍රදීප් සඳමිණීට ඒ වගේ හමු උණු යාලුවෙක්. හැම ප්‍රශ්නයක්ම කියන්න තරම් හොඳ යාලුවෙක් වෙලා හිටියා. කාලයත් එක්ක ඒක වෙනස් වෙලා දෙන්නා පෙම්වතුන් උනා. ගෙදර වෙන ප්‍රශ්න කියලා හිත හදාගන්න, විසදුමක් හොයන්න ප්‍රදීප් සඳමිණිට සහය උනා.
පහුව දා කියුව විදිහටම ප්‍රදීප් ගෙන්නලා සඳලතා කතා කළා.  සම්බන්ධය නතර කරන්න දෙදෙනා පොරොන්දු උනා. නිලමේ ඔහුගේ දෙමාපියො හම්බ උනා. ඒත් දෙන්නගෙම හිත් වෙනස් උනේ නෑ.
සඳමිණීට කතා කළ නිලමේ මෙහෙම කියුවා.
“ලොකූ, මගෙ දුවේ අපි විශ්වාසයක් තියන් ඉන්නේ ඔයා ගැන විතරයි. නංගී හිටියට එයා කොහොම කෙනෙක්ද කියලා ඔයා දන්නවානේ. දැන් මට පොරොන්දු වෙන්ට ආයෙ මෙහෙම අපිට නොගැලපෙන දේවල් කරන්නෑ කියලා.
“මං පොරොන්දු වෙනවා අප්පච්චී.
“ඔයා දන්නවානේ ඔයාගේ සීය පප්පා කැමති නෑ අපේ පැලැන්තියෙන් පිට යනවට. මාත් කැමති නෑ. දැන් පිරිසිදු වලව් පැලැන්තියක් නෑ. හැම වලව්වක්ම අනිත් උන් එක්ක කළවන් වෙලා තියෙන්නේ. උදුළා නැන්ද බැන්දෙ නැත්තෙත් ඒකයි. මං ඔයාගෙ අනාගතේ තීරණය කරලා ඉවරයි ලොකූ.
“ඒ කියුවෙ අප්පච්චි.
“ඔයා බඳිනවා නම් බඳින්නේ පිරිසිදු වලව් පැලැන්තියකින් විතරයි. එහෙම නැති උනොත් මගේ පරම්පරාව මෙතනින් ඉවර වෙන්ට ඕනේ. ඒ කියන්නේ ඔයාට වලව්වක කෙනෙක් හම්බ උනේ නැත්තන් මුලු ජීවිතේම තනිකඩව ඉන්ට ඕනේ. ඔයාගේ නැන්දත් කළේ ඒකයි. ඔයාට ඒක කරන්ටම වෙනවා. ඒක ඔයාට අපි වෙනුවෙන් කරන්ටත් පුලුවන්. පොඩී ගෙන් මට මේ දේවල් බලාපොරොත්තු වෙන්ට බෑ.
මොනතරම් අසාදාරණ තීරණයක් උනත් ක්‍රියාත්මක වෙන්නේ ඒ තීරණය බව සඳමිණී වටහා ගත්තා.

සය වන කොටසින් හමුවෙමු...


18 comments:

  1. 06 වෙනි කොටසත් ඉක්මනටම දාන්න හොඳේ. අපි බලන් ඉන්නවා. දැන් නම් කථාව තවත් රසවත් වගේ.

    ReplyDelete
    Replies
    1. හොඳයි ඉක්මනින් දාන්නම්.... ස්තුතී රන්දුළා....

      Delete
  2. පහුගිය දවස් වල බ්ලොග් වලට වැඩිය කමෙන්ට් කළේ නැති වුණත් මම කතාව නම් වරද්දන්නෙ නැතුව කියෙව්වා..

    කතාව හුඟක් රසවත්. ඒ වගේම කුතුහලේ උපරිමයෙන්ම දැනෙන විදියට ලියලා තියෙනවා...

    ඉක්මනට අනිත් කොටසත් ලියන්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සිතූ..... ඒත් මං හිතුවා ඇයි ඔයා නැත්තේ කියලා... ඉක්මනින් ලියන්නම්කෝ....

      Delete
  3. හා එහෙනම් හයත් දාමු බලන්න.

    ReplyDelete
    Replies
    1. තාම ලියුවෙත් නෑ... දැන්ම පටන්ගන්නම්කෝ....

      Delete
  4. කුතුහලය උපරිමයි..
    ..
    ..ඉතුරු ටික ඉක්මනින් ලියන්ට..

    ReplyDelete
    Replies
    1. එහෙම දැනෙනවානම් ගොඩක් හොඳයි රසික... මාත් කැමති ඒ වචනෙට... ස්තුති...

      Delete
  5. 06 වෙනි කොටසත් ඉක්මනටම දාන්න....

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි... මේ ලියනවෝ....

      Delete
  6. මටත් කියන්න වෙන්නෙ අනිත් කොටස ඉක්මනට ඕනෙ කියල තමයි.
    හරි අසාධාරණ ඉල්ලීමක් නේ...? හොඳ වෙලාවට අපේ ගෙදර කවුරුත් බ්ලොග් කියවන්නැත්තෙ. නැත්තන් මං ලියුම් හංගපු තැන අම්මල හොයාගන්නව.

    ReplyDelete
    Replies
    1. කලින් දන්නවානම් ඔය පැත්තෙ එවන්න තිබුන....

      අසාදාරණ නෑ.... මට ශක්තියක් වෙන්නේ ඔයාලගේ වචන තමයි...

      Delete
  7. කුතුහලය වැඩි කමට මුල ඉඳන්ම කියවගෙන ආවා...කතාව බොහොම රසවත්..ඊළඟ කොටස වෙනත් බලා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හොඳයි පොකුරු වැහි... ඉක්මනින්ම ඊලඟ කොටස දාන්නම්...

      ස්තුතී...

      Delete
  8. බූතයාව යාළු කරගෙන පොඩි දේවාල කෑල්ලක් දා ගත්ත නම් මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න තිබ්බා.. අපරාදෙ. තාම සමහරු ඉන්නවා ඔය වලව් සීන් ඔලුවෙ කුණු කරගෙන.. දුක හිතෙනවා ඒ ගෙවල් දකිනකොට.
    මේ.. සෙනිකව ඉතුරු එකත් දාන්න හොඳේ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගස්... ඒ අය ඒවගේ දේවලින් මුලු ජීවිතයම විදවනවා...

      හොඳයි ඉක්මනින් දාන්නම්...
      ජයවේවා...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.