Friday, September 15, 2017

අහසින් එහා (6)



මේ දෙලුම් කියන්නේ හොඳ ඖශධයක්. මේ ගහේ කොළයි ගෙඩියි හරිම ගුණදායකයි. විශේෂයෙන් මේ ගෙඩියෙ ඇටවල යුෂ හරිම වටිනවා.
දෙලුම් පැළයක් අතින් ගත් සමන්මලී එදිනට නියමිත බෙහෙත් පැලෑටි පාඩම ආරම්භ කරමින් කෝලිත දෙසට හැරී කීවා . හැම දිනකම උදේ පැයක් හා හවස් වරුවේ පැයක් දේශීය ඖශධ ඉගෙනීමට කෝලිත වෙන් කර ඇත. කෝලිත මේ පාඩම් ඉගෙන ගන්නේ ඉතාමත් ආශාවෙන් . හේතුහාමී වෙද මහතා මේ පිළිබඳව බොහෝ සතුටු වන අතර එවන් කාල පරිච්ඡේද තමාට වෙන් වේ නම් සමන්මලී පස්වනක් ප්රීතියට පත් වේ. සමන්මලීගේ හැම හීනයකම දැන් සිටින්නේ කෝලිත . ඔහු පිළිබඳව සිතන බව තරයේ විශ්වාස කරන්ණී . ඔහුගේ බැල්ම, ඔහුගේ සමහරක් ක්රියාවලින් එය පසක් කරගෙන ඇත. බලා සිටින්නේ කෝලිත තමාට ආදරය පවසන තුරු . එහෙත් මොහොත කුමන මොහොතේ උදාවේද. නැති නම් තම සිත තුළ ඇති හැඟීම තමාම කියනවාද, තවත් වරක සිතයි. එය සුදුසු නොවන බව සිතනා ඔහු තම ආදරය ප්රකාෂ කරන දිනය තෙක් ඉවසීමට සිතයි.
සමන්මලී මොනවද කල්පනා කරන්නේ.,
දෙලුම් පැළය අතින් ගෙන කල්පනා කරමින් සිටින සමන්මලීගෙන් කෝලිත ඇසුවේ මදක් දෙස බලා හිඳීමෙන් පසුව .
නෑ මේ. නෑ.
ඇයි මොකක්හරි ප්රශ්නයක්ද.,
අය්යට පුලුවන් එදා මට පෙන්නුවා වගේ මගෙ චිත්රයක් ඇඳල දෙන්න.,
අය්යෝ ඕකද කල්පනා කළේ. ඒක මොකක්ද. ඇඳල දෙන්නම්කො.
අදම?
මද සිනා නගමින් සමන්මලී ඇසුවාය.
අද නම් බැරි වේවි. හෙට අනිවාර්යෙන් ඇදල දෙන්නම්.
හා හා. ඒකට කමක්නෑ. ඒක නෙවෙයි. ඔච්චර කැලේ ළඟ ඉදලා අය්ය දැක්කෙ නැද්ද අර දේවතා එලිය.
සමන්මලී එලිය දැකල තියනවාද.
හරියටම දැකල නෑ. දවසක් රෑ ඇස් නිලංකාර කර ගෙන ගිය අමුතු එලියක් දැක්ක. එච්චරයි. ඉතින් අයිය දැකල තියනවාද.
නෑ සමන්මලී.
ඒක නෙවෙයි සමන්මලී, පූසි පැටවු දාලා නේද.
ඔව් අය්යේ. පැටවු තුන්දෙනෙක් ඉන්නවා.
මට එක පැටියෙක් දෙන්න පුලුවන්ද.
අනේ ඇරන් යන්න. ටිකක් ලොකු උනාම ඇරන් ගියොත් හොඳයි තාම පොඩි වැඩීනෙ.
හිස වනා එකඟතාවය පලකර කෝලිත මිදුල දෙස බලා හිදින්නට විය.
අය්යට කෝමාරිකා පැල ඕනෙ කියුව නේද. ඔන්න මං හදලා තියනවා. ඇරන් යන්න.
නංගී ඒවා පෝච්චිවලම හදල නේද. බෝහෝම ස්තුතී.”
ස්තුති විතරක් මදි.
එහෙනම්?
ආයෙ රට ගිහාම අපිට චොක්ලට් එවන්ට.
එවන්නම් එවන්නම්.
කියමින් කෝලිත යාමට සූදානම් විය.
ඔය යන්නද ලෑස්ති. තාම පාඩම ඉවර නෑනෙ.
අද මට ලොකු වැඩක් තියනවා සමන්මලී. හෙට උදේම එන්නම්.
සමන්මලීට කියා ගත නොහැකි හැඟීමක් දැනෙන්නට විය. ඔහු දෙස බලා හිඳින්නට වුවාය.
සමන්මලී මේ බිම්මල් ටික මං කඩණ් යන්නම් හොඳේ.
කියමින් කොළරොඩු අතරේ පිපී තිබුණු බිම්මල් කඩාගත් කෝලිත පියගැට පෙළ බැස යන තෙක්ම සමන්මලී ඔහු දෙස බලා සිටියාය.. ඇයට දරා ගත නොහැකි පාලුවක් දැනෙන්නට විය. තමාට වී ඇති විපර්යාසය පිළිබඳව කල්පනා කරන්නට විය.
*****
දුරේක්ෂයක් අතින් ගත් කෝලිත ඈත අහසේ තාරකා නිරීක්සණය කරන්නට විය. ඔහු ඉද සිටි බංකුවේ කොනක කුඩා දුරකථනයක් වැනි යමක් තිබුණු අතර කෝලී වරින් වර දෙස බලමින් තම වැඩෙහි නියලෙමින් සිටියේය. හිටි හැටියේ කුඩා උපකරණය නාද වන්නට විය. දුරේක්ෂය පසක තැබූ කෝලිත එය අතට ගෙන බොත්තම් කිහිපයක් ඔබමින් එය ක්රියාත්මක කරන්නට විය. තම කතාව ඇරඹූ කෝලිත වෙනත් භාෂාවකින් කතා කරන්නට විය. නමුත් හදිසියෙ කතාවේ වෙනසක් වන්නට උනි..
ඔයාටත්  දැන් එහෙනම් සිංහල පුලුවන්. හරි අදඅපි සිංහලෙන් කතා කරමු. මට ප්රශ්නයක් නෑ.
ඒක නෙවෙයි, එයා වැඩේ අවුල් කරගෙන.
ඇයි මොකක්ද වෙලා තියෙන්නේ.
අනික් පසින් එසේ කියත්ම කෝලීගේ මුහුණ වෙනස් වී ඊට කැලබුණු පෙනුමක් එක් විය.
එයා අහුවෙලා.
මොනවා. දැන් මොකද වෙන්නේ.
හිතා ගන්න බෑ.
හිතාගන්න බෑ? එහෙම කියල හරිද.
මං හිතන්නෑ හැමදේම කියාවි කියලා.
ගැලවීමක් ඇත්තෙම නැද්ද.
නෑ වගේ.
හරි එහෙනම් අපි බලමු එයා අවසන් විසදුම ගනීද කියලා. එහෙම උනේ නැත්නම් අපි අවසානය ක්රියාත්මක කරමු.
කෝලීට දීමට රිලා පැටියෙක් සහ වලි කුකුලු පැටියෙකු අල්ලා ගත් බංටී උන් කෝලිට දීමට පැමිණියේ මදක් රෑබෝවන විට . මිදුලේ බංකුවක් මත හිද සිටිනා කෝලිත කරනා දෑ බැලීමේ ආශාවක් බංටිට ඇති විය. පඳුරකට මුවා වූ ඔහු කෝලිත කරනා කියනා දෑ හොඳින් බලා සිටි අතරේ කෝලිතට ලැබුණු ඇමතුමට සවන් දුනි. එයින් කළ කතාබහ බංටීගේ හිත තුළ බියක් ඇති කිරීමට සමත් විය. බංටීගේ සිත තුළ විවිධ සිතුවිලි පහළ වන්නට උනි. ඇත්තටම කෝලිත කියන්නේ කවුරුන් ? ඔහු භයානක අපරාධ කරුවෙක්ද. කුමක් හෝ අපරාධයක් කර සැඟවී ඉන්නා අයෙකුද. එසේත් නැති නම් මත් ද්රව් බෙදාහරින්නෙක්, ත්රස්ථවාදියෙක්, බංටී විවිධ දෑ සිතන්නට විය. කතාබහෙන් වැටහුණු පරිදි තව අයෙකු විනාශ කිරීමට කතා විය. කෝලිත හමුවීමට පවා බිය ගත් ඔහු රහසේම පිටව ගියේ ගෙන සතුන් කෝලිතට නොදීම .

******

12 comments:

  1. ජාන හොරකම් කරන්නේ පිටසක්වල ජනාවාසයක් හදනද එහෙනම්???

    ReplyDelete
    Replies
    1. කෝලියා ගෙනියන්නේ ඔක්කොම පැටව් වගේ නේද... එතනත් පොඩි පරහක් තියෙනවා. මාස කීපයක් යනවද දන්නේ නැහැනේ ආලෝක වර්ෂ ගානක් දුර යන්න. ඒ උනාට කුඹි එහෙම එතරම් ආයුෂ තියෙන උදවිය නෙවෙයි නේද? ඔහොම ගිහින් අර ඇල්ෆ් වගේ ගෙදර පුසවත් බෑග් එකේ දාගෙන යයිද දන්නේ නැහැනේ? හි හි හි

      Delete
    2. අම්මෝ මෙයා හිතන දේවල්... අපි බලමුකො නේද...
      උත්තර ලියන්න ප්‍රමාධ උනාට සමා වෙන්න ඕනෙ...

      Delete
    3. උත්තර දෙන්න කල් ගියා වැඩී.. ඒ ගැන සමාව බජනය කරනවා...

      Delete
  2. එන්ඩ එන්ඩ වැඩෙ නැගල යනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම්... බලමු නේද ඉදිරියට වෙන්නෙ මොකක්ද කියලා...

      Delete
  3. මුල ඉදන් ආපු හන්දා ඔං මාත් දැං මේකට දිගටම එනෝ...
    කොටස් ඉක්මනින් ලියන එකනම් නියමයි නැත්තන් හැමදාම මුලට යන්ට වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉක්මනින්ම කොටස් ටික දානවා සබරෙ... දිගටම එන්න...

      Delete
  4. මේක නියම කතාවක්නේ. මොනවා වෙන්න යනවද කියලා තාම හිතාගන්න බෑ. නියමයි නංගී. නිකමට කියන්නකෝ මේක කොටස් කීයක විතර කතාවක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අක්කගෙන් ඉගෙණ ගත්ත පාඩමක් අනුව කතාව සම්පූර්ණයෙන් ලියල ඉවර කරලා තමයි මේ කොටස් දාන්නෙ අක්කෙ.. තව කොටස් තුන හතරක් වගේ තමයි තියෙන්නේ...

      Delete
  5. ඔන් න අදත් මේ පැත්තට ගොඩවෙනවා
    යන් න යන්න කතාවෙ රස වැඩි වෙනවා
    මන් කැමතිම රටාවකට ලියවෙනවා
    දැන් නම් ඉදිරි ඉඟියක් මට වැටහෙනවා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉදිරියට බලන්නකෝ දුමීගෙ අනුමානෙ හරිද කියලා...ජයවේවා දුමී...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.