Friday, July 17, 2015

කෙල ගැසීම සහ දඩ ගැසීම


මෙම පෝස්ටුව ලියන්න හිතුනේ මටම දකින්න ලැබුනු සිදුවීමක් නිසා. පොලීසිය ගැන එක එක විදිහේ කතා රටේ හැම පැත්තෙන්ම ඇහෙනවා. ඒ අතරේ මේ සිද්දියත් විෂේශයි කියලා මට හිතුනු නිසයි ලියන්නේ.්‍
මෙන්න මෙහෙමයි කතාව.
මම මොරටුවේ ඉඳලා පිලියන්දල යන බස් රතයකට ගොඩ වුනේ පිලියන්දලින් මොරගහහේන ට යන්න. බස් එකේ මිනිස්සුත් ටිකක් හිටියා. හැබැයි අපිට පුරුදු විදිහට පොල් පටවනවා වගේ පටවලානම් නෙවෙයි. නමුත් පුරුදු විදිහට කොටකොටා යන්න ඩ්‍රෛවර් තැනට අමතක වෙලා තිබුනේ නම් නෑ.
ඔන්න ඔය විදිහට සුවාරුපොල කිට්ටුවට එනකොට පොලිස් කාරයෙක් බස් එක නතර කලා කියමුකො. අපේ බස් එකේ ඩබලත් බැහැලා ගියා කියමුකෝ. මෙන්න ටිකකින් කොන්දොස්තර් ඇවිත් බස් එකේ මිනිස්සුන්ගෙන් අහනවා කවුද බස් එකෙන් කෙල ගැහුවෙ කියලා. හැබැයි බස් එකේ මිනිස්සුන්ට නම් කෙල ගැහුවේ කෞද කියලා හොයාගන්න බැරි වුනා.
දැන් මේක කියවන ඔයාලාටනම් වැඩේ පැහැදිලි ඇති. බස් එකේ මගියෙක් කෙල ගැහුවා කියලා එදා මේ බස් එකට දඩ කන්න සිද්ද වුනා.
දැන් අපි මේකේ යුක්තියුක්ත බාවය කොයි තරම් ද කියලා සාකච්ඡාවක් කිරීම වැදගත්. මම මගේ අදහසත් එකතු කරලා ම නවතින්නම්. මුලින්ම කියන්න ඕනේ මටත් ඒ වෙලාවේ මාරයා ඇවිස්සිලා හිටපු බව. පොලීසියේ අපරාද හොයන උන්ට බල්ලෝ කියලා කියන්නේ ඇයි කියලත් මට හිතුනා. උන්ට නිලදාරියෝ කියලා මේ වගේ පාරවල්වල ඉඳගෙන ඉවක් බවක් නැතිව මේ විදිහට දඩ ගහන උන්ට ඒ නම කිවුවනම් හොඳයි නේද? මම එහෙම කියන්නේ පොඩි ලමයි අනන්ත බස්වලදී වමනි දානවා. ලෙඩ වුනු මිනිස්සු යනවා. බබාලා හම්බෙන්න ඉන්න අම්මලා යනවා. ඒ කෙනෙක් වුනානම් මෙය කොයිතරම් වැරදි ද යන්න අලුතෙන් කිව යුතු නෑ නොවෙද?

කසුන් නයනජිත්


3 comments:

  1. බස් එකේ ගිය එකෙක් කෙල ගැහුවට කොහොමද බං බස් එකට දඩ ගහන්නේ , අනික පාරට කෙල ගහන එක නවත්තන්න නිතියක් සම්පාදනය වෙලා නැනේද .

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ඇත්ත අටමෛයා. ඒත් එහෙම තමයි උනේ. අපි පොලිසිය ඉන්න තැනට නොගියත් කොන්දගෙන් ඇහුවා. මගදී මිනිහා තව එකෙකුට සීන් එක කිවුවෙත් එහෙම. වෙන වරදක් උන් කරෙත් නෑ. පහුගිය දවස්වල අර මාලඹේ සිද්දිය වගේ එකක්නම් නෙවෙයි මේක.

      Delete
  2. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නීති පොතට නෙවෙයි, නිලධාරීන්ගේ හිතු මනාපයට... කවද හැදෙන රටක්ද මේක..

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.