පාරවල් ගැන පහුගිය දවස් ටිකේ කතා කිහිපයක් ම ලියලා තිබුන.
අදත් තරු දානේ ලියන විදානයත් ඔය ලියල තිබුනෙ. කමි අයියගෙ කතාවත් බොහෝ දෙනා සංවේදී
කරන්න සමත් වෙලා තිබුන.සති ගානක් ම ලියනව කියල හිතාගෙන හිටපු මේ සටහන අද ලියල දාන්න
හිතුනෙ අද උදෙත් කමි අයිය දැකපු සිද්දියට ටිකක් සමාන සිද්දියක් මට දකින්න ලැබුනු
නිසාත් මම ලබපු අද්දැකීම් නිසාත්.
මේ බ්ලොග් එකට එන ඔයාල දන්නව මම දෘශ්‍යාබාධිත අයෙකු
බව. ඒ නිසා මුලින්ම මගේ අද්දැකීම් ටිකක් විස්තර කරලම හිටියොත් හොඳයි කියල හිතෙනව.
දෘශ්‍යාබාධිත අය යම් තැනක ගමන්කරන විට සුදු සැරයැටිය
රැගෙන යනව. නමුත් මේ සැරයැටිය යම් හේතුවක් නිසා මගදි කැඩුනොත් ඒ පුද්ගලය කොයිතරම්
අසීරුතාවක ට පත් වෙනවද කියල අලුතෙන් කියන්න උවමනා නෑ. මගේ අද්දැකීමනම් බොහෝ වෙලාවට
සුදු සැරයැටියක් රැගෙන යන කෙනෙක් පාරෙ යනවද කියන අවබෝදය නෙවෙයි, තමන් යන්නෙ පාරෙද
කියලවත් මිනිස්සුන්ට අමතක වෙන වෙලාවල් තියෙනව. බොහොමයක් දෙනා ඇඝේ හැපිල අහන්නෙ
කොහෙද ඕයි යන්නෙ කියල තමයි. ඒ අතරට පේන්නැද්ද ඕයි කියලත් අනන්ත අහනව. මගෙන් එහෙම
අහන වෙලාවටනම් මම බය නැතුව නෑ කියල යනව.
පාරෙ යනකොට සුදු සැරයැටිය පාගල, කඩල යන්නෙ ‘‘කොහේ
යනවද මන්දා‘‘ කියාගෙන. හැබැයි ඔය අතරේ ඊට වෙනස්ම සිදුවීම් නොවෙනවත් නෙවෙයි.
මීට සති දෙකක ට විතර කලින් මම මහරගමින් දෙහිවලට යන්න
පමුනුව පාර පැත්තෙ ඉඳල ඇවිත් පරන පාර පැනල අස්සෙන් රිංගල හයිලෙවල් පාර පැනගන්න එන
අතරෙ කහ ඉරට කලින් වේගෙන් පැනගෙන ආපු මනුස්සයෙක් මගෙත් හැපීගෙන සුදු සැරයැටියට
නැගල, ටහ් ගාල ඒක කැඩෙන සද්දෙත් එක්ක හෝව්, හෝව් කියාගෙන යන්න යනව. හුටා. දැං මොකද
කරන්නෙ? මම එතනම නවතිනව. එතකොට අර කලබලෙන් ගියපු මනුස්සය දකින්නෙ මට වෙච්ච
ඇබැද්දිය. ආපහු එන මේ මනුස්සය, අනේ සොරි මල්ලි. මං දැක්කෙ නෑ. මේක කැඩුන නේද? දැං
මොකද කරන්නෙ? මේව කොහෙද ගන්න තියෙන්නෙ? කීයක් විතර වෙනවද? වගේ ප්‍රශ්න වැලක් අහනව.
මං හරි දැං ඔයාගෙ අතින් මේක කැඩුන. දැං මේකට කරන්න දෙයක් නෑ. දැං කීය උනත් වැඩකුත්
නෑ. ඒක ගන්නත් මං ගිහින් ඉන්නෙපායැ. කියල ආයෙ පාරෙ යනකොට හොඳට බලාගෙන යන්න කියල පඬි
ටෝකකුත් දානව. හරි හරි සොරි මල්ලි කියපු මේ මනුස්සය මගේ ඉල්ලීම අනුව ආයෙ පාර පැනගෙන
මාව දෙහිවල බස් එකටත් දාල හෙට මෙතනට එන්න. මං ඔයාට මේකට යන සල්ලි දෙන්නම් කියල
යන්න යනව. හරි. දැං මං බස් එකේ.
ගිහින් බැස්ස කියමුකො දෙහිවලින්. මෙන්න තවත් එකක්.
පාරෙ අයිනට කරල නවත්තපු බස් එක අස්සෙන් පුස් බෛසිකල් අංකල් කෙනෙක් දැම්ම. මටත් හෙමින්
ගිහින් නොපුරුදු නිසා වේගෙන් බස් එකෙන් බහිනව. හරියටම අර බෛසිකල් මාම මං බහිනකොටම
දොර ලඟ. කකුලෙ වැදුනු ඉස්සරහ රෝදෙ පැත්තට යනව. ඒ එක්කම සමබරතාව නැතිවෙච්ච බෛසිකල්
මාම දඩෝරියං බිමට. නැගිටින ගමන්, හරි හරි ඔයා යන්න. මගෙයි වැරැද්ද. අව්ලක් නෑ. මට
තිබුනු හදිසියට මං යන්න ගියත් පස්සෙ මට දුක හිතෙන්නෙ ඒ මනුස්සය එක්ක වචනයක්හරි කතා
කරල එන්න තිබුන නේද කියල. දැං කරන්න දෙයක් නෑ. ඒ දේ වෙලා ඉවරයි.
ඔන්න දැං අද උදේට. මං මහරගමින් කොලඹ බස් එකට නැගල ටික
දුරක් එනව. මට ලැබුනෙත් ඉස්සරහම ශීට් එක. හරි ඔන්න නුගේගොඩ ට ආසන්න උනා. බස් එක
නැවැත්තුව. කිහිපදෙනෙක් බැස්ස. මා ලඟ හිටපු අනිත් කෙනා නැගිට්ට. ‘‘නගින්න, නගින්න,
ඉක්මං කරන්නකො‘‘ කොන්දොස්තරයි රියදුරයි දෙන්නම කෑ ගහනව. අර නැගපු කෙනා මං ඉන්න තැනට
එනකොටම වගේ බස් එක ඇද්ද. ටකටකස් හඬත් එක්ක මනුස්සයෙක් මගෙ ඇඟෙත් තදින් වැදීගෙන
ශීට් එකට වැටුන. අර ටකටකස් ගෑවෙ ඒ මනුස්සයගෙ කිහිලිකරු දෙක. එක කකුලක් කලවා වලින්ම
කපල අයින් කරපු මනුස්සයටත් සලකන්නෙ මෙහෙමයි එතකොට. දැං ඉතින් අනාබාධිත අය ගැන
ඉතින් මොකට කතා කරනවද නේද?
ප/ලි
මේ පෝස්ට් එකෙන් බස් සේවකයන්ගෙ විනය ගැන කතා කරන්න
අදහසක් ඇත්තෙ නැහැ. ඒ ගැන කලින් ලිපි ලියවිලත් ඇති. මේ මට අත්විඳින්න ලැබුනු හිතට
දැනුනු සිද්දි ටිකක් විතරයි. මේව මීට වඩා හොඳට වෙන බ්ලොග් කාරයෙක්නම් ලියයි. මට මේ
දවස්ටිකේ හිතල ලියන්න වෙලාවක් නෑ. මේක මෙලෝ රහක් නෑ කියල හිතෙනවනම් මේ සිද්දි ටික
අරගෙන තව ලිපියක් ලියල මටත් ලිංක් කරන්න.
උඹේ ලිපි වල කියන දේ අනුව මම පිලිගන්නෙ නෑ උඹ දෘශ්‍යාබාදිත කෙනෙක් කියල. උඹට අපිට වඩා හොඳට සමාජය පේනවනේ.
ReplyDeleteඋඔ දැන් වයසයි මචං..ඒකයි උඔට පෙනිම අඩු
Deleteඔය හොටත් පහලට නැමිලා බිමත් ඇනිලා තියෙන්නේ
Deleteකසුන්ට සමාජය පේනවා. ඉියන්ට ගොක්කොළ පේනවා. දෙන්නටම ඒ දේවල් හොඳට පේනවා...
Deleteඋඹලගෙ වයසෙදි මමත් හිතුවේ මම කවදාවත් වයසට යන්නෙ නැහැ කියල තමයි. ඔව්ව ඔහොම තමයි. ඒ කාලේ ඉයන් අයිය කියල කිව්ව තමයි, දැන් කියන්නෙ අංකල් කියල තරුණ ගෑණු ළමයි. ඔව්ව ඔහොම තමයි මෙන්ඩො ඔව්ව ඔහොම තමයි.
Deleteගයිඩ් ඩෝග්ස්ල ගැන පෝස්ට් එකක් ලියනවද?
ReplyDeleteලංකාවෙ බැරිවෙයි නේද? ලොකු වියදමක් යනවා පුහුණු කරන්න. ඒවගේම මෙහෙ පාරවල් වල මිනිස්සු හා බල්ලො එක්ක අමාරුවෙයි.
ඒත් තමන්ගෙ ගේ ඇතුලෙ , වත්තෙ වගේ හොඳයි විශේෂයෙන් වයසක ඒ වගේ අයට. කම්පෑනියන් වගෙත් හුඟක් හොඳයි
ආබාධිත,වයෝවෘද්ධ,ගැබිනි අයට දැන් දැන් සමාජයේ දක්වන සැලකිල්ල අඩුයි.
ReplyDeleteඋඔගේ ලිපිය කියෙව්වාම මේ වගේ එවුන්ට හමන්නන්න හිතෙනවා..
ReplyDeleteමම දවසක් වාහනේ යනකොට රෝද තුනේ බයිසිකලේක මනුස්සයෙක් කන්ද නැග ගන්න බැරව හිටියා මම වාහනේන බැහැලා කන්ද උඩට එනකන් තල්ලුකරගෙන ගියා..
එහෙම කරනකොට මෙන්ඩගෙ කාර් එකේ හෑන්ඩ් බ්රේක් අදින්නෙ නැතුව ඒක පස්සට ගිහිල්ල වෙන එකෙක්ව යට කරගෙන ගියා
Deleteඅඩෝ මොනවද බන් මෙන්ඩා මේ කියන්නේ??
Deleteමට කමෙන්ට් එක සම්පුර්න කරන්න වෙලාව තිබුනේ නෑ..
Deleteමම ඒ වෙලාවේ අපේ ඩ්‍රයිවර් මහත්තයා එක්ක හිටියේ..
ඒ වුණාට අපි අවුරුදු දාස් ගාණක් පැරණි සංස්කෘතික උරුමයක්, සදාචාරයක් ගැන පට්ට ගහනවානෙ. ඒ මදෑ...
ReplyDeleteදාහං බං පහක්...! (විදානෙයගෙ සිද්ධියෙං පස්සෙත් උඹ තාම යහතිං ඉන්නවනෙ ඒ ඇති.)
Deleteඑක එක ඔලු එක එක විදියනේ?? ඔය වගේම හොදට සලකන උනුත් ඉන්නවානේද??
ReplyDeleteසිරාවට අහන්නේ එහෙම සැරයටි අරන්දෙන්ඩ වැඩපිලිවෙලක් නැද්ද?
ගිය පාර පොස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිපිය
ReplyDeleteමේ වගේ කේස් වලදී 'රිසිවින්ග් එන්ඩ්' එකේ ඉන්න එකෙක් විදියට උඹේ හැඟීම් දැන ගන්න ලැබුණු එක වටිනවා.. ඇත්තටම ඉයන් කියුවා වගේ මටත් හිතෙන්නෙම නෑ උඹ මොනම විදියකින්වත් 'අඩුවක්' තියෙන එකෙක් කියලා.. ඒක උඹම ඔප්පු කරපු දෙයක්..
ReplyDeleteපිලි ගන්න අමාරුයි කසුන් .... ඔයා දෘධ්යාබාධිතයි කියලා මේ ටික ඇහුවම දුක හිතුනා වගේම සැකත් හිතුනා . කොහොමද ඔයා බ්ලොග් එකක් කරන්නේ කියල
ReplyDeleteඇත්තමයි කසුන් මටත් පිලිගන්න අමාරුයි. ඔබ කයින් දුර්වලතා අති කෙනෙක් උනත් මනසින් පට්ට ශක්තිමත් කෙනෙක්. මොනවාහරි අඩුපාඩුක් තියෙන කෙනෙක් තමයි ජිවිතේ දිනන්නේ...(හැබැයි මම හිතනවා ඔබ ඇත්තම කියනවා කියලා)
ReplyDeleteඔබට ජය වේවා. ලබන ආත්මේදී සර්ව සම්පූර්ණ පුද්ගලක් වීමට හැකි වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
ඔබ මේ දේවල් ලියන එක ඉතාම වටිනවා, කසුන්. කියන්න හිතපු දේවල් දැනටමත් උඩින් වෙන විදිහට ලියවිලා තියෙනවා.
ReplyDelete//ඒ අතරට පේන්නැද්ද ඕයි කියලත් අනන්ත අහනව. මගෙන් එහෙම අහන වෙලාවටනම් මම බය නැතුව නෑ කියල යනව.//
ඇත්තටම කියන්න ඕනෑ "මටනම් දෑස් නොපෙනුණත් පේනවා. ඔය මහත්තයට තමයි ඇස් තිබුණත් පේන්නෙ නැත්තේ" කියලයි.
සල්ලි පස්සේ දුවද්දී මනුස්සකම බොහොම දුරකදි මඟ ඇරෙනවා. ඒකයි තත්වේ.
ReplyDeleteඇස් පෙන්නේ නැති දෘශ්‍යබාධිත උදවියට වඩා ඇස් පෙනෙන දෘශ්‍යාබාධිත උදවියගේ ගහනය වැඩියි කසුන්. ඇස් දහසකින් පෙනෙන ලෝකය දකින කෙනෙකුට වඩා නැණස කියන ඇසට පෙනෙන ලෝකය දකින ඔයා වගේ පුද්ගලයින් මේ ලෝකෙට වටිනවා. සයිබරයත් එක්ක අවුරුදු ගානක් හැප්පිලා මම ඉගෙනගත්තු එකම සත්‍යය නම් බ්ලොග් කියවන උදවියගේ නැණස අනික් සයිබර් ජීවීන්ට වඩා හුඟක් දියුණුයි කියන එක.
ReplyDeleteකසුන් ඇත්තට ඔය සුදු සැරයටි විකුණන්න ඇත්තෙ කොහෙද?
ReplyDeleteපෝස්ට් එක කියෙව්වහම හිතට ආවෙ, සමාජයෙ සුදු කළු මිශ්‍ර උදවිය තමා ඉන්නෙ. ගොඩක් අයට තමන්ගෙ මනුස්සකම් යටපත් වෙන්නෙ සමාජයෙ තියෙන අතිධාවනකාරීත්වය නිසා. අන්තිමේ බලපුවාම, අපි කවුරුත් මිනිස්සුනෙ...
ReplyDeleteමචං , මම නිරීක්ෂනය කරල තියනව සුදු සැරයටියක් අරන් යන පුද්ගලයෙක් තව කෙනෙක්ගෙ හැප්පෙනවට වඩා ඇස් පේන අය ගිහින් ඔවුන්ගෙ ඇගේ හැප්පෙනව.
ReplyDeleteසුදු සැරයටියක් කැඩුන උඹට යන්න විදිහක් නෑ , ඒකටනම් පුතෝ තව එකක් බෑග් එකේ දාගෙන ඉන්න ඕනෙ. ඔය පාඩම මම ඉගෙන ගත්තෙ කන්නඩි කුට්ටම කැඩිල රෑ වෙලා වහින්න ගද්දි වාහනේ එලවන්න ගිහින්, දැන්නම් දවල්ටත් ඒ සෙතේම තමයි.
මචං , මම නිරීක්ෂනය කරල තියනව සුදු සැරයටියක් අරන් යන පුද්ගලයෙක් තව කෙනෙක්ගෙ හැප්පෙනවට වඩා ඇස් පේන අය ගිහින් ඔවුන්ගෙ ඇගේ හැප්පෙනව.
ReplyDeleteසුදු සැරයටියක් කැඩුන උඹට යන්න විදිහක් නෑ , ඒකටනම් පුතෝ තව එකක් බෑග් එකේ දාගෙන ඉන්න ඕනෙ. ඔය පාඩම මම ඉගෙන ගත්තෙ කන්නඩි කුට්ටම කැඩිල රෑ වෙලා වහින්න ගද්දි වාහනේ එලවන්න ගිහින්, දැන්නම් දවල්ටත් ඒ සෙතේම තමයි.
උඹ දෙපාරක් ඩ්‍රයිව් කළාද කණ්නාඩි නැතුව?
Deleteමගේ කන්නාඩි දෙක කෑඩුනොත් ගෙදරින් කවුරැහරි එනකන් අයින් කරලා බුදිය ගන්න තමයි වෙන්නෙ..ආය රැ දවල් කියලා වෙනසක් නෑ
Deleteඊලඟ පාටියෙදි උඹගෙ කන්නාඩි කුට්ටම උස්සන්න කියල අයිඩියාස් දෙන්නෙ මොකද බං
Deleteඅද සමාජය හරි ම වෙනස්.... ඔ්ක අපි අද කියලා හිතුවාට සමහර විට ඒදාත් ඒහෙමම තමා..... මේක මිනිස්සුන්ගේ ඔලු අස්සේ තියෙන අාකල්ප වල වැරැද්දක් කසුනෝ.... අපි බ්ලොග් කෙරුවාව සහ සාමාන්‍ය ජීවිතයේත් හැකි තරමින් මේ අාකල්ප වෙනස් කරන්න උත්සහ කරන්න උවමනයි..... ඒත් කවදාවත් මේ තත්වය සීයට සීයක් වෙනස් වෙයි කියලා හිතන්නත් බැහැනේ..... හැබැයි අපිට වෙනස් කරන්න හැකි වේවි...... මොනම හරි මට්ටමකින්...
ReplyDeleteගස්ලබ්බත් හිටිගමන් තාවකාලික ආබාධිත බවට පත් වෙනව නෙව.ඇවිදගන්න ඇහැක් උන ගමන් පටංගන්නවා සංචාරෙත්.ඔව් ඔව්.. පොදු ප්‍රවාහන සේවෙ තමා.මොකෝ කාර් ගන්ට කියලැයි. අත්වාරු අරන් බ්රේක් ගහනකොට පැද්දිලා යනකොටත්,නලලෙන් දාඩිය වැටෙනකොටත් ජනේලෙන් අනන්තය හොයන මිනිස්සු වගේම දැක්ක ගමන් කතාකරලා උදවු කරන 'මිනිස්සු' බස් සේවකයින් ඉන්නවා.අර කිව්ව වගේ ලෝකය අළු පාටයි.වෙන කියන්න දෙයක් නෑ බං..
ReplyDeleteජයවේවා..!!
මේ වගේ උදවිය දැක්කම ඉබේම නින්ද යන මිනිස්නු කොටසකුත් ඉන්නවා..
ReplyDeleteජ ය වේ වා !!!
අපිටත් බස් සේවකයන්ගෙන් සිදුවෙන ගැහැටවල හැටියට කසුන්ලා මොන තරම් අසීරුතාවකට පත්වෙනවද කියලා හිතාගන්න පුළුවනි.
ReplyDeleteඅහසින් එන්නේ, මේක කියවන කොට හිතෙන්නේ අපි හුඟක් සාමාන්‍ය විධිහට කරදරයක් නැතුව ගණන් දේවල් ඔයාලට කොච්චර අමාරුද කියල. එක කල්පනා කරන කොට දුකත් හිතෙනවා. නමුත් ඔයාලට අපේ දුක නෙමෙයි අවශ්‍ය තමන්ගේ ජීවිතය අපහසුවක් නැතුව කර ගෙන යන්න ඉඩ සලසන එක. ඒ අතින් මේ රටවල එවැනි ජනතාව සඳහා වෙනම නීති රීති මෙන්ම පහසුකම් තිබෙනවා. ඒ තත්වෙට ගේන්න ඕනේ.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1957-2015-12-14-22-44-58
ReplyDelete