අලුත් වලව්ව පිහිටා තිබුනේ අක්කර 50 ක් විතර
ලොකු වත්තක් මැද. ලොකු බණ්ඩාර අන්තිම කාලේ දියණිය වුනු උදුලාත් එක්ක විසුවේ ඒ වලව්වේ.
ටිකිරිබණ්ඩාර වලව්වෙන් පිටමන් කරලයි උන්නේ. ඒකට හේතු උනේ අඩු කුලේක ගැහැණියක් විවහ
කරගැනීමයි. ඉදහිට අප්පච්චී බැලීමට ටිකිරිබණ්ඩාරට එන්න පුලුවන් උනා. ලොකු බණ්ඩාරගේ
මරණයෙන් පස්සේ අලුත් වලව්වේ පැලපදියම් වුනු ටිකිරිබණ්ඩාර තුනට බෙදිය යුතු වත්තත් හොර ඔප්පුවක් හදාගෙන
ලියා ගත්තා.
දවසක් කච්චේරියේ වැඩ නිමා කර නිවසට ආ
ටිකිරිබණ්ඩාර පත්තරයක් බලමින් උන්නා. හදිසියේම ඇහුන බිම පා ගැටෙන ශබ්ධයක්. අවට
බැලුවත් කිසිවෙක් පේන්න හිටියේ නෑ. කීප වරක් මේ ශබ්ධය ඇසුනත් ඔහු ඒ ගැන නොතකා ඉන්න
තීරණය කළා. එක වර පත්තරයත් බිම වැටී ටිකිරිබණ්ඩාර ද පුටුවෙන් ඉවතට විසිවන්නට ගියා.
ටිකිරිබණ්ඩාර නො වැටී බේරුනේ ළඟ තිබුණු කුළුණකට වාරු වෙමින්. උනු දේ ඔහුට හිතා
ගන්න බැරි උනා. ඔහුට දැනුනේ කවුරුන් හෝ
පිටුපස ඉද තල්ලු කරා වැන්නක්. ඒත් අහළපහළක පේන්න කවුරුත් හිටියේ නෑ.
රාත්රී නින්දට ගිය ටිකිරිබණ්ඩාරට බොහෝ වේලාවක් යන තුරුම නින්ද ගියේ නෑ. හදිසියේම මිදුලේ අඩි ශබ්ධයක් ඇහෙන්න උනා. විශාල වත්ත තුළ හාවුන්, මීමින්නන්, වැලි මුවන් වැනි සතුන් ඉන්නවා. සතෙක් මිදුලටම ඇවිත් ඇතැයි සිතා තුවක්කුවත් ඇරන් සදලුතලයට ගොඩ උනා. හාත්පස බැලුවත් පේන්න සතෙක් නෑ. ඉව දැනුණ සතා සැඟවෙන්න ඇතැයි සිතා අවට බැලුවත් ටිකිරිබණ්ඩාර දුටු දෙයින් තිගැස්සුනා. කවුරුන් හෝ කෙනෙක් මිදුලේ සක්මන් කරන බව ඔහුට පෙනුනා. ඔහු අනුමාන කළේ හොරෙක් බවටයි.
“කවුද ඔය..කවුද ඔය?
වෙඩි නොකා කතාකරපන්. වරෙන් ඉස්සරහට.”
ඝාම්භීර හඩින් ටිකිරිබණ්ඩාර කතා කළා. මිදුල
මැදට ආ සෙවනැල්ල එක වර අතුරුදහන් උනා. භිය උණු ටිකිරිබණ්ඩාර කාමරයට දිව ගියා.
“ඇයි ඇයි. මොකද මේ. .”
බිරිඳ රූපා එහෙම ඇහුවා.
“නෑ නෑ. මොකුත් නෑ.”
“ඔයා මොකකට හරි බය උනාද?”
“නෑ. නෑ. නිදාගන්ට. මං මේ එලියට ගිහින් ආවේ.”
බිරිඳට දුටු දේ නොකියා ඉන්න ටිකිරිබණ්ඩාර කල්පනා කළා.
ඉන් පසුවත් දින කීපයක්ම ටිකිරිබණ්ඩාර ඒ
අඳුරු සෙවනැල්ල වලව්වේ තැනින් තැන විවිධ වේලාවල දුටුවා. ටිකිරිබණ්ඩාරඋන්නේ ඒ ගැන
මහා බියකින් . ඒ වගේම ඔහු පසු උනේ කළයුතු දේ පිළිබඳව වැටහීමක් නැතිවයි.
රාත්රියේ නිදා උන් ටිකිරිබණ්ඩාර දිනක් හදිසියේම වත්තට දුවන්න උනා. බිය උණු රූපා ද ඇහැරී ටිකිරිබණ්ඩාර පසුපස හඹා යන්න පටන්ගත්තා.
“ටිකිරිබණ්ඩාර කොහෙද දුවන්නේ? කොහෙද මේ රෑ
යන්නේ?”
“අත ඇරපන් මාව. අත ඇරපන්. කොහෙද යකෝ මාව ඇදන් යන්නේ.”
කියාගෙන ටිකිරිබණ්ඩාර දුවන්න උනා.
බණ්ඩා දුවගෙනවිත් ටිකිරිබණ්ඩාර වැරෙන් අල්ලා ගත්තා.
“බණ්ඩා තෝ කොහෙද යකෝ මාව ඇදන් යන්නේ? උඹ කවුරු කියල හිතුවද යකෝ.”
“අනේ නෑ නෑ අපේ පොඩි නිලමේ. මං මේ මං.”
“ඔය මනුස්සයාට බනින්ට එපා. නිලමෙනෙ දැන් නින්දෙන් නැගිටලා දුවන්ට පටන්ගත්තේ.”
“මම.”
“ඔව්. මාත් ඇහැරිලා පස්සෙන් දුවන් ආවේ ඒකයි. බණ්ඩා නැත්තන් කොහෙන් නතර වෙයිද දන්නෑ”
ටිකිරිබණ්ඩාරට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. ඔහුට දැනුනේ කවුරුන් හෝ තමන් ඇදගෙන ගිය බවක්. තමා වලව්වේ සොහොන් කිට්ටුවට ම අවුත් ඇති බව වැටහුනේ මොහොතක් ගත වන විටයි.
“හීනෙන්ද කොහෙද? යමු බණ්ඩා . “
කියමින් රූපා ටිකිරිබණ්ඩාරත් එක්ක ගියේ
“පංසිල් ඇරන් නිදාගන්ට”
කියමින්මයි.
ටිකිරිබණ්ඩාර දිගින් දිගට වන සිදුවීම් ගැන සිටියේ විස්සෝපයෙන්. මේ සක්මන් කරන්නේ තම පියා කියලා හිතුවත් එලෙස සිතන්නේ සිතේ නිදහසට පමණයි. යටි සිතේ ඇත්තේ මහා සැකයක්. මේ ගැන කල්පනා කරමින් ඉන්න විට රූපාගේ විලාපයක් ඇසෙන්නට උනා.
“අනේ නිලමේ. නිලමේ.”
“ඇයි ඇයි රූපා. මොකද උනේ.”
ඔහු යන විටත් රූපා උන්නේ සිහිසුන්ව. ඇය ඇද මත තබා වතුර ඉස්ස විට පියවි සිහියට පත් වී දොඩවන්න ගත්තා.
“මං කාමරේට එනකොට කාමරේ මැද කවුද හිටගෙන හිටියා මං දැක්කා.”
“ඔයා බොරුවට බය වෙලා. මේ වලව්වට කවුරුත්
එහෙම රිංගන්නෙ නෑ.”
“නෑ. ඒ මනුස්සයෙක් නෙවෙයි.”
“එහෙනම්.”
“මං ඔයාට කියුවෙ නෑ. මං දැන් දවස් දෙක තුනක්ම දැක්කා හවසට හවසට මිදුලේ ඒ වගේ හෙවනැල්ලක් ඇවිදිනවා. අද කාමරේ. අනේ මට නම් තවත් මෙහෙ ඉන්න බෑ නිලමේ.”
“මාත් කීප දවසක් දැක්කා. ඔයා බයවෙයි කියලා මං කියුවෙ නැ.”
“නිලමේ දැන් දවස් කීපයක්ම මං ටීවි එකේ බණ පිරිත් දැම්මා. දාන්න බෑ ඕෆ් වෙනවා. අදත් එහෙම උනා. පළවෙනි පාර ඕෆ් උනා. මං ආයෙ දැම්මා. ආයෙත් එහෙම උනා. මං තුන්වෙනි වතාවත් දැම්මා. ඒ සැරේ ඉබේම චැනල් වෙනස් වෙන්න පටන්ගත්තා.”
“ඉතින් ඇයි මට කියුවේ නැත්තේ.”
“ඔයා විස්වාස කරන එකක් නෑ කියලා හිතුවා.”
“මටත් හිතෙනවා මේ ගෙදර තවත් ඉන්න බෑ. ටික දවසකට අපි වෙන ගෙදරකට ගිහින් ඉදලා එමු.”
“මේ හදිසියේ කොහොමද ගෙවල් හොයන්නේ?”
“මං මේ ප්රශ්න දිගින් දිගට දැනුන නිසා ගෙයක් බැලුවා. ඉක්මනින් යන්න පුලුවන් වේවී.”
“ඒක හොඳයි. ඉක්මනින් යමු. කොහෙද ඔයාලාගේ වලව්කාරයෝ මැරිලත් ආසාව. ඒකයි ඔය. “
“ආසාවක් නැති ගෑණි. හොර ඔප්පුවකින් ලියා ගමු කියලා ප්ලෑන් කලෙත් එයාමයි.”
ලෙස තමාටම මුමුනාගත්තා.
වලව්වෙන් පිටත් වන දවස ළං උනා. ඒත් උදුලා කුමාරිහාමි වලව්වෙන් වෙනත් තැනකට යන්න කැමති උනේ නෑ. ලිව්කේමියා රෝගයෙන් ජීවිතේ අවසන් භාගය ගත කල ඇයට කැමති දෙයක් කරන්නට ටිකිරිබණ්ඩාර ඉඩ දුන්නා.
අලුත් නවාතැන පිළිවෙලක් කරමින් ඊට පෙර දා
ටිකිරිබණ්ඩාර වලව්වට ආවේ කෑලිකපන අඳුරේ. මෝටර් රථය ගරාජයට දමා ටිකිරිබණ්ඩාර
කඩිනමින් වලව්වට එන්න උනා. මිදුලට ආ විට සැනසීමක් දැනුනේ විදුලි පහන් එලිය දුටු
විටයි. ඒත් සමගම ටිකිරිබණ්ඩාරට දැනුනේ තමා පසුපස කවුරුන් හෝ එන බවක්. ගමෙන් යන බව
දන්නා ගැමියෙක් තමා හමුවට පැමිනෙන්න ඇතැයි අනුමාන කළා. ටිකිරිබණ්ඩාර හැරී බැලුවා.
කවුරුන් හෝ තමාට අඩි කීපයක් ඉස්සරහින්
හිටගෙන සිටිණු ඔහු දුටුවා.
“කවුද ඔය.”
ටිකිරිබණ්ඩාර ඉදිරියට යන්න උනා. ඔහුට යා හැකි වූයේ අඩි කිහිපයක් පමණයි. දුටු දසුනින් ඔහු ගල් ගැසුනා. ඔහු ඉදිරියේ අත් දෙක දිගු කර ගත් කවන්ද රුවක් තමා දෙසට හැරී සිටියා. හිස වෙන් වූ ගෙල පෙදෙසින් රුධිරය වැගිරෙනු ඔහුට පෙනුනා.
මතුසම්බන්දයි..
කව්ද බං බිළිද කියන්නේ..???
ReplyDeleteඔන්න හැදුවා.. ස්තුති දේශක..
Deleteමුල ඉදන්ම කියවන්න වෙනවා නේ ඒ කියන්නෙ.... හිමින් කියවලම එන්නම්. :D
ReplyDeleteගොඩක් නෑ. තාම කොටස් 3 යි.. කියවලාම එන්න එහෙනම්..
Deleteමම නැකැත්, යක්කු භූතයො පෙරේතයො වගේ දේවල් විශ්වාස කරන්නෙවත් ඒ මත යැපෙන්නවත් නෑ. ඒත් එහෙමයි කියලා ඒවා අවිස්වාශ කරන්නෙත් නෑ. මොකද කිසිම විජ්ජාවකට ගෝචර නොවන සමහර දේවල් මම අත්දැකලා තියෙනවා
ReplyDeleteඒක හරි අක්කේ... ලඟදිම කොටසක මේකට අදාල මගෙ අද්දැකීමකුත් කියන්නම්..
Deleteමාතෘකාව දැක්ක ගමන් හිතුන අද නම් බඩු පැකට් කියලා.. හම්මේ... හොල්මා....න්..
ReplyDeleteජයවේවා..!!
මේක හොල්මනකට එහා ගිය දෙයක්...
Deleteජයවේවා...
//හොල්මනකට එහා ගිය දෙයක්//
Deleteඒ කියන්නෙ ඉවාන් පවුලූෂා වගේ?
නැ.. ප්රා වගේ.... හා හරි වෙන්න බැරිද??
Deleteහැක ඇද්ද ප්රා නාගත්තා
Deleteඒ. හූ හූ..
Deleteකෝ අර පත්තර සහෝදරයා???
Deleteමං හොල්මනකට එහායින් ඉන්න පින්තූරෙකුත් ලඟදි දාල තියනව FB
Deleteආ බලන්නම්කෝ... කවුද ඒ හොල්මන කියලා...
Deleteඊළග කොටස දාද්දී මග අරුන ඒවත් බලා කිය ගෙන අපි සැදී පැහැදී ඉන්නම්.
ReplyDeleteහා හරි වර්ණ.. කියවලා එන්න.. අඩුපාඩුවක් තිබුනොත් කියන්න..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම මේ කොටස් තුනම දැන් කියෙව්වේ. වයිෆ් ගියා කට්ටඩියෙක් හොයන් එන්න...
DeleteThis comment has been removed by the author.
Deleteහෑ... දැන් ඉන්න කට්ටඩියෝ හරිම තක්කඩියෝ අරුන අයියේ...
Deleteහම්මියෝ ඇගේ මයිල් ඉස්මයිල් වෙනව කියන්නකෝ
ReplyDeleteමරුඈ මං හෙන කැමති හොරර් ඉස්ටෝරි වලට ඇවිදින බූලයන්ට (භූතයන්ට නෙවී) හැක් හැක්
ඉතුරු කොටස් ටික ඉක්මණට දාමු නේහ්
ස්තුති මහේශ්.. ඕකේ..
ReplyDeleteනිර්මාණිත් දැන් අපිව බය කරගන්නයි හදන්නේ නේද??????? අපිට කලින් කසුනාව බය කරලා හිටින්......
ReplyDeleteආ ඒව හරි...
Deleteඅඩෝ, මාව බය කරන්න? හිතුව මදි අරී?
Deleteසිරාවටමයි කියන්නෙ නිර්මාණි, මංනං හොල්මං කතාවලට පට්ට බයයි. කියවන්න බැරි එකක්නං කලිං කියන්ට ෂුඩූ.. බයේ මැරෙන්ට බෑ..
ReplyDeleteඑත් අතාරින්නත් ලෝබයි, තියෙන විදියට කියවන්නත් ආසයි.
අනේ සුදෝ එච්චර යනම් කලින් කියන්නම්.. සමහරවිට දවල්ට කියෙව්වොත් අවුලක් නැති වෙයි හිතෙනවා.. අනික මේකෙ එච්චර බය වෙන්න දෙයක් නෑ අනේ...
Deleteඔහේ ඩීමන් ආනන්දගේ දුවද
ReplyDeleteඅපෝ නෑ.
Deleteහැක , අපිනං බයවෙයි ඕවට . අපි හොල්මන් පෘෆ් හරිය . කොම හරි නියමෙට යනවා කතාව . බලමු ඊලඟ කොටස ,
ReplyDeleteඕකේ... බලමුකෝ එහෙනම්...
Deleteමේක රෑ වෙලා නම් කියවන්න බෑ.. ගේ ඇතුලෙත් හොල්මන් පෙනෙයි එතකොට..
ReplyDeleteනියමෙට ලියලා ඈ... :D
ආ බොහොම ස්තුතී..
Deleteරෑට නිදාගද්දී බය හිතෙයිද දන්නෙ නෑ.වැරදි අකුරු ටිකක් තියෙනව හදල දැම්මොත් නරකද.
ReplyDeleteඅයියෙ පුලුවන්නම් මට ඒ වැරදි වචන ටික පෙන්නන්න පුලුවන්ද?? කොමෙන්ටුවකින් දැම්මත් කමක්නෑ.. මට ඒක ලොකු උදව්වක්..
Deleteඅද බලනකොට තියෙන්නෙ මේ දෙක විතරයි.
Deleteශබ්ධය
ඝාම්භීර
ස්තුති අයියේ.. අපේ ඕනම පෝස්ටුවක එහෙම අකුරු වරදක් තිබුනොත් මෙහෙම පෙන්නන්න.. ආයෙත් ස්තුතී...
Deleteමේ කතාව මම ආසම විදිහකට ගලා යනවා නොවෑ .. හොල්මන් කතා වලටබමං ආසයි... ඒත් මේක හොල්මන්ම කතාවක් නෙවේ වගේ... මට ක්ලික් ෆිල්ම් එක මතක් වුනා...හෙවනැලි දකිද්දි ඊ ලගය ඉක්මන් කරමු කුතුහලය වැඩි මට නම් :)
ReplyDeleteආ ඒක මට සතුටක්..
Deleteටිකක් ඉවසන්නකෝ..
දැන් එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩි වෙනවා. නියමයි :)
ReplyDeleteඒකනේ... බලමු බලමු...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනිර්මාණි, මට මේක කියවද්දි මතක් උනා අපි ටික කාලයක් කුලියට හිටපු කාලයක් වහලා තිබ්බ ගෙදරක වෙනම තිබ්බ කාමරයක රැ නිදා ගත්ත කෙනෙක් කිව්ව කතාවක්. ඇය කිව්ව විදිහට ඇයට මුලු රැම නිදා ගන්න බැරි වෙලා තියනව..ඇඳෙන් ඇදල බිමට දානව වගෙ දැනෙන්න ගත්ත කියල. ඒ කාමරය ප්රධාන ගෙට සම්බන්ද වෙන්නෙ එක දොරකින් විතරයි. ඒ නිසා ඒ දොර රැට වැහුවට පස්සෙ ගෙදර අනිත් අයට ඇහෙන්නේ නැ ඒ කාමරයෙ වෙන දේවල්. පහුවදා ඇය ගේ අතුලේ කාමයකම නිදා ගත්තා. ඒ වෙනම තිබුන කාමරය හරිම නිස්කලංක තැනක්, මං හිතාගෙන හිටියෙ ඒක මට ඉල්ල ගන්න ...
ReplyDeleteඔයාටත් ඒ අද්දැකීම ලබල බලන්න තිබුනෙ චතූ...
Deleteහි හි නිර්මාණි, ඇත්තටම මට බය හිතුනා...ඒ ගෙදර හරිම අමුතුයි හදල තිබුනු විදිහ..
ReplyDeleteආ එහෙමද??? ඒ උනාට හොඳ අවස්ථාවක් චතූ... ඇත්ත බොරු බලා ගන්න...
Deleteහොලමන් ඇත්තද කියලද නැත්නම් අර තැනැත්තිය කිව් කතාව ඇත්තද කියලද නිර්මාණි බලන්න කියන්නේ?
Deleteදෙකම චතූ...
Deleteඊට වඩා මට වැඩ ගොඩාක් තිබ්බා නිර්මාණි ඒ කාලේ පුතා පුංචි නිසා එතකොට..:)
ReplyDeleteආ එහෙමද?? එහෙනම් ඒක අල්ලලා දාමු චතූ..... දැන් ඔයා ඉන්නේ ඒ ලඟපාත නෙවෙයිනේ.. ඒ ගැන හිතන්න එපා එහෙනම්..
ReplyDeleteමේව්ව කියෝල තොයිල් නටන්න වෙයිද දන්නෑ කසුනයියේ!!!
ReplyDelete- ජය!
නෑ නෑ බය වෙන්න එපා..
Delete