අත්භූත බලවේගයේ කරදරයට හිරිහැරයට පත් වෙලා හිටිය
වලව් වැසියන්ට දෙවුමිණී ගෙන දුන් පීඩාව හරියට කබලෙන් ලිපට වැටීමක් වගේ උනා. කරදර
පිට කරදර. ගම් නියන්ගම්වල තියන පංසල් දේවාල ගානේ යනකොට දෙවුමිණී ගැනත් අමතක නොකර
ඇහුවා බැලුවා. සඳමිණීට තිබුණු ගැටලුව තමයි දෙවුමිණීට අම්මාත්, තමාවත් රුස්සන්නේ
නැත්තේ ඇයි කියන එක. මේ ගැන හිත හිතා උන් සඳමිණී එක දවසක සඳලතාගෙන් ඒ ප්‍රශ්නෙ
කෙලින්ම ඇහුවා..
“ඇයි අම්මේ නංගිට අම්මවයි, මාවයිම
පෙන්නන්න බැරි. අප්පච්චි එක්ක එහෙම නෑනේ.”
“ම්ම්.. ලොකූ ඔයා දන්නෙ නැති
ගොඩක් දේ මේ ගේ ඇතුලේ තියනවා.”
“ඒ මොකක්ද අම්මා? ඇයි මටවත්
කියන්න බැරිද?”
සඳලතා හිතුවේ මේ හැම දෙයක්ම
කවුරුන් හෝ දැනගෙන සිටිය යුතුයි කියලා. මොකද මේ දේවල් කවදාවත් දෙවුමිණීට කියන්න බැරි
නිසා. ඊයේ පෙරේදා ගිය දේවාලෙකින් කියුවෙත් පරණ කතාවක්මයි.
“හරි මං ඔයාට කියන්නම්කෝ. හොඳට
අහගන්න. මං බැන්දේ 1991 දී. එතකොට මට වයස
36 යි. මං ඔයාලගේ අප්පච්චිට වඩා අවුරුදු 6 ක් වැඩිමල්.”
“ඔව් මං ඒක දන්නවා. ඇත්තටම ඇයි
අම්මා එච්චර වයස යනකල් හිටියේ?”
“අපේ වලව් පරම්පරාවේ, ඒ කියන්නේ
දන්න කියන කිසිම වලව්වක මගේ වයසට හරියන කෙනෙක් හිටියේ නෑ. ඇත්තම කියුවොත් හිටියේ
නෑ නෙවෙයි හැම වලවුවකම කවුරුහරි කෙනෙක් පරම්පරාවෙන් පිට කසාද බැදලා තිබුනා. එහෙම
තැන්වලින් නෑකන් පවත්වන්ට මගෙ අප්පච්චී
කැමති උනේ නෑ. ඒකයි එච්චර කල් ගියේ. මේවලව්වේ හිටිය රන්දුණු බණ්ඩාර, ඔයාලගේ
අප්පච්චිත් බැදල හිටියේ නෑ ඒ ප්‍රශ්නෙම නිසා. බලනකොට ඒ වෙනකල් පිටින් කසාද කරලා
තිබුනේ නැත්තේ අපේ වලව්වෙයි, මේ වලව්වෙයි විතරයි. අන්තිමට වයස පැත්තක තියලා අපි
දෙන්නව බන්දන්ට අපේ අම්මලා අප්පච්චිලා තීරනේ කළා. අපි ඉස්සර ඉදලා අදුනනවා.
නෑදෑයොනේ. අපිත් කැමති උනා.”
“ඒකට කමක් නෑ අම්මා. දැන් එහෙම දේවල්
වෙනවනේ.”
“මං මේ වලව්වට ඇවිත් සතියක් දෙකක්
යනකොට පුදුම දෙයක් උනා ලොකූ. මට අද වගේ මතකයි. මට එදා තමයි මරණ බය දැනුනේ.”
“ඒ ඇයි අම්මා.”
“මං ඉස්කෝලේ වැඩක් කර කර සාලේ
හිටියේ. නිලමේ සොල්දරේ තියන පරණ ගබඩාවට
ගියා මොනව හරි හොයන්ට. ටික වෙලාවකින් මට දැනුනා කවුරු හරි මගෙ පිටිපස්සෙන් ඉන්නවා
වගේ කියලා. මං පුංචි කාලේ ඉදලා ආව ගිය තැනක් හන්දා මං දන්නවා ඉදහිට මේ වලව්වේ අඳුරු
හෙවනැලි පාවෙනවා කියලා. මං ඒවට බය නෑ. ඒත් මට ඒ වෙලාවේ ලොකු වෙනසක් දැනුනා.
බලනකොට. “
එදා සඳලතාට දැනුන භීතිය ඒ
මොහොතෙත් සඳමිණීට ඇයගේ මූනෙන් පෙනුනා.
“නිලමේ කඩුවකුත් තියාගෙන මට
කොටන්ට බලන් ඉන්නවා.”
“මොනවා. ඒ ඇයි?”
“මං කෑගහගෙන කුස්සියෙන් එලියට
දියුවා. නිලමේ මගෙ පස්සෙන්ම ආවා. තෝ අද මරණවා. කියලා කෑගැහුවා. මං වලව්වෙ හැම තැනම
දිවුවා. අන්තිමට ඔයාලගේ ආතායි, වැඩ කරන මිනිස්සුයි ඇවිත් නිලමේ අල්ලගත්තා. ඊට
පස්සේ නිලමේට සිහිය නැති උනා. සිහිය ආවම වෙච්ච දේ ආතයි මායි කියුවා. එයා දන්නෑ මොකද උනේ කියලා.
ඉන්පස්සෙත් එහෙම වෙච්ච දවස් තිබුනා. නිලමේ මාව මරන්ට හැදුවා. මං කොහොම හරි
වලව්වෙන් පිටට ගිහින් හරි බේරුනා. මට තේරුනා නිලමේට මේක වෙන්නේ පරණ ගබඩාවට ගිහාම
කියලා. නිලමේටත් ඒක තේරිලා තිබුනේ. නිලමේ ගබඩාවට යන්නේ මට කියලා. ටික වෙලාවක් යනකල්
එයාට පේන්ට ඉන්ට එපා කියනවා. එහෙමත් නැත්තන් උවමනාවක් උනාම අපි කවුරුහරි යනවා.”
“ඒ නිසා ද තාමත් අපි කවුරුහරි ගබඩාවට
යන්නේ.”
“ඔව් ලොකූ.”
සඳමිණීට ඒ වේලාවේ පරණ ගබඩාවේ
සිතුවමක් සිතේ ඇදුනා. පරණ පිත්තල බාණ්ඩ, තඹ බාණ්ඩ, පරණ පුස්කොළ පොත්, තඹ සන්නස්
ආදී කොච්චර වටිනා දේ ඒ තුළ පුරවා තිබුනත්
කාමරේ පැතිරී තිබුනේ මොන තරම් පාලු මූසල ස්වභාවයක් ද කියලා ඇයට මතක් උනා.
“ අම්මට එපා උනේ නැද්ද? රත්නපුරේ ගියේ නැද්ද?”
“මං ඉවසගෙන හිටියා ලොකූ. මොකද මං
එහෙම ගියොත් අපි හැමෝටම ලැජ්ජාව විතරයි. අනික නිලමේ ඒක හිතලා කරන දෙයක් නෙවෙයි
කියලා මට ඉක්මනටම තේරුනා. මොකද එහෙම සිද්ධිවලින් පස්සේ එයා ගොඩාක් දුක් උනා.
පළවෙනි දවසේ නිලමේ පොඩි ළමයෙක් වගේ ඇඩුවා.
“ඉතින් ඊටපස්සේ’
“ඔයාලගේ ආතා මට ඒ දවස්වල තව
කතාවක් කියුවා.”
“ඒ මොකක්ද?”
“නිලමේගේ කේන්දරේ බලපු ගොඩාක්
තැන්වලින් කියුවාලු එයා මේ වලව්වේ උරුමක්කාරයෙක් කියලා. මේ වලව්ව හදලා තියෙන්නේ
රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙලු. රජතුමාගෙ ප්‍රධානම නිලමෙ කෙනෙක් තමයි මේ වලව්ව හදල
තියෙන්නේ. රජතුමත් මේ වලව්වට ඇවිත් සන්නසක් බාර දීලා තියනවාලු.නිලමේ මේ වලව්ව හදපු ඒ කෙනාගේ ඒ ආත්මේ සහෝදරයාලු.
ආත්ම ගානකට පස්සේ ආයෙත් මේ වලව්වෙම ඉපදිලාලු..”
“එතකොට අපි?”
“අන්න එතන තමයි ලොකූ ප්‍රශ්නෙ.”
“ඒ කියුවේ.”
“මේක ඉස්සරත් දවසක පප්පා, නිලමෙගේ
අප්පච්චි කියුව. පොඩී ඒ කාලේ මේ වලව්වේ හිටපු බොහෝම සැරපරුශ කුමාරිහාමි කෙනෙක්ලු.
එතකොට අපි දෙන්නා ඉස්සර ඉදලා මේ වලව්වේ වැඩ කරපු වැඩකාරයෝ දෙන්නෙක්ලු. ඉස්සර ඔය
කතාව පප්පා කියනකොට මං විස්වාස කළේ නෑ. එයාට මේ විස්තර කියලා තියෙන්නේ පංසලේ ලොකු
හාමුදුරුවෝ. එයාට එහෙම හැකියාවක් තිබුනා.”
“තව මොනවද අම්මේ කියුවේ?”
“ඔය දෙන්නටම මාරක තියනවා ඒවයෙන්
බේරගන්ට කියුවලු. ඔය දෙන්නගෙන් එක්කනෙක් මැරෙන්නේ අනිත් කෙනාගේ අතින් කියුවලු.
ඒකයි අපි ඔයාලා දෙන්නව ඈත් කරලා තියන්ට බලන්නේ ලොකූ. අර මේ වලව්ව හදපු නිලමේ, කඩුකස්තාන පැලදගෙන එයත් මේ ඉඩමෙම තැනකට වෙලා
බලාගෙන ඉන්නවාලු. තව ඉස්සර ඉදලා වලව්වේ හිටපු අය, වලව්වේ වැඩකරපු ආවගිය අය අනූවක්
විතර මේ ගේ ඇතුලෙයි මේ අවටයි ඉන්නවාලු.”
“අනූවක් විතර?”
“ඔව්ලොකූ මං මේ කියපු ඒවා ඔයාට
විස්වාස කරන්ට බැරුව ඇති. ඒව ඇහුවම මටත් එහෙම උනා. ඒවගෙ ඇත්ත නැත්ත මං දන්නෑ ලොකූ.
ඒත් වෙන දේවල්වල හැටියට මගෙ හිත දැන් ඒවා පිළිගන්නවා. ලොකූ අපි මේවට ආස කළේ නැතුවට
ඉස්සර මේවයෙ ජීවත් වෙච්ච අය, ආව ගිය අය මේවට ආසා කළා. මැරිලවත් යන්ට හිතක් නැත්තෙ
ඒකයි. මං මේ වලව්වට ආව දවසේ ඉදලා දුක් වින්දා. තාමත් එහෙමයි. මට මේ දුක මැරෙනකල්
උහුලන්ට වෙනවා. මට ඒ ගැන දුකක් නෑ. ඔයාටත් එහෙම වෙයි කියලා මට බය.”
ඇත්තටම අම්මා කියපු දේවල් ආයෙ
ආයෙත් හිතනකොට සඳමිණීට හිතාගන්ට බෑ. විස්වාස කරනවාද? අවිස්වාස කරනවාද කියලා ප්‍රශ්නාර්ථයක්
විතරයි ඉතුරු උනේ. සඳමිණී දුටුවේ මෙතෙක් කල් ඉහිලූ දුකටත් දරු ස්නේහයටත්, අම්මාගේ
ඇස අග රැඳුණු කඳුලු බිංදු. ඒත් එක්කම ඒ කඳුලට තනි රකින්න සඳමිණීගේ ඇසටත් කඳුලක්
ගලා ආවා.
මතුසම්බන්ධයි..
අඩේ,
ReplyDeleteමාර කතාවක් නේ,අකුර්රක් නෑර එපවෙන්නේ නැතිව කියෝගෙන් යන්න පුළුවන්.
------
මේ කතාවේ පලවෙනි කොටසින් පස්සේ ඊළඟ කොටස් ටික කියවන්න බැරි වුනා.
අද තමයි ඒ සේරමත් කිය්වෙවේ.
ඊළඟට මොකද වෙන්නේ කියලා දාගන්න කන් ඉතින් ඉවසීමක් නැහැ කියහන්ක්..
ඔව් මට මතකයි මේ කතාවේ පළවෙනි කොටසේ පළවෙනි කොමෙන්ට් එක දාලා තිබුනේ විභීෂණ...
Deleteතව ටිකයි... බලමුකෝ...
ඇත්තටම වලව්වල ඔහොම තණ්හාවෙ මැරිච්ච සෑහෙන පිරිසක් ඇති.
ReplyDeleteඉස්සර අපේ හොස්ටල් එකේ හිටියා ඔය වගේ කුමාරිහාමි කෙනෙක්. ඒ අක්කට ඒ කාලෙ එයාගෙ සම්පූර්ණ නම කවුරුහරි කිව්වත් තරහා යනවා.
අන්න ඒකට දැන්. FB ත් තියෙනවා කුමාරිහාමි කියලා. දැන් හතලිහත් පැනලා තාම තනිකඩ. පිරිසිදු වලව් පෙළපත් හොය හොයා ඉන්නවා. අපි මොකක් හරි කිව්වම කියන්නෙ " අපරාදෙනෙ මෙච්චර කලුත් ඉදලා වලව් නොවෙන කෙනෙක් බදින්නෙ" කියලා
ඔව් අක්කේ තාමත් මේ වගේ අය ඉන්න එකයි පුදුම.... වලව් මානයම එක්තරා විදිහට ගැටලුවක් තමයි..
Deleteඅම්මේ මොනවයින් මොනවි වෙයිද කියලා හිතාගන්නවත් බෑ මේ යන විදිහට. බලමුකො බලමුකො
ReplyDeleteඔව් ඔව් රන්දුළා අපි බලමුකෝ.. තව චුට්ටක් ඉවසන්නකෝ....
Deleteඅම්මෝ බය හිතෙන කතා.......මේ බ්ලොග් එක කියවන්ඩ ඕනෙ දවල් වරුවෙ ඉර මුදුන් උනහම...
ReplyDeleteහෑ... ඔයා ඔච්චර බයද?? කොහොමද රසිකට ඒ වලව්වේ ඉන්න ලැබුනනම්....
Deleteමේ.. මුල ඉඳන්ම එන්න වෙනව.. පහුගිය කාලෙ අම්බානක දේවල් මිස් වෙලා...
ReplyDeleteඑච්චර නෑ ටිකයි තියෙන්නේ... කියවන් එන්නකෝ...
Delete//අනූවක් විතර මේ ගේ ඇතුලෙයි මේ අවටයි ඉන්නවාලු.//
ReplyDeleteහොල්මන් විද්‍යාවට අනුව හොල්මන් වෙන්නේ නැවත නොඉපදුන අයද? එහෙම නැත්නම් එක්කෙනෙකුට හොල්මන් දෙකතුනක් වෙන්න පුලුවන්නේ? :-D
This comment has been removed by the author.
Deleteමමත් හිතන්නේ එහෙම තමයි ප්රජේ... ඒත් මං කැමති හොල්මනක් විදිහට ඔයා දක්වන අදහස දැනගන්න....
Deleteමට මතක්වුණේ 1960 දශකයේ මේ වගේ කතා පත්තරවල පලවුනාම, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ඒ ගැන පලකල පර්යේෂණාත්මක ලිපි.
ReplyDeleteඒ කාලෙත් භූත සංකල්පනා හොඳින් විකිණුනා.
ඒවටත් රුචියක් දක්වන පිරිසක් ඉන්නවානේ.... මේක සංකල්පනාවක්ම විතරක් නෙවෙයි විචාරක....
Deleteඅපේ නංගිත් පට්ට වසයි. එයාටත් යකෙක් වැහිලද දන්නේ නෑ
ReplyDeleteහා හා යශිත් වසයි කියලා එහෙම කියන්න එපා.... මෙතන වෙනම කේස් එකක්නේ තියෙන්නේ...
Deleteඑතකොට ගිය ආත්මෙක සඳලතාත් නිලමෙයගෙ හොර අඹුවක්ද දන්නෑ.
ReplyDeleteනිලමේ එච්චරම නරක නෑ.... ඔයාලා වගේ....
Deleteමේවා අපට නිකම්ම බැහැර කරන්න බැරි දේවල්...තණ්හාවෙන් මැරෙන කෙනාගේ හිත එතැනට ඇලෙනවා...ඉතින් gමෙහෙම දේවල් වෙන්නේ නැහැයි කියල අපට කියන්නත් බැහැ...බලමුකෝ නේද මොකද වෙන්නේ කියල...
ReplyDelete
Deleteඇලීම ගැලීම..
ඔව් පොකුරු... සමහර වෙලාවට අපිට කොහෙත්ම විස්වාස කරන්න බැරි දේවලට අපිට මූණ දෙන්න වෙනවා.. අපි බලමුකෝ....
හුරතල් වැඩක් නැත.. යකාට තේරෙන බාසාවෙන් කතා කළ යුතුය.යා ගන්න බැරුව කැරකි කැරකි ඉන්න අයට හොඳින් කතා කරලා යන්න තැනක් සෙට් කරලා දිය යුතුය.
ReplyDeleteජයවේවා ය.!!
ඒක ඇත්ත ගස්....
Deleteජයවේවා...