“එතකොට ඇයි පප්පේ මල්ලි මෙහෙම දෙයක් කළා නම් අපෙන් පලි
ගත්තේ?”
“ඒක තමයි
මං මේ කියන්ට හදන්නේ. ඊට පස්සේ උණු දේවල් උඹලා විස්වාස කරන එකක් නෑ මගෙ දරුවෝ.
“ඇයි පප්පේ එහෙම
කියන්නේ?”
“මං කලින් කියුව
වගේ මං මැරුණම ඉස්සෙල්ලම ආවේ අලුත් වලවුවට. ඊට පස්සෙත් මං කීප වතාවක් ආවා. හැබැයි
ඒ උඹලට කරදර කරන්ට නෙවෙයි. උඹලව බලල යන්ට. ඒත් මට පොඩි පුතා ගැන තිබුනෙ ලොකු
කේන්තියක්. මොකද වංචා කරලා ඔක්කොම තනියෙන් ලියා ගත්තා. සිය දිවිනසා
ගත්තා කියලා මට ලැජ්ජ කළා. මට ඕනෙ උනේ උන් දෙන්නව බය කරලා ටික ටික මරන්ට. මංඋන්
දෙන්නට ඒ ගෙදර ඉන්ට දුන්නෙ නෑ. ඒකයි උන් ගියේ. මාව මරපු මිනීමරුවො දෙන්න මැරුනම
උන් හොඳටම බය උනා. හැබැයි උන් ඉස්සර උනා. ලොකු පුතේ උඹ දන්නවද රූපගේ උපන් ගම.”
“නෑ පප්පේ.”
“ඒකි මාතර.
ඒකිත් යන්තර මන්තර වැඩ ගැන ටිකක් දන්නවා. ඒ පැත්තේ ඉන්න කට්ටඩියෙකුට කියලා තමයි ඊට
පස්සෙ වෙච්ච හැම දෙයක්ම උන් කළේ.”
“ඒ මොනවද පප්පේ.”
“උන් දැනගත්තා
මං උන් පස්සේ එනවා කියලා. ඒ වගේම මං මැරෙනකොටත් උන් හිතුවා මාව යොදා ගෙන උඹලගෙන්
පලි ගන්ට. ඒකට උන් කළේ මෙච්චරයි. මං මැරිලා ඇඟේ රස්නෙ යන්ට කලින් මගෙ කෙස්, නිය,
හම දිව කපා ගත්තා. ඒක කළෙත් රූපා. මං උන් පස්සේ එන හින්දා උන්ට ඕනැ උනා මාව උඹල
පැත්තට හරවන්ට. ඒකට උන් කළේ මාව බන්දනයකට අහු කරන එකයි. ඒ නිසා තමයි ඊට පස්සෙත්
මගෙ මිනිය ගොඩ දාලා තිබුනේ. උන් මගෙන් නිදහස් වෙලා උඹල විනාශ කරන්ට මාව එව්වා.”
“ඒක කළේ කොහොමද
පප්පේ”
“ඒක කළේ මෙහෙමයි
ලේලියේ. මාව බන්දනය කලේ යකෙකුට. උඹල අහල ඇති කඩවර යකා ගැන. උන් කඩවරට පූජා
පවත්වනවා උඹලව නැති කරන්ට. කඩවර ඒක කරවන්නේ මට කියලා. මොකද මං බැඳිලා ඉන්නවා එයාට
ඕනැ දේ කරන්ට. හරියට ස්වාමියෙක් යටතේ ඉන්න සේවකයෙක් වගේ.”
එහෙම කියලා
පප්පා, එහෙම නැත්නම් පප්පාගේ ආවේශය ගෙන ඉන්න සිරිල් දිග සුසුමක් පිට කළා.
“ඉතින් පප්පේ පංසලේ හාමුදුරුවෝ කීවේ දුවල දෙන්නට බන්දනේ කරලා තියනවා
කියලනේ.”
“ ඒකෙ ඇත්තක් තියනවා. මට අන ලැබිලා තිබුනේ උඹලව මරන්ට.
විශේෂයෙන් දුවල දෙන්න. එත් මගෙ දරුවො මගෙ අතින් මරන්නෙ කොහොමද? ඒ නිසා මං පුලුවන්
හැම වෙලාවේම උඹලව ආරක්ෂා කළා. මට ඒකට කඩවර ගෙන් දඩුවම් ලැබුනා. ඒ වගේම උඹල එක එක
පූජා තියනකොටත් මට දඩුවම් විදින්ට සිද්ධ උනා. මං උඹලට ගොඩක් කරදර කරපු දවස්
තිබුනා. ඒක එහෙම උනේ ටිකිරි බණ්ඩාර බිළි පූජා අරක මේක කරනකොට මට එන බලපෑම වැඩී.
ඒකයි එහෙම උනේ.”
“දඩුවම්? ඒ
කියුවේ.”
“ඒව මගෙන් අහන්ට
එපා. මට ඒවනම් කොහොමත් කියන්ට බෑ.”
සඳලතාට මතක් උනේ
එක දවසක් යාතුකර්මයකට යන්නට සූදානම් වන විට ලැබුණු පනිවිඩය.
“උඹල නම් රටේම
තියන පංසල් පල්ලි, දේවාල ගානෙ යයි. මං එපැයි ඊට පස්සේ ඒවට විදවන්ට.”
එසේ නම් ඒ විද
වීම එයයි. ඇයට එහෙම හිතුනා.
“මතකද පුතේ
ඉස්සර දවසක මං උඹලට ගොඩවෙලවත්තෙ දොල ලඟට එන්ට කියුවා. ඒ සැරේ විතරයි මං උඹලව මරන්ට
තැනුවේ. ඒත් ඒ වෙලාවේත් මට උඹල මගෙ දරුවො කියලා සිහි උනා. මං උඹලට හානියක් කළේ නෑ.
හැබැයි එදා මට ගොඩක් දුක් විදින්ට සිද්ධ උනා. ඊට පස්සේ හැමදාම කළේ උඹලව ආරක්ෂා කරන
එකයි. දැන් මාස ගානකට කලින් උඹල සීනිගම දේවාලෙට යන්ට හදනකොට මං එපා කියුවේ ඇයි
කියලා දන්නවාද”
“නෑ පප්පේ”
“උඹලට ගොඩක්
දේවල් කරලා තියෙන්නෙ සීනිගම. එහෙම ගියා නම් උඹලට ආයෙ එන්ට වෙන්නෙ නෑ.
එතකොට මතකද මේ
ලඟ දී මිනිහෙක් ආවා පුතා හම්බෙන්ට. ඒ මිනිහා එකපාරට දුවන්ට පටන්ගත්තා නේද”
“ඔව් පප්පේ”
“ඒ මිනිහා එවුවේ
පොඩි පුතා. උඹව මරන්ට. ඇත්තටම ඒ මිනිහා දිව්වෙ නෑ. මං ඒකව ඇදගෙන ගියා. අලුත්
වලවුවටම. ඌ බය කරන්ට විතරයි මට ඕනැ උනේ.”
“එතකොට පප්පේ
නංගිගෙ මිනිය ගොඩ දාලා මල්ලි මොකක්ද කළේ??”
“ආ, මට ඒක මතක්
කළ එක හොඳා. උදුළාගේ මිනිය ගොඩ දාලා පිල්ලියක් හැදුවා. ලොකූවයි, පොඩීවයි මරන්ට.
උඹල ඉස්සර උන නිසා ඒක වැලකුනා.”
“ඉතින් පුතේ මට තවත් බෑ උඹලට වද දෙන්ට. මාව මේකෙන් නිදහස්
කරපල්ලා. උඹලට විතරයි ඒක කරන්ට පුලුවන්.”
“මොකක්ද පප්පේ
අපි කරන්ට ඕනෑ.”
“වලව්වේ ඉස්සරහ
දොරට දකුණු පැත්තෙන් හිස් කබලක් වළ දාලා ඇති. ඒක ගොඩ ගනින්. ඇරන් ඒකට
පිරිත් පැන් ඉහලා. කනත්තක වළ දාපන්. මතක ඇතුව හිස් කබල තිබුන තැන අඩියක විතර ප්‍රමානෙක
පස් අයින් කරපන්. තව වලව්වේ හතර කොනේ මිනි අලු වළ දාලා තියනවා. ඒවත් ඇරන් දාපන්
පස් එක්කම. වලව්වේ හතර මායිමේ තියන්ට එපා. ඒ හැම තැනකටම පිරිත් පැන් ඉහපන්. ඒ හිස්
කබල, මිනී අලු හැම දේම මගෙ. ඒව අයින් කළාම මට නිදහස් වෙන්ට පුලුවන් පුතේ.”
“හොඳයි පප්පේ
එහෙම කරන්නම්.”
“එන පෝයට කලින්
මේ ඔක්කොම කරපන්. වලවුවේ මැද සාලේ තියන ලොකු කුකුළා පහනේ කුකුළා කැඩිලා වෙන්වෙලා
තිබුනොත් ඒ මං යනකොට තියන සලකුණ. ඒක මතක තියාගනින්. පුතේ ආයෙ
මට මෙහෙම කතා කරන්ට වෙන්නෑ. ඒ නිසා මේ ටික හොඳට මතක තියාගනින්. මට පිං දීපන් පුතේ.
හැබැයි එහෙම කියලා හැම වෙලාවෙම මාව මතක් කරන්ට එපා. එහෙම උනොත් ආයෙ මට එන්ට
හිතෙයි. මං විතරක් නෙවෙයි මැරිච්ච ඕනෙම කෙනෙක්ට පිං දෙනවා කියලා හැම වෙලාවෙම පිං
දෙන්ට, මතක් කරන්ට එපා.”
“හොඳයි පප්පේ.
අපි පප්පා වෙනුවෙන් දාන මාන කරන්නම්. ඉස්සරත් එහෙම කළා.”
“මං දන්නවා. ඒත්
මං බන්දනයකට අහු වෙලා හිටපු නිසා මට යන්ට බැරි උනා. පුතේ ලොකූවයි, පොඩීවයි හොඳට
බලා ගන්ට. උඹලත් පරිස්සන් වෙන්ට. මං නැති උනාට ටිකිරි බණ්ඩාර උඹලට තව ගොඩාක් කරදර
කරන්ට ඉට තියෙනවා. තව එකක්, පොඩීට වරමක් ලැබිලා තියෙන්නේ. ඒ ගැනත් සැලකිල්ලෙන්
ඉන්ට. ඉතින් පුතේ මං යනවා. මෙච්චර කල් දුන්න කරදර වලට මට සමා වෙන්ට. මාව නිදහස්
කරලා උඹලා සතුටින් ඉන්ට.
“පප්පෙ පප්පේ.”
නිලමේ හඬගෑවේ
පප්පා තමා ඉදිරිපිට ඉන්නවා වැනි හැඟීමකින්. ඒත් පප්පා ඒ වන විට ගොස් තිබුනා.
කාගෙත් ඇසකට කඳුලක් ආවේ වැලලී ගිය අතීතයක් ගොඩ ගැනීම නිසා පමණක් නොවේ. ඒ තමා
අසන්නට කිසිසේත් බලාපොරොත්තු නොවුණු දෙයක් හේතුවෙනුයි. ආවේශයෙන් ඉවත් උණු සිරිල්ට
සිහි නැති උනා. පියවි සිහියට පත් වුණු වහා මළගිය ප්‍රාණකාරයා
කරන්න කියූ දෑ අසා ගෙන නිවසට ගොස් කරන්න අවශ්‍ය දෑ වලව් වැසියන්ට දැනුම් දුන්නා. එදා
සියල්ලෝම වලවුවට ගියේ කියා ගන්ට බැරි හැඟීමක් හිතේ තද කර ගෙන
කියුව වගේම කියපු හැම තැනකම හිස් කබල්, මිනීඅළු තිබුනා.
ඒවා ඉවත් කරලා හැම තැනකටම පිරිත් පැන් ඉස්සා. තුන් වරු පිරිතක් වලවුවේ දේශනා කරලා
දානයකුත් දෙන්න පුලුවන් උනා. ඊට පහුවදා උදේ මැද සාලයට ගිය සඳලතා දුටුවේ විශාල
කුකුළා පහනේ කුකුළා කැඩී වෙන් වී ඇති බවයි.
වර්ථමානය
සහ පසු සටහනෙන් හමු වෙමු..
අමුතු කතාවක්ම තමයි. එක හුස්මට ඔක්කොම කොටස් ටික කියෙව්වා. මෙහෙම දේවල් ඇත්තට වෙන්නැති නිසා හොඳයි ඉතින්. අද්භූත කතා ගණයට තම දාන්න ඕනේ.
ReplyDeleteඔයා පිළිගන්නැතිවෙයි.... ඇත්තටම එහෙම උනා....
Deleteපිළිගන්නට හැකියාවක් නැත. මම භූත කතා විශ්වාස කරන්නෙක් නොවේ. මේ ගැන ලිපියක් මගේ අත්දැකීමක් අනුව ලියමි.
Deleteමේ සිදුවීම වෙනකල් මාත් විස්වාස කළේ නෑ... මේ සිද්ධිය හැර වෙන කිසිවක් පිළිගන්නෙත් නෑ... මීට සම්බන්ධ මගෙ අද්දැකීමකුත් තියනවා... ඒක පසුසටහනින් බලන්න....
Deleteඑතකොට මේකයි වෙලා තියෙන්නෙ? අන්න ඒකනෙ කියන්නෙ 'තණ්හාය ජායතී සෝකෝ' නිර්මාණියෝ කියලා... හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
ඒකනේ ගස්.. තන්හාව ඇති උනොත්, දෙමවුපියෝ, සහෝදරයෝ කියලා නෑ තමන්ට ඕනෙ දේ ලබා ගන්නවා...
Deleteජයවේවා...
නිර්මාණි කොහොම හරි ඉක්මනට භූතයා පන්නලා කසුන්ට බ්ලොග් එක දුන්නු එක හොදයි. නැත්නම් පව් තව හාඩ් එකක් එහෙම ගන්න උනොත්.
ReplyDeleteකතාව දිගටම හොදින් රස වින්දා. ස්තූතියි!. ඉක්මනට තව කතාවක් පටන් ගන්න නැත්නම් කසුන් මේක බදු ගනියි.
දිගටම රස විදලා අඩුපාඩුත් පෙන්නුවාට ස්තුතී අක්කේ.. තව ටිකක් තියනවා කියවන්න... ඒකත් බලන්නකෝ...
Deleteඔව් ඔව්... තව ටික දවසක් බලලා වෙනම බ්ලොග් එකක්වත් පටන්ගත්තොත්... ඒ නිසා එන සතියෙන් ඉවර කරනවා...
පහුගිය ටිකේ මහ ඇරුනනේ... ඒ ටිකත් එක්ක එක හුස්මෙට කියෙව්වා...
ReplyDeleteඒකනේ... අක්කට ගොඩක් කොටස් මග ඇරුන තමයි...
Deleteදැන් තමයි ටිකක් හිතට නිදහසක් ආවේ. ඒත් පසු සටහන බලනකන් දැන් ඉවසුමක් නැහැ වගේ...
ReplyDeleteහම්ම්.... අපි බලමුකෝ රන්දුළා... තවත් හිතට බරක් එකතු වෙයිද??? නැද්ද කියලා...
Deleteඇත්තටම නිර්මාණි මෙහෙම දේවල් වල පිටි පස්සේ ගෙදරම කෙනෙක් ඉන්නවා කියන එකනේ අපි ගොඩක් වෙලාවට පස්සේ දැන ගන්නේ.. එහෙම නැතුව ඇත්තටම මෙහෙම පැහැදිලි කරන්න බැරි දේවල් වෙන එක නම් හරිම පුදුමයි..
ReplyDeleteඔව් චතූ... අපිට පැහැදිලි කර ගන්න බැරි, අමාරු දේවල් තියනවා.... ම ඒ දේවල් අපෙන් ඈතයි..
Deleteඅනේ මංද බොල මේව ඇත්තද බොරුද කියල කොහොම විස්වාස කරන්නද කියල.
ReplyDeleteඔය මිනී ඔළු වලට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද. අපරාදෙ කියන්නෙ අපේ ඉස්කෝලෙ ලැබ් එකේ තිබ්බ මිනී ඔළු වලින් අපි සෙල්ලං කලත් එක්ක.
ඇත්ත... ඒත් අනේ මන්දා.....
Deleteඑතකොට ඔයා කියන්නෙ මේ කතාව ඇත්තයි කියල විශ්වාස කරන්න කියලද.හරිම අද්භූතයි නෙ.හිතා ගන්නවත් බෑ.
ReplyDeleteඔව් අත්භූතයි... පිළිගන්න විස්වාස කරන්න අමාරුයි තමයි...
Deleteමං කියන්නෙ නෑ පිළිගන්න කියලා...
ඒත් හැලපේ මෙහෙම දෙයක් උනා... ඒක විතරයි මට කියන්න ඕනෙ...
විද්‍යාවෙන් විතරක්ම පැහැදිලි කරන්න බැරි මේ වගේ දේවල් තියනවා කියල මම විශ්වාස කරනවා...මේ හැම දේම සිද්ධ වෙන තමන් රැස් කරන පින් පව් අනුව සහ මිනිස්සු භවයට ඇලිල තියන තරමට...
ReplyDeleteරසවත් කතාව නිර්මාණි...
රසවත් උනානම් හොඳයි පොකුරුවැහී....
Deleteලොක්කා පොඩි දර්ශනයක් නෙවැ දාල තියෙන්නෙ :D
ReplyDelete:D
Deleteබුදු අම්මේ.... මාතර කිව්වොත් ඉතින්... හෙහ් හෙහ් හෙහ් අහන්ට දෙයක් තියෙයිද නේද? හෙහ් හෙහ්
ReplyDeleteආයෙත් අහලා.. හික්..... හික්..... හික්.......
Deleteලිකිතා මේ පැත්තට පිළිගන්නවා....