සමන්මලී දැන් වෙනදාට වඩා උවමනාවෙන් ආහාර පිසීම කරන්නේ කෝලී තුන් වේලේ ආහාර ලබා ගැනීමට තම නිවසට පැමිනෙණ බැවිණි. කෝලී පිළිබඳ ව තම සිත තුළ ආදරයක් හට ගෙන ඇති බව දැන් ඇයට පැහැදිලි ය. එහෙත් කෝලීට එය පවසන්නේ කෙසේද. ඈ නිතර සිතන්නේ ඒ ගැනයි. කෝලී තමාගේ සිතුවමක් ඇඳ දුන් දිනයේ සිට ඔහු ද තමා පිළිබඳව සිතන බව ඈ සිතන්නීය. කෝලීගේ බැල්ම තුළ ඇත්තේ ආදරය නොවේ දැයි ඈ තමාගෙන්ම ප්රශ්න කරන්ණීය. තමා වශී වී සිටින්නේ ද ඒ බැල්මට නොවේ දැයි ඇයට වරක සිතේ. ගමේ කෙල්ලන් බොහෝ දෙනෙක් කෝලී ගැන කතා වේ. එවන් තරුණයකු ළඟින් ඇසුරු කිරීමට ලැබීම ද ඇය ලද වාසනාවක් ලෙස ඇයට සිතේ.
“උඹ ඔය බෙහෙත් ගුලි හදනවාද. එහෙම නැත්තම් මැටි අනනවාද.”
ඈ අසලින්ම වාඩි වෙමින් මුතු ලතා විමසා සිටියේ සමන්මලී දෙස බලාගත්වනම ය..
*****
බැස යන හිරු අහසේ විවිධ රටා මවන්නට විය. එය දකින්නෙකුට සිතෙන්නේ සිත්තරෙකුගේ අපූරු වූ නිර්මාණයක් ලෙස ය. දොලපාර පැන කොහොඹ ගහ වත්තට පැමිණි තරංග, තුශාර හා බංටි කඩුල්ලෙන් ඇතුලුවූයේ කෝලීට හඬගාමින්ම ය. ගේ වටා ඇවිද කතා කළත් ඔහු සිටියේ නැත.
“කෝලිත අය්ය නෑ වගේ බං.”
“මේ අර ජනේලයක් ඇරල තියනවා. නිදිද දන්නෑ පොඩ්ඩක් බලමුද.”
“හරි හරි උඹට ගේ ඇතුළට හොස්ස දාලා බලන්න ඕනෙ කියුව නම් ඉවරනේ. අපි මේ කතා කළ විදිහට නිදන් ඉන්නවා නම් ඇහැරෙන්නැතෑ.,
“හරි හරි එහෙනම් උඹල හිටපල්ලකෝ. මං බලලා එන්නම්.”
“හරි උඹ බලලා ඇතුලෙ මොනවාද තියෙන්නෙ කියපන්. අපි මෙතන ඉදන් ඔත්තු බලන්නම්.”
“ඔව් ඒක හොඳයි. හදිසියේවත් කෝලිත අය්ය හරි වෙන කෙනෙක් හරි ආවොත් ඔක්කොම ඉවරයි.”
කියමින් බංටි ජනේලයේන් එල්ලී ගෙතුළ පරීක්ෂා කරන්නට විය.
“මොනවද උඹට පෙන්නෙ කියලා කියපන් ඉතින්.”
“පුටුවක් තියනවා. ඒ ළඟ දිග මේසයක් තියනවා. මේසේ උඩ කොම්පියුටරයක් තියනවා. තවත් මොන මොනවදෝ ඒ වගේ දෙවල් තියනවා. ඒවනම් මීට කලින් දැකල නෑ.”
“කොම්පියුටරයක් තියනවාද. ඒක නම් මටත් බලන්න ඕනේ බං.”
“හිටපන් උඹලගෙ අවස්ථාව එනකල්.”
“ආ අර වඩු මාමාට කියල හදපු රාක්කෙත් මෙතන බිත්තියට ගහල තියනවා. ඒක උඩ වීදුරු බෝතල් වගේකුයි, වීදුරු පෙට්ටි වගේකුයි තියනවා.”
කියමින් බංටී නිසොල්මන්ව කාමරය දෙස බලා හිදින්නට විය.
“ඇයි බං. කියපන් ඉතින්.”
තවත් මොහොතක් එසේම බලා උන් බංටී ජනේලය අසලින් ඉවත් වී ඔව්න් සිටි තැනට පැමිණියේ වෙනස් වූ මුහුණකින් යුතුවය.
“ඇයි බං බංටි. මොකක් ද අවුල.,,
“අර මං දැන් කියුවෙ වීදුරු පෙට්ටි, වීදුරු බෝතල් වගේකුයි තියනවා කියලා.”
“ඔව්. ඉතින්.”
“ඒව හැම එකක් ඇතුලෙම සත්තු.”
“නිකන් බොරු නොකිය ඉදහන්.”
“ඇත්තද බොරුද කියලා ගිහින් බලපන්කෝ.”
බංටිගේ කතාවෙන් පුදුම වුතිදෙනා ඉතා අපහසුවෙන් ජනේලය අසළට රොක් විය.
“අර බලපන් අර වගෙ ඉන්නෙ සත්තු නෙවෙයිද කියලා.”
“ඔව්මයි බං. අර කූබි, දිබියො, කඩි, වේයො. කෝලිත අය්යට පිස්සු ද බං මේ සත්තු ඇති කරන්නෙ.”
උඹල දෙන්න බලපන්. මං බලන්නම් කවුරුත් එයිද කියලා.”
“අර බලපන් දලඹුවෝ සමනල්ලු එහෙමත් ඉන්නවා. අර කනාමැදිරියොත් බෝතලේක දාලා. අපි පොඩි කාලේ කරපු වැඩනෙ බං කෝලිත අය්යා කරන්නෙ.”
“බලපන් අර යට තියන ලොකු පෙට්ටිය දිහා.”
කියමින් තවත් පෙට්ටි කීපයක් තරංග තුශාරට පෙන්වීය.
“සර්පයෝ නේද.”
“ඔව් ඒ විතරක් නෙවෙයි. අර කටුස්සෝ, ගෙම්බො, පනුවොත් ඉන්නවා.”
“අර අනිත් රාක්කෙ පැල හිටවපු පෝච්චි වගයක්.”
“මේ ඔක්කොම කෝලිත අය්යට එයාගේ අර පරීක්ෂනේ ද මොකක්ද එකට ඕනෙ ඇති බං. මොකෝ අපි ඕව දන්න එකක්යැ.”
“පැල නම් හරි බං. ඒත් මේ සත්තු මොකටද?”
“අපි මේ ඔක්කොම දැක්කේ හොරෙන් බලපු නිසානේ. කෝලිත අය්යගෙන් අහන්නෙවත් කොහොමද.
“ඒකනම් ඇත්ත. අපි කට පරිස්සම් කරගමු. බංටිටත් ඒක කියන්න ඕනේ.”
“ඉක්මනින් ඔතනින් බැහැල වරෙල්ලා. කෝලිත අය්ය එනවා.,
*****
කඩුල්ළ පැන මිදුලට පැමිණි කෝලිත දුටුවේ අඹ කොටය උඩ වාඩි වී සිටිනා තරුණයන් තිදෙනාය. තිදෙනාගේ මුහුණු දකිත්ම තමාට කෝහේ හෝ වැරදී ඇති බව වටහාගත්තේ ය.
ආ අය්ය එනකල් තමයි මේ අපි හිටියෙ. අය්ය කොහෙද ගියේ.”
“මං මේ පොඩ්ඩක් කැලේ පැත්තට ගියා හදිසියේ මතක් උණු පැළ වගයක් හොයන් එන්න.”
කියමින් කෝලිත ඔවුන් ඉදිරියෙන් සිට ගත්තේ ය. තරංග කෝලිත අත වූ නිදිකුම්බා, කුප්පමේනිය වැනි පැළ නිරීක්ෂනය කරන අතරේ කෝලිත ද ඔව්න් තිදෙනා නිරීක්ෂණය කරන්නට විය.
“මාත් මේ ඔයාලා හම්බෙන්න හිටියේ.”
“ඒ ඇයි අය්යෙ.’
“ඉස්සෙල්ලාම කියන්න ඇයි ඔයාලා මාව හොයාගෙන ආවේ.”
“අර කැලේට උඩින් පාවෙන දේවතා එලි බලන්න යන්න අපි කතා උනේ. අය්යත් එනවද.”
“ම්ම්. එහෙමද. කවදද යන්නෙ.”
“අද හෙට දිහාට යන්නයි හිතුවෙ අය්යෙ. මොකද කියන්නේ. අය්යත් එනවාද.”
“ඔය මල්ලී නිකන් මොකක්හරි එලියක් වෙන්නැති. ඕව පස්සෙ යන්න එපා. බොරු වැඩ. මිත්යා මත.”
“අපි මේ හරියටම මොකක්ද කියලා බලන්න හැදුවේ අය්යෙ. ඉතින් ඇයි අය්ය අපිව හම්බෙන්න හිටියෙ කියුවෙ නෑනෙ.’
“මේකයි මල්ලිලා. මගෙ මේ පර්යේෂණ වැඩවලට සත්තු කීපදෙනෙකුත් අල්ල ගන්න ඕනේ. දැනට ටික දෙනෙක් මං අල්ල ගෙන තියනවා. ඔයාලටත් පුලුවන් නම් මට සත්තු දෙතුන්දෙනෙක් අල්ලා දෙන්න පුලුවන්ද.”
“මොන වගේ සත්තුද අය්යෙ ඕනෙ. අපි අල්ලලා දෙන්නම්. ඕකනම් මොකක්ද නේද බං.”
“ම්ම්.”
බර කල්පනාවක උන් තරංග හිස වනා තුශාරගේ කතාවට හවුල් විය.
“මට රිලා පැටියෙක්, වදුරු පැටියෙක්, එතකොට මුව පැටියෙක් එහෙම හොයල දෙන්න පුලුවන්ද.”
“බැරි වෙන එකක් නෑ අය්යෙ. අය්යෙ පොඩි කාරණයක් අහන්නද.”
“මොකක්ද මල්ලි. ඕන දෙයක් අහන්න.”
“අය්යගෙ පරේශනේට මොකට ද අය්යේ සත්තු. අය්ය කරන්නේ පැලෑටි ගැන කීවා නේද.”
“තරංග කෝලිත ගෙන් එසේ ඇසූ විට තුශාර ඔහුව කොනහන්නට විය.
“ඔව් මල්ලී දැන් කරන්නේ පැලෑටි ගැන තමයි. මං හිතන් ඉන්නේ ඊට පස්සේ සත්තු ගැන පරේශනයක් කරන්න. දැම්ම ඉදලා පොඩි පොඩි විස්තර හොයලා ලියන්නයි හිතුවේ.”
“හරි අය්යේ. අපි හෙට අනිද්දා වෙනකොට හොයලා දෙන්නම්. එහෙනම් අපි යන්නම් අය්යේ.”
“හා මල්ලී. බොහොම ස්තුතී. ඔයාලා දේවතා එලි බලන්න ගියොත් කියන්නකෝ. වැඩක් නැති උනොත් මාත් එන්නම්.”
*****
ආ මේ ඉන්නෙ ඇවිල්ලා. මං ඒත් බැලුවා මේ කෝලියාව පිටසක්වලයෙක්වත් උස්සං ගිහිංද කියලා. :D
ReplyDeleteතාම නෑ තාම නෑ අක්කේ... ඔය ඉන්නේ:d
Deleteනමින් වාගෙම අමුතු වැඩපල කරන ඔහු වෙත වශී වී
ReplyDeleteසමන් මලියගෙ හිතම දැන් දැන් කෝලි වෙතටම ඇදේවී
ඉතින් මේ රස කතාවම මම කියව යන්නේ නොසෙල්වී
හොඳින් ලියලා ඇති නිසා දැන් මෙන්න දෙනවා මම කවී.....
ජයවේවා!!!
කවි පිළිතුරු
Deleteලියා නිරතුරු
දුමී සුමිතුරු
අගෙයි සුමිතුරු
ජයවේවා දුමී...
reading...
ReplyDeleteකොහොමද කොලිගේ දඟ පන්දුව?? වැඩේ තේරුනාම හීනියට දඟ පන්දු කරකවනවා
Deleteඒකනේ ලිඛිතා.. මනුස්සයා හරි අංකූරා ලේසි නෑ...
Deleteහා හා එහෙනම් දිගටම කියවමු...
හිටින් පොඩ්ඩක් මුල ඉදන්ම එන්ට නැත්නම් මට තේරෙන්නුනෑ අෆ්ෆා...
ReplyDeleteහරි හරි සබරෙ... එහෙනම් ඕං මුල ඉදන් කියවගෙන එන්නකෝ...
Deleteලස්සනයි නිර්මාණි.කතාවේ කුතුහලය එහෙම නියමයි.
ReplyDeleteබොහොම ස්තුතී මනෝජ්.. අපි බලමුනේද ඉස්සරහට මොකද වෙන්නෙ කියලා:D
Deleteඉක්මනට ඉක්මනට ලියන්ට ඕන......
ReplyDeleteපුහ් ගාන්නේ නෑ ? හුහ්.. අපිට තමයි ඔක්කොම පිප්පිලි
Delete@ තඩියා
Deleteකෑමට වගේම කතාව කියවන්නත් පෙරේත වෙලා වගේනෙ:D
++++++++++++++
ReplyDelete@ ලිඛිතා
ReplyDeleteකවුද මෙයා ඔයාට ඒ වගේ පාට් එක්ක දැම්මේ..
හරිම රසවත් විදිහට ගලාගෙන යනවා නිර්මාණි... මම හිතන දේම වෙයිද බලමු ඉස්සරහට
ReplyDeleteම්ම්ම්...බලමු බලමු නේද... අවසානයේදී ඔයා කියන්නකෝ එහෙනම් දෙකම සමාන ද? අසමානද... ඔයා හිතපුදේම උනාද කියලා...
Deleteකතාව ගොඩක් රසවත් ඉදිරියටම යන්
ReplyDeleteවිචාරක දියණිය
හා හරි.... යමු:D
Deleteබලමුකෝ මේක මොකාටද එන්නෙ කියල. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටලු. මට හිතෙන්නෙ කෝලිය මොකක්හරි අඩව්වක් අල්ලයි වගේ. ලස්සනයි නිර්මානි ජයවේවා.
ReplyDeleteඅන්න හරි කටකාරි... හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටනෙ නේද... බලමු...
Deleteජයවේවා....
කෝලියා සමන්මලී කෙල්ලවත් උස්සගෙන අඟහරු ලෝකෙටම යයි වගේ
ReplyDeleteඅපි ඒ විදේශ ආක්රමනය නවත්තමු නේද...
Delete+++++++++
ReplyDeleteඑල. කතාව දිගට ඇදෙයි වගේ.
ReplyDelete