“කුමාරිහාමි උයනවා නේද? හරි මං කියන එක අහන්
ඉන්ට මොකුත් කියන්ට එපා. මට පොඩී ගැන ලොකු බයක්
තියනවා. එයා දැන් වෙනදටත් වඩා ගොඩක් වෙනස්.. දරුනුයි. අපි අර දේවාලෙට ගියාම පොඩී
ගැනත් අහලා බලමු.”
නිලමේට කතාව ඉවර කරන්න ලැබුනේ නෑ.
“මං
ගැන නේද ඔය කතා කර කර හිටියේ. කවුරුත් මං ගැන බය වෙන්න ඕනෙ නෑ. අනික ඔය දේවාල ගානේ
ගිහින් රස්තියාදු වෙන්නත් ඕනෙ නෑ. ඔයාලට පිස්සු උනාට මට එහෙම නෑ. .”
උඩුමාලේ තද නින්දක සිටි දෙවුමිණී කුස්සියට
පැමිණ එහෙම කියනකොට දෙදෙනාට හිතාගන්න බැරි උනා මොනව කියන්නද කියලා. සඳමිණී ගැන
දෙමාපියන් තුළ ලොකු විශ්වාසයක් ගෞරවයක් තිබුනට දෙවුමිණී ගැන එහෙම නෑ. ඒකට ගොඩක්
හේතු තිබුනා. ඒක සිද්ධ උනේ මෙහෙමයි.
“අම්මෙ මං ඊයේ හීනෙන් දැක්කා සීයා ඇවිත් මාව
නාවනවා. තව කෙනෙක් ඔලුවෙ තෙල් ගෑවා”
දෙවුමිණී මෙහෙම කියුවේ මල්වර වෙලා ගෙට වී
හිටපු හතරවෙනි දවසේ උදේ.
“ඔයා ටික දවසකින් සීයව දැක්කෙ නෑනෙ පොඩී. ඒ
නිසා එහෙම දකින්න ඇත්තේ.”
සඳලතා දෙවුමිණීට කියුවේ එහෙමයි.ඒත් කාටත් අහින්සක, හුරතල්
දැරියක් වුණු දෙවුමිණී වෙනස්, අමුතු චරිතයක් වෙන්න පටන්ගත්තේ මෙන්න මේ සිද්ධියෙන්
පස්සෙයි. දෙවුමිණී අක්කාටත් කලින්ම මල්වර
උනා. එයින් දවස් තුනකට පස්සේ නිලමේගේ පියා, ඒ කියුවේ දෙවුමිණීගේ සීයා මියගියා.
දෙවුමිණී හීනය දැක තිබුනේ ඔහු මළ දා රාත්‍රියේ. ඇය මල්වර වී කාලයක් යනකොට ඇයට
අම්මාව, තමන්ට සොයුරියක් වගේම මිතුරියක් ද වුණු අක්කාව නයාට අඳු කොළ වගේ වෙන්න
පටන්ගත්තා. ඇයට ප්‍රිය උනේ පියා පමණයි. කොහොම උනත් වලව්වේ කාටත් මුහුණපාන්න සිද්ධ
වුණු අත්භූත බලවේගයේ කරදර වලට අමතරව දෙවුමිණීගේ කරදර වලිනුත් පීඩා විදින්න සිද්ධ
උනා. ඒ වගේම ඇයගේ නීති රීති තහංචි වලටත් යටත් වෙන්න සිද්ධ උනා.
දෙවුමිණිගේ තහංචි කීපයක් මෙහෙම කියන්න පුලුවන්.
උයනකොට සඳලතාට කතා
කරන්න තහනම්. ඒ උයන කිසිම දෙයක් රස බලන්නවත් ඉදුල් කරන්න බෑ. දෙවුමිණීට පෙර කෑම
කන්න පුලුවන් නිලමේට විතරයි. ඇයගේ කිසිම දෙයක් වෙන කිසිම කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ.ඇය
නිදා ඉන්නකොට රූපවාහිනිය හරි ගුවන්විදුලිය හරි දාලා තියනවා නම් ශබ්ධය ඇහෙන්න බෑ.
මේවා කඩ කරනවා
කියන්නේ හට්ටි මුට්ටි පිගන් කෝප්ප ආදී සියල්ල පොලවේ ගසා කුඩු කර වලව්ව යුධ පිටියක්
වෙනවා කියන එකයි. සඳලතා උයන විට වැරදීමකින් හරි කතාකළොත් දෙවුමිණීකොහේ හිටියත් එනවා.
ඇවිත් අම්මාට පහර දෙන්නේ යක්ෂනියක් වගේ. බේරන්න යන සඳමිණීටත් නිලමේටත් ඊටත් වඩා
ගුටි කන්න වෙනවා. ඇය යම්තම් හෝ මෙල්ල කර ගන්න පුලුවන් නිලමේට විතරමයි.
දවසක් දෙවුමිණී සඳමිණීට කොයිතරම් පහර දුන්නද
කියුවොත් සඳමිණී බිම දාගෙන පහර දීලා අන්තිමට ඇයගේ දනිස් උඩ හිටගත්තා. ඒ වෙලාවේ
නිලමේ එතනට නො ආවානම් එදා සඳමිණී දෙවුමිණී අතින් මිය යනවා සිකුරුයි. සඳලතාත්
සඳමිණීත් දෙවුමිණීගෙන් මේ විදිහට පහර කෑම නිලමේට දරා ගන්න පුලුවන් දෙයක් උනේ නෑ.
ඔහු පුලුවන් තරම් උත්සහ කළේ මේ අය ඈත් කරලා තියන්න. ගැටුම් ඇති නො වන විදිහට
කටයුතු කරන්න. සමහරක් වෙලාවට නිලමේටවත් දෙවුමිණී මෙල්ල කර ගන්න පුලුවන්කමක් නෑ.
තවත් දවසක් දෙවුමිණීට සෝයා ව්‍යංජනයක් හදමින් සඳලතා ඉන්නකොට සඳමිණී එතනට ආවා.
උයනකොට කතාබහ නැති නිසා කිසිවක් නොකියාම සඳමිණීට සෝයා කෑල්ලක් දුන්නා. දෙවුමිණී
කොහෙන් කොහොම ආවද කියලා දෙදෙනාටම හිතාගන්න බැරි උනා.
“උඹ මොකක්ද ඒ කලේ?
මේ හිගන්නිට සෝයා දුන්න නේද? මං කියලා තියනවා මට කලින් තොපි දෙන්නට කෑම ඉදුල්
කරන්න බෑ කියලා”
කියමින් හැලියත්
පොලොවෙ ගසා කුමාරිහාමිටත්, සඳමිණීටත් දරුණු විදිහට පහර දුන්නා.
“අනේ උඹට හොඳක්
සිද්ධ වෙන්නෑ.”
කුමාරිහාමිගේ
මුවින් පිට උනේ ඒ වගේ වඳන් පෙලක්. මේ සිද්ධි දිගින් දිගටම වීමෙන් සිදුවුනේ මව සහ
දියණිය කියන බැදීමත්, සහෝදර බැදීමත් දියවී යාමයි. නිවසේ සිදුවන අත්භූත සිදුවීම්
වලට ද දෙවුමිණී වගකිව යුත්තෙක් ද කියලා හොයා බැලුවත් එහෙම දෙයක් හොයාගන්න බැරි
උනා. ඇයට ශාන්තිකර්ම, පූජා වගේම මනෝ ප්‍රතිකාර ලබා දෙන්න උත්සහ කරත් ඒක කරන්න බැරි
උනා. දැන් දැන් නිලමේටත් ඇයව පාලනය කර ගන්න පුලුවන්කමක් නෑ. නිවසේ වන අත්භූත
සිදුවීම් ගැන ඇය කිසිදු තැකීමක් හෝ භියක් නොදැක්වීමත් කාටත් ප්‍රෙහේලිකාවක් උනා
වගේම පනිවිඩකරු ලබා දෙන පනිවිඩ වලට දෙවුමිණීගේ අවනත බව පුදුම සහගත උනා. ඇයගේ උමතු
බව දරුණු බව වලව් වැසියන්ට පැවති තත්ත්වය මත කිසිසේත් දරා ගත නො හැකි තත්ත්වයට පත්
වෙන්න පටන්ගත්තා.
මේ අතරේ වලව්වේ
තිබුනු කුකුළා පහණ මත හැම උදේකම රුපියල් සීයෙ කොළයක් ගෙනත් තිබ්බා. හැබැයි ඒ
දවස්වල කාගෙවත් සල්ලි අඩු උනේ නෑ. නිලමේ මේ සල්ලි එකතු කරලා මාසෙකට පස්සේ දවසක
දානයක් දුන්නා. දානෙ දුන්න දාට පස්සෙත් උදේට කුකුළා පහණ මත සල්ලි තිබුනා. එහෙම
දවසක කුමාරිහාමිට මෙහෙම කියවුනා.
“හැමදාම සීයෙකොළම
ගෙනත් තියන්නේ දාහක් දෙදාහක් ගෙනත් තිබ්බනම් මොකද වෙන්නේ. අඩුමගානේ පංසීයක්වත්.”
ඇත්තටම පහුවදා
රුපියල් දාහේ කොළ දෙකක් පහණ මත තිබුනා. කාටත් අදහා ගන්න බැරි උනා. ඉස්කෝලේ යන්න
සූදානම් උණු සඳලතා දුටුවේ තමාගේ පසුම්බියේ තිබුණු මුදල් නැති බවයි.
මීලඟ කොටසින්
හමුවෙමු.
මනෝවයිද්‍ය ප්‍රතිකාර වලටත් බැරි උනා? එහෙනම් ඉතින් අත දිගඇරලා කණට දෙකක් දීල වගේ බලන්න තිබුනා.යක්ස බූත දෝස දෙපිටින් යන්න.. මේ දැන් නම් බලා ඉන්න බෑ.ටිකක් දිගට ලියන්නකො අප්පා... මොකද ඊලඟට වෙන්නෙ?
ReplyDeleteජයවේවා..!!
අපිත් කියුවෙ ඕකම තමයි ගස්... හොඳ පොල්ලක් කඩාගෙන දීල දාන්නයි තියෙන්නේ කියුව...
Deleteහරි හරි ගස් තව බොහොම ටිකයි... ඉවසන්නකෝ....
ජයවේවා....
නියම මනෝවෛද්‍ය ප්‍රතිකාරයකින් සුව කළහැකි මනෝ ව්‍යාධී තත්වයක්. තමන්ගේ සිතුවිලි වලින් තෘප්තියට පත්නොවීම, තමන්ට පවුල් සංස්ථාව තුළ පිළිගැනීමක් නැතැයි යන සිතුවිල්ල බරපතල ලෙස ආරෝපණය වීම, ඒ නිසා එවැනි තත්වයක් ලබාගැනීම සඳහා මෙවැනි හැසිරීමක් ආරූඪ කරගැනීම, මෙයට හේතු බව පෙනෙනවා.
ReplyDeleteමෙයා හරි වෙනස් කෙනෙක්... අපි බලමුකෝ ඉස්සරහට...
Deleteතත්ත්වෙ එන්න එන්නම අවුල් වෙනවා වගේ නේද? අනේ මන්දා කොහෙන් කෙළවර වෙයිද කියලා. ඒත් ඊළඟ කොටස දානකම් අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා යාළුවේ...
ReplyDeleteඒකනේ අවුල් තමයි... හරි යාලුවේ ඉක්මනින් දාන්නම්... ටික දවසක් ඉවසන්නකෝ....
Deleteමේක කුරුණෑගල රෝහලේදී උනු සිදු වීමක්....දවසක් රෝහලේ මනෝ ප්‍රතිකාර අංශයට රෝගියෙක් එනව....ඔහුව බැදල වගේ අරන් එක්කෙ...මොකද ඒ තරමට දැගලිල්ල..කෑ ගහනව ඉවරයක් නෑ...වෛද්‍යවරය ලංඟට ආපුවහම අල්ලන්ඩ එපාලු දේව සාප වෙයි කියල...කොහොම හරි ප්‍රතිකාර කරන්ඩ දෙන්නෑ...ප්‍රතිකාර කරොත් රෝහල විනාශ වෙනවලු...ඔයවගේ ජාති ගොඩයි...ටිකක් වෙලා කල්පනා කරපු වෛද්‍ය වරය එක ඉන්ජෙක්ෂන් එකයි දෙන්නෙ දෙයියො කොහේ ගියාද නෑ...
ReplyDeleteඔව්... ඕක බින්න උන්මාද තත්ත්වයක් කියන්නත් පුලුවන්.... අපි බලමුකෝ රසික දෙවුමිණීටත් මෙහෙම ගිහින් මොකක්ද කරන්න පුලුවන් කියලා...
Deleteඕව ආදරෙන් කියල හදාගත්තෑකි.. මං කියල බලන්නං ඕන්නං ඒ නංගියට. හැක් :D
ReplyDeleteහිටහං එහෙනම් නම්බර් එක එවන්න.
Deleteපත්තරයට වලව්කාරයෙක් වෙන්න හිතිලද කොහෙදමන්දා.....
Deleteඑතකොට අනිත් නංගියා?
ඔයාගෙ මේ රිප්ලයි එක දැක්කම මට පරණ කතාවක් මතක් උනා.
Deleteවැලිමඩ තියෙනවා "සමරසිරි ට්‍රේඩර්ස්" කියලා කඩයක්. ඒකෙ සමරෙ+ සිරි හවුලක්. මම මේ කියන කාලෙ එයාලගෙ ලොරි හතරක් තිබ්බා. එකක් සිරි බ්‍රදර්ස්, අනෙක් තුන "සිරිගෙ" දූලා තුන්දෙනාගෙ නමින්, සුදර්ශි, නිදර්ශි සහ මදූ.
අපේ මාමගෙ පුතා පොඩි කාලෙ (අවුරුදු හතේ අටෙ) සුදර්ශිට හරි කැමතියිලු. ඉතින් දවසක් සුදර්ශි ව ඉල්ලලා ගෙදර ගෙනියන්න. එතකොට සුදර්ශිගෙ තාත්තා කිව්වලු " දැන් නෙවෙයි පුතා ලොකු වෙලා හොදට ඉගෙනගෙන එහෙම ඉවර වුණාම මම සුදර්ශියි සුදර්ශි ලොරියයි දෙකම දෙන්නම්කො" කියලා. එතකොට මේ අයියා කිව්වලු " එහෙනම් මට සුදර්ශි විතරක් නෙවෙයි නිදර්ශිත් ඕනි. එතකොට සුදර්ශි ලොරියයි නිදර්ශි ලොරියයි දෙකම ලැබෙනවනෙ කියලා.
හික් හික් මරු උත්තරේ දීල තියෙන්නේ...
Deleteපත්තරයනම් අනිත් නංගියා ගැන නෝ කතා...
ආන්න ආන්න ඉතිං උඹලා හොඳක් කරන්න හැදුවමත් ඇඟට එනවනේ :D මනුස්සකමට බං මනුස්සකමට..ආං ඒකට.එකෙන්ම අනිත් නංගිය ඉවානයට.අපි ඒමයි !!
Deleteඅම්මප සඳ වියමන් මචං කසුන හිටියනං කියන්නෙ
ලොරි දෙක දැන් දෙන්ඩ මොකෑ මාකට් එක බහිනවනෙ.. සුදර්ශියි නිදර්ශියි කැමති කාලෙක දෙන්ඩ.…නුදුන්නත්ම අවුලක් නෑ කියල. :D :D
පත්තරේ කැමති නැද්ද දේශකතුමාටයි, ප්රාජේටයි හරියනවට??? ඒ දෙන්නගෙන් කාටහරි දෙන්නකෝ....
Deleteකාව කවුරු බාර ගත්තත් දෑවැද්දට සියලුම දෝශ දෙනු ලැබේ......
හැක් හැක්.
Deleteමේ පෝස්ට් එකෙත් භූත දෝෂයක් තියෙනවද කොහෙද?. මම මේ තුන්වෙනි පාර කමෙන්ට් එකක් දාන්න හදන්නෙ.
ReplyDeleteමටත් පේන්නෙ අර විචාරක කියන රෝග තත්වෙ තමා තියෙන්නෙ. ගස් ලබ්බගෙ ප්‍රතිකාරෙට වඩා පත්තරේගෙ ප්‍රතිකාරෙ හරියයි පොඩ්ඩක් මුණ ගැස්සුවනම්
ආ එහෙනම් එහෙම වෙන්න ඇති....
Deleteරෝගී තත්ත්වයක් පැහැදිලිවම තියනවා... ඒත් තව ප්‍රශ්න ගොඩයි... ඒක කියුවොත් කතාවෙ ඉතුරු ටික කියවෙනවා... අපි ඉස්සරහට බලමු අක්කේ....
තාමත් හිතා ගන්න අමාරුයි කතන්දරේ කොයි පැත්තටද ගලන්නේ කියලා...මේ තත්වය මනෝ ව්‍යාධියක් වෙන්නත් පුළුවන්...විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි දේවලුත් නැත්තේම නැහැ...
ReplyDeleteම්ම්ම් පොකුරු වැහි... තව ටිකක් බලන්නකෝ....
Deleteඉතුරු ටිකත් ඉක්මනින්ම දාන්ඩෝ ..
ReplyDeleteහා හා ඉක්මනින් ලියන්නම්කෝ...
Deleteකියන කියන දේ ගෙනත් දෙනවා නම් භුතයෙක් උනත් කමක් නැ.. හි හී. නිර්මාණි මේක ඇත්තටම වුන එකක්ද..කොහොම තියෙන්න ඇත්ද රන්ඩු වෙනකොට..ඔය ලියලා තියන විදිහට මැවිලා පේනවා හට්ටි මුට්ටි විසිවෙන හැටි..
ReplyDeleteඔව් චතූ මේක උන දෙයක් වගේම තාම වෙමින් පවතින දෙයක් කියන්නත් පුලුවන්...
Deleteමාත් ඕකම කියුවා.. බූතයෙක් උනත් කමක්නෑ කොච්චර ලේසිද කියුවා...