වර්ථමානය
සියලු යාතු කර්ම හා බණ දේශනවලින්
පසු පෙර මෙන් කිසිම අත්භූත සිදුවීමක් සිදුවුනේ නැහැ. ඒත් ඊට පෙරත් මෙසේ කිසිවක්
සිදුනොවී යලිත් මාස තුනකට පසු සියල්ල සුපුරුදු ලෙස සිදු වුණු නිසා සෑම දෙයක් ගැනම
සිතේ පැහැදිලි විශ්වාසයක් කා තුළවත් තිබුනේ නෑ. කාලය ටිකෙන් ටික ගෙවිලා වසරක් පමණ
වන විට හැමෝටම වැටහුනා වලවුවේ අත්භූත සිදුවීම් සියල්ල අවසන් වී ඇති බව. ඒ ගැන සඳලතා
හා දියණියන් සතුටු උනත් නිලමේ පසු උනේ ලොකු කනගාටුවකින්. තම පියා නිවසෙන් එලවා
ගත්තා වැනි හැඟීමක් ඔහු තුළ පැවතියා. නිලමේ කාටත් නොකියා වෙනත් කට්ටඩියෙක් වලව්වට
කැදවාගෙන ආවේ යලිත් පප්පා වලව්වට කැදවීමට. නමුත් සඳලතා හා දියණියන් ඊට තරයේ
විරුද්ධ වූ නිසාත්, ඔහුට එහි වූ බරපතල බව වටහා දීමත් සමග ඔහුට ඒ කාර්ය අත් හැර
දැමීමට සිදුවුනා. වසර දහයක කාලයක් පුරා සිදු වූ මේ සිදුවීම එයින් නතර උනා. වසර
දෙකකට ආසන්න වී ඇතත් අද වන තුරුත් පෙර මෙන් අත්භූත සිද්ධි කිසිවක් සිදු වී නැ. වලවුවේ
යාතුකර්මයෙන් පසු සිරිල් මිය ගොස් තිබෙනවා.
මේ වන විට සඳමිණී විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාලයේ
උපාධි පාඨමාලාවක් හදාරමින් සිටී. දෙවුමිණී ද වාණිජ විද්‍යා අංශයෙන් එම විශ්වවිද්‍යාලයේ
ම උපාධිය හදාරනවා. නමුත් මීට පෙර කියූ දෙවුමිණීගේ චරිතය යම් පමණකින් හෝ සුභදායී
විදිහට වෙනස් වෙලා නෑ. ඇය මේ වන තුරුත් තම සොයුරියටත්, අම්මාටත් දරුණු විදිහට පහර
දෙනවා. එකම විශ්වවිද්‍යාලයක උනත් දෙසොයුරියෝ කාලය ගත කරන්නේ නාදුනනා දෙදෙනෙක් වගේ.
සඳමිණී හා ප්‍රදීප්ගේ ප්‍රේම
සම්බන්ධය තාමත් පවතිනවා. ඒ සම්බන්ධය නිවැසියන් තාම දන්නේත් නෑ. කවදාවත්
වැඩිහිටියන්ගේ ආශිර්වාදය නො ලැබෙන බව හොඳින්ම දන්න දෙදෙනාගේ තීරණය තමයි, පෙම්වතුන් විදිහටම ලොවට
හොරා සදාකල් සිටින එක. දෙවුමිණීටත් ආදර අන්දර ඇත. ඒත් ඒ එක් නිර්මළ ප්‍රේමයක්
වෙනුවෙන් නොවේ. ඇයට ආදරය එක් සෙල්ලමක් පමණයි.
සඳලතා හා නිලමේ ගැන කියුවොත්, ඉතා දීර්ග කාලයක් තිස්සේ මුහුණ දුන් දුක්කම්කටොලු
නිසා ම ඔවුන් දෙදෙනා පසුවන්නේ දැඩි චිත්ත පීඩාවකින්. ඔවුන්ට කරදර තිබුණු කාලයේ
ඇතැම් අය ඔවුන් රවටා තිබෙනවා. ඒ වගේම තම එකම සහෝදරයා පියා ද ඝාතනය කර ඔවුනගේ පවුල
ද විනාශ කිරීමට තැත් දැරූ බව ඔවුන් දැන් දන්නවා. මේ නිසා ඔවුන් පසු වන්නේ සෑම
කෙනෙකු ගැනම බියෙන්. සැකෙන්. විශේෂයෙන් නිලමේ තුළ යම් බින්න උන්මාධ තත්ත්වයක්
නිරීක්ෂණය කරන්න පුලුවන්. ඒ වගේම සඳලතා කාන්සා ස්වභාවයකින් ද පසුවෙනවා. සඳමිණී මේ
සෑම දෙයක් ගැනම අවබෝධයෙන් පසු උනත් ඒ කිසිවෙකු මනෝ ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට
ඇයට හැකියාවක් නෑ. ඔවුන් කිසිවෙක් තමා තුළ ඇති තත්ත්වය අවබෝධ කර ගන්නේවත්, විශ්වාස
කරන්නේවත් නැහැ. ඒ සඳහත් ප්‍රධානම හේතුව වී ඇත්තේ කිසිවෙකු ගැන ඔවුන් තුළ
විශ්වාසයක්, පැහැදීමක් නැති වීමයි. ඒ වගේම සිතේ පවතින වලවු මානයට හානියක් වනවාට
ඔවුන් තුළ කැමැත්තකුත් නෑ. දෙවුමිණී යම් මානසික රෝගී තත්ත්වයකින් පසුවේද යන්න මනෝ
වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීමට නිලමේ හා සඳලතා තුළ අකමැත්තක් ඇත්තේ ද වලවු
ගෞරවයට හානි වේ යන සිතුවිල්ල නිසාමයි.
පැවති තත්ත්වය සම්පූර්ණයෙන් සමනය
වී ඇතත් දැනට පවතින තත්වය අනුව නිලමේ, සඳලතා හා දෙවුමිණී මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට
හෝ මනෝ උපදේශනයට යොමු කිරීමට උත්සහ කළත් ඒ උත්සහය අත් හැර දැමීමට සිදු උනෙත් මේ හේතුවෙනුයි.
වලව්වේ හා වලවු වැසියන්ගේ වර්ථමාන
තත්ත්වය මේ විදිහයි. එක් වෙලාවකට සිතන විට වලවු වැසියන්ගේ ජීවිත කතාව මෙසේ නිමා
කරත් එය නිමා වන දවසක් නිශ්චිතවම කීමට හැකියාවක් නැහැ. මොකද තාමත් ඔවුන් අතර දෝලනය
වන ගැටලු කීපයක් තියනවා.
*නිලමේ, සඳලතා හා දෙවුමිණී තම මානසික ස්වභාවය
අවබෝධ කර ගෙන මනෝ ප්‍රතිකාර සඳහා යොමුවේද?
* වලවුවේ කාට හෝ දෙවුමිණීගෙන්
හානියක් වේද?
*එසේත් නැති නම් දෙවුමිණීගේ ජීවිතයට වෙනත්
අයෙකුගෙන් හානියක් වේද?
*සඳමිණී සෑමදාම ප්‍රදීප්ගේ පෙම්වතිය වී තනිකඩව වලවුවේ
ජීවිතය ගත කරාවිද?
* විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුනු ලෝකයක වලවු
වැසියන්ගේ ගැටලු ඒ බිත්ති අතරම සැරිසරා දවසක සැගවී යාවිද?
මේ ගැටලු අවබොධයෙන් විසදා නො
ගැනීම තුළ ද යම් ය්ම ගැටලු ඇති වේ. තන්හාව, ආශාව ඇති වන කල් හී දෙමාපිය බැදීම්,
සහෝදර බැදීම් හෝ වෙනත් කිසිදු බැදීමක් බල රහිත වී ඕනෑම අපරාධයකට ඕනෑම කෙනෙකු යොමු
විය හැකි ය. මේ කතාවෙන් ද පෙනී යන්නේ එය නොවේද?
පසුසටහන
අප සුරංගනාවන්, දියකිදුරියන්,
මකරුන් ගැන අසා ඇත. නමුත් ආනුභූතික ලෝකය තුළ ඒ කිසිවක් ඉන්ද්‍රීය ප්රත්යක්සයට
හසු වී නැත. දෙවිවරු, යක්ෂයන්, හොල්මන් හා අවතාර ද ගැනෙන්නේ මේ ඉන්ද්‍රීය ප්රත්යක්සයට
හසු නොවන ගනයටයි. හොල්මන්, අවතාර හා භූතයන් පිළිබඳව සමාජයේ විවිධ මත පවතී. ඇතමුන්
ඒවා පිළිගන්නා අතර තවත් පිරිසක් එවන් දෑ ඇතැයි විෂ්වාස කරන්නේ නැත. ඒ දෙපිරිසටම ඒ
සඳහා විවිධ අද්දැකීම් මත පදනම් වූ තර්ක ද පවතී. එසේම අතීතයේ පැවති මත අනුව ඇතැම්
තත්ත්වයන් ඇති වන්නේ යම් යම් බූත දෝශ, යක්ෂ බැල්ම නිසා ය. නමුත් නූතන මනෝ විද්‍යාවට
අනුව එවන් තත්ත්වයන් ඇති වන්නේ මානසික රෝග හෝ ගැටලු පදනම් කර ගෙන ය. එය අසත්‍ය ද
නොවේ.
ආරම්භයේ දී කියූ පරිදි මෙය සත්‍ය
සිදුවීමකි. සඳමිණීගේ කතාව අසන විට අපට සත්‍ය වශයෙන්ම අමුතු කතාවක් ම විය. ඔබට මෙන්ම
අපට ද විෂ්වාස කළ නො හැකි විය. අපට අවැසිවූයේ වලවුවේ දිනක් දෙකක් හිද හෝ ඒ තත්ත්වය
නිරීක්ෂණය කිරීමටයි. පැවති තත්ත්වය මත වලවුවට කිසිවෙක් පැමිනෙනවාට ඔවුන් තුළ
කැමැත්තක් නොතිබුන අතර සඳමිණිගේ මිතුරියන් බැවින් අපට එහි යා හැකි විය. විශේෂයෙන්
අප ඒ තීරණය ගත්තේ ද හොල්මන් අවතාර පිලිබඳව අප තුළ විශ්වාසයක් නො තිබූ බැවිණි. මා
ඇතුලු තවත් මිතුරියන් තිදෙනෙක් මෙම ගමනට සම්බන්ධ විය. දින කිහිපයක් වලවුවේ හිද
තත්ත්වය පිරික්සීමට ගිය අපට පැයක් තුළ අසා ඇති දෑ අත්දැකීමට හැකි විය.
තේ බොමින් අප සිටියේ මැද මිදුලේ
ය. මේසය මත තිබුණු කඩදාසියක පන්හිදක් යමක් ලියන්නට පටන්ගත්තේ අප ඉදිරියේම ය. එහි
ලිය වී තිබුනේ මෙසේ ය.
“උඹල ආවේ මේවයැ ඇත්ත නැත්ත බලන්ට
නේද? ඕන් බලා ගනිල්ලා. තව තව දේවල් බලා ගන්ට පුලුවන්වේවි.”
ඒ මොහොතේ දැනුණු භිය වචනයෙන් කිව
නො හැකි තරම් ය. රාත්‍රී ආහාර ගැනීමට මේසයට ගිය අපට දැනුනේ දැඩි පිළිනු ගඳකි. කුස
ගින්නේ සිටි අප බියෙන් ද මුසපත් වී නින්දට ගියත් නින්ද අහලකටවත් ආවේ නැත. මෙතනින්
එක් වර අතුරුදහන් වීමට ඇත්නම් හෝ පොලොව පලා ගෙන හෝ යාමට ඇති නම් වැනි හැගීමක් අප
සිත් තුළ ඇති විය. කළ ක්‍රියාව පිළිබඳව අපි අපිටම දොස් කියා ගතිමු. අපේ කනගාටුවට
හේතුවූයේ වලවුවේ ඇති තත්ත්වය දැන දැනම සඳමිණි අප එහි කැදවාගෙන යාම පිළිබඳව සඳලතා
හා නිලමේ සඳමිණීට දොස් නැගීම ය. අපට එය ගැටලුවක් නො වූ බව පවසා පසුදාම අප වලවුවෙන්
පිටත් විය. පැවති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අප තුළ දැඩි කුතුහලයක් ඇති උනත්
සඳමිණී හැර වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කලෝය.
එක් දිනක් තුළ අපට දැනුණු මානසික
පීඩනයේ හැටියට වසර 10 ක් පමණ වලවු වැසියන් කුමන දුකක් විදින්නට ඇතිදැයි අපට
සිතුනි.
මා පෙර ඔබට කියූ පරිදි කෙටි පනිවිඩ
ලිවීමේ ක්‍රියාව පටන් ගත් දිනේ සිට අවසන් කෙටි පනිවිඩය තෙක් සඳමිණී එකතු කර ඇත.
ඒවා අදටත් ඈ සතු ය. ලොකු බණ්ඩාර මිය යාමට පෙර ලියූ ලියමනක් සමග සැසදීමේ දී අකුරුවල
ඇති සමාන බව ද මිතුරියන් නිරීක්ෂණය කලෝය.
මේ කතාව අකුරු කිරීමේ දී සඳමිණීගේ පූර්ණ අවසරය
ලබා ගත්තෙමි. නමුත් ඔවුනගේ පෞද්ගලිකත්වයට හානි නොවන පරිදි ලිවීමට
මම ඇයට පොරෙන්දු වීමි.
මේ කාලය තුළ අපට කල හැකි වූ එකම දේවූයේ සඳමිණීට
සවන් දී ඇයගේ මානසික තත්ත්වය යහපත්කිරීම පමණි. කුමන තත්ත්වයක් මත වුව ද ඇය අද වන
විට ශක්තිමත්ව සිටී. පෙර කියූ පරිදි මෙය නිශ්චිත අවසානය දැයි නොදන්නා නමුත් එකම
සහනය වූයේ වචනයකින් හෝ සඳමිණීට උපකාර කළ හැකි වීමයි.
මා හොල්මන්, අවතාර, බූතයන් පිළිබඳව
විෂ්වාස කරන්නේ නැත. අදටත් එසේම ය. නමුත් මට මෙම සිදුවීම මහා ප්‍රෙහේලිකාවක් විය.
මන්ද මෙම සිදුවීම අද්විදි අයෙකු වශයෙන් සත්‍ය වශයෙන් ම අමුතු දෙයකි. මෙය
හොල්මනක්ද? අවතාරයක්ද, භූතයෙක්ද? යන්න මටත් ගැටලුවක් විය. ඒ පිළිබඳව කිහිපදෙනෙකුගෙන්ම
විමසුවත් පැහැදිලි විග්‍රහයක් ලැබුනේ නැත. යම්තාක් දුරකට හෝ පැහැදිලි යමක් දැනගත
හැකිවූයේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමිගේ කෘතිවලින් පමණි.
නිමි..
ප-ලි. අපට බොහෝවිට කියවීමට
ලැබෙන්නේ නිර්මාණය කරන ලද අත්භූත කතා පුවත් ය. මට අවශ්‍ය වූයේ මා ලද අද්දැකීම හා
දැනගත් කතාව ඔබේ රසවින්දනයට කතාවක් ආකාරයට ඉදිරිපත් කිරීම පමණි. මෙවන් දෑ
පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතු ය. මෙතෙක් කතාව කියවා ගුණ දොස් පෙන්වා මා දිරිමත්
කළ ඔබ සැමට ස්තුතී. බොහෝ අවස්ථාවන්හී අක්ෂර දෝශ පෙන් වූ හැලපෙට ස්තුතී..
අක්ෂර දෝෂ හරියට.ඉස්සෙල්ලම මාතෘකාව වර්තමානය කියල හදන්න.
ReplyDeleteඅද්භූත
Deleteඋන්මාද
ප්රත්යක්ෂ
විශ්වාස
බිය
දෝෂ
යනුවෙන් නිවැරදි විය යුතුයි.
තැන්කූ හැලපයියෙ..
Deleteආයෙත් ස්තුතී හැලබේ...
Delete@ ගස් තැන්කු එකට තැන්කු....
මේ මිනිස්සුන්ට විඳින්න වුන කරදර ගැන ඇත්තෙන්ම කණගාටුයි...මේ සියලුම දේට බලපාන්නේ තමන්ගේ පෙර සසරේ කල කී දෑ වලින් රැස් කරගත් කර්මය...අද වෙන විට ඔවුන්ට ඇති ගැටළු සඳහා ඔවුන් නිසි ප්‍රතිකර්ම වලට යොමු නොවීම නම් අනුමත කරන්න බැහැ...
ReplyDeleteමරණ මොහොතේ ඇති වන ඇලීම් සහ චිත්ත ස්වභාවයන් අනුව මිනිසුන් ප්‍රේත, භූත කොටස් ලෙස උපත ලබන්න පුළුවන්..ඔවුන්ගේ පින් පව් අනුව ඔවුන්ට යම් යම් බලයන් ලැබෙන්න පුළුවන්...මෙය බුද්ධ ධර්මයෙන් පහදලා තියනවා...අපි හැදිලා තියන සතර මහා ධාතුන්ගේ පරිමාවන් අපේ පින් පව් අනුව වෙනස් වෙනවා...අභිධර්මය අධ්‍යනය කලොත් ඔයාට ඒ ගැන දැන ගන්න පුළුවන් වෙයි...ඒත් මේ හැමදේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ...
චුති සිත ඊලඟ ආත්මයෙදී බලපානවා පොකුරු...
Deleteදිගටම රැඳිලා හොඳ නරක පෙන්නුවට තුති පොකුරු....
ඒ පවුල හරි පව්... පොලොවෙ පය ගහගන්න පිනක් නෑ කියන්නෙ ඒ මිනිස්සු විහින් දුක් විඳින බවක් පෙනෙන්නෙ.හැබැයි ඒක එයාලට රහයි නම් වටේ උදවිය මක්කා කොරන්නද ?
ReplyDeleteමොනව උනත් නිර්මාණි බොහොම සාර්ථකව කතාව අරගෙන ආව.
ජයවේවා..!!
සඳමිණී ගොඩක් උත්සහ කළා මේ ගෙදරින් හැමෝම එක්ක ඉවත් වෙන්න... ඒත් කවුරුත් ඒකට කැමති නෑ....
Deleteඇගයීමට ස්තුති ගස්...
ඉතින් තවත් රස කථාවක් අරන් එනකන් අපි බලන් ඉන්නවා හොඳේ. අනේ ඇත්තටම සඳමිණී හරිම පව්.
ReplyDeleteඇත්තටම මං අදටත් දු් වෙන්නේ සඳමිණී ගැන.... එයා ගොඩක් හොඳ කෙනෙක්...
Deleteආ අපි බලමුකෝ... දිගටම කියවලා දිරිමත් කළාට ඔයාටත් ස්තුතී රන්දුළා....
හම්මේ , නැතිවෙලා හිටපු ටික දවසට මේක මාර දුරකි ගිහිං නේ , ඔක්කොම කියවලා එන්නම්
ReplyDeleteහා හා කියවලාම එන්නකෝ.... ඇවිත් තියෙන්නේ අන්තිම කොටසෙදිනේ...
Delete//නූතන මනෝ විද්‍යාවට අනුව එවන් තත්ත්වයන් ඇති වන්නේ මානසික රෝග හෝ ගැටලු පදනම් කර ගෙන ය//
Delete++++++++++++++++++++
Deleteඅවසන් කොටසයි මේ පසු සටහනයි එකටම කියෙව්වේ. ඒ වගේ අත්දැකීමක් ඇත්තටම විඳින්න වෙනවා කියන එක හිතාගන්නත් අමාරුයි. නංගි කිව්වා වගේ ඔයාලා හිටපු එක රෑට ඒ තරම් බය හිතෙන අත්දැකීමකට මුහුණ දෙන්න වුනානම් ඇත්තටම අවුරුදු දහයක් පුරා ඒ දේවල් අත්විඳපු අයට කොහොම දැනෙන්න ඇත්ද. :(
ReplyDeleteනොපෙනෙන බලවේග අපි අතර නැහැයි කියලා කියන්න බැරි බව තමයි මටනම් හිතෙන්නේ. මේ වගේ කතාවක් මම කාලෙකට ඉස්සර කියෙව්වා, මට මතක හැටියට ඒකත් සත්‍ය කතාවක්. නමනම් දැන් මතක නැහැ.
වැරදි කරපු අයට කොයි විදිහෙන් හරි දඬුවම් ලැබෙයි. අනිත් හැමදෙනාටම හිතේ සතුටත් සැනසීමත් ඉක්මණින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි නංගි මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට. :)
ඔව්.. ඒ වගේ ප්‍රශ්න වලින් ගොඩක් කල් මිරිකිලා හිටපු ඒ අය දැන් එහෙම හරි ඉන්න විදිහ ගැන සතුටුයි... ඊටත් වඩා සතුටු වෙන්න ඕනෙ අක්කේ සඳමිණි දෙවුමිණි මේ ප්‍රශ්න මැද්දේ කැම්පස් ගිය එකයි... මොකද ඉස්කෝලේ යන්න වෙන දවස් අඩුයි... පොත් නෑ.. මොනතරම් පීඩනයක්ද?
Deleteනොපෙනණබලවේග ගැන අපේ දැනුම අඩුයි.. අනික බොරු කරන පිරිස වැඩි නිසා ඇත්ත හොයා ගන්න අමාරුයි....
සිත්තමි අක්කට ස්තුතී ඇවිත් අදහස් දැක්කුවාට...
ඒකත් එහෙමලු ඉවරඋනේ එහෙනං.
ReplyDeleteමොනව උනත් ඔය පවුල මානසික උපදේශනයක් සඳහා යොමු කරවන්න පුලුවන්නං ලොකු සහනයක් ලැබෙයි.
ඔව් ප්‍රසන්න... දැන් කරන්න තියන හොඳම දේ ඒක තමයි... ඒත් කරන්න අමාරුම දේත් ඒක තමයි... උත්සහ කළා... ඒ අය කලින් ලබපු අද්දැකීම් එක්ක වගේම පවතින ආකල්ප එක්ක ඒක ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ...
Deleteස්තුතී අදහස් දැක්වලා දුන්න සහයට....
9 සහ 10 දෙකම එකපාරට කියවන්න වුනේ ඔන්න. වැඩිය මේ පැත්තෙ එන්න බැරි වුණා. මේක ඇත්ත කතාවක්ද... පුදුමයි. නිර්මාණි ලියන් එද්දි මං හිතුවෙම ප්‍රබන්ධයක් කියල. කෝම වුණත් අපූරුයි ලියමන. වලව්වෙ ඇත්තො ගැන කණගාටුයි. උඩ කොමෙන්ටු වල කියන්නා වගේ අක්ෂර සහ වියරණ අඩුපාඩු හැදෙනවනම් මාත් කැමතියි නිර්මාණි. එතකොටයි නිර්මාණිගෙ නිර්මාණෙ පරිපූර්ණ.
ReplyDeleteජයවේවා...
ඔව් ලේ මේක ඇත්ත සිද්ධියක් තමයි... ඔව් ඒ අඩුපාඩු ඊලඟ නිර්මාණයෙන් අඩු කරන්න බලන්නම්... අදහසට ස්තුතී...
Deleteඔයත් දිගටම කියවලා අදහස් දැක්වුවා නේද? ස්තුතී ලේ....
මේ පසු සටහන බොහොම වටිනවා. ඔයාලා යාළුවෝ විදිහට ඒ දරුවට ශක්තියක් වෙමින් ඉන්න එකත් මං ඉහළින්ම අගය කරනවා.
ReplyDeleteඔන්න දැන් මගේ වාරෙ නෙ. නිර්මාණි මෙහෙම සිදුවීමක් අත්විදලා තියෙන නිසා මං කියන එක ඔයාට පිළිගන්න පුළුවන් වෙයි.
මං මේ කියන ගෙදර උදවියටත් අසාමාන්‍ය දේවල් බොහොමයකට මුහුණ දෙන්න වෙලා තිබුණා. හැබැයි ඒ කියපු එකක්වත් ඔයා මේ කියපු දේවල් තරම් බරපතල නෑ. ඒත් එයාලට ලොකු අසාමාන්‍ය බවක් දැනුන නිසා එයාලත් මේ කතාවෙ වගේම ඔය දේවාලෙකට ගිහින් තියෙනවා.
ඒ දේවාලෙදිත් එයාල කියන විදිහට එයාලගෙ සීයාගෙ කටහඬින්ම සීයා ජීවත්වෙලා ඉන්නකොට එයාලට කතා කරපු නම් වලින් ඒ විදිහටම කතා කරාලු.එයාලා එහෙම ඔය දේවල් මත්තෙ නැහෙන ගණයේ කට්ටියක් නෙවෙයි. ඒ නිසායි මේ කපුවා ජීවිතේට ඇහැට දැකලා නැති මනුස්සයෙක්ගෙ කටහඩින් කතා කරා කියලයි කිව්ව නිසා මට ඒ ගැන දැනගන්න ආසා හිතුනා. ඒ සීයා ඔහොම භූතයෙක් වෙලා නෙවෙයි, එයාට මැරිලා අවුරුදු කීපයක් ගිහිල්ලත් ආත්මයක් ලැබිලා නැති කතාවක් තමා කියවිලා තියෙන්නෙ. ඒකට ඒ සීයට පිං දීලා දාන මාන කරන්න කියලා. ඊට කලින් පෙරේත තට්ටුවක් හදලා එලිමහන් තැනක තියලා සීයට කතා කරන්න කිව්වලු. සීයා ආව බව එයාලට දැනගන්න ලැබෙයි කිව්වලු.
ඔය පෙරේත තට්ටුව තියන දවසෙ මමත් එහෙ හිටියා.එයාල ඒ හැමදේම කරේ එයාලගෙ තාත්තට (තාත්තගෙ තාත්තා තමයි නැතිවෙලා තිබ්බෙ ) හොරෙන්. ඉතින් එයාලා ඒ සීයා ජීවත් වෙලා ඉන්න කාලෙ කන්න කැමති හැමදේම එක්ක මේ පෙරේත තට්ටුව හදලා එලියෙ තැනක පුටුවක් උඩින් තියලා "සීයා එන්න" කියලා කතා කරපු බවකුත් මට යන්තමට වගේ මතකයි. කොහොමහරි මමයි ඒ ගෙදර අක්කයි ඒ පුටුවට මීටර් දහයක් විතර දුරින් බලන් හිටියා. ඒ අක්කා කිව්වා සීයා ඒක බාරගත්තු බවට සලකුණක් පෙන්නයි කියලා කිව්වා කියලා. අපි අහලා තියෙනවනෙ ඔය යක්කු එහෙම කිරි අතු කඩාගෙන එහෙම යනවා කියලා. මං බලන් හිටියෙ අන්න එහෙම එකක් වෙයි කියලා ඒක වෙන හැටි බලාගන්ඩ. ඒත් එහෙම මොකුත් වුණේ නෑ. විනාඩි දහය පහළොවක්ම බලන් ඉදලා අපි ඒ පෙරේත තට්ටුව ළඟට ගිහින් බැලුවා. මට අදටත් හිතාගන්ඩ බෑ. ඒකෙ තිබුණ යෝගට් එකෙන් භාගයක් කාලා තිබ්බා. මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා එතනට කිසිම සතෙක්වත් ආවෙ නැති බව. ඉතින් අර යෝගට් බාගෙට මොකද වුණේ කියලා මට තාම හිතාගන්ඩ බෑ.
අක්කගෙ කතාව අහන්න මං ගොඩක් ආසාවෙන් හිටියේ...
Deleteමං ලබපු අද්දැකීම එක්ක මේ සිද්ධිය පිළිගන්න පුලුවන්... එහෙම අද්දැකීමක් ලබන්න ඕනෙ.... එහෙම නැතුව අපේ හිත් ඒවා පිළිගන්නෙ නෑ...
ඉතින් ඒ ගෙදර තිබුණු තත්ත්වෙ ඊට පස්සේ වෙනස් උනාද අක්කේ???
දිගටම ඇවිත් කියවලා දිරිමත් කළාට, අදහස් දැක්වුවාට ස්තුතී අක්කේ....
අද තමයි අවසන් කොටසයි පසු සටහනයි දෙකම කියෙව්වෙ. ඇත්තටම ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් පළිගන්න, මැරුණු කෙනෙක්ව යොදාගත්තම ඒ මැරුණු කෙනාටත් නිදහසක් නැහැ නේද?
ReplyDeleteකොහොම වුණත් ඒ අයට ආයෙ කරදරයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
නිර්මාණි කතාව ලියලා තිබුන විදිය නම් හරිම අගෙයි. කතා රසයට හානියක් නොවෙන්න කතාව බෙදලා තිබුණ විදිය එහෙම අපූරුයි.
ඔව් අපි එහෙම ප්‍රාර්තනා කරමු සිතූ...
Deleteස්තුතී සිතූ ඇගයීමට...
කෝ දැන් අර පෝස්ට් ගොඩක් ලියාගෙන හාඩ් එකක දාගෙන ඉන්නවා කියපු එක්කෙනා.
ReplyDeleteඑයා නැත්තං ඔයාම ආයෙ කතාවක් පටන් ගන්න නංගි
ඔන්න අද දැම්මා යාන්තන් එකක්.... ඔය කියුවට ඒක වෙයි අක්කේ.....
Delete