Saturday, May 6, 2017

තෑගි එපා අම්මේ මට!

පාට පාට සමනල්ළුන්
 ඉගිලෙන විට මල් අතරින්
මටත් හිතයි දිව යන්නට
උන් පස්සෙන් හනි හනිකට.
කුරුලු රෑන් පියබනකොට
තුරු අතරින් වළා ගැබෙන්
මටත් හිතයි පියබන්නට
උන් එක්කම එක රෑනට
අත් වෙනුවට තටු ඇත්නම්
පියබා යන්නට හැකි මට දැන්
ගණිතය භූගෝලය පොත්
නුඹලාගෙන් නිදහස් මං
ටිවුශන් හෝම් වර්ක් නැතේ
ඇනුම් බැනුම් කිසිත් නැතේ
දුව පැන ගී ගයා නටන
සොඳුරු ලොවක් මටත් ඇතේ
ශිෂ්ෂත්වය මේ තරමට
නපුරු ඇයිද පුංචි අපට
උදේ ඉඳන් රෑ වන තුරු
ටිවුශන් ඇයි මේ විදිහට

ශිෂ්ෂත්වය සමත් උනොත්
තෑගි එපා අම්මේ මට
රෑ හීනෙන් නටන ගයන
සොඳුරු ලෝකෙ මටත් දෙන්න.

23 comments:

  1. ශිෂ්‍යත්වය නැතොත් පුතේ
    ලොකු පාසල් උඹට නැතේ
    ලොකු පාසල් නැතොත් පුතේ
    අනාගතේ ෂුවර් නැතේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... දෙමාපියෝ ළමයින්ට ශිෂ්ශත්වේ කරන්නේ ඔය පරමාර්ථයෙන්ම තමයි... දැන් ක්‍රමවේදය සැකසිලා තියෙන්නෙත් ඒ විදිහට..

      Delete
    2. ඉස්සෙල්ලාම සමාව බජනය කරන්න අමතක උනානෙ..
      උත්තර බදින්න හරියටම සතියක් පරක්කු උනා... අධික වැඩ නිසා වූ ප්‍රමාධ දෝශයට මාගේ බලවත් ශෝකය ප්‍රකාෂ කරන්න කැමති.. මේ දින වල වන මේ වගේ ප්‍රමාධ ගැන කනගාටුව...

      Delete
  2. දුවන අතට නොදිව්වොත් පරාදයි.... සිස්ටම් එකේ වෙනසක් නැතුව හදන්නම බෑ..

    ReplyDelete
    Replies
    1. පවතින මේ සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් නම්, දරුවන්ට ඒ අයගෙ ළමා ලෝක මිහිර විදින්න ලැබේවි... ඒ වගේම කළාකාමී මානව හිතවාදී ළමුන් බිහි වේවි...

      Delete
  3. වටින් ගන්න දැණුමත් වටිනවා ඇතී
    පොතින් ගන්න දැණුමත් ඒ වගේ වෙතී
    ඉතින් දෙකම සමබර කරගන්න වෙතී
    හොඳින් ශිල්ප ලැබුමෙන් හෙට ජයක් ඇතී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවිය වෙනද වගේමයි... අපූරුයි...

      ජයවේවා දුමී...

      Delete
  4. අම්මා මේ හැමදේම කරන්නේ පුතේ උඹේ අනාගතේ හදන්න. ලොකු ඉස්කෝලෙකට දාන්න බදු ඔප්පු ලියන්න සල්ලි තිබුණානම්, හොඳ ඉන්ටර්නැෂනල් එකකට යන්න සල්ලි තිබුනානම් අම්මා උඹට මෙච්චර වද කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මල් මල්ලී... ඒ තත්ත්වයන් මත ළමයට ශිස්ශත්වය කරවන දෙමාපියොත් ඉන්නවා...

      Delete
  5. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කටපාඩම් කිරීමේ හැකියාව නොස බුද්ධිය මණින එකම විභාගය 5 ශිෂ්‍යත්වයයි. ඇත්තටම කළ යුත්තේ කුඩා ළමුන්ට ඔවුන්ගේ ළමා ක්‍රියාකාරකම් කරන්නට ඉඩදී මෙම ශිෂ්‍යත්ව විභාගය 11 හෝ 12 වසරේ පවත්වා විශ්ව විද්‍යාල ප්‍රවේශයට එමඟින් තෝරාගැනීමයි. ලෝකයේ දියුණු රටවල වෙන්නේ එයයි. එවිට කටපාඩම් හැකියාව ඇති වුන් නොව බුද්ධිමත් උපාධිධාරීන් බිහිවේවි. ඔවුන්ට රස්සාවල් දෙන්න කියා මහපාරේ උද්ගෝශණ කරන්න අනවශ්‍ය වේවි. බුඩ්දිය මණින පරීක්ෂණයක් නිසා දිස්ත්‍රික් පදනම ආදී විවිධ ක්‍රම වලින් විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම කිරීමට අවශ්‍ය නොවේවි.

    ReplyDelete
    Replies
    1. ශිශ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගේ... සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගේ... උසස් පෙළ තමා ළමයගේ විභාගේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ ඉයන්
      ++++++++++++
      මාත් දරන්නේ මේ මතය තමයි...

      @ වාසිතය
      ++++++++++++++

      Delete
  6. හා හා ලියල වරෙන්කෝ...


    ජ ය වේ වා !!1

    ReplyDelete
    Replies
    1. ජයවේවා කියුවෙ විබාගෙටද...

      ජය වේවා...

      Delete
  7. පොඩි කාලෙ ඉඳන් අරයට වඩා ඉහලින් යන්න, අරයට වඩා ලකුනු ගන්න, දිනුවොත් තෑගි දෙනව වගේ දේවල් කියන එකෙන් වෙන්නෙ ළමයා ආත්මාර්තකාමී කෙනෙක් විදිහට සමාජයට යන එක විතරමයි. ළමයගෙ ලෝකය ළමයට දුන්නොත් ඒ ලෝකය තුල එයා මිනිහෙක් විදිහට ජීවත් වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගනීවි...

    අපූරු නිසදැසක් නිර්මානි

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. +++++++++++
      දැන් ැද්න ළමයින් තුළ වැඩෙන ආත්මාර්ථකමට හේතුව මේව තමයි...
      ජයවේවා..

      Delete
  8. සොදුරු ලෝකෙ මල් වලට අහිමි සොදුරු ලෝකය

    ReplyDelete
    Replies
    1. ඔව් රස්තියාදුවෝ.. අපිට තරම්වත් ළමා කාලයක් දැන් ළමයින්ට නෑ...

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.